පරිශීලක සාකච්ඡාව:බිඟුවා/2011

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මහන්සිය කැපවීම වෙනුවෙන්[සංස්කරණය]

The Admin's Barnstar
මහන්සිය කැපවීම වෙනුවෙන් ----සමන් (talk) 13:03, 11 ජනවාරි 2011 (යූටීසී)[reply]
ස්තුතියි සමන්. දිරි දීමක් සේ සලකමි. -- බිඟුවා සාකච්ඡාව 14:37, 11 ජනවාරි 2011 (යූටීසී)[reply]
තව එකක් අදට හරියටම අවුරුද්දක් සපිරෙනවා මගේ මේ පරිශීලක ගිණුමට. හරිම සතුටුයි ඒ දවසටම මේ තරුවත් ලැබීම ගැන. -- බිඟුවා සාකච්ඡාව 14:53, 11 ජනවාරි 2011 (යූටීසී)[reply]
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
හිතවත් බිඟුවා, ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත: Singhalawapගේ සාකච්ඡා පිටුව වෙත පිවිසෙන්න.
ඔබට මෙම පණිවුඩය ඉවත්කිරීම අවශ්‍යවිට, මෙම පිටුව සංස්කරණයකර {{Talkback|xxx}}සැකිල්ල හෝ {{Tb|xxx}} සැකිල්ල ඉවත් කරන්න.

අගයමි, ඔබව​![සංස්කරණය]

මග පෙන්වන්නා රන් තරුව​
උද්‍යෝගයෙන්, නවකයනට යා යුතු දිශානතීන් කියා දෙන නිසා
අනංගයා (talk) 15:45, 21 ජනවාරි 2011 (යූටීසී)[reply]
ස්තුතියි අනංගයා. දිරිදීමක් සේ සලකමි. -- බිඟුවා සාකච්ඡාව 15:47, 21 ජනවාරි 2011 (යූටීසී)[reply]


--Buddhikadissanayake 17:00, 17 පෙබරවාරි 2011 (යූටීසී)

පුළුවන් ඕනැම වෙලාවක. -- බිඟුවා සාකච්ඡාව 17:01, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

අභූත චෝදනාව[සංස්කරණය]

15:10, 10 පෙබරවාරි 2011 වන විට කර ඇති වැරැදීමකින් ප්‍රවිශ්ට නොවී සිටියදී මා විසින් සිදු කල සංස්කරණය [1] මා විසින් කල වැරැද්ද අවබෝධ කර ගත් සැණින් (විනාඩි 2 ක් ඇතුලත) 15:12, 10 පෙබරවාරි 2011 වන විට [2] ලෙසින් සංශෝධනය කලෙමි. මෙහිදී අන්තර්ජාල ලිපිනයක් භාවිතා කරමින් මගේ අනන්‍යනතාවය සැඟවීමට යත්න නොදැරුවෙමි. එබැවින් මා sockpuppet වරයෙකු යැයි අර්ථ විග්‍රහ කරන්නේ හෝ සැක කරන්නේ කෙලෙසදැයි විමසමි. en:Wikipedia:Sock puppetry හි දැක්වෙන Logging out to make problematic edits as an IP නමැත්ත මා මෙහිදී සිදු කර නොමැත. සිදුවී ඇති අත්වැරැද්ද මා සැණෙකින් නිවැරැදි කල බවත් එනයින් මාගේ අනන්‍යනතාවය අවබෝධ කරගැනීම පහසු බවත් මෙහිදී මා දන්නා පමණින් sockpuppet ගණයෙහි වැරැද්දක් සිදුවී නොමැති බවත් දන්වා සිටිමි.
පරිශීලක:මීමා විසින් සිදු කොට මෙලෙස [3] පරිශීලක:බිඟුවා විසින් නිවරද කල අත්වැරැද්දද sockpuppet ගණයට වැටෙන්නේද? මෙවැනි අත්වැරැදි පරිහීලකයන් අතින් සිදු විය නොහැකිද? ---ශ්වෙත (talk) 13:52, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මෙම එකම දායකත්වය හා ඒ සමගින් ඔබ විසින් කරන ලද නිවැරදි කිරීම හමුවේ, මගේ අදහසට අනුව ඔබ අතින් වැරදීමක් සිදු වූ බව පමණක් මට හැඟේ. එම නිසා ඔබ sockpuppet වරයෙකු හෝ sockpuppet වරුන් භාවිතා කලා යැයි කිව නොහැක. මෙමගින් හෙලි වන්නේ ඔබේ IP අංකය මෙය හා ඔබ අතින් අතපසුවීමක් සිදු වූවා වීම පමණක් යන කරුණු දෙක පමණි. පරිශීලක:මීමා ගේ ක්‍රියාව sockpuppet වරයකුගේ ක්‍රියාවකට නොවැටෙන බව හැඟේ. ඒ කෙසේ වෙතත් මගේ දැනුමට අනුව ඔහු පළපුරුදු පරිශීලකයෙකි. මා සිතන්නේ ඔබ වරදක් කර නොමැති බවය. -- බිඟුවා සාකච්ඡාව 14:15, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මේ මෙවලම ක්‍රියාත්මක නොවේ. අවධානය යොමු කළ හැකි ද​? නංගයා මතන්න 06:01, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

දැන් වැඩ​. කඩිනමින් නිවැරදි කළාට මගේ හද පිරි ප්‍රණාමය​. නංගයා මතන්න 06:10, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
හරියටම වැඩ කරනවාද කියලා ටෙස් කරන්න වෙයි. සමහර functions නම් වැඩ කලා මම දැක්කා. මොකඛරි අවුලක් තිබ්බොත් කියන්න. අපි හදමු. -- බිඟුවා සාකච්ඡාව 06:12, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
වරදක් දුටුවොත් කියන්නම්. නංගයා මතන්න 06:17, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


ප්‍රශස්ත පරිපාලකයා වෙනුවෙන් පිදෙන රන් තරුව
කියලා වැඩක් නෑ. මරු! දිගටම කර ගෙන යන්න​. නංගයා මතන්න 06:40, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ස්තතියි! -- බිඟුවා සාකච්ඡාව 07:20, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


Speedy deletions[සංස්කරණය]

Hi බිඟුවා, I just noticed there are quite a lot of pages tagged for speedy deletion on this wiki, see ප්‍රවර්ගය:Candidates for speedy deletion and ප්‍රවර්ගය:Candidates for speedy deletion for unspecified reason. However, a message in the first category mentioned states: "speedy deletion is temporarily stopped". Any updates on that? Regards, Wutsje (talk) 15:34, 20 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
(I've also asked this question on the talk pages of Lee and Asiri wiki.)

Replied! -- බිඟුවා සාකච්ඡාව 15:49, 20 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


Please, could you translate en:Podolsk into සිංහල? Naturally if you have available time![සංස්කරණය]

Good day to you! Could you, please, translate into සිංහල the article, containing two-three sentences, about this city in Russia? I’d like to thank you in advance :)--Переход Артур (talk) 10:45, 15 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

I will do that, if I have time -- බිඟුවා සාකච්ඡාව 11:04, 15 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
en:podelsk now has been translated to sinhalese පොඩොල්ස්ක් නංගයා මතන්න 09:29, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Thank you very much. -- බිඟුවා සාකච්ඡාව 09:37, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


Hello. Could you translate some words to help with localization of your Wikipedia?

  • Robot -
  • Adding -
  • Modifying -
  • Removing -

Thank you! Hugo.arg (talk) 18:26, 2 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

OK. But, I have something to explain here. Add is the Present word & Adding is the Present Cot. Word. So in Sinhala එකතු කරනවා is Add & එකතු කරමින් is Adding. Therefore I have added both words here. You can select the word according to your usage. If you need any more explanation don't hesitate to touch me.

  • Robot - රොබෝ
  • Add - එකතු කරනවා
  • Adding - එකතු කරමින්
  • Modify - වෙනස් කරනවා
  • Modifying - වෙනස් කරමින්
  • Remove - ඉවත් කරනවා
  • Removing - ඉවත් කරමින්
-- බිඟුවා සාකච්ඡාව 04:51, 3 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Thank you. I took "-ing" translations as they should be the most correct. Because robot "adds" or "adding" or "added" but couldn't "add". Sure maybe in Sinhala grammar all is different. The thing I want translate is very simple bot edit summary like Idioma-bot (සාකච්ඡාව | දායකත්ව) සුළු (බයිට් 53,835 කි) (r2.6.3) (robot Adding: ga, pnb, rue, ur Modifying: arc, gd). Greetings, Hugo.arg (talk) 09:32, 3 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

Can you please have a look at this article?[සංස්කරණය]

Can you please have a look at this article. I just came across it. http://si.wikipedia.org/wiki/ප්‍රමාණ_සමික්ෂකවරයෙකු_වන්නේ_කෙසේද%3F -- Shane44 (talk) 08:16, 30 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

මෙතනින් අරන් තියෙන්නේ. http://www.qsonline.info/2009/04/blog-post_18.html -- බිඟුවා සාකච්ඡාව 09:50, 30 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
http://www.kedapatha.info/2009/06/blog-post_9921.html සමානම පිටුවක්. -- බිඟුවා සාකච්ඡාව 09:54, 30 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
මෙම පරිශීලකයා විසින් අරඹා ඇති අනෙක් ලිපි ද www.qsonline.info අඩවියෙන් සිදු කළ උපුටා ගැනීම් ය​.
ප්‍රමාණ සමික්ෂකවරයා - http://www.qsonline.info/2009/04/quantity-surveyor.html
මිලදි ගැනිමේ ක්‍රම (Procurement Methods) - http://www.qsonline.info/2009/05/procurement-methods.html
කෝකටත් තව ටිකක් දින වකවානු පිරික්සලා බලන්න​. (මේවා මඟ පෙන්වීම් නිසා විශ්වකෝෂයට නම් ගැළපෙන්නේ නෑ. විකිපොතක් හදන්නයි තිබ්බේ. මං හරිද; අනේ මන් දා?) නංගයා මතන්න 14:03, 3 මාර්තු 2011 (යූටීසී)[reply]

Author of the above article is same for the wikipidia, qsonline and kedapatha.

මෙන්න මේ කියන මෙවලම ගැන අපි පරිශීලකයින්ට කියලා දෙන්න ඕනැ. මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුලුවන්. සමහරු දැනටමත් මේක භාවිතා කරනවා ති. ඉස්සරලාම පහලින් තියෙන වැඩ ටික කරමු නේද? තනියම කරන්න අමාරුයි. වෙලාව යන වැඩක්නේ. මම මේක අභිරුචි වලට එක් කලා. ගොඩාක් අය දන්නේ නැ මෙ තියෙන මෙවලම් ගැන. මේවා තියෙන්නේ අපේ පහසුවට. ඒක හින්දා හිමීට හිමීට මෙවා ගැන කියලා දෙන්න ඕනැ. මොකද ගොඩාක් අය තාක්ෂණික දේවල් කියලා අමතක කරනවා. නමුත් මේවා හරිම ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් වගේම උදව්වට නියමයි. මේ වගේ දේවල් වලින් අපිට ඉස්සරහට යන්න වගේම අලුත් විදියට යන්න, හිතන්න, උනන්දු කරවන්න පුලුවන් වේවි. තාක්ෂණික පැත්තෙන් මම දෙන්න පුලුවන් දෙයක් දෙන්නම්. එහෙනම් ජය!. සිංහල විකියට උදව් ඕනැ.

කිරීමට ඇති දේ[සංස්කරණය]

  • විකිපීඩියා:Twinkle පරිවර්තනය
  • විකිපීඩියා:Twinkle/doc පරිවර්තනය
  • පරිශීලකයින්ට හඳුන්වා දීම
  • වැදගත්මක හා හාවිතය
  • ක්‍රියාත්මක හෝ සක්‍රිය කිරීමේ ක්‍රමය
  • සිංහල විකියට ගැලපෙන් පරිදි පින්තූර එක් කිරීම
  • තවත් තියෙනවානම් ඒවාත්
-- බිඟුවා සාකච්ඡාව 07:05, 23 ජනවාරි 2011 (යූටීසී)[reply]

ලිපියක් මකා දැමීම[සංස්කරණය]

පුරාණ දාගැබ් - ශ්‍රී ලංකා සහ ශ්රී7 ලංකාවේ මහා ස්ථූප , මෙහෙම ලිපි දෙකක් ම තියනවා නමුත් අන්තර්ගතය එක වගේ, මම හිතන්නේ ශ්රී7 ලංකාවේ මහා ස්ථූප කියන එක මකල දාන්න වෙයි. මේක අපි විකියෙන් ම යෝජනා කරන විදිහක් තියද ? ඔයාගේ උපදෙස් ටිකක් ලැබෙනවානම් හොඳයි. --උපුල් (talk) 16:30, 18 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

පරිශීලක:අනංගයා කියලා තියෙන විදිය හරි. ඔයා ඒක හරියටම කරලා තියෙනවා ශ්රී7 ලංකාවේ මහා ස්ථූප ලිපියේ. තව පොඩි විස්තරයක් එක් කරන්නම්.
  • ලිපි දෙකේම අන්තර්ගතය එකක් නිසා එකක් තිබුණාම ඇති. ඒක නිසා මේ අවස්තාවේදී මාතෘකාව නිවැරදි එක ඉතුරු කරලා අනික මකන්න යෝජනා කරන්න. දැන් එන ප්‍රශ්ණය තමා මාතෘකාව නිවැරදි එක මොකද්ද කියන එක.
  • නිවැරදි අකුරු සහිත මාතෘකාව ඇති ලිපිය (ශ්‍රී ලංකාවේ? ශ්රී7 ලන්කවේ? )
  • වැඩිපුර භාවිතා වන නාමය (ඇතා? හස්තියා?, ගජ?)
මෙන්න මේ වගේ කරුණු කිහිපයක් ඇසුරු කරගෙන ඒක හොයාගන්න පුලුවන් වෙයි. ඊට පස්සේ අර කිව්ව වගේ {{delete|මකා දැමීමට යෝජනා කිරීමට හේතුව​}} විදියට වැරදි එකට එක් කරන්න.
  • ඊළඟ අවස්තාව වන්නේ නම් දෙකක්, එකම මාතෘකා අදහස හා අන්ත‍ර්ගතයන් දෙකක්. මෙතනදී අපිට ටිකක් අමාරු වෙනවා. මෙහෙම බලන්න.
  • නිවැරදි හා වඩාත් පිළිගත හැකි අන්ත‍ර්ගතය
  • මාතෘකාව ලෙසට වැඩියෙන් භාවිතය වන නාමය
  • වඩාත් නිවැරදි නාමය
මෙන්න මේ වගේ කරුණු අරගෙන එකක් අනෙකට ඒකාබද්ධ කරන්න ඕනැ. {{mergewith|xxx}} හෝ {{Mergefrom|xxx}} යන්න ලිපියේ උඩින් සඳහන් කිරීමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට පූළුවන් අන්තර්ගතය ඒකාබද්ධ කරන්න. ඒකාබද්ධය ඉවර නම් ඉවත් කළ යුතු ලිපිය මැකීමට යෝජනා කරන්න. සමහර විට ඒ ලිපිය මකන්න ඕනැ නැ. යලි යොමුවක් දැම්මානම් ඇති වෙන්න පුලුවන්. හිතන්න මේ වගේ අවස්තාවක්. පියා, තාත්තා ලිපි දෙක. මාතෘකා දෙකම හරිනේ. ඉතින් එක ලිපියක් ඉතුරු කරලා අනෙකට #REDIRECT [[xxx]] ලෙසින් එක් කරන්න පුලුවන්. තවත් විස්තර ඕනැ නම් කියන්න. පුළුවන් විදියට දන්න විදියට කියලා දෙන්නම්. ජය!. -- බිඟුවා සාකච්ඡාව 03:59, 19 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
මෙතන තියන විස්තර සහිත කරුණු වලට ඔබට බොහෝ තුති , උදව්වක් ඕන වුනොත් කියන්නම් --උපුල් (talk) 09:51, 21 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


භාෂා 2 ක පිටු අතර සබැඳියාව.[සංස්කරණය]

අපි සිංහල විකියේ ශ්‍රි ලංකා කියලා තියෙන පිටුව අරන්, වමෙන් තියෙන වෙනත් භාෂා වලින් ඉංග්‍රීසි තේරුවහම ඒකේ ඉංග්‍රීසි පිටුව පේනවානේ. මගේ ප්‍රශ්ණය තමයි මේ සම්බන්දතාව දෙන්නේ කොහොමද කියන එක. මේක ඇඩ්මින් කරන වැඩක්ද? --දුගියා (talk) 11:16, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මේකට කියන්නේ අන්තර්-විකි සම්බන්ධතාවය කියලා. මේක ඇඩ්මින් වැඩක්නම් නෙමෙයි. මේක දෙන එක හරිම ලේසියි.
  • උදාහරණයකට බල්ලා ලිපිය ගන්න.
  • ඒ ලිපිය සංස්කරණය කරන්න ගන්න.
  • දැන් ඒකේ පහටම යන්න.
  • ඔයාට පෙනේවි [[ab:Ала]] [[ace:Asèë]] [[af:Hond]] [[als:Hund]]... වගේ ටිකක්. මේකෙන් තමා ඒක කෙරෙන්නේ. ඉතින් මේක ඕනැම ප‍රිශීලකයකුට එක් කරන්න පුලුවන්. ඔයා හරියටම දන්නවනම් සිංහල ලිපියට ගැලපෙන අනිත් විකියක ලිපියක් කරන්න තියෙන්නේ ඒක එක් කරන එකයි. ඔතන තියෙන ab: ace: කියන්නේ ඒ අදාළ විකිය, අපේ විකිය si:xxx නම් ඉංග්‍රීසි විකිය නම් en:xxx. තවත් උදව් ඕනැ නම් කියන්න, එකක් දෙකක් එල කලාම ඔයාටම තේරේවි මීට වඩා සරලවම. -- බිඟුවා සාකච්ඡාව 11:56, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
දැක්කනේ බිඟු ඇඩ්මින් ද ලෝර්ඩ් කියලා හැමෝ ම හිතන් ඉන්නේ:( නංගයා මතන්න 12:18, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
හී... ඒකනම් වරදි තමා අනංගයා, නමුත් මම උදව් කරන්න නම් කැමතියි. -- බිඟුවා සාකච්ඡාව 12:38, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
මම ඒක දන්නවා බිඟු. ඔයා මටත් ගොඩක් උදව් කරලා තියෙනවනේ. ඒත් අපේ කට්ටිය වචනෙකට බය වෙලානේ. හොල්ලන්න බෑ කියලා හිතන් ඉන්නේ. නංගයා මතන්න 12:50, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ස්තූතියි. --දුගියා (talk) 13:46, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


I am fond of contemporary art and I'm looking for someone who could translate and upload on si.wikipedia this page. Can you help me please when you have time? Thanks so much !--Alessandroga80 (talk) 19:42, 26 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

Hi, I have noticed that article was created by you on 10 January 2011 :) It is OK. These days I'm bit busy with other works. However I'll try when I'm free. BR. -- බිඟුවා සාකච්ඡාව 03:22, 27 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Thanks a lot for your reply and your future help. Please just let me know when the page is published on si.wikipedia. Thank you :-) -Alessandroga80 (talk) 19:48, 14 මාර්තු 2011 (යූටීසී)[reply]

පරිවර්තනය ලබාදීම[සංස්කරණය]

පරිශීලක:බිඟුවා/Editnotice හි අන්තර්ගතය පරිශීලක:තඹරු විජේසේකර/Editnotice මත පරිවර්තනය කළෙමි. ඔබට/ඕනෑම අයෙකුට අවශ්‍යනම් edit notice සඳහා එම පරිනර්තිත වදන් පෙළ ලබාදෙමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 08:45, 2 මාර්තු 2011 (යූටීසී)[reply]

සිංහල පදය[සංස්කරණය]

Wiki Markup යන්නට සිංහල පදය කුමක්ද? --- ශ්වෙත (talk) 08:27, 13 මාර්තු 2011 (යූටීසී)[reply]

ම්...ම්... නොදනිමි. දන්න කෙනෙක් සිටී නම් කියන්ඩෝ. -- බිඟුවා සාකච්ඡාව 03:15, 15 මාර්තු 2011 (යූටීසී)[reply]

Please take action[සංස්කරණය]

Please see this report and take appropriate action. Thanks. ---- ශ්වෙත (talk) 16:06, 21 මාර්තු 2011 (යූටීසී)[reply]

විමසමින් සිටිමි. -- බිඟුවා සාකච්ඡාව 03:18, 22 මාර්තු 2011 (යූටීසී)[reply]
වාරණය කරන ලදී. -- බිඟුවා සාකච්ඡාව 06:30, 24 මාර්තු 2011 (යූටීසී)[reply]

කැරකෙන තරුව[සංස්කරණය]

විඩානැත්තාගේ රන්තරුව
සිංහල විකිපීඩියා වෙනුවෙන් දරණ අපමණ වෙහෙස වෙනුවෙන්​ Singhalawap (talk) 11:56, 24 මාර්තු 2011 (යූටීසී)[reply]
තුති. -- බිඟුවා සාකච්ඡාව 18:13, 24 මාර්තු 2011 (යූටීසී)[reply]

අයියෝ මොකක්ද මේකේ තේරැම[සංස්කරණය]

මොකක්ද මේ කරලා තියෙන වැඩේ ඇයි ඔබ පීකේසොෆ්ට් පිටුව මකන්නෙ නැතුව ආරක්ෂා කරල තියෙන්නෙ. පිස්සු වැඩෙන කරන්නෙ!!! Unknown person 112.135.61.49 15:01, 25 මාර්තු 2011 (යූටීසී)© 21.00 ප.ව, 25 මාර්තු 2011 (යූටීසී)[reply]

එතන සංස්කරණ ගැටුමක් වන නිසා මම ආරක්ෂණය කලා. ඉතිහාසය හරියට හොයා ගන්න බැරි තරමට නිර්නාමික පරිශීලකයින් එම පිටුව වෙනස් කරමින් සිටීමයි ප්‍රධාන හේතුව. ආරක්ෂණය කල පමණින් එය වැදගත් හෝ තබා ගත යුතු එකක් වෙන්නේ නැ. මේක බේරුමක් උනාම අවැසි නම් පිටුව මකා දමන්න පුලුවන්. පොඩ්ඩක් ඉවසන්න. හරියට කරුණු එක කරලා වැඩේ කරමු. -- බිඟුවා සාකච්ඡාව 17:07, 25 මාර්තු 2011 (යූටීසී)[reply]

බිගුවා මහත්මයා පීකේසොෆ්ට් සමාගමේ ආර්ටිකල් එක ඩ්ලිට් කරොත් හොදයි නේද? මම හිතන්නෙ ඒක අපිට එච්චර වැදගත් ලිපියක් නෙමෙයි. පසිදු කාවින්ද (talk) 09:37, 26 මාර්තු 2011 (යූටීසී)[reply]

ඔව්. ඒක CSD G3 ඉවත් කලා. -- බිඟුවා සාකච්ඡාව 12:09, 26 මාර්තු 2011 (යූටීසී)[reply]

හොදයි. පසිදු කාවින්ද (talk) 02:27, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

Protect/Semi-protect[සංස්කරණය]

මගේ පිටුව IP ඇවිත් Vandalizing කරන බැවින් protect කරලා දෙන්න Singhalawap (talk) 11:35, 26 මාර්තු 2011 (යූටීසී)[reply]

ඔබේ පරිශීලක පිටුව ආරක්ෂණය කලා. සාකච්ජා පිටුවත් ආරක්ෂණය කරන්න ඕනැද? -- බිඟුවා සාකච්ඡාව 11:59, 26 මාර්තු 2011 (යූටීසී)[reply]
මතක්කලාට පිං. සාකච්ජා පිටුවත් ආරක්ෂණය කරන්න. Singhalawap (talk) 18:52, 26 මාර්තු 2011 (යූටීසී)[reply]
YesY කළා. නමුත් මේ මගින් ඔබේ සාකච්ජා පිටුවේ සටහනක් එක් කරන්න ලියාපදිංචි නොවුනු අයෙකුට බැරි වෙනවා. -- බිඟුවා සාකච්ඡාව 03:42, 27 මාර්තු 2011 (යූටීසී)[reply]
කමක්නෑ බිඟුවො. මං කොහොමත් එයාලට උත්තර දෙන්නෙත් නෑනෙ..... Singhalawap (talk) 04:16, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

ගිනි නිවීම අගැයුමයි[සංස්කරණය]

ගිනි දැල් නිවන්නා තරු සම්මානය
ව්‍යාජ සමාගමක්; සැබෑ සමාගමක් ලෙස පෙනීසිටීමටත්, සිය ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රසිද්ධියක් ලබාගානීමටත් සිංහල විකිපීඩියාව භාවිතාකිරීම නිසා අවිලුණු ගිනිදැල් නිවාදැමීමට පරිපාලකයෙකු ලෙස ගත් ක්‍රමවත් සහ ඍජු තීරණ වෙනුවෙන් මෙම උපහාරය පුදකරමි​ Singhalawap (talk) 19:01, 26 මාර්තු 2011 (යූටීසී)[reply]

හ...හ...හ... මාර වැඩේ. පසිදු කාවින්ද (talk) 02:30, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

ස්තුතියි Singhalawap. පසිදු කාවින්ද ඔබ කියන්න හදන මාර වැඩේ මොකද්ද? මට ඔබ ගැන එතරම්ම පැහැදිළි අදහසක් නැ. -- බිඟුවා සාකච්ඡාව 03:39, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

Please take quick action against these sock-puppets[සංස්කරණය]

Please see this determination by the Check-user and take quick action against them. Thanks. --- ශ්වෙත (talk) 08:46, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

Considering. -- බිඟුවා සාකච්ඡාව 09:50, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

අ..හ..හ.. එහෙනම් මේක ශ්වෙතගෙ වැඩක් වගේ... හිතවත් ශ්වෙත ඇයි ඔබ මාව වාරණය කිරීමට ඔය තරම් උනන්දුවක් දක්වන්නෙ. ඔබට මා කෙරෙහි පුද්ගලික තරහක් හෙම තියනවද? කරැණාකර මාව වාරණය කිරීමට උත්සහ නොකරන්න . මම විකීපීඩියාවේ ලිපි සංස්කරණය කිරීමට බොහෝසේ ඇලුම් කරමි. ස්තුතියි ! පසිදු කාවින්ද (talk) 11:22, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

පසිදු කාවින්ද, ඔබව වාරණය කිරීමට කිරීමට හේතු වශයෙන් බහු ගිණුම් භාවිතා කිරීම සඳහන් කරන්න පුලුවන්. නමුත් එය ඔබ නොදැන කලා නම් ඒ ගැන සලකා බලන්න පුලුවන්. මේ ගැන ප්‍රජාවගෙන් අහන්න වෙනවා. එයාලගේ මතය අවසන් මතය වෙනවා. නිකරුණේ කෙනෙක් වාරණය වෙන්නේ/කරන්නේ නැ. විකිපීඩියාවේ ප්‍රතිපත්තිවලට එකඟව වැඩ කරන්න.
පරිශීලක:පසිදු කාවින්ද, පරිශීලක:Pkavinda123, පරිශීලක:PKsoft කියන තුන් දෙනාම 1ම කෙනාගෙ sock-puppets නං accounts 3ටම සලකන්න ඕන එකම විදියට නේද? මොකෝ මේ පරිශීලක:පසිදු කාවින්ද ගිණුමට වෙනස් සැලකීමක්. Singhalawap (talk) 15:25, 27 මාර්තු 2011 (යූටීසී)[reply]
මේ ගිණුම වාරණය නොකලේ අදහස් දක්වන්නට ඉඩ හැරීමටයි. ඔහු නොදැණුවත් නම් මේ ගැන කියා දී අලුතෙන් අරඹන්න හෝ එක් ගිණුමක් භාවිතා කරන්න ඉඩ දිය හැකියි. මේ ගැන සාකච්ජා කළ යුතුයි. -- බිඟුවා සාකච්ඡාව 05:26, 28 මාර්තු 2011 (යූටීසී)[reply]
තේරුණා.. එල Singhalawap (talk) 07:16, 28 මාර්තු 2011 (යූටීසී)[reply]

හිතවතුනි! කරැණාකර මා කියන දෙයට සවන්දෙන්න. මම ඔය කියන බහු ගිණුම් පරිහරණය නොකලෙමි. මාව වාරණය කිරීමට ඔබලාට දැඩි ආශාවක් ඇතැයි මම සිතමි. මාව වාරණය කලහොත් නැවත මාගේ කිසිදු දායකත්වයක් විකිපීඩියා නිදහස් විශ්වකෝෂයට නොලැබෙනු ඇති. ඔබලාගේ තීරණය අපේක්ෂාවෙන් සිටිමි... මම විකිපීඩියාවේ ප්‍රතිපත්තිවලට නිතරම එකඟව වැඩ කල අයෙක් වෙමි. ඔබලාගේ තීරණය කුමක් වුවත් මා එයට ගරැ කරමි...ස්තූතියි...පසිදු කාවින්ද (talk) 09:30, 28 මාර්තු 2011 (යූටීසී)[reply]

චෙක්යූසර් විසින් සිදුකර ඇති ස්ටුවර්ඩ් විමර්ශන සහ ප්‍රතිඵල නිවේදන අංක 1 සහ නිවේදන අංක 2 අනුව පහත ගිණුම් සියල්ල බහු ගිණුම් භාවිතා කල එක් අයෙකුට අයත්ය.
බහු ගිණුම් භාවිතය සඳහා සිංහල විකිපීඩියාව තුල භාවිතා වන මාර්ගෝපදේශය අනුව දිය යුතු අවම දඬුවම යැයි සඳහන් වන්නේ අදාල සියළු ගිණුම් වාරණය කිරීමයි. පළමු විමර්ශනය හා නිවේදන අංක 1 නිකුතුවට පසුව දෙවන විමර්ශනය හා නිවේදන අංක 2 නිකුත් කර ඇත. මෙතෙකුදු වාරණය නොකරමින් පවතින පරිශීලක:පසිදු කාවින්ද දෙවන විමර්ශනයට ලක් වන අතර පළමු විමර්ශනය වන විට තනා නොතිබුණකි. මෙම බහුගිණුම් 11 අතුරින් මෙම ගිණුම විශේෂිත වන්නේ හෝ වාරණය නොකරමින් පැවතීමට උත්සාහ දැරෙන්නේ කෙලෙසදැයි නොහැඟේ.
මෙම බහුගිණුම් 11 භාවිත කල පරිහීලකයා සිදු කල දෑ අතර
  • පරිශීලක පිටු වන්ධල්‍යය- වැදගත් පරිශීලකයන් තිදෙනෙකුගේද ඇතුළුව. මෙ නිසා එක් පිටුවක් ආරක්ෂණය කිරීමටද සිදු විය.
  • පරිශීලක සාකච්ඡා පිටු වන්ධල්‍යය
  • ලිපි පිටු වන්ධල්‍යය
  • ලිපි සාකච්ඡා පිටු වන්ධල්‍යය
  • පරිශීලක සංස්කරණ ගණනය දක්වන රොබෝ ජනිත පිටුවක් වන්ධල්‍යය
දැක්විය හැක. අනෙකුන් වාරණය කිරීමෙන් පසුව හෝ කිසිදු තැකීමක් නොමැතිව සිදු කල අවසන සඳහන් පරිශීලක සංස්කරණ ගණනය දක්වන රොබෝ ජනිත පිටුවක් වන්ධල්‍යය සැලකීමෙන් මෙම පරිශීලකයා විකි සම්ප්‍රදායයට කෙතරම් ගරු කරන්නේද යන්න වටහා ගත හැක. අනෙක් අතට බලන කල මෙම පරිශීලකයා සිදු කර ඇති අනෙකුත් සංස්කරණ අනුව මොහු විසින් මෙම වන්ධල්‍යයන් නොදැන කලේ යැයි කිසිදු අයුරකින් සිතිය නොහැකිය.
පරිපාලක විසින් අදාල පරිශීලක වෙතින් බලාපොරොත්තු වූ මම මෙම දේ සිදු කලේ නොදැනුවත්වය යන්න වෙනුවට මම කිසි දින මෙය සිදු නොකලෙමි. ඔබට මා වාරණය කිරීමට දැඩි උනන්දුවක් ඇත. මා වාරණය කලොත් නැවත දායක නොවෙමි වැනි උඩඟු ප්‍රතිචාර අප දුටුවෙමු. මෙම ගිණුමද වාරණයට ලක් විය යුතුය යනු මාගේ අදහසයි. --- ශ්වෙත (talk) 14:38, 28 මාර්තු 2011 (යූටීසී)[reply]
පරිශීලකයෙකු වාරණයට ලක් කිරීමට වඩා ඔහු මෙහි යහ මගට ගැනීම වඩා සුදුසු දේ බව මගේ වැටහීමයි. එමගින් විකියට යහපතක් සිදු කර ගත හැකිය. නමුත් කාවින්ද මෙතෙක් කල කී දෑ සලකා බැලූ කල ඔහුව වාරණය නොකර සිටීමට මට හේතුවක් නොපෙනේ.--දුගියා (talk) 16:17, 28 මාර්තු 2011 (යූටීසී)[reply]

පසිඳු, ඔබගේ පරිශීලක පිටුවේ මෙසේ සඳහන්ව ඇත. "මෙම පරිශීලකයා සිංහල විකිපීඩියාවේ පරිපාලකවරයෙකු නොවනමුත් යම් දිනක එසේ වීමට හැකිවෙතැයි අපේක්‍ෂා කරයි". එනිසා ඔබ විසින් ඉහත සඳහන් කර ඇති " මාව වාරණය කලහොත් නැවත මාගේ කිසිදු දායකත්වයක් විකිපීඩියා නිදහස් විශ්වකෝෂයට නොලැබෙනු ඇති." යන්න සත්‍යයක් නොවන බව මගේ විශ්වාසයයි. --දුගියා (talk) 16:25, 28 මාර්තු 2011 (යූටීසී)[reply]

මම ශ්වෙත එක්ක එකඟයි.
පරිශීලක:පසිදු කාවින්ද කියන්නෙ බලු වැඩ කරපු කෙනෙකුගේ බලු වැඩ නොකරපු ගිණුමක්. හැබැයි Block කරද්දි හොඳ මූන නරක මූන දෙකටම එකම විදියට සලකන්න. මොකෝ මේත් එයාම නොවැ. පරිශීලක:පසිදු කාවින්දගෙ බොරු බබා පාට් වලට අහුවෙන්න එපා.
If he want he can come with a fresh account later. Singhalawap (talk) 18:53, 28 මාර්තු 2011 (යූටීසී)[reply]
  1. Support තඹරු විජේසේකර සාකච්ඡාව 04:44, 29 මාර්තු 2011 (යූටීසී)[reply]

මගේ සහයට කිසිම කෙනෙකු නැහැ...ඔක්කොම බලාගෙන ඉන්නෙ මට වරදින තුරැ! මා දැන් අන්ත අසරණ තත්වයකට පත්ව ඇත. තව ස්වල්ප වේලාවකින් එය තවත් උග්‍ර අතකට පත්විය හැකියි. හොදයි ඔබලා කැමති දෙයක් කරන්න. මට තවත් බැනුම් අසමින් විකීපීඩියාවට සේවය කල නොහැකියි. තීරණය ඔබ අතේ...ස්තුතියි. පසිදු කාවින්ද (talk) 13:25, 29 මාර්තු 2011 (යූටීසී)[reply]

ඇයි තීරණ ගැනීම මෙතරම් පමා කරනුයේ? උපමානයන් අනුව ක්‍රියා නොකරන්නේ ඇයි? -- ශ්වෙත (talk) 14:50, 29 මාර්තු 2011 (යූටීසී)[reply]
පරිශීලක:පසිදු කාවින්ද ගිණුම වාරණය කෙරෙනු ඇත. -- බිඟුවා සාකච්ඡාව 05:59, 31 මාර්තු 2011 (යූටීසී)[reply]

Please express your idea as an administrator of Sinhala Wikipedia about the sock-puppet පරිශීලක:පසිදු කාවින්ද. It will be good for all of us if we resolve this matter. --- ශ්වෙත (talk) 12:48, 30 මාර්තු 2011 (යූටීසී)[reply]

What??? පසිදු කාවින්ද (talk) 13:39, 30 මාර්තු 2011 (යූටීසී)[reply]

What do you mean by What after you have been declared a sock-puppet by the Checkuser Steward? --- ශ්වෙත (talk) 13:55, 30 මාර්තු 2011 (යූටීසී)[reply]
අනේ මොනවා හරි කරන්න වෙනවා තමයි. මොකද පසිඳු කාවින්ද ගේ පීකේසොෆ්ට් එක මේ දවස් වල වහල වගේ. සභාපති තුමා මේ දවස් වල වැඩ කරන්නේ විකියේ විතරයි.--124.43.101.172 20:47, 30 මාර්තු 2011 (යූටීසී)[reply]
මොකද IP (Internet Protocol) එකෙන් Talk එක දාන්නෙ? --- පසිදු කාවින්ද (talk) 18:38, 31 මාර්තු 2011 (යූටීසී)[reply]
අපේ කට්ටිය ආරක්ෂා කරන්නේ මරු කම්පනියක්! මේකේ විදිහට පීකේසොෆ්ට් කම්පනි එකේ ලිපිනය මාර ජෝක් එකක්- 123, දැනට නොමැති වීදිය, කොළඹ. සිංහල විකිය කොළඹ සන්නියක් වෙලාද? ---- 112.135.218.185 04:17, 31 මාර්තු 2011 (යූටීසී)[reply]
බ්වහහ..හහ.. මාර හිනා! --- පසිදු කාවින්ද (talk) 18:38, 31 මාර්තු 2011 (යූටීසී)[reply]
ශ්වෙත, පරිපාලකයින් සිටිනුයේ ප්‍රජා තීරණ ක්‍රියාත්මක කිරීමට මිසක් තීරණ ගැනීමට නොවන බව ඔබ දන්නවා ඇති. ප්‍රාජාව තීරණයක් ගන්න. නමුත් පරිපාලකයකු ලෙසට මට අවසන් තීරණයක් එන තුරු බලා සිටින්නට හෝ ඉවසා සිටින්නට සිදු වනවා. කෙසේ නමුත් පරිශීලක:පසිදු කාවින්ද ගිණුම යටතේ සිදු කර ඇති යම් යම් සංස්කරණ විකි ප්‍රතිපත්තියට පටහැනි බවත් සමහර ඒවා ගැලපෙන බවත් දැක්කා. ඔහු දක්ෂයෙක් බවත් දැක්කා. මගේ උත්සාහය තිබුණේ ඔහුව යහපත් මගට ගැනීමටයි. කෙසේ නමුත් මම ගිණුම වාරණය කලා. ඔහුට වෙනත් ගිණුමකින් අලුතෙන් ඇරඹිය හැකියි. පරිපාලකයෙක් ලෙසට ඔහුව වරණය කල යුතුයි යන්නත් පරිශීලකයෙක් ලෙසට මේ ගිණුම යටතේ කල සංස්කරණ අගය කළ යුතුයි යන්නත් මගේ අදහස් වෙනවා. යහපත් හොඳ දෙයක් කරන ඕනැම කෙනෙකුට මගේ සහයා දෙනවා. ජය! -- බිඟුවා සාකච්ඡාව 06:12, 31 මාර්තු 2011 (යූටීසී)[reply]

ශ්වේතට අහිංසක පරිශීලකයන්ව අයින් කරන්න මාර උනන්දුවක්නෙ තියෙන්නෙ... 112.135.49.45 13:23, 31 මාර්තු 2011 (යූටීසී)[reply]

මම ශ්වේත ගැන මේ දවස්වල විමසිල්ලෙන් ඉන්නෙ ඔහුගේ පරිශීලකයන් ඉවත් කිරීමේ රහස මම සොයාගත්තා...I found the secret of him! 112.135.49.45 13:29, 31 මාර්තු 2011 (යූටීසී)[reply]

Ha..ha..ha.. I'm so happy about that! 112.135.49.45 13:08, 31 මාර්තු 2011 (යූටීසී)[reply]

හිතවත් බිඟුවා, ඔබ පරිශීලක:පසිදු කාවින්ද ගිණුම වාරණය කලාට මගේ කිසි අමනාපයක් නැහැ. ඔබ කලේ හරිදේ බව ඇත්ත නමුත් ඔබට එය කිරීමට එතරම් උනන්දුවක් නොතිබුන බව මට වැටහුනා. මේ නිදහස් විකීපීඩියාවේ අහිංසක, දක්ෂ පරිශීලකයන්ට ඉඩක් නොමැති බව මට තේරැණා. මා ඔබට දෙන උපදේශය නම් ප්‍රජාවත් කිසියම් දිනක වැරදි සහගත අදහස් ඇති තැනක් වීමට පුථවන් ඒ නිසා හොදට සිතා බලා කටයුතු කරන්න. ස්තුතියි...ඔබට ජය! පසිදු කාවින්ද (talk) 19:38, 31 මාර්තු 2011 (යූටීසී)[reply]

කරැණාකර පරිශීලක:පසිදු කාවින්ද පිටුව මකාදමන්න. පසිදු කාවින්ද (talk) 19:38, 31 මාර්තු 2011 (යූටීසී)[reply]


ඔබ විසින් මා අමතා ඇති බැවින් පිළිතුරු ලබා දීම මගේ යුතුකම යැයි සිතමි.
  1. යහපත් හොඳ දෙයක් කරන ඕනැම කෙනෙකුට සහය දීම ඔබගේ පෞද්ගලික ජීවිතයෙහි ඉතාමත් හොඳ ගුණාංගයක් විය හැක. එනමුදු ප්‍රජාව විසින් ඔබව පත් කරනු ලැබුයේ කිසියම් රාමුවක් තුල සේවය කෙරුමටය. එම රාමුව තුල ඔබ විසින් රැකිය යුතු නීති රීති, ආචාර්ය ධර්ම, උපමානයන්, මාර්ගෝපදේශ වැනි දේ ඇත.ඉංජිනේරු වෘත්තිකයෙක් වශයෙන් ඔබ එය මනාව දන්නවා ඇත.
  2. වාරණය කරනු ලැබූ පරිශීලකයෙකුට නව ගිණුමක් ඇරඹිය හැකි බව ඇත්තේ කුමන උපමානයකද? පරිපාලකයන් සිටින්නේ ප්‍රජා තීරණ ක්‍රියාත්මක කිරීමට යැයි ඔබ විසින්ම පවසා තිබේ. ප්‍රජාව මෙවැනි තීරණයක් ගෙන ති‍බේද? අනෙකුත් විකියන්ගේ හෝ මෙවැනි සම්ප්‍රදායක් තිබේද? උපමානයන් තුල මෙය නොමැති නම් ප්‍රජාව හෝ සම්මුතියකට එළඹව සිටිය යුතුයි.
  3. පරිශීලක:පසිදු කාවින්ද වාරණය කර යුතුව තිබුණේ ඔහු විසින් බහු ගිණුම් සාදා ඒවා පරිහරණය කිරීම නිසාවෙන් මිස, ඔබ ඉහත දක්වා ඇති පරිදී පරිශීලක:පසිදු කාවින්ද ගිණුම යටතේ සිදු කර ඇති යම් යම් සංස්කරණ නිසාවෙන් නොවේ.
  4. පරිශීලක:පසිදු කාවින්ද වාරණය කිරීමේදී ප්‍රජාව විසින් එය තීරණය කල යුතු බවට ඔබ විසින් රීතියක් පැනවූයේ කිසියම් උපමානයක් පරිහීලනය කිරීමෙන්ද නැතිනම් ප්‍රජාව විසින් මින් ඉහතදී එසේ කල යුතු බවට සම්මුතියකට එළඹ ඇති නිසාද? මෙහිදී පරිපාලකයෙකු ලෙස ප්‍රජාව ඔබගෙන් බලාපොරොත්තු වන සීමාවෙන් ඔබ්බට ඔබ පැන ගොස් තිබේද?
  5. ඔබ විසින් පරිශීලක:පසිදු කාවින්ද වාරණය කිරීමේදී ඔහුට නව ගිණුමක් ඇරඹිය හැකි බවට දුන් අනුමැතිය නිසාවෙන් ඔහු විසින් අරඹා ඇති පරිශීලක:පසිඳු කාවින්ද නම් ගිණුම අයත් වන්නේ වාරණයක් උපායයෙන් මඟ හැරීම යන්නටයි. මෙහිදී ඔබ විසින් වාරණයට ලක්වුණු පරිශීලකයා නොමග යවා ඇත.
  6. පරිපාලකයාගේ කාර්ය භාරය ප්‍රජාව කියන දෙය කිරීම යැයි ඔබ පවසතත් ඔබ විසින් කර ඇත්තේ ඔබ විසින් සිතෙන දේ කිරීම හා එම අදහස් ප්‍රජාව පිට පැටවීම පමණයි. අනෙක් අතට විකියෙහි ඇති නීති රීති, උපමානයන් හා මාර්ගෝපදේශ නොසලකා හරිමින් ඔබ විසින්ම පැනවූ නීති රීති අනුව ක්‍රියා කර ඇත.
  7. ඔබ විසින් ඉහත ලෙස ක්‍රියා කිරීමෙන් අරාජක බවක් සිංහල විකිය තුල ඇති කර පරිපාලකට කල නොහැකි කිසිවක් නොමැතිය යන භීතිය ඔබ විසින් ප්‍රජාව තුල ජනිත කර ඇත. --- ශ්වෙත (talk) 13:57, 31 මාර්තු 2011 (යූටීසී)[reply]

ශ්වේත ඇත්තටම ඔබ කවුද? මොකක්ද මේ ප්‍රජාව කියන්නෙ? 112.135.49.45 14:03, 31 මාර්තු 2011 (යූටීසී)[reply]

විකීපීඩියා නිදහස් විශ්වකෝෂය... හ්ම් ඇත්තටම මේ කියන නිදහස තියනවද ? 112.135.49.45 14:11, 31 මාර්තු 2011 (යූටීසී)[reply]

Absolutely not! They are blocking IP and Users for the reason -> MultiUsers and/or MultiAccounts. සිංහල,English,தமிழ் and all other languages have the same rules. There are no way for innocent IP and/or Users. I think they might be block this IP (Now i'm using) in the future for the reason given below. It is a Wikipedia's law. No one can edit or change it. Today i will stop my work and not working anymore for Wikipedia. Please block my IP and/or punish me! Thanks... 112.135.49.45 14:26, 31 මාර්තු 2011 (යූටීසී)[reply]

Dear ශ්වෙත, thank you for your effort to block the sock-puppet
Dear Binguwa, Thank you form acting according to the need of the community (including myself).
Dear පරිශීලක:පසිදු කාවින්ද Thank you for the good contributions you did (keep in mind that you have lot of bad by your other accounts) . You are welcome to start with fresh hand. I need you in wikipedia.
Dear All, problem is solved. Time to stop arguments & forget the issue. අපේ ගමන යමු !
Singhalawap (talk) 15:48, 31 මාර්තු 2011 (යූටීසී)[reply]
Yeah ! Time to work... පසිඳු කාවින්ද (talk) 08:42, 1 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

මම මේ නිදහස් විකීපීඩියාවෙහි කොතරම් සමගියෙන් ඉන්න උත්සහ කරත් එය වැලැක්වීමට බොහෝ පිරිසක් උත්සහ කරයි. අනේ දෙවියනේ මේව කවද ඉවරවේවිද??? God bless me !!! පසිඳු කාවින්ද (talk) 07:27, 2 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

වැරදි කරන්නේ නැත්නම් අවුලක් නැ කියලයි මං හිතන්නේ. -- බිඟුවා සාකච්ඡාව 14:50, 4 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

Changes to Article Content ලිපි අන්තර්ගතයෙහි වෙනස් කම්[සංස්කරණය]

While accepting your right as an administrator to revert any change to the content of any article may I humbly point out to you that mentioning the change and the reason in the talk page of the article is a very good habit to cultivate for the sake of fellow wikipedians. --- ශ්වෙත (talk) 13:58, 4 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ශ්වෙත, ඔබේ අදහසට එකඟයි. නමුත් මැකීමට යෝජනා කර හේතුව සඳහන් නොවන අවස්තාවලදී පරිපාලකයින්ට එය මහත් ගැටලුවක්. සමහර විට අන්තර්ගතය දැනටමත් ඒකාබද්ධ කර තිබිය හැකිය. සමහර විට එය මනස්ගාත විය හැකිය. ඒ කෙසේ වෙතත් ඒ ගැන සාකච්ජා පිටුවේ සඳහන් කිරීම වටිනා බව දැක්කා. අඩුම ගානේ වෙනත් පරිශීලකයෙක්වත් ඒකට හේතුව හොයලා දෙයිනේ. කවුරුහරි කරපු පරිවර්තනයක් මකන එක අපරාදේ ඒක කොහෙට හරි මූට්ටු කරන්න පුලුවන් නම් නේද? -- බිඟුවා සාකච්ඡාව 14:47, 4 අප්‍රේල් 2011 (යූටීසී)[reply]


උදව්වක් ![සංස්කරණය]

තොරතුරු කොටුවක් හදන්න http://en.wikipedia.org/w/index.php?title=Template:User_flexible&action=edit මේ වගේ ෆ්ලෙක්සිබල් ටෙම්ප්ලේට් එකක් තියෙනවා වගේ අනික් සැකිලි වලටත් ෆ්ලෙක්සිබල් ඒවා තියෙනවද? එහෙම තියෙනවනම් ඕනේ විදියට ලේසියෙන් පරිවර්තනය කරගන්න පුළුවන් නේද ? - Shane44 (talk) 12:48, 6 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ම්.. මම දන්නේ නැ වෙන ඒවට තියෙනවද කියලා. අපිට පුලුවන් එහෙම ඒවා හදා ගන්න ඕනැ නම්. නමුත් සමහර සැකිළි ගොඩාක් සංකීර්ණයි. අනික ගොඩාක් සැකිලි ඉංග්‍රීසි විකියෙන් ගේන්න පුලුවන් හින්දා මම එච්චර මහන්සි උනේ නැ ඇත්තටම. අපේ අවශ්‍යතාවට ගැලපෙන එකක් නැත්නම් විතරක් අලුතෙන් හදමු. උදව් ඕනැ නම් කියන්න. නමුත් මේ දිනවල මම ඇත්තටම සක්‍රිය නැ පුද්ගලික හේතු නිසා. නමුත් මම ඊ මේල් බලනවා. ඒක හින්දා පණිවුඩක් එවන්න පුලුවන්. සැකිලි ගැන උදව්වක් ඕනැ නම් කියන්න. -- බිඟුවා සාකච්ඡාව 09:01, 12 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
නෑ අවුලක් නෑ. ෆෙක්සිබල් ටෙම්ප්ලේට් එක දැක්කම මට නිකන් හිතුන එහෙම අලුත් සැකිලි හදන්නත් ක්‍රමයක් ඇද්ද කියල. ඉංග්‍රීසි විකියෙන් ගෙනාපු සැකිලි වල ප්‍රශ්නයක් නෑ. එත් මට තාම තේරෙන්නේ නෑ සමහර සැකිලි පරිවර්තනය කරන්නේ කොහොමද කියල. කෙලින්ම කරන්න ගියොත් සමහර ඒවා අවුල් යනවා. හ්ම්ම්...මටත් ටිකක් මේ දවස් වල බිසී. මිඩ් සෙමෙස්ටර් එකේ හරි ජුලි වලින් පස්සේ හරි තමා අලුතෙන් කරන දෙයක්. එතකන් හෙමින් හෙමින් ට්‍රාන්ස්ලේට් කරනවා :-) -Shane44 (talk) 12:34, 16 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
සැකිලි පරිවර්තනය පරිස්සමින් කරන්න ඕනේ. ඉස්සරලාම සබැඳි පිටු බලන්න ඕනැ. පස්සේ ලේබල් ටික පරිවර්තනය කරන්න. පැරාමීටර්ස් පර්වර්තනය කරන්න එපා. බලමු හිමීට වැඩේට බහින්න. ශ්වේත නම් හරියටම සැකිලි පරිවර්තනය කරනවා දැකලා තියෙනවා. -- බිඟුවා සාකච්ඡාව 01:49, 17 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ෆෙලිඩේ කොම්පැණිය[සංස්කරණය]

මොකක්ද මේ ෆෙලිඩේ කොම්පැණිය? කරැණාකරල කවුරැ හරි ටිකක් විස්තර කරනවද...පසිඳු කාවින්ද (talk) 05:46, 9 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

පසිඳු, කෝපි කඩේ පැත්තේ ගියා නම් විස්තරේ හොයා ගන්න පුලුවන් ලේසියෙන්ම. -- බිඟුවා සාකච්ඡාව 09:04, 12 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

කෝපි කඩේ පරීක්ෂා කරමින්...සිඳු කාවින්ද  සාකච්ඡාව 15:06, 12 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

This checkuser determination points to the fact that already blocked පරිශීලක:පසිදු කාවින්ද and the user පරිශීලක:පසිඳු කාවින්ද are both the same. Since පරිශීලක:පසිදු කාවින්ද was found sock-puppet with another 9 accounts previously and hence blocked, the user පරිශීලක:පසිඳු කාවින්ද becomes a sock-puppet with 10 other accounts. Hence I propose that user පරිශීලක:පසිඳු කාවින්ද should be blocked without further delays. -- ශ්වෙත (talk) 18:17, 13 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

Dear බිඟුවා,
I also request to block the user immediately. He has done lot of destruction & wasted time of wiki community.
Singhalawap (talk) 18:24, 13 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!![සංස්කරණය]

--Buddhikadissanayake 22:07, 13 අප්‍රේල් 2011 (යූටීසී)

Wish you a happy new year ! සිඳු කාවින්ද  සාකච්ඡාව 03:13, 14 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

අවුරුද්ද පහු වෙලා හරි සුබ පතන්න ඕනේ. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබ සැමට. -- බිඟුවා සාකච්ඡාව 01:44, 17 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ලිපි ලැයිස්තුව - List of articles[සංස්කරණය]

පසිඳු කාවින්ද වන මා විසින් පරිශීලක:පසිඳු කාවින්ද ගිණුම ඇරඹීමෙන් පසුව සංස්කරණය කල සහ අලුතින් ඇරඹූ ලිපි ලැයිස්තුගත කරන ලදී. ඒවා මෙසේය :

කරැණාකර සෑම දෙනාම මේවායින් තමන් දන්නා මාතෘකා ඇත්නම් එම ලිපි වලට අමතර කරැණු එකතු කරමින් හෝ ඒවායේ වැරදි නිවැරදි කරමින් උදව් කරන්න. නැවත මා මේ විකිපීඩියාවට පැමිණීම පිලිබද බලාපොරොත්තුවක් නොමැත. මා හට උපකාර කල සෑම දෙනාටම මාගේ ස්තූතිය...112.135.43.61 07:47, 16 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

උදව්වක්[සංස්කරණය]

අනේ මෙයාට උදවු කරන්න -- 112.135.175.65 09:49, 20 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

මෙම නිර්ණාමික පරිශීලකයා ඔබව විහිලුවකට අරගෙන තිබේ! මට කිසිම උදව්වක් මේ අවස්ථාවේ අවශ්‍ය නැත. මොහු කියන දෙය නොඅසන්න. ස්තූතියි...ඔබට සුබ දවසක් සිඳු කාවින්ද  සාකච්ඡාව 14:18, 20 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

තෝරාගත් සේයාරුව[සංස්කරණය]

ගෞරවාර්භ අතිබලපරාක්‍රම සර්වබලධාරි බිඟුවාණන් වහන්ස, ඔබතුමාණන් වහන්සේ‍ගේ සූචච කීකරු මහා ප්‍රාඥ අග්‍රශ්‍රාවක පසිඳු තුමාණන් විසින් මුල් පිටුවේ තෝරාගත් සේයාරුව වෙනස් කර ඇත. එහි කැප්ෂනය වැරදිය. එය දර්ශනයක් නොවේ. එය රූප සටහනකි. ඔබවහන්සේ හෝ මැදිහත්වී හුදී ජන ප්‍රසාදය තකා හෝ මෙය නිවරද කරන්න. ඔබගේ අගසව් තැනට කරුණු කීම බීරි අලියාට වීණා වාදනය කරන්නාක් වැනි බැවිනි. --- 112.135.205.59 04:06, 21 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

අහෝ ඛේදයකි! ඔබතුමාණන්වහන්සේගේ අගසව් තුමාණන් හට රූප යැයි ලියන්නට දන්නේ නැති හැටි. රෑප සටහන නොව රූප සටහන විය යුතුයි. --- 112.135.227.82 11:15, 21 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

I use Google සිංහල online keyboard to type සිංහල words. But they are some problems with typing සිංහල words such as රෑ and more. I think it will be fixed soon as they can. Until it has been fixed i have to type රෑ for this articles. Sorry for that and i think you guys will fix it...සිඳු කාවින්ද  සාකච්ඡාව 12:21, 21 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

කවුද අප්පේ මේ.. මේකට නම් මට හිනා. පසිඳු මගේ අගසව් වෙන හැටි මට නම් පැහැදිළි නැ, ඒ මොක උනත් විකාර කියවන්නේ නැතුව කියන එකක් කෙලින් කියලා වැඩ කරන්න පුලුවන් කෙනෙක් නෙමෙයි කියලා ෂුවර්. පසිඳු, ඔබේ ගැටලුව කුමක්ද? මේක භාවිතා කරලා නැද්ද? -- බිඟුවා සාකච්ඡාව 17:59, 23 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය[සංස්කරණය]

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

මෙහිදී කරුණු කිහිපයක් මතක් කරන්න ඕනැ. මේක මුල් පිටුව. ඒක හින්දා හැම ලිපියක්ම ඔතනට ගැල පෙන්නේ නැ. ඒක හින්දා තෝරලා බේරලා වැඩේ කරන්න ඕනැ. ප්‍රකාශණ හිමිකම්, නිවැරදි තොරතුරු, වැදගත් තොරතුරු වගේ කරුණු ගැන බලන්න ඕනැ. මේ ඔබේ ලිපි කියලා එකක් නම් නැ විකියේ. ඒ අදහස නම් වැරදියි. ඔබේ උත්සාහය අගෙයි. නමුත් මුල් පිටුව එක්ක වැඩ කරන කොට පරිස්සමින්. නැත්නම් මේ පිටුව ආරක්ෂණය කරන්න වෙනවා. ජය! -- බිඟුවා සාකච්ඡාව 17:51, 23 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

අනේ මේක ආරක්ෂණය කරන්න නම් එපා! මොකද මට එතකොට කිසිම දෙයක් කරන්න බැරිවෙනව. මට ඕන සිංහල විකියටත් ඉංග්‍රිසි විකිය වගේ නිතර නිතර අලුත් ගුණාංග එකතු කරන්නයි. මේක ආරක්ෂණය කරාම ඕව කවුරැ කියල කොරන්නද? මට ඔබේ සහයෝගය සහ උදව් අවශ්‍ය වෙනව මේ වැඩ කටයුතු කරගෙන යන්න. ඔබට හැකි පමණින් මට උදව් කරන්න...ස්තූතියි... ඔබට සුභ දවසක්! සිඳු කාවින්ද  සාකච්ඡාව 07:13, 24 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ගොනුව:Flags of Kegalle district.gif[සංස්කරණය]

මෙම රූපයේ ඉහළින් ඇති අක්‍ෂර පෙළ දෙස බලන්න. ඒ අනුව මෙය භාවිතය පිළිබඳ ඔබේ අදහස? --තඹරු විජේසේකර සාකච්ඡාව 07:41, 10 මැයි 2011 (යූටීසී)[reply]

පරිවර්තන උදව්[සංස්කරණය]

විශේෂ:උඩුගත_කිරීම හී තිබෙන ගොනු විස්තරය යටතේ එන බලය ලබා දීම: යන්නෙහි ඉදිරියෙන් ඇති කිසිවක් තෝරාගෙන නැති, I do not know the licnece, Found the image somewhere වැනි දෑ සිංහලට පරිවර්තනය කරන්නේ කොහෙන්ද? සිඳු කාවින්ද  සාකච්ඡාව 09:34, 10 ජූනි 2011 (යූටීසී)[reply]

Licenses ඔබ සොයන්නේ මෙය විය යුතුයි. -- බිඟුවා සාකච්ඡාව 07:17, 20 ජූනි 2011 (යූටීසී)[reply]


කාර්‍ය්‍යශූර විකිපීඩියානුවාගේ රන්තරුව
ඔබේ කැපවුණු දායකත්වය අගය කරමි ​සිඳු කාවින්ද  සාකච්ඡාව 09:02, 13 ජූනි 2011 (යූටීසී)[reply]
ස්තුතියි -- බිඟුවා සාකච්ඡාව 07:17, 20 ජූනි 2011 (යූටීසී)[reply]

වාරණය සතුට[සංස්කරණය]

ඔබ යමෙකු වාරණය කිරීමෙන් සතුටක් ලබනවාද? මගේ ඉස්සර ගිනුමත් වාරණය කලේ ඔබ විසින් නේද? ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් සිංහල භාෂාව ජාත්‍යන්තරයට රැගෙන යන මේ මොහෙතේ අවිශ්වාසයෙන් කටයුතු කිරීම හොදද? සිඳු කාවින්ද  සාකච්ඡාව 10:12, 29 ජූනි 2011 (යූටීසී)[reply]

නැත. මම වාරණ කිරීමෙන් කිසිම සතුටක් නොලබමි. පරිශීලක:පසිදු කාවින්ද මේ ඔබ නම් ඔව්. බහු ගිණුම් භාවිතය නුසුදුසු ක්‍රියාවකි. අනික ඒක ප්‍රජාවගේ තීරණයක්. මම ඔවුන්ගේ තීරණය් ක්‍රියාත්මක කලා පමණයි. නැත. අවිශ්වාසය හා විශ්වාසය යන්න තීරනය වන්නේ කරණ ක්‍රියාවන් අනුවය. ඔබේ යම් යම් ක්‍රියාවන් නිසා ඔබ ගැන මට එතරම විශ්වාසයක් නොමැත. -- බිඟුවා සාකච්ඡාව 05:22, 2 ජූලි 2011 (යූටීසී)[reply]

Deletion request[සංස්කරණය]

Hello, thanks for the reminder on my Meta talk page. Can you tell me please what I did wrong. I don't know the language, so it's normal for me to make mistakes. Actually all those pages were tagged with {{delete}} for many days. That is why I deleted. If you can tell me what I did wrong that will be very helpful. Thanks again! Wikitanvir 14:57, 29 ජූලි 2011 (යූටීසී)[reply]

Hi, ‍Yep I got you. There are some articles related to same item started by 2 guys & later 3rd guy had merged into one of that by just copying content. Sometimes the 3rd guy may not added the Merged tag, but added the delete tag. So it is hard to figure it out for us even what was happened by doing a search. So please do verify before delete. If a article has any sinhala content pls leave it for si.wiki admins. Thank you! -- බිඟුවා සාකච්ඡාව 14:21, 1 අගෝස්තු 2011 (යූටීසී)[reply]

මාධ්‍යවිකි:Licenses[සංස්කරණය]

මෙහි අඩංගු කරුණු මාධ්‍යවිකි:Licenses හි යොදන්න. මට එය සිදු කල නොහැක මුලාශ්‍රය නරබන්න. ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 06:23, 17 අගෝස්තු 2011 (යූටීසී)[reply]

මට පේන හැටියටනම් සමහර ඒවා වැරදියි වාගේ. --Lee (talk) 08:25, 17 අගෝස්තු 2011 (යූටීසී)[reply]

එච්චර අවුලක් නැහැ. පුලුවන්නම් තව ටිකක් පරිවර්තනය කරලා ඕක ඉවර කරන්න. ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව</ස්පන්></සුප්>

බලමුකෝ එහෙනම්. Lee, මම මේ දවස්වල පොඩ්ඩක් බිසී. මේක බලනවද?-- බිඟුවා සාකච්ඡාව 06:16, 18 අගෝස්තු 2011 (යූටීසී)[reply]

Article suggesion for Home page[සංස්කරණය]

සැකිල්ල:තෝරාගත් ලිපිය/20‎ සිංහල විකිපීඩියාවෙහි මුල් පිටුවට දාන්න පුලුවන්ද? සිඳු කාවින්ද  සාකච්ඡාව 10:42, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]

පුළුවන් බව් දනිමු. කරදෙනු මැන. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 10:45, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]
මෙය තෝරාගත් ලිපියක් නොවිය යුතුයි. විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි හා විකිපීඩියා:තෝරාගත් ලිපි බලන්න. මේ ගැන ඡන්දයක් තිබිය යුතුයි. අඩු වශයෙන් පරිපාලක ඔබ හෝ නීතිය රකින්න. --- 112.135.217.213 10:54, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]

නිර්නාමික පරිශිලකය! ඔබ දන්නවා ඇතිනේ මෙහි සක්‍රිය පරිශීලකයින් ඉන්නේ 10 ට අඩු සංඛ්‍යාවක් බව. ඉතින් අපි කොහොමද ජන්ද තියන්නේ? සිඳු කාවින්ද  සාකච්ඡාව 10:57, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]

එය ඡන්ද වල‍ට නිර්නාමික අපටත් සහභාගී විය හැකියි.දෙදෙනෙකුට වැඩි ඉන්නා තැන ඡන්ද තිබිය හැනියි. --- 112.135.217.213 11:00, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]

I think it needs to be discussed in විකිපීඩියා:තෝරාගත්_හොඳ_ම_ලිපි -- බිඟුවා සාකච්ඡාව 11:18, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]
Done! Give all of your votes there. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:38, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]

OK සිඳු කාවින්ද  සාකච්ඡාව 06:36, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

මාධ්‍යවිකි සාකච්ඡාව:Licenses හි අන්තර්ගතය මාධ්‍යවිකි:Licenses හි යොදන්න පුලුවන්ද? සිඳු කාවින්ද  සාකච්ඡාව 10:45, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

කරන්න නම් පුලුවන්. නමුත් පොඩ්ඩක් ඉන්න බලන්න. මාධ්‍යවිකි වෙනස් කරන්න කලින් නිවැරදි බව තහවුරු වෙන්න ඕනැ. ඒක බලල මම කරන්නම්. ලී මේක රිවට් කලා නේද? -- බිඟුවා සාකච්ඡාව 10:50, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

මන් ඕක 100% සම්පුර්ණ කරන්න ගොඩක් මහන්සි වුණා. අනේ Please??? සිඳු කාවින්ද  සාකච්ඡාව 10:52, 25 අගෝස්තු 2011 (යූටීසී) Pleaseeeeeeee? සිඳු කාවින්ද  සාකච්ඡාව 06:11, 26 අගෝස්තු 2011 (යූටීසී)[reply]


If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on Wiktionary requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A3 of the criteria for speedy deletion, because it is an article with no content whatsoever, or whose contents consist only of external links, a "See also" section, book references, category tags, template tags, interwiki links, a rephrasing of the title, or an attempt to contact the subject of the article. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. තඹරු විජේසේකර සාකච්ඡාව 10:07, 26 අගෝස්තු 2011 (යූටීසී)[reply]

No need to delete. -- බිඟුවා සාකච්ඡාව 10:31, 4 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on Fair use, requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A2 of the criteria for speedy deletion, because the article appears to be a foreign language article that was copied and pasted from another Wikimedia project, or was transwikied out to another project. Please see Wikipedia:Translation to learn about requests for, and coordination of, translations from foreign-language Wikipedias into Sinhala.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. තඹරු විජේසේකර සාකච්ඡාව 08:43, 1 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

No need to delete. -- බිඟුවා සාකච්ඡාව 10:31, 4 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

මාධ්‍යවිකි:License[සංස්කරණය]

අනේ මේකේ තාම ඉංග්‍රීසි වචන වලින් පිරිලානේ? මම ගොඩක් මහන්සි වෙලා අරක සිංහලට Translate කරේ. අනේ එක ඔතනට දාන්නකෝ!!! සිඳු කාවින්ද  සාකච්ඡාව 07:09, 4 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

කරමු. -- බිඟුවා සාකච්ඡාව 07:38, 4 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

තුති! සිඳු කාවින්ද  සාකච්ඡාව 07:42, 4 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

Country data templates[සංස්කරණය]

country data සම්බන්ධ සැකිලි හා ආශ්‍රිත flag, flag-icon වගේ සැකිලි කලින් සිංහලට හරවල තියෙන්නේ. නැවත අලුතින් ඉංග්‍රීසි විකියෙන් ගන්න එකේ තේරුමක් නැහැ. කැමති නම් මේ සැකිලි වල ඉංග්‍රීසි නම සිංහල නම‍ට යළියොමු කරතැකි. ඉංග්‍රීසි විකියේ මෙම සැකිලි අළුත් වෙලා ඇති සමහරවිට. කවුරු හරි ඒවා සංසන්දනය කරල බැලුවොත් හොඳයි. ඉංග්‍රීසි සැකිලි වලට මුර දමන්න පුළුවන්ද? ඔබ දන්නවා ඇති. එවිට ඒවා වෙනස් වෙනකොට අපට දැනගන්න පුළුවන් වේවි. තුති. -- ශ්වෙත (talk) 15:33, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

බැරිද අපිට අපේ ම සැකිලි හදන්න​. තැන් තැන් වලින් අහුලන් එන්නෙ නැතුව​? එතකොටනෙ අපේ ම අනන්‍යතාවක් ගොඩ නැගෙන්නේ. නංගයා මතන්න 15:54, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
We should not re-invent the wheel යන්න තමයි මගේ නම් ප්‍රතිපත්තිය. කවුරු හරි සුද්දෙක් හරි හොඳ දෙයක් හදල තියෙනවා නම් ප්‍රයෝජනයට ගනිමු. කොහොල්ල බබා වගේ ඇ‍ෙඟ් අලවගන්නේ නැතුව. කලකට පෙර ඉංජිනේරු විද්‍යාවත් සිංහලෙන් උගන්නන්න මහ ඝෝෂාවක් තිබිල තියෙනවා. හොඳ වෙලාවට ‍සිංහලෙන් පොත් තිබිල නැහැ. එහෙම තිබුණන් අපේ ඉංජිනේරුවන්ට පිටරට රැකියා කරන්න අළුතින් ඉංග්‍රීසි උගෙනගන්න වෙනවා. ජපන් කොම්පැනි වල ශාඛා එක්සත් ජනපදයෙ දැම්ම වෙලාවේ හොඳ මොළ කාරයො එහෙ ගියේ නැහැ. දැනං හිටියේ ජපන් විතරයි. දැන් ඒ ගොල්ලත් හිතන්නේ වෙනස් විදිහට. ඉංග්‍රීසි / පිටරට දෙයක් අපි සිංහලට හැරෙව්වට අනන්‍යතාව නැති වෙනව කියල මම හිතන්නේ නැහැ. අපේ සාහිත්‍යය හා අනෙකුත් කලාවනුත් පරභාෂාවලින් පෝෂණය වෙලා තියෙනවා. හිතල බලන්න.---- ශ්වෙත (talk) 16:08, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔව් ශ්වෙත, මම දැක්කා සමහර සැකිලි හරවලා තියෙන එක. නමුත් අපි අලුතින්ම ලිපියක් පරිවර්තනය කරන්න හඩනකොට ගැටලු එන්න පුලුවන් මේ ඉංග්‍රීසි එක නැතිවුනාම. ඒක හින්දා කෙනෙක් ඒක ආයෙත් ගේන්න හදයි. දැනට පරිවර්තනය වෙලා තියෙන සැකිලි ප්‍රවර්ගය:රටේ_දත්ත_සැකිලි මෙතනින් ගන්න පුලුවන්නේ. ඉංග්‍රීසියෙන් ගෙන ආපුවා ප්‍රවර්ගය:Country data templates මෙතනින් බලා ගන්න පුලුවන්. දැන් මේවා එක තැනකට යොමු කර ගන්න වෙනවා. ඔයා කිව්වා වගේ සැකිලිවලට යළි යොමු දාමු. එතකොට වෙනස්කම් කරන්නේ වෙන්නේ එක සැකිල්ලකට විතරනේ. අපිට පුලුවන් ඉංග්‍රීසියෙ විකියෙත් මුර දාන්න. නමුත් උපරිමය දවස් 7යි. -- බිඟුවා සාකච්ඡාව 16:21, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
අනංගයා, අපිටත් පුලුවන් අපේම සැකිලි හදන්න. නමුත් රෝදය අලුතෙන් හොයන්න ඕනැ නැ වගේ අපි ඒක ආයෙමත් කරන්න ඕනැ නැ කියලයි මං හිතන්නේ. නමුත් සැකිල්ල පරිවර්තනය කරලා අපේම කරගන්න එකට නම් කැමතියි. අලුත් අදහස් නම් අගය කරනවා. උත්සාහයක් කරලා අලුත් සැකිල්ලක් හදන්න. ප්‍රජාව කැමති නම් එක් කරමු ( මං කියන්නේ මේ වගේ බහුලව භාවිතාවෙන සැකිලි ගැන, මේවා ආවට ගියාට වෙනස් කරන්න බැරි තරමට සම්බන්ධයිනේ). -- බිඟුවා සාකච්ඡාව 16:21, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ශ්වෙත මං කියන්න හදපු දේ කලින්ම කියලා. තුති. ඒක නිවැරදි කතාවක්. ඒ වගේ අදහස් හරිම වටිනවා. -- බිඟුවා සාකච්ඡාව 16:24, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ශ්වේත, මට තියෙන්නෙ ඉංගිරිසි ඇලජික් එකක් නෙමෙයි. මේක ඉංගිරිසි විකිපීඩියාවෙන් හෝ වෙනත් ඕනෑ ම විකිපීඩියාවකින් ස්වායත්ත වෙන ම ව්‍යාපෘතියක්. බලන්න වෙනත් විකිපීඩියාවල ඔවුන් ගේ ම සැකිලි හදලා තියෙනවා අලංකාර විදියට. අපි හැම දෙයක් ම අහුලං එන්න ගත්තොත් මේකෙ ස්වාධීනත්වය නැති වෙලා ඉංගිරිසි විකියෙ හුදු අනුවාදයක් බවට පත් වෙනවා. මේ ඉංගිරිසි හෝ ඉංගිරිසීන්ව හෝ පිටු දකිමින් කළ ප්‍රකාශයක් නෙමෙයි. මේ ගමන යන්න ඕන අපි අපේ ලකුණ තියාගෙන​! නංගයා මතන්න 16:34, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
පසුව තැබූ සටහන​: ක්‍රියාකාරී පරිශීලකයන් සුළු පිරිසක් විතරක් ඉන්න හින්දා මම කිව්ව දේ කරන එක දුෂ්කර බව ඇත්ත​. හැබැයි මේ විශ්වකෝෂය ගැන දන්නෙ කීයෙන් කී දෙනා ද​? දන්න අයගෙනුත් ගොඩක් අය හිතන්නෙ මේක ඉංගිරිසි විකියේ පරිවර්තනයක් කියලයි. අන්න ඒකයි. ඒ ආකල්ප වෙනස් කරන්න ඕන​. මට ඉංගිරිසි වහ කදුරු කර ගැනීමේ දරදඬු පිළිවෙතක් නෑ. පුළුවන් විදිහට අපේ ම දෙයක් කරන්නත් හිතමු හිමින් සැරේ. Face-smile නංගයා මතන්න​~
අහා... ඒක හරි අනංගයා. පුලුවන් විදියකට අපේම දෙයක් කරන්න ඕනැ. නැත්නම් මේක නිකම්ම පරිවර්තනයක් වේවි. -- බිඟුවා සාකච්ඡාව 17:17, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
නංගයා මතන්න 17:24, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔබ කියන්න හදන දේ තේරෙනවා. ඔබ ගැන පටුවට හිතෙන්නෙත් නැහැ. සිංහලෙන් ලිපි ලියන එක හොඳයි. සැකිලි , ප්‍රවර්ග, ද්වාර අවශ්‍ය වෙන්නේ පසුවයි. මුලින්ම ලිපි. ලිපි කිහිපයක එකම දේ පාවිච්චි වෙනවා නම් ඇයි එකම දේ නැවත නැවත කරන්නේ කියලා හිතුනම තමයි සැකිලි හදන්නේ. ලිපි ගැන හොයා ගන්න ලේසි වෙන්න තමයි ප්‍රවර්ග. ඊටත් ඉහලින් ද්වාර. ලිපි ලියන්න කෂ්ටිය එකතු කරන්න විකිපීඩියා ව්‍යාපෘති. කොළඹ සරසවියෙ කලා වගේ අනෙක් සරසවි වල කරන්න පුළුවන්. ටිකක් ක්‍රමානුකූලව. පාසැල් වල සිසු සිසුවියන් අතර වුනත් විකිපීඩියා සමාජ ඇති කරන්න පුළුවන්. ටිකක් වැඩ මුලින් කරන්න වෙනවා. ලිපි ලියන හැටි, සංස්කරණය කරන හැටි වගේ ඒවා ගැන විකිපීඩියා රචන සිංහලට පරිවර්තනය කරල ඉවර කරන්න වෙනවා. මේව ඉංග්‍රීසියෙන් ගත්තට කමක් නැහැ. අපේ පද්ධති පණිවුඩ ටිකත් ස්වදේශීකරණය අහවර කරන්න වෙනවා. එතකොට මේක ගැන බොරු බයක් නැතුව මේකට ලියන්න සංස්කරණය කරන්න සිංහල විතරක් දන්න අය වුනත් ඉදිරිපත් වෙයි. හැබැයි පුතෝ මේක දැනුම් සංචිතයක් නිසා මනස් දිවයිනක් වෙන්න බැහැ. සමහර දේවල් ගැන අපට ලියන්න දන්නේ නැහැ. පිටරට තියෙන පුරාවිද්‍යාත්මක තැනක් ගැන හිතමු. ඒ ගැන දන්නේ ඒ ගොල්ල. පර්යේෂණ කරල ලිපිය ලියයි ඉංග්‍රීසියෙන්. අපිට වුනත් බැරි කමක් නැහැ. ඒ ගොල්ල ටිකක් හොඳට කරයි. මේ දැනුම අපිට වැදගත් වෙයි. එතකොට පරිවර්තනය කරන්න වෙනවා. එතකොට ඒ සැකිලිත් භාවිතා කරන්න වෙනවා. ඒ අයගේ සැකිලි ටිකක් වැඩියෙන් පුළුල්. ඒ විකිය ලොකු නිසා. ඒවා දැක්කම ටිකක් පරදේශ ගතියක් දැනෙනව තමයි. මේ පැති දෙකම දැකල සමතුලිතව හිතන්න වෙනව. අපි දෙපැත්තම ගැන අවධානය යොමු කලොත් අගෙයි කියල හිතනවා. --- ශ්වෙත (talk) 17:39, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔය තියෙන්නෙ. එළ ම තමයි! එකඟයි ඔයාගෙ කතාවට​. නංගයා මතන්න 17:56, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
-- බිඟුවා සාකච්ඡාව 04:23, 14 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


ඇන්ඩ්‍රේ මාරි ඇම්පියර්[සංස්කරණය]

ඔබ සිංහලෙන් විද්‍යාව උගෙන ගෙන ඇතැයි සිතමි. Ampere යන්න සිංහලෙන් ඇම්පියර් යැයි අප උගෙන ඇත්තෙමු. ලංකාවේ සියළු දරු දැරියන්ද භාවිතා කරන්නේ එලෙස නම් එය එසේම සිංහල විකිපීඩියාවේ භාවිතා කල යුතු නොවේද? ඔබගේ වටිනා අදහස් පතමි. --- ශ්වෙත (talk) 13:03, 25 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

මමත් Ampere යන්නට සිංහලෙන් ඉගෙනගත්තෙ ඇම්පියර් කියලා. එම ක්‍රමය වැරදි නමුත් බසක වරද කලක් බහුලව කල විට නිවැරදි බවට පත්වන තර්කය මත ඇම්පියර් කියලාම ලියන්න පුළුවන්. හැබැයි අපි ඇම්පියර් කියලා ලිවුවෙ ඒකකයට මිස මේ පුද්ගල නාමය ලියද්දි නෙමෙයි. පුද්ගල නාම ලියද්දි පුළුවන් තරම් අදාල පුද්ගලයා හෝ අදාල මුල් බසෙන් යෙදෙන හඬ ගැනීම තමයි නිවැරදි ක්‍රමය. සිංහල විකියෙ මේගැන කලකට පෙර කථා බහ කලා. Singhalawap (talk) 13:19, 25 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
Ampere යන්නෙහි පුද්ගල නාමයයි ඒකක නාමයයි දෙකම එක විය යුතුයි. Ampere ලෙස මිස කිසි දිනෙක ampere යැයි ව්‍යවහාර කරන්නේ නැහැ විද්‍යාවේ ඒකකයට .....ඒකක නාමය පුද්ගල යෙකුගේ නාමයක් නිසා. හැමවිටම පුද්ගල නාමයක් ඒක නාමයක් වූ විට දිගු ඒකක නාමය මහකුරෙන් පටන් ගත යුතුයි. ඒකක නාමයේ කෙටි නම A යන්නද මහකුරු විය යුතුයි. පුද්ගල නම එක විදිහකටත් ඒකක නම එක විදිහකටත් ශබ්ද කරන්න බැහැ කියන එකයි මගේ අදහස. -- ශ්වෙත (talk) 14:26, 25 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
මේක මහ ප්‍රශ්නයක් මම හිතන්නේ. මේ විශ්වකෝෂයේ සියළු වැඩ නවත්වා මේ ගැන තීරණයකට එළඹුනොත් සෞඛ්‍යයට හිතකර යයි මම හිතනවා. ඉංග්‍රීසි කාරයෝ ලංකාවට ආවාට පස්සේ ඒ අයගේ වචන අපි පාවිච්චි කරන කොට ඒ කාලේ ලිපි ලේඛන හා පුවත් පත් ආදියේ භාවිතා කරපු ආකාරයට තමයි මහජනයා භාවිතා කරන්න පටන් ගත්තේ. ඔය දේ ‍පටන් ගන්න ඇත්තේ මීට අවුරුදු දෙසීයකට විතර ඉස්සෙල්ලා. එවැනි කලක් තිස්සේ වූ දෙයක් අපට කෙටි කලකින් වෙනස් කල හැකිද? අපි අළුත් සම්ප්‍රදායක් පටන් අරන් ඒක මේ විශ්වකෝෂයේ පාවිච්චි කරන්න හදන්නේ. අපේ තර්කය වැරදි දෙයක් බොහෝ කලක් භාවිතා ‍වී තිබෙනවා ඒ නිසා හරි දේ මේකයි කියන එකනේ. දැන් අපි මේ වැරැද්ද හදන්න භාවිතා කරන්න යන්නේ මේ විකිපීඩියාව. මේ විකිපීඩියාව ලංකාවේ කී දෙනෙක් බලනවාද? අපේ මේ සමාජ භාෂා ශෝධනය සාර්ථක වෙයිද? අපේ අරමුණු මේ විකිපීඩියාව පසේ බුදු කෙනෙක් කරන එකද? මේවා ගැනක් ටිකක් හිතුවොත් හොඳයි නේද? මේ වගේ වචන ගොඩක් තියෙනවා. TYRE, WIRE, JAILER, MOTOR, BUTTER වැනි ඉංග්‍රීසි වචන දැනට බහුල භාවිතය ටයර්, වයර්, ජේලර්, මෝටර්, බටර් ලෙසින් නේ. මේවා ටය, වය, ජේල, මෝට, බට ලෙසින් භාවිතා කල යුතුද? පරිශීලක මහතා භාවිතා කරන අමුතු අකුරට UNICODE කේතයක් ති‍බේද? අපි විකිපීඩියාව මගින් මෙම බුද්ධි ශෝධනය කලොත් පත්තර කාරයන්ට පොත් මුද්‍රණාල වලට මෙම අළුත් අක්ෂරය මුද්‍රණ‍ය කල හැකිද? මේක ගැන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය කුමක්ද? විකිපීඩියායට බ්ලොගයක් වගේ අදහස් ප්‍රකාශ කල හැකිද? අපි ඊට වඩා ටිකක් ප්‍රවේශම් විය යුතුද? හිතමු මේ ගැන. --- ශ්වෙත (talk) 15:06, 25 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
මේක මහ ප්‍රශ්නයක් තමයි. හැබැයි විසඳන්න අමාරුයි. මේ ගැන තීරණයකට එනතුරු මේ විශ්වකෝෂයේ සියළු වැඩ නවත්වන එක තේරුමක් නෑ. සිංහල බස නිල පාලනයක් ඇති බසක් නෙමෙයි. මම අළුත් දෙයක් කරලා නෑ. ජ'නලය", ප'මැංගනේට් වැනි යෙදුම් පාසල් පොත්වල කලක සිට යෙදෙනවා. මෙකට තියන UNICODE කේතය තමයි යොදාගත්තෙ. මගෙ මතකයේ විදියට මේක දශක ගණනකට පෙර සිට හරිස්චන්ද්‍ර විජයතුංග වැනි සිංහල වියතුන් යොදාගන්නවා. තව දෙයක්, විකිපීඩියාවෙ අවසන් තීරන කියල දෙයක් නෑ. ප්‍රධාන කුළුණු 5 හැර ඕනෑම දෙයක් වෙනස් වෙනස්වෙන්න පුළුවං. අනික මං කරන වෙනස්කම් අවසාන වෙනස්කම් නෙමෙයිනෙ. ඕනෑම කෙනෙකුට තමං හරි කියලා හිතන විදියට වෙනස් කරන්න පුළුවං. Singhalawap (talk) 09:18, 26 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
ඔබගේ නිහඞතාව‍ය මධ්‍යයේ මම හරි යැයි සිතන දෙය කලෙමි. එලෙස කලේ විකිපීඩියාවෙ අවසන් තීරන කියල දෙයක් නෑ. ප්‍රධාන කුළුණු 5 හැර ඕනෑම දෙයක් වෙනස් වෙනස්වෙන්න පුළුවං. නිසාය. ----ශ්වෙත (talk) 10:10, 26 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
අමුතු අකුරට UNICODE කේතයක් තිබේ යැයි පැවසුනද නිල කේත අඩවියෙහි එය නුදුටුවෙමි. මෙම කේත මොනවාදැයි කුමන නිල අඩවියක තිබේදැයි පහදා දෙන්නේ නම් එය සියළු විකිපීඩියානුවන්ට වැදගත් වනු ඇත. ---ශ්වෙත (talk) 10:38, 26 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
මෙය අමුතු අකුරක් නොවේ. Roman Range ' UNICODE කේතය යොදාගැනීමක් පමණි. වැඩිදුර විස්තර සහ මෙම යෙදුම දියුණු කිරීම පිලිබඳව විජේසිහ මහානාම මහතාගේ යෝජනා සහ වෙනත් විකල්ප, ජේ.බී. දිසානායක (2006). සිංහල අක්ෂර විචාරය. සුමිත ප්‍රකාශකයෝ. ISBN 955-1146-44-1. පොතේ සඳහන් වේ. විශේෂයෙන් 245 සිට 248 දක්වා පිටු බලන්න. Singhalawap (talk) 10:59, 26 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
සිංහල අකුරු සඳහා විශේෂිත යුනිකේත ඒ පිළිබඳ නිල ජාත්‍යන්තර අඩවියෙහි ඇත. මේ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතියක්ද ඇත. එයින් බැහැරව ඉංග්‍රීසි අක්ෂර මිශ්‍ර කොට ගත් සිංහල අක්ෂර භාවිතය සුදුසු යැයි නොසිතමි. සිංහල යුනිකේත පිළියෙල කිරීමේදී වැඩමුළු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී දේ තබා දිගු කලක් ගත කොට ICTA විසින් එය කරන ලදි. එවිට මෙම අමුතු අකුරෙහි අවශ්‍යතාවය එම ප්‍රාඥයන්තේ අවධානයට ලක්වී නොමැත. දිසානායක වියතානන්ගේ ගතෙහි පිටු අංක 245 පටන් ගන්නේ මෙසේය. <උපුටාදැක්ම>සංවෘත අ-යන්න නිරූපණය කිරීම පිණිස අලුත් අකුරක් ද ඊට අනුරූප පියල්ලක්ද සිංහල අක්ෂර මාලාවට එක් කොට ගැනීමේ අවශ්‍යතාව කලක සිට සිංහල ලේඛකයන්ට දැනිණි. එහෙත් මේ සඳහා පොදු තීරණයක් ගැනීමට බලධර මණ්ඩලයක් නැති බැවින් එක් එක් ලේඛකයා තම තම නැණ පමණික් මීට විසඳුම් සපයන්නට වෑයම් කොට ඇති බව පෙනේ. මේ විසඳුම් සමහරක් මෙහි ලා විමසිල්ලට හසු කෙරේ.<උපුටාදැක්ම නිමි> මෙහි වැදගත් කරුණු කිහිපයක් වෙති. අලුත් ප්‍රාණාක්ෂර හා විකල්ප යෝජනා ගැන දිසානනෙයන් පවසන්නේ තමතම ණැන අනුව විවිධ වියතුන් යෝජනා කරන විසඳුම් ඔහු විමසිල්ලට හසු කරන බවත් ඒවා බලාත්මක නැති බවත්ය. කෙටියෙන් දිසානායකයන් ඒවා කිසිවක් අනුමත නොකරති. එනයින් ඔහු උපුටා දැක්වීම මගින් මෙය ස්ඵුට කිරීමට තැත් දැරීම ඵල රහිත බවකි මම සිතන්නේ. මා හට කියවන්නට යැයි පැවසුනු පිටු තුලින් දිසානායකයන් විමසිල්ලට හසු කරන පළමුවැන්න කුමාරතුංග මුණිදාසයන් සංවෘත-අ ගැන දැක්වූ අදහසයි. පහ යන්නෙහි ප සහ හ ශබ්ද කරන විට අ යන්න විවෘත ව ප්‍රකාශ වන මුත් අට යන්නෙහි ට යන්න කියන විට අ යන්න සංවෘත වෙයි. මෙය ලිවීමට සිංහල අකුරක් නැති වීම කුමාරතුංගයන්ගේ මැසිවිල්ලයි. මෙය පාරිභාෂික නම් ගැන නම් නොවේ. ඉක්බිතිව දිසානායකයන්ගේ විමසිල්ලට ලක් වන්නේ විජයතුංගයන්ගේ අමුතු අකුරයි. එය පාරිභාෂික වදන්වල එන සංවෘත-අ යන්නේ දීර්ඝ භේදය සඳහා යෝජනා කල බව පැවසේ. පාරිභාෂික පද වල සංවෘත-අ කෙටි භේදයන්ද ඇති බැවින් හා ඒ සඳහා අමුතු අකුරක් යෝජනා කර නැති බැවින් හරිස්චන්ද්‍රයන් සාර්ථක නොවන බව දිසානායක වියතාණන්ගේ හැඟුමයි. ඊලඟට මහානාමහේවා මහතාණන් ගැන කියන දිසානායකයන් ඔහු විසින් කෙටි-සංවෘත-අ සහ දිග-සංවෘත-අ සඳහා අකුරු දෙකක් යෝජනා කර ඇති බව කියයි. මේවා හුදෙක් යෝජනා පමණි. සිංහල වියතාණන් කෙනෙකු වන දිසානායකයන් මේවා අගය නොකරති. මෙම කෙටි හා දිගු සංවෘත-අ සඳහා දිසානායකයන් යෝජනා කරන අමුතු අකුරු ඔහුගේ ගතෙහි 205-206 පිටු වල ඇත. එහෙත් ඔහුගේ ගතෙහි 198-201 දැක්වෙන ජාත්‍යන්තර පරිගණක සිංහල හෝඩියට ඇතුලුවීමට ඔහුගේ අමුතු අකුරුද වරම් ලබා නොමැත. -- ශ්වෙත (talk) 13:43, 26 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

මෙතන කතාවට මටත් පොඩි දේවල් ටිකක් එකතු කරන්න හිතුන. සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ තියනවා තීරක මණ්ඩලයක්. එතන ඉන්නේ මහාචාර්යවරුන් ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. ඉහත සාකච්ජාවේ ඇති පරිදි ජේ බී දිසානායක මහතා යෝජනාවක් වශයෙන් ඔය ඉරි කැබැල්ල ගහල වචන ලියල තියනවා. අනික, එයාගේ පොත පත ලියන්නෙත් ඔය ඉරි කැබැල්ල පාවිච්චි කරලා. හැබැයි ඕක ලංකාවේ සම්මත සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසයේ වත්, පිල්ලම් වල වත් සඳහන් වෙලා නැහැ. ඒ කියන්නේ ඕක තවම කිහිප දෙනෙක් පාවිච්චි කලාට ලංකාවේ සම්මත භාෂාව නෙවෙයි. නමුත් මගේ මතය නම් විකිය ලියද්දි ලංකාවේ සම්මත භාෂාව භාවිතා කරන්න ඕන. තවත් දෙයක් එකතු කලොත්, අපි පපඩම් කියන වචනය කියද්දී "ප" සහ "ප" මුල් අක්ෂර දෙක ශබ්ද කරන ආකාරය හිතන්න. මුල් පයන්න කට ඇරලා කියන එකක්. දෙවන පයන්න කට අරින්නේ නැතුව කියන එකක් නේද? ඔන්න ඔය වගේ ශබ්ද දෙකක් හින්ද තමයි ජේ බී දිසානායක මහත්තය ඔය අකුර යෝජනා කලේ. නමුත් ඕක තවම සම්මත වෙලා නම් නැහැ. ඒ කියන්නේ අපි භාවිතා කලයුතු නැහැ. අපි සම්මත දේවල් විතරක් භාවිත කරමු. මොකද ඔතනට වෙන ම අක්ෂරයක් යෝජනා වෙන්නත් පුළුවන්.--උපුල් (talk) 08:09, 1 මාර්තු 2011 (යූටීසී)[reply]

ඉංග්‍රීසි ලිපි පරිවර්තනය කරද්දී මාතෘකාව යෙදීමේ ගැටළු[සංස්කරණය]

දැනට නොපවතින විකිපීඩියා පිටුවක් තනද්දී සිංහලෙන් මාතෘකාවක් යොදන්නේ කොහොමද?

ඒ කියන්නේ මම Stellar classification කියන ඉංග්‍රීසි පිටුවට ගියා. එතකොට ම‍ට හිතුනා මේක සිංහලෙන් තියනවද බලන්න. මම address bar එකේ http://en.wikipedia.org/wiki/Stellar_classification කියන එක වෙනුවට http://si.wikipedia.org/wiki/Stellar_classification කියල ගැහුවම එහෙම පිටුවක් නෑ. කැමතිනං හදන්න කිව්වා. දීපු ලින්ක් එකට ගියාම මාතෘකාව ඉංග්‍රීසි මාතෘකාවමයි එන්නේ. මට දැන් ඕන ඒක වෙනස් කරන්න. කොහොමද ඒක කරන්නේ? (මම පිටුව හැදුවෙ නං නෑ. ඒ කියන්නේ මුකුත්ම ලිව්වෙ නෑ.)


ඒවගේම හදපු පිටුවක මාතෘකාව වෙනස් කරන්නෙ කොහොමද?(ඉංග්‍රීසියෙන් මාතෘකාව තියන අන්තර්ගතය සිංහල වෙන ලිපි කීපයක්ම මං දැක්කා. ඒ වගේම අක්‍ෂර වින්‍යාස වරදිත් තිබුනා.)

මාතෘකාව වෙනස් කරන්නේ ගෙනයන්න කියන විධානය භාවිතයෙන්. ඒක කරන්න ඔබට ගිණුමක් හදන්න වෙනවා. ඔබ ගිණුමක් සෑදීමෙන් අනතුරුව අහන්න. ඒක වඩා පැහැදිලි කරන්නම්. -- බිඟුවා සාකච්ඡාව 14:18, 2 ජනවාරි 2011 (යූටීසී)[reply]

තවත් එකක්, සිංහලෙන් මාතෘකාව යොදපු ලිපි වල මං දැක්ක දෙයක් තමයි URL එකේ අවසානයට තියෙන්නෙත් සිංහල මාතෘකාව. එතකොට ඒ ලිපිය ඉංග්‍රීසියෙන් බලද්දි වම් පැත්තෙ තීරුවට සිංහල කියන වචනය එන්නෙ නෑ. උදා:-http://si.wikipedia.org/wiki/තරු_වර්ගීකරණය

ඒත් http://si.wikipedia.org/wiki/Stellar_classification කියල URL එක සිංහල ලිපියට දීල තිබුනොත් ඉංග්‍රීසි ලිපිය බලද්දී වම් පැත්තෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරපු ලිපියට යන ලින්ක් එක තියෙනවා. මේ දෝෂයට පිලියමක් නැද්ද? -202.129.232.212

මේකට කියන්නේ අන්තර්විකි සම්බන්ධතාවය කියලා. ඒ සම්බන්ධතාවය ඇති කරන්න රොබොට්වරු ක්‍රියා කරනවා. නමුත් ඒ සඳහා එකක් හරි අන්තර්විකි සම්බන්ධතාවයක් ඕනෑ. -- බිඟුවා සාකච්ඡාව 14:18, 2 ජනවාරි 2011 (යූටීසී)[reply]


ඔබ ලිපිය තැනීම ඇරඹිය යුත්තේ එම ලිපි ශීර්ෂය ම සෙවුම් කොටුවේ යතුරු ලියනය කිරීමෙනි. එනම් Stellar classification යන්නෙහි සිංහල අර්ථය (තාරකා පිළිබඳ වර්ගීකරණය ලෙස‍) යි. තැනූ පිටුවක මාතෘකාව වෙනස් කිරීමට නම් ඔබ නව ගිණුමක් තැනිය යුතුයි. නැතහොත් යළියොමුවක් භාවිතා කළ යුතු යි. වම් පස පැති තීරුවට සිංහල බස යෙදීම; එනම් අන්තර්-විකී සබඳතා ඇති කිරීම සඳහා [[si:ලිපියේ නම]] යන විලාසය අනුගමනය කළ යුතුයි.

මෙම නිර්නාමික පරිශීලකයාගේ පැණයන් බිඟුවාට යොමුවුවත් මා ඊට පිළිතුරු දීම පිළිබඳව සමාව අයදිමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 09:31, 2 ජනවාරි 2011 (යූටීසී)[reply]

ස්තුතියි තඹරු. ඔබ සමාව ඉල්ලීමට තරම් වරදක් කර නැත. ඔබ කර ඇත්තේ උදව් කිරීමකි. මා සැමවිටම එය අගය කරන්නකි. -- බිඟුවා සාකච්ඡාව 13:33, 2 ජනවාරි 2011 (යූටීසී)[reply]
මේ පිළිබඳව තොරතුරු ලබා දුන්නාට බොහොම ස්තූතියි. නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඉදිරි දින වල මේ සඳහා සම්බන්ධ වීම‍ට නොහැකි වේවි. පෙබරවාරි මාසයෙන් පසුව නැවත මේ අගනා ව්‍යාපෘතියට සම්බන්ධවීමට හැකි වේවි. එසේම මේ කටයුත්තට සම්බන්ධවීමට පෙර මම මේ ගැන තවත් හැදෑරිය යුතු බව මගේ හැඟීමයි. --නිපුන දොඩන්තැන්න_කොළඹ විවි

නිපුන දොඩන්තැන්න (talk) 03:52, 3 ජනවාරි 2011 (යූටීසී)[reply]

හරි හරි... ඔබේ එම කටයුතුවලින් පසුව එන්න, උදව් අවැසි ඕනෑම වෙලාවක අසන්න. -- බිඟුවා සාකච්ඡාව 07:07, 3 ජනවාරි 2011 (යූටීසී)[reply]

සටහන:[සංස්කරණය]

ඔබ වෙනත් විකියක ලිපියක් සෘජු පරිවර්තනයක් කරනා විටදී(http://en.wikipedia.org/wiki/Stellar_classification)

  1. ඉංග්‍රීසි විකියේ ඇති ලිපියේ මාතෘකාව සිංහලෙන්(තාරකා පිළිබඳ වර්ගීකරණය හෝ ඔබට සිතෙන අයුරින් නිවැරදිව) ගෙන සෙවුම් කොටුවේ සෙවීමක් කරන්න.
  2. ලිපිය නොමැති නම් දැන් හදන්න.
  3. ලිපියේ අගට [[en:Stellar_classification]] ලෙසින් අන්තර් විකි සබැඳිය එක කරන්න.
  4. ඉංග්‍රීසි විකියේ ඇති ලිපියේ මාතෘකාවෙන් සෙවීමක් කරන්න.
  5. ලිපිය තනන්නට ගන්න. අන්තර්ගතයට #REDIRECT [[තාරකා පිළිබඳ වර්ගීකරණය]] එක් කරන්න. වෙනත් කිසිවක් අවැසි නොවේ.
  6. මෙමගින් ලිපිය සිංහල ලිපියට හරවා යැවේ. එවිට කිසිවෙක් තාරකා පිළිබඳ වර්ගීකරණය ලෙසින් හෝ Stellar_classification ලෙසින් සෙවීමක් කලවිට නිවැරදි ලිපියට යොමු වේ.

-- බිඟුවා සාකච්ඡාව 14:33, 2 ජනවාරි 2011 (යූටීසී)[reply]


මැකුම් දොසක්[සංස්කරණය]

සමහර ගොනු මකද්දි මොකක්හරි අවුලක් වෙලා වගේ. TWවල කේස් එකක් කියලා හිතනවා. නව වෙනස්වීම්වල “මකා දමන ලදි (ඉක්මන් මකාදැමීමේ උපමානය‎ CSD F5, දින 7ක් ඇතුළත භාවිතා නොකළ ගොනුව. TW භාවිතයෙන්)“ කියලා තිබුණට තාම ඒවා තියෙනවා. පහසුවට මම ඒ ගොනු ටික පෙළගස්වනවා.

  • ගොනුව:B2.jpg
  • ගොනුව:Mora.jpg
  • ගොනුව:T.jpg

--තඹරු විජේසේකර සාකච්ඡාව 01:51, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

නැ තඹරු, මේක දෝෂයක් නෙමෙයි. වෙලා තියෙන්න සිංභල විකියේ ඒ නමින් තියෙන ගොනුව මැකෙනවා. නමුත් සමාන නමක් වෙනත් විකියක තිබ්බොත් ඒක පේනවා. හොඳට බලන්න, එහෙම පේන ගොනුව සංස්කරණය කරන්න බැ. තියෙන්නේ තනන්න කියන සබැඳුම විතරයි. මේක තේරුනා නේද? ඒකයි කියන්නේ පුලුවන් තරම් ගෙනු කොමන්ස්වලට දාන්න කියලා. ඒක අපිට විතරක් වැදගත්නම් විතරක් මේකට දාන්න කියලා. ජය! -- බිඟුවා සාකච්ඡාව 05:31, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
Elz! --තඹරු විජේසේකර සාකච්ඡාව 06:22, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

මෙම පරිශීලකයා වාරණය කිරීම මගින් විකිපීඩියාවට ලැබෙන දායකත්වය අඩු විය හැකිමුත්, මෙම පරිශීලකයා මුදල් නිසාවෙන් ලිපි තනන නිසා වාරණය කිරීම සුදුසු බව මා ප්‍රකාශ කරමි. කෙසේ නමුත් මොහුගෙන් මේ පිළිබඳව විමසා බලා කටයුතු කරන්න. සිඳු කාවින්ද  සාකච්ඡාව 10:28, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

:D :D එයාගෙන් ඇහුවොත් මෙහෙම කියයි ද? “අනේ........ ඔව්. මං නරකයි. වාරණය කරන්න...“ hikz! ;)
මම හිතන්නෙ අපි බලන්න ඕන, ප්‍රජා අදහස. එහෙම නේද? --තඹරු විජේසේකර සාකච්ඡාව 10:34, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
විකිපීඩියා:පරිපාලකවරුන්ගේ_දැන්වීම්_පුවරුව#Block_the_user_Nalmanthi මෙකෙන් එන ප්‍රතිඵලය ක්‍රියාත්මක කරමු. -- බිඟුවා සාකච්ඡාව 10:52, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

කරුණාකර මාධ්‍යවිකි සාකච්ඡාව:Edittools හී අන්තර්ගතය මාධ්‍යවිකි:Edittools හී යොදන්න. තුති! සිඳු කාවින්ද  සාකච්ඡාව 10:55, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

YesY කළා -- බිඟුවා සාකච්ඡාව 11:42, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

තුති! සිඳු කාවින්ද  සාකච්ඡාව 11:43, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

මුල් පිටුව තෝරාගත් ලිපිය[සංස්කරණය]

මෙහි තිබෙන ගොඩක් අක්ෂර වැරදිය. කරුණාකර සැකිල්ල:තෝරාගත්_ලිපිය/18, සැකිල්ල:තෝරාගත්_ලිපිය/20 හෝ සැකිල්ල:තෝරාගත්_ලිපිය/19 යන තෝරාගත් ලිපිවලින් එකක් යොදන්න. හැමදාමත් එකම ලිපිය දැකල මුල් පිටුව එපා වෙලා තියෙන්නේ. සිඳු කාවින්ද  සාකච්ඡාව 11:16, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

පරිපාලකතුමණි, මං හිතන්නෙ Auto-confirmed පරිශීලකයන්ට පමණක් edit කළහැකි පරිදි (පෙර පරිදි) මුල්පිටුවේ ආරක්‍ෂණ තත්‍ව - ඒ කිව්වෙ මේ... තීරු දර්ශන ආරක්‍ෂණය - නැති කළානං හරි කියලා හිතෙනවා. --තඹරු විජේසේකර සාකච්ඡාව 14:07, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

ෆෙලිඩේ කාර්යයන් ඉටු කරන නිර්නාමික පරිශීලක 111.223.167.190[සංස්කරණය]

නිර්නාමික පරිශීලක 111.223.167.190 විසින් ෆෙලිඩේ කාර්යයන් ඉටු කරන බව ඉතා පැහැදිලි බැවින් ඔහු/ඇය වාරණය කරන මෙන් යෝජනා කරමි. -- සුරනිමල (talk) 03:40, 12 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

ලිපි කැලි හදන්න එපායැයි කියමින් මවිසින් දැන්වීමක් එක් කළෙමි. පරණ ලිපිවල කරනා සංස්කරණයන්වල වැරැද්දක් නොදැක්කෙමි. මා හට සියලුම ලිපි නිරීක්ෂණය කිරීමට නොහැකි විය. එනමුදු ඔහුගැන විමසිල්ලෙන් සිටින්න. යහපත් යමක් කරන්නේ නම් එය ඇගයිය යුතුයි නේද? අනෙක් පැත්තද එසේමය. -- බිඟුවා සාකච්ඡාව 19:00, 14 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

A kitten for you![සංස්කරණය]

ස්තුතියි!!! -- බිඟුවා සාකච්ඡාව 18:04, 17 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

පරිපාලක තනතුර[සංස්කරණය]

බිඟුවෝ,
සිංහල විකියේ පරිපාලක තනතුර‍ට මාව සුදුසුයි කියලා නාමයෝජනා කලාට තුති.
මම යෝජනාව පිලිගන්නවා.
ප්‍රජාව මාව තෝරගත්තොත්, තැබූ විශ්වාසය රකින්නං.
Singhalawap (talk) 09:03, 18 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
හරි එහෙනම් RfA එක පුරවලා ඉල්ලීම එක් කරන්න. -- බිඟුවා සාකච්ඡාව 09:07, 18 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
Done Singhalawap (talk) 10:49, 18 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
යෝජනාව විකිපීඩියා:පරිපාලකත්වය ඉල්ලාසිටීම වෙතට එක් කරන ලදී. ජය! -- බිඟුවා සාකච්ඡාව 11:17, 18 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

මොකද මේ? - පිලිතුර[සංස්කරණය]

Dear Bingu,
I do not know how this happened.
I did a miner edit on that page. It was stressful. Then I start editing that page again. What I tried to save it I got an edit conflict massage.
So I abandoned my edit. Then I was that the content was missing. I thought you have done it by yourself for some reasons.
Singhalawap (talk) 11:02, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
හරි එහෙනම් වැඩේ රිවර්ට් කරමු. -- බිඟුවා සාකච්ඡාව 11:09, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
කලා Singhalawap (talk) 11:10, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
එල. එහෙනම් ආයෙත් වැඩේ පටන් ගනිමු. -- බිඟුවා සාකච්ඡාව 11:11, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

ඔබ විසින් ranapila@angampora.info නම් ඊමේලයට එවන ලද ලිපිය[සංස්කරණය]

ආයුබෝවන් හිතවත,

ඔබ විසින් ranapila@angampora.info නම් ඊමේලයට එවන ලද ලිපිය හා බැඳේ.

මෙම වෙබ් අඩවිය එනම් www.angampora.info වෙබ් අවඩිය හා පරිශීලක:Angamharamba යන පරිශීලකයා යන ස්ථිති දෙකම එකම මූලයකින් එනම් කොරතොට අංගම්පොර සම්ප්‍රදායට අයත් වන බැවින් ගැටලුවට ලක්වී ඇති පින්තූර තබා ගැනීම බුද්ධිමය දේපල අයිතිය කඩ වීමක් නොවේ. --Angamharamba (talk) 07:30, 29 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

ඉක්මන් පිළිතුර ගැන ස්තුතියි. එම පින්තූරවලට නියමාකාරයෙන් ටැග් එක් කිරීම කල යුතුයි. එම පින්තූර සඳහා {{PD-self}} හෝ {{cc-by-sa-3.0}} හෝ වඩා නොවැරදි වරපත් එක් කල යුතු වේ. එම නිසා කරුණාකර එය එක් කරන්න. ඒ සඳහා උපදෙසක් අවැසිනම් අසන්න. ජය: -- බිඟුවා සාකච්ඡාව 07:46, 29 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

කරන්න කියපු එක නම් හරියට තේරුණේ නැහැ. ඒක කරන හැටි උපදෙන් දුන්නොත් වටිනවා. --Angamharamba (talk) 07:52, 29 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

ඒකට කමක් නැ. මන් අදහස් කලේ ඔබේ වෙබ් සටිට් එකේ තියනවනේ ප්‍රකාශණ හිමිකම් සටහනක්. එතකොට විකියට එමගින් කොටස් එක් කරනකොට එම අයිතිය තියාගන්න බැ. මොකද ඕනැම කෙනෙක්ට විකියේ තියෙන දෙයක් අරගෙන වැඩ ගන්න පුලුවන්. ඒ ගැනයි සඳහන. විකිය පින්තූර එක් කලාම වෙනත් අයට ඒවා නිදහසේ භාවිතා කරන්න ඉඩ ලැබෙනවා. ඔයාලට නීතිමය ක්‍රියාවක් ගන්න බැරි වෙනවා. ඒක හින්දයි වරපත් ගැන කිව්වේ. ඔයාට මේ පින්තූර වෙන කෙනෙක් ඕනැම වැඩකට භාවිතා කලාට කමක් නැත්නම් කිසිම අවුලක් වෙන්නේ නැ. ඒක එතනම ඉවරයි. -- බිඟුවා සාකච්ඡාව 10:47, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

හිත ඇදිලා ගියා[සංස්කරණය]

විශිෂ්ට පරිශීලක පිටු සඳහාවූ රන්තරුව
තොටළඟ තොරණ වගේ... ලක්‍ෂණයි! නංගයා මතන්න 13:56, 1 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 18:02, 1 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]


මාතෘකාව නිවැරදි කරන හැටි[සංස්කරණය]

ලිපියක මාතෘකාව වැරදිනම් මාතෘකාව නිවැරදි කරන හැටි පහදා දෙන්න — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Bhaghi1972 (සාකච්ඡාවදායකත්ව) විසින් හිදී එක් කර ඇත 15:35, 3 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

ඔබේ සංවාද පිටුවට එක් කලා. -- බිඟුවා සාකච්ඡාව 18:40, 5 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

බහු ගිණුම්[සංස්කරණය]

ඔබ පරිශීලක:Mmnanuruddha ද වන්නේ නම් පරිපාලකයෙක් වශයෙන් මෙසේ බහු ගිණුම් පවත්වාගෙන යාම වැරදි පූර්වාදර්ශයකි. කරුණාකර එක් ගිණුමක් මකා දමන්න. -- 112.135.199.80 05:48, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
ගිණුම් මකාදැමිය නොහැකිය. අක්‍රිය කිරීම පමණක් සිදු වේ. 2010-06-05T20:25:07 දිනෙන් පසුව මෙම ගිණුම භාවිතා කර නොමැත. ඒද bot ක්‍රියාවක් සඳහාය. එසේම එහි පැහැදිළිව මගේ ගිණුමක් ලෙසින් සඳහන් වේ. එනම් එමගින් කරනා කටයුතු පුදගලයෙක් ලෙසින් මට අදාල වේ. තවද බහු ගිණුම් භාවිතා කල හැකි අවස්ථා ඇත. -- බිඟුවා සාකච්ඡාව 06:41, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
බහු ගිණුම් තබා ගත හැකි ඒ අවස්ථා මොනවාද යයි කරුණාකර දක්වා සිටින්න. ඒවිට මෙම අවස්ථාවද ඒ ගණයට වැටෙන්නේදැයි ප්‍රජාවට තීරණය කළ හැකි වනු ඇත.----112.135.199.80 06:56, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
බොට් සඳහා. අනික මගෙන් අහන්නේ නැතුව පොඩ්ඩක් කියවලා බැලුවානම් හොඳයි නේද නිකන් අනිත් අයගේ දේවල් හොයන වෙලාවේ? අපරාදෙනේ දෙන්නාගේම වෙලාව. -- බිඟුවා සාකච්ඡාව 07:06, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
හං! දැන් ඔබගේ අනෙක් ගිණුම බොටෙක්ද? තමනුත් බොටෙක් හැදුවට රෙජිස්ටර් කරගන්න බැරි වුනා නේද? ලජ්ජයි---112.135.201.132 10:17, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
ලැජ්ජා වෙන්න ඕනැ ඔහේ වගේ කොන්ද පණ නැතී කමට වැඩ කරන එකටයි.බොටා රෙජිස්ටර් කරන්න ඕනැම නැ වැඩ කරන්න. දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න එකයි වැඩිය හොඳ. -- බිඟුවා සාකච්ඡාව 11:09, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
කරුණාකර මෙය කියවා බලන්න. බොටා භාවිතයට පෙර රෙජිස්ටර කල යුතු බව මනාව පැහැදිලි ලෙස පෙනේද? -- 112.135.211.87 07:11, 14 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
අනේ කරුණාකරලා ඔයා මට බොට් ෆ්ලැග් එක අරගෙන දෙනවද? ඔච්චර ඔය මොර දෙන වෙලාවේ. මම ප්‍රජාවෙන් අහන වෙලාවේ ඔයා කොහෙද හිටියේ. අපරාදේ. ඔයා මාර බ්‍රයිට් කේස් එකක්නේ. බොටා රෙජිස්ටර් නොකලොත් වෙන්නේ ගිණුම වාරණය වෙනවා එක දිගටම සංස්කරණයන් කලොත්. ස්පෑම් වගේ සැක කරලා. මම මේ පිටුව කියවලා තියෙන්නේ. අනික මේක ඉංග්‍රීසියේ පිටුව. ඔයාට බැරිද මේක සිංහලට පරිවර්තනය කරලා මේ ඉකියට ගේන්න. මට හරියටම තේරුම් ගන්න අමාරුයි ඉංග්‍රීසි. දැන් ඔයා කියන්නේ ඒ ගිණුම වාරණය කරන්න කියලාද? මොකද්ද දැන් ඔයාට කෙරෙන්න ඕනැ? අපරාදේනේ වෙලාව. එක් එක් කෙනාගේ වැරදි හොයාන එකද ඔයාගේ ගේම් එක. දැන් මට ඇති ඔයා එක්ක කතා කලා. මට වෙන වැඩ තියෙනවා. තමුසෙත් එක්ක වාද කරනවාට වඩා. ඕනෑම නම් කෝපි කඩේට ගෙනියනවා කතාව. මේක ඇණයක් වෙන්නේ නැතුව. -- බිඟුවා සාකච්ඡාව 07:29, 14 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
Mind Your Language honorable Administrator. It is a fact; POWER CORRUPTS!! --- 112.135.211.87 07:33, 14 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
මම ඒක කරනවා වැදගත් මිනිස්සු එක්ක. -- බිඟුවා සාකච්ඡාව 07:34, 14 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
ඔබ වැදගත් යැයි කියන්නේ එහෙයියන්ට විය යුතුය. --- 112.135.211.87 07:39, 14 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

Blocking පරිශීලක:Salin813[සංස්කරණය]

ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
හිතවත් බිඟුවා, ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත: විකිපීඩියා:කෝපි කඩේ (miscellaneous)#Blocking පරිශීලක:Salin813.
ඔබට මෙම පණිවුඩය ඉවත්කිරීම අවශ්‍යවිට, මෙම පිටුව සංස්කරණයකර {{Talkback|xxx}}සැකිල්ල හෝ {{Tb|xxx}} සැකිල්ල ඉවත් කරන්න.

--Lee (talk) 07:55, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
හිතවත් බිඟුවා, ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත: Singhalawapගේ සාකච්ඡා පිටුව වෙත පිවිසෙන්න.
ඔබට මෙම පණිවුඩය ඉවත්කිරීම අවශ්‍යවිට, මෙම පිටුව සංස්කරණයකර {{Talkback|xxx}}සැකිල්ල හෝ {{Tb|xxx}} සැකිල්ල ඉවත් කරන්න.

A cupcake for you![සංස්කරණය]

තඹරු විජේසේකර has given you a cupcake! Cupcakes promote WikiLove and hopefully this one has made your day better. Spread the WikiLove by giving someone else a cupcake, whether it be someone you have had disagreements with in the past or a good friend. අනේ! ඇයි කලකිරිලා? අපට ඔබව අවශ්‍යයි! ක්‍රියාකාරී, තියුණු මානයකින් යුතු ඔබ හොඳ මාර්ගෝපදේශකයෙක්; විශිෂ්ට දායකයෙක් වගේ ම හිත හොඳ මහත්මයෙක්. ආතති ඇති කරගන්න එපා. එතකොට මට ලංකාවෙ හිටපු කොමසාරිස්තුමෙක් මතක් වෙනවා! ඔයා කොහොමටවත් ම එහෙම විය යුතු නැහැ. ඔබ මට ඉගැන්වූවා සේම, "be cool bro!"
පුනරාගමනය අපේක්‍ෂිතයි.
ආයුබෝවන්! ඔබේ නැවත පැමිණීම බෙහෙවින් අගයමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 13:50, 30 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

ඔබගේ සේවය ඉක්මනටම ආයෙත් ලැබෙයි නේද? මම ඔබ එනතුරු බලා ඉන්නවා Singhalawap (talk) 08:36, 17 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

මචන්. ඉංජෙක් නේද? එක එකා කියන එවා වලට කලකිරිලා පැනලා දුවන්ඩ එපා..මේක උබේ ජීවිතේ නෙමෙයි නෙ. ඉස්සර වගේ වැඩ කරගෙන හිටපන්. උබ කරපු වැඩ ගැන සතුටු වෙයන් මේකට. කවදාහරි මේක කරන උන් , සර්වර්ස් වහලා දැම්මොත් අපි මේ ඔක්කොම අමතක කරන්ඩ වෙන්වා නේ. මම නම් මේකෙ බැදගෙන වැඩකරන්නේ නැ. මට ඔනි නම් කරනවා නැත්නම් නිකම් ඉන්නවා. මට ශ්වේතටත් කියන්ඩ තියෙන්නෙ ඔච්චරයි. ...උබට ඔනි නම් වරෙන්..නැත්නම් උබ කරපු වැඩ ගැන සතුටුවෙලා හිටපන්.මම උබ එනවාට කැමතියි. කතාවකට දුක හිතිලා පැනලා ගිය එක නම් අල්ලන්නේ නැ. අනික උබට මොකටද අනිත් උන් ගේ උනන්දු කිරීම්. උබට ඔනි නම් උබ වරෙන්....සමන් (talk) 10:00, 17 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
ඔබගේ විකි විරාමය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක එකක් වේවායි ඉත සිතින් පතමි. නංගයා මතන්න 12:36, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

මෙයත් ගිහින්. මේ ඔක්කොමලා එකම ගැන්සියේ අයද? නැත්නම් එක්කෙනාමද? බලන්නම් ඕනැ විපරම් කරලා. ඒත් මේ දෙන්නම යමක් කරපු මිනිස්සු හින්දා සහනයක් දෙන්න ඕනැ --මීමා (talk) 16:33, 19 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]


Lee කිව්ව නිසා පොඩ්ඩක් බැලුවා මොකද පින්තූර උඩුගත කිරීම ගැන තියෙන ගැටලුව. දැන් හරි ඇති. මං ගියා ආයෙත්. -- බිඟුවා සාකච්ඡාව 07:03, 20 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

Testing File Upload[සංස්කරණය]

I will do as you requested in chat & let ypou know. Singhalawap (talk) 16:22, 20 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

Macho, I tried to upolad a pic without details. Following is the massage I got.
පින්තූරයේ මුල් පිටපත් මූලාශ්‍රය, කර්තෘ හෝ නිර්මාතෘ සහ බලපත්‍රය සැපයීම අනිවාර්යය වේ. (translate)
Please give a description of the contents of the file you want to upload. (translate)
Singhalawap (talk) 16:26, 20 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
Attempt 01 - With giving all information. Image: ගොනුව:Tnw lores.jpg --තඹරු විජේසේකර සාකච්ඡාව 10:01, 23 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
Attempt 02 - Without anything. Got errors: "පින්තූරයේ මුල් පිටපත් මූලාශ්‍රය, කර්තෘ හෝ නිර්මාතෘ සහ බලපත්‍රය සැපයීම අනිවාර්යය වේ." & "Please give a description of the contents of the file you want to upload. "
Attempt 03 - With "බලය ලබා දීම:" blanked. Error: "පින්තූරයේ මුල් පිටපත් මූලාශ්‍රය, කර්තෘ හෝ නිර්මාතෘ සහ බලපත්‍රය සැපයීම අනිවාර්යය වේ."
Attempt 04 - With "සියළු අවවාද නොසලකා හරින්න" ticked. No Information givven. Same Error as on atp. 1
Attempt 05 - Seems Nothing to worry. All are OK!

Well done බිඟුවා! --තඹරු විජේසේකර සාකච්ඡාව 10:10, 23 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

ස්තුතියි. -- බිඟුවා සාකච්ඡාව 09:39, 30 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]


There's a bug on N-IME[සංස්කරණය]

On සිංහල විජේසේකර mode; (without enabling Win7-IME) I tried to type my name; තඹරු විජේසේකර with the charactors - " ;Urq jsfcafialr " But the result was: "තඹරු විෙජ්ෙස්කර". It should be "තඹරු විජේසේකර". There's a problem with charactor-joining. Please do something to solve this. Also I got noticed that there're no way to type cursive-sinhala letters, like "ත්‍ව", "ම‍්ම" etc. --තඹරු විජේසේකර සාකච්ඡාව 13:07, 25 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

සටහන් කර ගතිමි. -- බිඟුවා සාකච්ඡාව 09:38, 30 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
දැන් උත්සාහයක යෙදෙන්න. මෙය සකසා ඇත. තවත් දෝෂ ඇත්නම් කියන්න. -- බිඟුවා සාකච්ඡාව 22:38, 31 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

නිර්නාමික පරිශීලකයන් විසින් පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය පිටුව වන්ධල්‍යයට ලක් වන බැවින් මෙය අර්ධ-ආරක්ෂණය කළ යුතු බැව් යෝජනා කරමි. --ගිල්ගමෙෂ් (talk) 07:38, 26 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

Lee කර ඇත. -- බිඟුවා සාකච්ඡාව 09:39, 30 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

කරුණාකර නැවත විකිපීඩීයාවට දායක වන්න[සංස්කරණය]

ඔබ මෙතෙක් ඉටු කළ අගනා මෙහෙවර මා ඉතා අගය කොට සලකමි.අපගේ භාෂාව රැක ගෙන සිංහල භාෂාව නොමැරෙන භාෂාවක් බවට පත් කර ලීම සඳහා සිංහල විකීපීඩීයාවට ඔබ වැන්නවුන් අත්‍යවශ්‍යයය.කරුණාකර නැවත විකිපීඩීයාවට දායක වන්න.
ඔබගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමී,
ස්තූතියි.
නව සමාජික.
--Sameera (talk) 16:41, 31 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

ස්තුතියි දිරි ගැනුමට. -- බිඟුවා සාකච්ඡාව 22:11, 31 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
ආපහු සක්‍රීය වෙච්ච එක ගැන ගොඩක් සතුටුයි.    | අනංගයා | සංවාදය​ | 15:27, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

ගෝලීය ගිණුමට පිවිසිය නොහැක[සංස්කරණය]

මාගේ අභිරැචි යටතේ ඇති ගෝලීය ගිණුමට පිවිසිය නොහැක.ගෝලීය ගිණුම් තත්වය: සංයුක්ත කෙරුණු ගිණුම භාවිතා නොකරමින් යනුවෙන් දක්වයි.ඊට පහළින් ඇති ඔබගේ ගෝලීය ගිණුමට පිවිසෙන්න යන ලින්ක් එක ක්ලික් කළ විට මාගේ මුර පදය ඉල්ලා සිටියි.මාගේ නිවැරැදි මුර පදය මා ඇතුල් කළ නමුත් ‍පහත දක්වා ඇති අයුරින් ‍දෝෂ පණිවුඩයක් දිස්වෙයි.

මෙම ගිණුම සඳහා නිවස්න විකියේ (පහත දක්වා ඇති) ඇත්තේ ඔබ ඇතුල් කළ මුරපදයට වෙනස් මුරපදයකි. කරුණාකර නිවස්න විකිය සඳහා වන මුරපදය ඇතුල් කරන්න.
කරුණාකර ඔබගේ උපකාර ලබා දෙන්න. --Sameera (talk) 15:32, 2 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

ඔබ ඉංග්‍රීසි විකියේ 20 September 2004 දින ලියාපදිංචි වී ඇත. ඔබගේ නිවස්න විකිය එයද? --- අස්ලාන් (talk) 15:42, 2 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

අස්ලාන් ඔබගේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට ස්තූතියි.ඉහත ඔබ දක්වා ඇති අයුරින් මම ඉංග්‍රීසි විකියේ ලියාපදිංචි වී නැත.මම සිංහල විකියේ ලියාපදිංචි වී තවම ගතවුයේ සතියක් පමණි.කරුණාකර නැවත ප්‍රතිචාර දක්වන්න.
බිඟුවා,අස්ලාන් කරුණාකර ඔබගේ උපකාර ලබා දෙන්න. --Sameera (talk) 16:25, 2 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

මෙය අනුව ඔබගේ නමින් කලින් ඉංග්‍රීසි විකියේ කෙනෙක් සිට ඇත. ඔහු ලංකාවේ කෙනෙක් විය හැක. ලංකාව ගැන ලිපි සංස්කරණය කර ඇති බැවිනි. මොහු මේ වසරේ ඔක්තෝබර් 24 දක්වා ඉංග්‍රීසි විකියේ සක්‍රීය ව සිට ඇත. මා දන්නා පමණින් මෙවැනි දේ විය හැක. විකි දෙකක දෙදෙනෙකුට එකම නමින් මුරපද දෙකක් සහිතව සිටිය හැක. සමහරවිට විකි මෘදුකාංග සිතනවා ඇති මේ එකම කෙනා කියා. මෘදුකාංගය ඒ නිසා unified account එකක් හදා ගන්නවා. ඒ වුනාට එයා ඉල්ලනවා මුලින්ම ලියාපදිංචි වූ ජනක විකියෙහි භාවිතා වූ මුරපදය. මේක steward කෙනෙකුට විසඳන්න පුළුවන්. පරිපාලකයෙක් හරහා එහෙම කෙනෙකුට ආයාචනා කරන්න. ජය වේවා! -- අස්ලාන් (talk) 17:00, 2 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
පරිපලක පුවරුවේ සංවාදයට යොමු වෙන්න. -- බිඟුවා සාකච්ඡාව 14:26, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියා මුල් පිටුව[සංස්කරණය]

සිංහල විකිපීඩියාව තුල මුල් පිටුව සඳහා විකිපීඩියා:මුල් පිටුව යන්න ඇතුලත් කල විට මුල් පිටුව නොදක්වයි. මෙය විසඳා දෙන මෙන් ඉල්ලා සිටිමි. --- අස්ලාන් (talk) 10:22, 13 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

දැන් හරි නේද? -- බිඟුවා සාකච්ඡාව 14:26, 13 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
දැන් හරි. ස්තුතියි! -- අස්ලාන් (talk) 14:48, 13 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

ප්‍රවර්ග නාමය වෙන්ස් කිරීම[සංස්කරණය]

මෙම පිටුව පරම වීර විභූෂන- පදක්කම ලබාගත් නිලධාරීන්ලෙස නොව "පරම වීර විභූෂනය - පදක්කම ලබාගත් නිලධාරීන්" ලෙස විය යුතු බව මගේ අදහසයි. මුලින්ම මෙම ප්‍රවර්ගය සෑදීමෙදී මා අතින් මෙම අතපසුවීම සිදු උනා. නිවැරදි කල හැකිද?--සමන් (talk) 03:29, 14 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

හරි. සබැඳි සියළු පිටු නව ප්‍රවර්ගයට එක් කළා. -- බිඟුවා සාකච්ඡාව 08:19, 14 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

ඔබේ අවධානය යොමු කරන්න! මෙය අර්ධ ආරක්‍ෂිත කරන්න. සිඳු කාවින්ද  සාකච්ඡාව 13:15, 18 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

එහි සංවාදයක් තිබේ. මොහොතක් ඉවසන්න. -- බිඟුවා සාකච්ඡාව 18:03, 18 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

බලා සිටිමි ඔබ තෙපලන තුරා[සංස්කරණය]

මගේ පරිශීලික පිටුවේදී මුල් පිටුව ගැන සංවාදයෙහි මාගේ අවසන් ප්‍රතිචාරයට පිළිතුර බලාගෙන සිටිමි. -- අස්ලාන් (talk) 19:49, 18 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

දුනිමි. -- බිඟුවා සාකච්ඡාව 07:21, 19 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

Threat from a fellow user at Sinhala Wikipedia[සංස්කරණය]

The user called Meema at Sinhala Wikipedia has put a threatening comment in my user page. Basically he charges that I have edited a User page. I edited a sub page of another user. I believe user pages are not owned by individual users. Additionally this sub page contained an Essay written by that user. He further charges me that I have voted against a user who is presently an Administrator during his RFA voting. This too I believe is one of my rights. He may be referring to the first attempt by this Administrator, for I have not participated in the second attempt. He further suggests me similar to a blocked user. I really do not know why he is trying to tarnish my image by such comments. Please intervene and resolve this matter. --- ගිල්ගමෙෂ් (talk) 04:33, 24 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

ම්..ම්.. මේ මොකද වෙන්නේ, පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව වෙතට යමුකෝ බලන්න. නමුත් ඒක විකිපීඩියා පැමිණිලි දෙපාර්තමේන්තුව නම් නෙමෙයි. -- බිඟුවා සාකච්ඡාව 14:39, 24 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

ඦායාරූපයක් ලිපියක පල කිරීමට උදවු[සංස්කරණය]

ඉංග්‍රීසියෙන් පලවුනු ලිපියක් මම සිංහලට පරිවර්තනය කරමින් පවතී. පළමු ලිපියේ ඇති රූප කිහිපයක් පරිවර්තනය කළ ලිපියට දැමීමට අවශ්‍යව ඇත. ඇතැම් ඦායාරූප වැඩ කරනමුත් ඇතැම් ඒවා වැඩ නොකරයි. කරුණාකර සහාය වන්න.

[[ප්‍රවර්ගය:Vena pages valata link karanne kohomade kiyala poddak kiyala denna puluvande (Sawini (talk) 17:30, 28 නොවැම්බර් 2011 (යූටීසී))]][reply]

Alice in Wonderland (2010 film) ඔබ කියන්නේ මේ ලිපිය ගැණ නේද? en:Alice in Wonderland (2010 film) මේකනේ ඉංග්‍රීසි ලිපිය. සමහර රූප එකතු නොවෙන්නේ ඒවා ඉංග්‍රීසි විකියේ උඩුගත කල ඒවා නිසා. ඒ රූප අපිට වෙනමම අපේ විකියේත් උඩුගත කරන්න වෙනවා. පෙන්වන රූප තියෙන්නේ කොමන්ස් විකියේ. කොමන්ස් විකියේ තියෙන්නේ නිදහස් රූප විතරයි. ඔයාට ඕනෑ පින්තූරයේ නම මොකද්ද? ඒක කරන විදිය මම කියලා දෙන්නම්. වෙනත් ලිපියට සම්බන්ධ කරනවා කියන්නේ අන්තර්විකි සබැඳි එක් කරන එක නේද? ඔයා ලියන ලිපියේ ලන්ඩන්හි යන්න බලන්න. මම එකක් කලා. බලන්න තේරුනාද කියලා. ප්‍රවර්ග එක් කරන එකත් එකක් කරලා පෙන්වන්නම්. [[ප්‍රවර්ගය:චිත්‍රපටි]] එක් කරලා තියෙන හැටි බලන්න. මේවා පැහැදිළි මදි නම් ආයෙත් අහන්න. කෙටියෙන් ලිව්වේ. අනික බය නැතුව එක් කරලා බලන්න. වැරදුනාට කිසිම අවුලක් නෑ. එකතු වෙලා හරියට හදමු. ජය! -- බිඟුවා සාකච්ඡාව 03:12, 29 නොවැම්බර් 2011 (යූටීසී)[reply]


bohoma sthuthi :) (Sawini (talk) 07:37, 29 නොවැම්බර් 2011 (යූටීසී)) topic1 වොන්ඩර්ලන්ඩ් lesa venas kala hakide? (Sawini (talk) 09:30, 29 නොවැම්බර් 2011 (යූටීසී))[reply]

මුල් පිටුව නවීකරණය[සංස්කරණය]

අද දින මා විසින් මුල් පිටුව නවීකරණය කලෙමි. මන්ද එය පැවතුනේ ඉතාමත් අවුල් සහගත සහ අපිලිවෙලකටය. මෙම නවිකරණයෙහි කිසියම් දෝෂයක් වෙතොත් කරුණාකර එය සකසන්න. ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 09:51, 29 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

අවුලක් පේන්නේ නම් නෑ. අද විශේෂාංග පින්තූරය ඉඩ ගන්නවා වැඩියි නේද? මේක තනි තීරුවකට දාන්න ඕනෑ කියලා මට හිතෙන්නේ. -- බිඟුවා සාකච්ඡාව 11:06, 29 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

මිත්‍රයා! අපේ රටේ අන්තරජාලයට ප්‍රවේශ වීමට දැන් බහුලව යොදා ගන්නේ අදි වේගී අන්තරජාල සම්බන්දතා වන අතර ඩයල් අප් දැන් භාවිතා වෙන්නේ 2% තරම් අඩු ප්‍රතිශතයකි. එනිසා විකිපීඩියා මුල් පිටුවෙහි ඇති පින්තුර පුරණය වීමට එතරම් වෙලාවක් ගත නොවේ. එහි තිබෙන පින්තුර අයින් කලොත් එහි අලංකාරය නැතිව ගොස් විකියට එන්නා විකිය ඇත හැර යනු නියතයි. දැන් අන්තර්ජාලය භාවිතා කරන සියලුම දෙන පාහේ කැමති වෙබ් අඩවියෙන් ගත හැකි ප්‍රයෝජනය නොව එහි තිබෙන මනරම් බවටය. ඔබට මෙය නොතේරීම අවාසනාවට කරුණකි. කරුණාකර මුල් පිටුව දැන් තිබෙන තත්වයෙන්ම පවත්වා ගැනීමට සහයෝගය දෙන්න. සිඳු කාවින්ද  සාකච්ඡාව 07:10, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

සංවාදය ගොඩාක් දුර ගිහින්නේ. -- බිඟුවා සාකච්ඡාව 05:05, 7 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය[සංස්කරණය]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.

එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. ---අස්ලාන් (talk) 07:17, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

මේ සංවාදයත් ගොඩාක් දුර ගිහින්නේ. -- බිඟුවා සාකච්ඡාව 05:05, 7 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]