යාපනය අර්ධද්වීපය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
රෝස පැහැයෙන් දැක්වෙන සාපේක්ෂ වශයෙන් කුඩා (15 x 40 සැතපුම්) යාපනය අර්ධද්වීපය හා යාබද දූපත්, ඉතිරි ශ්‍රී ලංකාව හා සැසඳුමකට ලක් කරමින්
යාපනය අර්ථද්වීපයෙහි මුව දොර

යාපනය අර්ධද්වීපය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රදේශයකි.එය විශාල කොටස් තුනකට කඩා වෙන් කෙරෙයි.ඒවා නම් වඩමරච්චි, තෙන්නමරච්චි සහ වලිකාමම් වෙති. පළාතේ අග නගරය වන, යාපනය මෙහි පිහිටා ඇත අර්ධද්වීපය බොහෝ ලෙසින් ජලයෙන් වටවී ඇති අතර දිවයිනෙහි ඉතිරිය වෙත සම්බන්ධ වී ඇත්තේ සිහින් භූමි තීරුවකිනි. එහි හැඩය නාගයෙකු/සර්පයෙකුගේ හිසට සමාන වන අතර එහි පුරාණ වැසියන් නාග ගොත්‍රිකයන් හා නාග අදහන්නන් ලෙසින් හැඳින්වීමට මෙයද හේතු වූවා යැයි සලකති. එහි භූගත ජලය භාවිතා වන්නේ පානීය, කෘෂිකාර්මීය සහ කර්මාන්තමය අවශ්‍යතාවයන් සඳහාය. වී ගොවිතැන සඳහා අහස් ජලය භාවිතා කෙරෙන අතර එසේ කෙරෙන්නේ ඊසාන දිග මෝසම් වැසි පවතින කාලයෙහි තෙමසක කාල පරිච්ඡේදයක් තුල පමණි. අභ්‍යන්තර ජල ප්‍රදේශ හා සමග මුළු භූමි ප්‍රමාණය 1,030 කිමී² වෙයි. භූමි භාගය බොහෝ ලෙසින් පැතලි සහ අඩු උස් බවකින් යුතු වන අතර තෙලිප්පලයි අවට වන බටහිර පෙදෙසෙහි මධ්‍යම ප්‍රදේශය පමණක් මුහුදු මට්ටමෙහි සිට මීටර 10.5 පමණ ඉහළ නැග සිටියි. . භූමිය එහි සිට දකුණු සහ ගිණිකොණ දෙසට සෙමෙන් බෑවුම් වන අතර උතුරු දිසාවට එක්වරම උස අඩුවීමක් පෙන්නුම් කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=යාපනය_අර්ධද්වීපය&oldid=428677" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි