දමිළයින් අතර බුදු දහම

විකිපීඩියා වෙතින්
චැන් බුදු දහමේ ආදිකර්තෘ වන බෝධිධර්ම භික්ෂුව තමිල් නාඩුවේ කාංචිපුරම්හි සම්භවය වූවකු යැයි සැලකේ.

දමිළ ජාතිකයින් අතර බුදු දහම ඓතිහාසිකව හමුවන්නේ තමිලාකම් සහ යාපනය අර්ධද්වීපයේ ය.

ඉන්දියාව[සංස්කරණය]

තමිල් නාඩුව[සංස්කරණය]

චිතලෛ චාතනර් නැමැති කවියා විසින් රචනා කරන ලද මණිමේකලෛ නැමැති පුරාතන ‍ද්‍රවිඩ බෞද්ධ කාව්‍යයට පසුබිම් වී ඇත්තේ කාවේරිපට්ටනම් නගරයයි.[1][2]

වර්තමාන පල්ලවනේස්වරම් ප්‍රදේශයට අයත් පුරාතන නගරයකින් 4වන-5වන සියවස්වලට අයත් පුරාතන බෞද්ධ විහාරයක නටබුන්, බුද්ධ ප්‍රතිමාවක් සහ බුද්ධපාදයක් (සිරිපතුල් ගලක්) හමුවී තිබේ.[3]

නාකපට්ටිනම් නගරයේ පෞරාණික උරුමය ක්‍රි.පූ. 3වන සියවස පමණ තෙක් දිවෙන බව සඳහන් බුරුම ඓතිහාසික ලේඛනයක දැක්වෙන්නේ එහි අශෝක අධිරාජයා විසින් ඉදිකළ බෞද්ධ විහාරයක් පැවති බවයි.

ක්‍රි.ව. 405වන සියවස්වල නාකපට්ටිනම් බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස පැවතිණි. එහි ස්තූපය මෙම යුගයට අයත් යැයි කාලනිර්ණය කොට ඇත. නොදන්නා සමයක මෙම නගරයෙන් බුදු දහම වියැකී ගියේ ය. නමුත් 9වන සියවසේ යළි බුදු දහම පැමිණියේ ය. (එච්. පී. රායි, The Winds of Change, දිල්ලි 1994, පි. 142) 11වන සියවසේ දී Iවන රාජ රාජ චෝල රජුගේ අනුග්‍රහය ඇතිව ජාවා රජකු වූ ශ්‍රී විජය සූලමනිවර්මන් රජු විසින් චූඩාමණි විහාරය නම් විහාරයක් ඉදිකොට ‍තිබේ.[4] කුලෝත්තුංගචෝලගේ "අනිමංගලම් තඹ සන්නස" තුළ සඳහන් වන්නේ 6වන සියවසේ දී “කාසිබ ථෙර” [බෞද්ධ භික්ෂුවකි] විසින් "නාග නාඩුවේ" භික්ෂූන්ගේ ආධාර ඇතිව බෞද්ධ විහාරය නවීකරණය කළ බවයි. "නාගර් අන්නම් විහාර" නැමැති මෙම විහාරය පසුකලෙක "නාගානනවිහාර" ලෙස ප්‍රකට විය. 15වන සියවස තෙක් මෙහි බුදු දහම පැවති අතර, විහාර ගොඩනැගිලි 18වන සියවස තෙක්ම නිරුපද්‍රිතව පැවතිණි.

දකුණු ඉන්දියාවේ පැරණිතම නරගයක් වන කාංචිපුරම් නගරය දෙමළ, සංස්කෘත, සහ පාලි භාෂා ඉගෙනීමේ කේන්ද්‍රස්ථානයක් විය. හියුංසාං ද මෙම නගරයට පැමිණ ඇති බව විශ්වාස කෙරේ. 7වන සියවසේ මෙම නගරයට පැමිණි ඔහු මෙම නගරය සැතපුම් හයක වට ප්‍රමාණයකින් යුත් බවත්, එහි ජනතාව නීර්භීතභාවය, ශ්‍රද්ධාව මෙන්ම ආදරය සහ අධ්‍යාපනය කෙරෙහි දැක්වූ අනුග්‍රහය හේතුවෙන් ප්‍රකට වූ බව පවසා ඇත. ‍ගෞතම බුදුන් වහන්සේ පවා මෙම නගරයට වැඩම කොට ඇති බව ඔහු පවසයි. 4වන සිට 9වන සියවස් දක්වා කාලයේ පල්ලව රාජවංශ සමයේ කාංචිපුරම් සමෘද්ධිමත්භාවයට පත් විය. පල්ලව අගනුවර වූ මෙහි ප්‍රකට විහාර බොහෝමයක් ඉදි විය. දෙමළ සම්ප්‍රදාය අනුව, සෙන් බුදුදහමේ ආදිකර්තෘ වන බෝධධර්ම උපත ලැබූයේ මෙහි ය.[5][6][note 1] දශකුමාරචරිතය ලියූ සුප්‍රකට සංස්කෘත ලේඛක දණ්ඩින් ද මෙහි උපන්නෙකි. සංස්කෘත කවියකු වන භාරවි කාංචිපුරම්හි ගෞරවයට පාත්‍ර වූවකු වන අතර, ඔහු විසින් සිංහවිෂ්ණු නැමැති පල්ලව රජුගේ අනුග්‍රහය ඇතිව සුප්‍රකට කිරාතාර්ජුනීය රචනා කොට තිබේ. දිග්නාග, බුද්ධඝෝෂ, සහ ධම්මපාල වැනි ශ්‍රේෂ්ඨ බෞද්ධ පඬිවරුන් මෙහි ජීවත්ව සිට ඇත.

කාංචිපුරම්හි Iවන මහේන්ද්‍රවර්මන් නැමැති පල්ලව රජු ශ්‍රේෂ්ඨ විද්වතකු සහ සංගීතඥයකු මෙන්ම දක්ෂ සංස්කෘත නාට්‍ය රචකයකු ද වේ.

ශ්‍රී ලංකාව[සංස්කරණය]

යාපනය අර්ධද්වීපය[සංස්කරණය]

යාපනය නාග විහාරය
යාපන අර්ධද්වීපයේ කදිරමලෛහි පිහිටි 9වන සියවසට අයත් දමිළ බෞද්ධ ස්තූප[9].
නයිනතිවු දූපතේ නාගපූෂණි අම්මාන් කෝවිල අසල පිහිටි පුරාතන බෞද්ධ විහාරයක්[10].

නාක තිවු/ නාක නාටු යන්න ඇතැම් ඓතිහාසික මූලාශ්‍රවල සම්පූර්ණ යාපනය අර්ධද්වීපය හැඳින්වීමට යොදා තිබේ. මෙම ඓතිහාසික ස්ථානයේ ජනතාව සහ බුදුන් වහන්සේ අතර සම්බන්ධතා කියැවෙන බෞද්ධ පුරාවෘත්ත රැසක් පවතියි.[11] මෙහි ඇති පැරණි දෙමළ බෞද්ධ විහාරය, ශක්ති පිඨ අතුරින් එකක් ලෙස සැලකෙන නයිනතිවුහි පුරාතන නාගපූෂණී අම්මාන් කෝවිල සමීපයේ පිහිටා ඇත.[12][13] නාග යන වදන මුල්කාලීන ශිලාලේඛනවල නාය හෝ නාගනික ලෙස දක්වා ඇත. ක්‍රි.පූ. 150ට පමණ අයත් නානාඝත් ශිලාලේඛනයෙහි මෙම නාගනික යන වදන සඳහන් වේ.

අමරාවතී ගුරුකුලයේ ද්‍රවිඩ ප්‍රතිමා සම්ප්‍රදාය අනුව නෙළන ලද සුප්‍රකට වල්ලිපුරම් බුද්ධ ප්‍රතිමාව හමුවූයේ වල්ලිපුරම්හි හින්දු දේවාලයකට පහළින් සිදුකළ කැනීම්වලිනි. මෙහි දී හමුවූ අභිලේඛනයේ දෙමළ-ප්‍රාකෘත භාෂාව භාවිතයට ගෙන ඇත. මෙය එකල ආන්ධ්‍රාහි ශිලා ලේඛනවල අක්ෂර සමග සමානත්වයක් දක්වයි. තෙලිඟු සාතවාහන රාජවංශය බලය අතින් උච්චස්ථානයට පත්වූ සමයේ එහි 17වන පාලකයා වූ හාල (ක්‍රි.ව. 20-24) මෙම දිවයිනේ කුමරියක විවාහ කරගෙන ඇත.[14][15] පීටර් ෂෝක් රචනා කරන්නේ, "මුල්කාලීන ජනාවාසයක් ලෙස වල්ලිපුරම්වලින් අගනා පුරාවිද්‍යාත්මක සාධක රැසක් හුමවේ. ක්‍රි.ව. මුල් සියවස් තුළ එය වෙළඳ මධ්‍යස්ථානයක් වූ බව පෙනේ. […] වල්ලිපුරම් ප්‍රතිමාව සමග හමුවන දින නිර්ණිත පාෂාණ අනුව අපට එය ක්‍රි.ව. 3-4 සියවස් කාල සීමාවට ඇතුළත් කළ හැක. මෙම යුගයේ දී, දර්ශීය අමරාවතී බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදාය වර්ධනය විය."[16] වල්ලිපුරම්වලින් හමුවූ බුද්ධ ප්‍රතිමාව එකල බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ හෙන්රි බ්ලේක් විසින් 1906දී තායිලන්තයේ රජුට ලබාදී ඇත.[තහවුරු කර නොමැත]

පරණවිතාන සහ මුදලියාර් සී. රාසනායකම්ගේ අදහස්වලට පක්ෂව ඉන්ද්‍රපාල සිය Ancient Jaffna මුල්කාලීන කෘතියක, 1965 සංරක්ෂණය කළ පිටපත 2018-01-26 at the Wayback Machine යාපනයේ පූර්ව-ක්‍රිස්තියානි බෞද්ධ සංස්කෘතියක් පැවති බව සඳහන් කොට ඇත.

මෙම ස්ථානය නාවිකයින් සහ අන්තර්ජාතික වෙළඳුන් විසින් ගිමන් හැරීමට සහ වන්දනා කිරීමේ ස්ථානයක් ලෙස බෞද්ධ සහ හින්දු විහාර භාවිතා කළ නාගපට්නම්වලට සමාන ය.[තහවුරු කර නොමැත]

යාපනයේ කන්දරෝඩෛ ප්‍රදේශයේ පිහිටි දාගැබ් සමූහය දෙමළ භික්ෂූන්ගේ ආරාමයක්ව පැවති බව පෙනේ. මෙකල යාපන ජනයාගේ සහ පුරාතන දෙමළ රට තුළ මහායාන බුදු දහම ජනප්‍රිය විය. නමුත් ජනගහණය අතර හින්දු ආගම ව්‍යාප්ත වීමත් සමග මෙය යටපත් විය.[9]

ත්‍රිකුණාමලය[සංස්කරණය]

ක්‍රි.ව. 2වන සියවසට අයත් ටොලමිගේ සිතියම තුළ තිරියාය ප්‍රදේශය තලකොරි ලෙස දක්වා ඇත. ක්‍රිස්තු යුගයට පෙර යුගයට අයත් බෞද්ධ දෙමළ බ්‍රාහ්මි ලේඛන මෙම ප්‍රදේශයෙන් හමුවී ඇත. මින් පැරණිතම ලේඛන ක්‍රි.පූ. 2වන සියවසට අයත් ය. මධ්‍යකාලීන යුගයේ තිරියාය යාපනයේ වන්නිමෛ දිස්ත්‍රික්ක අතුරින් ප්‍රමුඛ ග්‍රාමයක් ලෙස පැවතී ඇත. මෙම ස්ථානයේ දෙමළ බුදු දහම නැගී ආ සමයේ ජනයා විසින් වන්දනාමාන කෙරුණු මහායාන බෞද්ධ වටදාගෙයක නටබුන් හමුවේ. Iවන පරමේස්වරවර්මන් රාජ්‍ය සමයේ 7-8වන සියවස්වලට අයත් සුප්‍රකට තිරියායි පල්ල ග්‍රන්ථ ලියැවුණේ මෙහි ය. මෙම ශිලා ලේඛනවල තමිල් නාඩුවේ සිට තිකුණාමලය වෙත ආ දෙමළ වෙළඳුන්ගේ චාරිකා සහ වෙළඳාම් පිළිබඳ සටහන් වේ.[17] බෞද්ධ දේවතාවකු වන අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ට සහ ඔහුගේ භාර්යාව වන තාරා දෙවඟනට ඔවුන් කළ පූජාවන් එහි සඳහන් ය. මෙහි නටබුන් අතර තිබී හමුවූ දොරටුපාල ප්‍රතිමා දිවයිනේ මුල්කාලීන පල්ලව කලා සම්ප්‍රදායයක් පිළිබඳ තොරතුරු කියා පායි.

චෝළ රාජවංශය විසින් දමිළයින් අතර ශෛව ආගම, වෛෂණව ආගම සහ බුදු දහම ඇතුළු ආගම් කිහිපයකට අනුග්‍රහ දක්වන ලදී. ඔවුන් විසින් ඉදිකළ බෞද්ධ විහාර "පෙරුම්පල්ලි" ලෙස හඳුන්වයි. පෙරියකුලමේ සුප්‍රකට රාජරාජප්පෙරුම්පල්ලි විහාරය ඉදිකරන ලද්දේ Iවන රාජ රාජ චෝල රජු විසිනි. මෙම ස්ථානයෙන් හමුවූ ද්‍රවිඩ ශිලාලේඛනවල චෝළයින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සංවර්ධනයට දැක්වූ උනන්දුව පෙනී යයි. ඔවුහු ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල වැනි ශෛව ස්මාරක ඉදි කරමින් මෙම නගරය ශෛව දෙමළ රාජ්‍යයක් බවට පත්කරන්නට උත්සාහ දැරූහ.[18]

මේවාත් බලන්න[සංස්කරණය]

ස‍ටහන්[සංස්කරණය]

  1. බෝධිධර්ම පිළිබඳ හමුවන්නේ තොරතුරු ස්වල්පයකි. එහි සෙසු තොරතුරු පුරාවෘත්ත හා මුසු වී ඇත.[7] බෝධිධර්ම චරිතාපදානය පිළිබඳ ප්‍රධාන මූලාශ්‍ර තුනක් ඇත.[8] ඉන් එකකවත් ඉන් එකකවත් විශේෂිතව තමිල් නාඩුව සඳහන් නොවේ. "බටහිර ප්‍රදේශ" සහ "දකුණුදිග ඉන්දියාව" යන්න පමණක් දැක්වේ. භව්‍ය සම්භවයන් පිළිබඳ විචාරයක් සඳහා බෝධිධර්ම#උපන් ස්ථානය පිළිබඳ මූලාශ්‍ර බලන්න. මෙම භව්‍ය සම්භවයන් සඳහා මූලාශ්‍රවල විශ්වසනීයත්වය දක්වා ඇත.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Rao Bahadur Krishnaswāmi Aiyangar, Maṇimekhalai in its Historical Setting, London, 1928. Available at www.archive.org [1]
  2. Hisselle Dhammaratana,Buddhism in South India, Buddhist Publication Society, Kandy, 1964. Available on Buddhist Publication Society Online Library [2] සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
  3. Marine archaeological explorations of Tranquebar-Poompuhar region on Tamil Nadu coast., Rao, S.R.. Journal of Marine Archaeology, Vol. II, July 1991, pp. 6. Available online at [3]
  4. "Archived copy" (PDF). 8 February 2007 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-10-16. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: archived copy as title (link)
  5. Kambe year unknown.
  6. Zvelebil 1987, පිටු අංකය: 125-126.
  7. McRae 2003.
  8. Dumoulin 2005, පිටු අංකය: 85-90.
  9. 9.0 9.1 Schalk, Peter (2002). Buddhism among Tamils in pre-colonial Tamilakam and Īlam: Prologue. The Pre-Pallava and the Pallava period, Uppsala: Upplala Universitet; pp. 1
  10. http://www.buddhanet.net/sacred-island/nagadipa.html
  11. Malalasekera, G.P. (2003). Dictionary of Pali Proper Names: Pali-English. Asian Educational Services. p. 42. ISBN 81-206-1823-8.
  12. Laura Smid (2003). South Asian folklore: an encyclopedia: Afghanistan, Bangladesh, India, Pakistan, Sri Lanka. Great Britain: Routledge. 429.
  13. Chelvadurai Manogaran (1987). Ethnic conflict and reconciliation in Sri Lanka. United States of America: University of Hawaii Press. 21.
  14. Ponnampalam Ragupathy. (1987). Early settlements in Jaffna: an archaeological survey. pp. 183
  15. Schalk, Peter (2002). Buddhism among Tamils in pre-colonial Tamilakam and Īlam: Prologue. The Pre-Pallava and the Pallava period. pp.151
  16. Schalk, Peter. "The Vallipuram Buddha Image". Tamilnation.org. සම්ප්‍රවේශය 2013-01-10. මුල්කාලීන ජනාවාසයක් ලෙස වල්ලිපුරම්වලින් අගනා පුරාවිද්‍යාත්මක සාධක රැසක් හුමවේ. ක්‍රි.ව. මුල් සියවස් තුළ එය වෙළඳ මධ්‍යස්ථානයක් වූ බව පෙනේ. […] වල්ලිපුරම් ප්‍රතිමාව සමග හමුවන දින නිර්ණිත පාෂාණ අනුව අපට එය ක්‍රි.ව. 3-4 සියවස් කාල සීමාවට ඇතුළත් කළ හැක. මෙම යුගයේ දී, දර්ශීය අමරාවතී බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදාය වර්ධනය විය.
  17. Meera Abraham (1988). Two medieval merchant guilds of south India. Manohar Publications. pp. 136
  18. Peter Schalk, Ālvāppillai Vēluppillai. Buddhism among Tamils in pre-colonial Tamilakam and Īlam: Prologue. The Pre-Pallava and the Pallava period, Page 157-159.

ප්‍රභව[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දමිළයින්_අතර_බුදු_දහම&oldid=592259" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි