ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය இலங்கை பிரதமர் Prime Minister of Sri Lanka | |
---|---|
![]() | |
![]() | |
ශෛලීය | ගරු (විධිමත්) උත්තමයා (විධිමත් සහ රාජ්‍යතාන්ත්‍රික) |
මෙහි සාමාජිකයෙකි | කැබිනට් මණ්ඩලය ජාතික ආරක්ෂක කවුන්සිලය පාර්ලිමේන්තුව |
මොහුට වාර්තා කරයි | පාර්ලිමේන්තුව |
නිවහන | අරලියගහ මන්දිරය |
ආසනය | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ |
නාම යෝජකයා | ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව |
පත් කරන්නා | ශ්‍රී ලංකාවේ ජනාධිපති |
ධූර කාල ප්‍රමාණය | වසර 5 යි |
සංස්ථාපන ලිඛිතය | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය |
සමාරම්භක දරන්නා | දොන් ස්ටීවන් සේනානායක |
සංස්ථාපනය | 14 ඔක්තෝබර් 1947 |
වැටුප | වාර්ෂිකව රු. 858,000 (2016)[1][2] |
වෙබ් අඩවිය | pmoffice.gov.lk |
![]() |
පහත දැක්වෙන් කාණ්ඩවලට අයත් වේ: ශ්‍රී ලංකාවේ දේශපාලනය හා රජය |
දේශපාලන පක්ෂ |
විදේශ ප්‍රතිපත්තිය |
සබැඳි වාද විෂයයන් |
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වෙයි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් දහතුන්දෙනෙක් තනතුරු දරා ඇත.
ඉතිහාසය[සංස්කරණය]
තනතුරේ ආරම්භය[සංස්කරණය]
වෙස්මිනිස්ට ක්රමයේ පාලන ව්‍යුහයක් ඇතිකිරීමේ අරමුනින් යටත්විජිත පාලකයන් විසින් ලංකා ඩොමීනියන් රාජ්‍යය පිහිටුවීමට පෙර, 1947 දී මෙම තනතුර සංස්ථාපිත කරන ලදී. අනතුරුව, 1978 වන තුරු ආණ්ඩුවේ ප්‍රධානියා වූයේ ලංකාවේ අග්‍රාමාත්‍යවරයාය. රජයේ ප්‍රධානියා රජ (1947 -1972) හෝ ජනාධිපති (1927න් පසු) විය.
1972 දී, ශ්‍රී ලංකා නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජය ලෙසින් රටෙහි නම වෙනස් කරන ලද අතර, එතැන් සිට මෙම තනතුර, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙසින් හැඳින්විණි. 1977 දී, ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටුවමින් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජය විසින් වෙනස් අමාත්‍යාංශ දෙකක් ඇතිකරන තුරු, අග්‍රාමාත්‍යවරයා විසින් එකාබද්ධිත විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යාංශය භාරව කටයුතු සිදුකරන ලදි.
1978න් පසු[සංස්කරණය]
1978 දී, එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ ජේ.ආර්. ජයවර්ධන විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කෙරිණි. විධායක ජනාධිපති තනතුර ඇති කිරීම හා සමගින් , අග්‍රාමාත්‍යවරයාගේ බලතල සීමා කෙරිණි. රාජ්‍ය නායක සහ ආණ්ඩුවේ ප්‍රධානියා යන තනතුරු දෙකටම ජනාධිපතිවරයා පත්වෙමින්,[3] අග්‍රාමාත්‍ය තනතුර ව්‍යවස්ථාදායක ප්‍රධානියා ලෙස බලතල වලට සීමා කෙරිනි.
ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, අග්‍රාමාත්‍යවරයා, ස්ථාදායක ප්‍රධානියා, කැබිනට් මණ්ඩලයෙහි ප්‍රධානියා ජනාධිපතිවා වෙයි.
නිලය දරමින් සිටියදී ජනාධිපතිවරයා මිය ගිය හොත්, අනුප්‍රාප්තිකයෙකු තෝරා පත් කර ගැනීමට පාර්ලිමේන්තුව රැස් වන තුරු හෝ නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනුමට නව ජනාධිපතිවරණයක් පවත්වන තුරු හෝ වැඩබලන ජනාධිපතිවරයා ලෙසින් අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කරයි. 1993 දී මෙය සිදුවූ අතර, ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය කිරීමෙන් පසුව, අග්‍රාමාත්‍යය ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති තනතුරෙහි වැඩ භාර ගති. [4]
1947 දී තනතුර පිහිටුවීමෙන් අනතුරුව නිලය දැරූ අග්‍රාමාත්‍යවරුන් දහ හතර දෙනා අතුරින්, දෙදෙනෙකු නිලය තුන් වරක් දරා ඇති අතර, දෙදෙනෙකු නිලය දෙවරක් දරා ඇත. අග්‍රාමාත්‍යවරුන් හය දෙනෙක් රටෙහි ජනාධිපති ධූරයට පත්ව ඇත. 2018 ඔක්තෝම්බර් 26 දින සිට, ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය.
තනතුර දැරූවෝ[සංස්කරණය]
ආශ්රිත ලිපි[සංස්කරණය]
ආශ්රිත[සංස්කරණය]
- විශේෂිත
- ↑ Thomas, Kris (21 November 2016). "Of Ministers' Salaries And Parliamentary Perks". Roar.lk. Retrieved 30 August 2017.
- ↑ Thomas, Kavindya Chris (20 November 2016). "Do MPs get fat salaries?". Ceylontoday.lk. Ceylon Today. Retrieved 30 August 2017.
- ↑ වී. ජයන්ත් (2003-11-15). "ශ්‍රී ලංකාස් එක්සකටිව් ප්‍රසිඩන්සි ". ද හින්දු. සම්ප්‍රවේශය 2008-10-05.
- ↑ එම්.බී. දිසානායක (2008-09-22). "ඩිංගිරි බණ්ඩා විජේතුංග - ද ජර්නි ටු ග්රේට්නස් ". ඩේලි නිවුස්. සම්ප්‍රවේශය 2008-10-04.