Jump to content

දෙවන විමලධර්මසූරිය රජ

විකිපීඩියා වෙතින්
(II වන විමලධර්මසූරිය රජු වෙතින් යළි-යොමු කරන ලදි)
දෙවන විමලධර්මසූරිය රජ
සිංහලේ රජ
රාජ්‍ය සමයක්‍රි.ව. 1687 – 1707 ජූනි 4
අභිෂේකය1687
පූර්වප්‍රාප්තිකයාදෙවන රාජසිංහ රජ
අනුප්‍රාප්තිකයාශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ
උපතසිංහලේ
මරණය1707
භූමදානයසිංහලේ
වල්ලභයාඉන්දියානු කුමාරිකාවක්
දරුවන්වීර නරේන්ද්‍රසිංහ
වංශයදිනරාජ වංශ
පියාII රාජසිංහ

දෙවන රාජසිංහ රජු ගෙන් පසු ඔහු පුත් දෙවන විමලධර්මසූරිය රජ විය. මෙතුමා ඉතා සාමකාමී පාලකයෙකි. පහත රට ලන්දේසීන් සමඟ සාමකාමී ව කල්ගෙවී ය. මෙතුමා බුරුමයෙන් උපසම්පදාව රැගෙන ආ යැ. ඊට ලන්දේසීන් උපකාර කළේ ය. ශ්‍රී දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය කළේ ය.

එ නිසා මෙ රජු ගේ කාලයේ දී උඩරට රදල ප්‍රධානීහු තම බල වර්ධනය කර ගත්තෝ ය. මෙතුමා රජ බවට පත් වීමෙන් පසුව ලන්දේසින් සමග සාමකාමී ව රජකම් කළේ ය. මොහු සිය පියා අත්පත් කර ගත් ප්‍රදේශ රැකැගැනීමට කටයුතු කර ඇත. මොහු බුරුම රටින් උපසම්පදාව ගෙන ඒමට කටයුතු කර ඇත. මෙතුමා දළදා මාලිගය ද ප්‍රතිසංස්කරණය කර තිබේ. ක්‍රි.ව. 1707 දී මොහු මරණයට පත් විය.

ලන්දේසී දූතයකු වූ කලන් අල්බස් රජු හමු වීමට පැමිණියේ ය. දූත ගමනට හේතුව වූයේ රජු සමග ලන්දේසින් නව ගිවිසුමක් සාකච්ඡා කර ගැනීම යි. දෙ වන රාජසිංහ රජු ගේ ඇවෑමෙන් ඔහු පුත් දෙවන විමලධර්මසූරිය රජ විය. මෙතුමා පියා මෙන් දක්ෂයෙක් නොවීය.

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_විමලධර්මසූරිය_රජ&oldid=779382" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි