බල්ලා

විකිපීඩියා වෙතින්

ක්‍ෂීරපායී සිවුපාවෙකි.

ගෘහාශ්‍රිත බල්ලා
කාලීන ව්‍යාප්තිය: අපර ප්ලයිස්ටොසීන – වර්තමානය (14,700–0 වසර වර්තමානයට_පෙර)
Collage of Nine Dogs.jpg
Selection of the different breeds of dog.
ගෘහස්ථකරණය කළ
විද්‍යාත්මක වර්ගීකරණය e
Kingdom: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
Suborder: Caniformia
කුලය: Canidae
Genus: Canis
විශේෂය: C. lupus
උපවිශේෂය: C. l. familiaris[1]
ත්‍රිපද නාමය
Canis lupus familiaris[1]
පර්යාය නාම(ය)

Canis familiaris (Linnaeus,1758)[2][3]


බල්ලා සිවුපාවෙකි. මිනිසා පළමුවෙන්ම හීලෑකල සතෙකු වේ.මිනිසා දඩයම් යුගය ගතකරන සමයේ මොවුන් හීලෑකරගන්නට ඇතැයි සැළකේ.මීට වසර 50000 පමණ ඈත අතීතයේදී පවා බල්ලා මිනිස් ඇසුරෙ දිවි ගෙවූ බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත.ලෝකයේ සෑම රටක ම පාහේ බල්ලන් ජීවත් වෙයි. ගෘහස්ථ බල්ලාගේ විද්‍යාත්මක නාමය Canis lupus familiaris ය.මොවුන්ගේ ආදි පූර්වජකයා වෘකයන් බව පැවසේ.බල්ලා සර්වභක්ෂකයෙකු වුවද වැඩි කැමැත්තක් දක්වන්නේ මාංශභක්ෂනයටයි.මොවුන්ට ඉතා තියුණු ආඝ්‍රහණ ශක්තියක් පවතී.මෙම ගඳ සුවඳ දැනීමේ හැකියාව නිසා මිනිසා විසින් රහස් පරීක්ෂණ වැඩ සඳහා යොදාගනී.අපරාධකරුවන්,මත්ද්‍රව්‍ය,හොරබඩු,පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට මිනිසා විසින් පුහුණු කළ සුනඛයන් යොදාගනී.මොවුන්ට හොද ඉවක් තිබුනද වර්ණ අන්ධයන්ය එනම් මොවුන්ට වර්ණ පෙනෙන්නේ නැත.

නිරුක්තිය[සංස්කරණය]

සිංහල බසින් බල යන කෘදන්ත පදයට ප්‍රත්‍ය එක්වීමෙන් බල්ලා යන නාම පදය සෑදේ.බල යනු බලනවා යන්නයි.එනම් අතීතයේ සිට බල්ලා මිනිසාගේ ආරක්ෂාව සඳහා යොදාගෙන ඇතිබව පිළිගත හැත.බල්ලා යන වචනයට සිංහල බසින් විවිධ සමාන පද පවතී.සුනඛයා,දඩොරියා යන පද බල්ලාට සමාන පද ලෙස සිංහල භාෂාවේදී යොදාගනී.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; wozencraft2005 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; linnaeus1758 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; iczn1926 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=බල්ලා&oldid=498960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි