Jump to content

වින්ඩෝස් එක්ස්පී

විකිපීඩියා වෙතින්
වින්ඩෝස් එක්ස්පී
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි
ගොනුව:Windows XP SP3.png
වින්ඩෝස් එක්ස්පීහි තිරරෑපකයක්
විකාශකයා
මයික්‍රොසොෆ්ට් සංස්ථාව
වෙබ් අඩවියවින්ඩෝස් එක්ස්පී: නිවස්න පිටුව
නිකුතු
නිකුත්වූ දිනයRTM: අගෝස්තු 24, 2001
සිල්ලරට: ඔක්තෝබර් 25, 2001 (info)
වත්මන් සංස්කරණය5.1 (තැනීම 2600: සේවා ඇහුරුම 3) (අප්‍රේල් 21, 2008; වසර 18 කට පෙර (2008-04-21)) (info)
මූලාශ්‍ර ආකෘතියනිමවූ මූලාශ්‍ර, බෙදනලද මූලාශ්‍ර
බලපත්‍රයමයික්‍රොසොෆ්ට්-EULA
කර්නල් වර්ගයදෙමුහුන්
යාවත්කාලීන ක්‍රමයවින්ඩෝස් නවීකරණය
කරළි සහයIA-32, x86-64, Itanium
පූර්වගමනය කළේවින්ඩෝස් Me, වින්ඩෝස් 2000
සාර්ථක කළේවින්ඩෝස් විස්ටා
සහය දැක්වීමේ තත්වය
දීර්ඝ කල සහය 2014 අප්‍රේල් 8 දක්වා.
(සේවා ඇහුරුම 3 x86 සහ සේවා ඇහුරුම 2 x64 පමණයි)
ගාස්තුවකින් තොරව ආරක්ෂක යාවත්කාල කිරීම් දෙනු ලබයි.
ගෙවන ලද සහය තවමත් ලබාගත හැකිය.
තවදුරටත් කියවීමට

වින්ඩෝස් එක්ස්පී යනු, ගෘහස්ත සහ ව්‍යාපාරික පරිගණක, ලැප්ටොප් පරිගණක සහ මාධ්‍ය මධ්‍යස්ථානද ඇතුළු පෞද්ගලික පරිගණකයන්හී භාවිතය සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිෂ්පාදිත මෙහෙයුම් පද්ධතියකි. 2001, අගෝස්තු 24 දිනදී හා පුරා කියා පරිගණක නිෂ්පාදකයන් වෙත නිකුත්කෙරුණු මෙය [1] එය ස්ථාපනය කොට භාවිතා කරන පරිශීලක සමුදායෙහි ප්‍රතිචාර පරිදී වින්ඩෝස්හී දෙවන විශාලතම ලෙසින් ජනප්‍රිය අනුවාදය වෙයි. [2]"එක්ස්පී" "XP" යන නම "eXPerience" යන්න වෙනුවෙන් භාවිතා වන කෙටි නමකි. [3]

වින්ඩෝස් 2000 සහ වින්ඩෝස් Me යන්නන්ගේ අනුප්‍රාප්තිකයා වන වින්ඩෝස් එක්ස්පී, මයික්‍රොසොෆ්ට් විසින් වින්ඩෝස් NT කර්නලය මත පදනම්ව නිපැයුනු පළමු පාරිභෝගික-දිශානත මෙහෙයුම් පද්ධතිය වෙයි. 2001 ඔක්කොම්බර් 25 දිනදී ලොව පුරා සිල්ලර වෙළෙඳපොළට වින්ඩෝස් එක්ස්පී නිකුත්කෙරුණු අතර, 2006 ජනවාරි වන විට මිලියන 400 ක් අභිබවන පිටපත් ප්‍රමාණයක් භාවිතයේ පැවතිණි.[4] 2008 ජූනි 30 වන ටිට වින්ඩෝස් එක්ස්පී හී සෘජු OEM සහ සිල්ලර වෙළෙඳාම නවතන ලදි. ඔවුන්ගේ පද්ධති නිමැවුම් (එකලස් කළ පරිගණක විකුණන කුඩා OEM) වැඩසටහන ඔස්සේ 2009 ජනවාරි 31 දක්වා මයික්‍රොසොෆ්ට් විසින් වින්ඩෝස් එක්ස්පී විකිණීම කරගෙන යන ලදි.[5][6]

මෙය සාර්ථක කරන ලද්දේ වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය විසිනි. මෙයත් සමග වින්ඩෝස් එක්ස්පීවල සමාන්‍ය OEM සහ සිල්ලර විකිණීම් කටයුතු 2008 ජූනි 30 වෙනිදින නවතා දමන ලදී. එහෙත් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඔවුන්ගේ පද්ධති නිර්මාපකයන් (එකලස් කරන ලද පරිගණක විකුණන්නන්) සඳහා 2009 ජනවාරි මස 31 වෙනි දින දක්වා තවදුරටත් වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය විකිණීම සඳහා අවසර ලබාදෙන ලදී. කෙසේ නමුත් විනඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතියට පසුව ආ කුමන හෝ වින්ඩෝස් සංස්කරණයක් මිලදී ගෙන එය තුලින් විනඩෝස් එක්ස්පී වෙත ඩවුන්ග්‍රේඩ් කිරීමෙන් තවදුරටත් මෙහි පහසුකම් ලබා ගැනීමටද හැකියාවක් ලබා දී තිබේ.

වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතියේ නිතර භාවිතා වන සංස්කරණ වනුයේ වින්ඩෝස් එක්ස්පී හෝම් එඩිෂන් (ගෘහස්ත පරිශීලකයින්ගේ භාවිතය සඳහා සුදුසු) සහ වින්ඩෝස් එක්ස්පී ප්‍රොපෙෂනල් (වින්ඩෝස් සර්වර් ඩොමේන් සහ භෞතික සකසන දෙකක් සඳහා සහය දැක්වීම වැනි අමතර ලක්ෂණ තිබීම සහ ප්‍රබල පරිශීලකයන්, ව්‍යාපාර සහ ව්‍යාපාර සේවාදායකයන්ගේ භාවිතයට සුදුසු) යනුවෙනි.

W3Schools මගින් ජනිත කරන ලද වෙබ් විශ්ලේෂණ දත්ත වලට අනුව 2011 මාර්තු මාසය දක්වා, අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා ඉතා විශාල ලෙස භාවිත කරන මෙහෙයුම් පද්ධතියක් බවට වින්ඩෝස් එක්ස්පී පත්ව තිබේ.

NT මත පදනම් වූ වින්ඩෝස් සංස්කරණ C සහ C++ යන ක්‍රමලේඛන භාෂාවලින් නිමවා ඇත. වින්ඩෝස් එක්ස්පීවල විවිධ දෝෂ මතුවීමත් සමග ඒවා නිරාකරණය කිරීම සඳහා සේවා ඇහුරුම් නිකුත් වුණි.

පරිශීලක අතුරු මුහුණත

[සංස්කරණය]
වින්ඩෝස් එක්ස්පී තේමා
ගොනුව:Windows XP Classic.png
සාමන්‍ය නිල් පැහැය (ලූනා)
වින්ඩෝස් ක්ලැසික්
ගොනුව:Windows XP Royale.png
ගොනුව:RoyaleXP2.PNG
එක්ස්පී මීඩියා සෙන්ටර්
"Energy blue" තේමාවේ
නව ආරම්භක මෙනු නිර්මාණය.
ගොනුව:Windows task grouping (Luna).png
වින්ඩෝස් එක්ස්පී අලුතින් හදුන්වා දුන් "කාර්ය සමූහනය" කිරීමේ ලක්ෂණය.

වින්ඩෝස් එක්ස්පීවල අලුත් ලක්ෂණයක් වන්නේ නව කාර්යමත-පදනම් වූ ග්‍රාපිකරූපී පරිශීලක අතුරු මුහුණතයි. ආරම්භක මෙනුව සහ කාර්යස්ථම්භය (taskbar) නොයෙක් දෘශ්‍යමාන ආවරණ සහිතව නවීකරණය කෙරිණි. ඒ පහත දැක්වෙන ලක්ෂණද ඇතුලත් වෙමිනි:

  • ගවේශකයෙහි ආලෝකය විනිවිද වැටෙන නිල්පාට ඍජුකෝණාස්‍ර තිබීම
  • පසුබිමෙහි ඇති අයිකන් වල වැටෙන භෙවණැලි තිබීම
  • ගවේශක කවුළු මත කාර්ය මත පදනම් වූ පැතිබාර (sidebars) තිබීම ("පොදු කාර්ය")
  • කාර්යස්ථම්භයේ (taskbar) තිබෙන බොත්තම් (buttons) කාණ්ඩ වලට වෙන් කිරීමේ හැකියාවක් තිබීම (එක වැඩසටහනක් තනි බොත්තමක් බවට පත් කිරීම)
  • කාර්යස්ථම්භය (taskbar) අගුලු දැමීමේ හැකියාව සහ අනෙකුත් මෙවලම්ස්ථම්භ (toolbars) ද අහම්බෙන් සිදුවන විපර්යාස වලින් වැලැක්වීමේ හැකියාව ද තිබීම
  • ආරම්භක මෙනුවට අලුතින් එක්වුණු වැඩසටහන් ඉස්මතු කීරීමේ හැකියාව
  • මෙනුවට පහතින් හෙවණැළි තිබීම (වින්ඩෝස් 2000 ට තිබුණේ මූසික දර්ශක තාරකා (mouse pointer) යට හෙවණැළිය, එහෙත් මෙනුවට පහතින් නොවේ)

වින්ඩෝස් 2000 මෙහෙයුම් පද්ධතියේ භාවිත වූ "පැරණි" අතුරු මුහුණතද තමන්ගේ කැමැත්ත පරිදි වින්ඩෝස් එක්ස්පීවලදීද යොදාගත හැක.

නව සහ නවීකරණය වූ ලක්ෂණ

[සංස්කරණය]

වින්ඩෝස් එක්ස්පී මගින් නව ආගන්තුක ලක්ෂණ කීපයක් ඉදිරිපත් කරන ලදී, ඒවා පහත දක්වා ඇත:

  • DirectX 8.0 සිට DirectX 9.0c දක්වා උසස් කිරීම
  • ආරම්භක මෙනුව සහ කාර්යස්ථම්භකයයේ (taskbar) දියුණු කිරීම්
  • කර්නලයේ (kernel) යම් යම් වැඩි කිරීම් සහ ශක්ති කළමනාකරණයේ (power management) යම් යම් දියුණු කිරීම්
  • ඉක්මනින් ආරම්භ වීම, පුරනය වීම (logon), වරනය වීම (logoff), ශිශිරතරණය (hibernation) වීම සහ වැඩසටහන් දියත් කිරීමේ අනුපිළිවෙළ.
  • වේගවත්ව පරිශීලකයින් මාරුකිරීමේ (switching) හැකියාව.
  • දුරස්ථ උපකාර (Remote Assistance) සහ දුරස්ථ වැඩතල (Remote Desktop) පහසුකම් එක්වීම.
  • වින්ඩෝස් ෆයර්වෝල් සහ අන්තර්ජාල සම්බන්ධතා හුවමාරුව වැනි නව ජාලකරණ අංග එක්වී තිබීම.
  • පද්ධති පරිපාලන (administration) මෙවලම් විශාල වශයෙන් දියුණු කිරීම.

සංස්කරණ

[සංස්කරණය]
වින්ඩෝස් එක්ස්පීවල මූලික සංස්කරණ

වින්ඩෝස් එක්ස්පී වල ප්‍රධාන වශයෙන් සංස්කරණ 2ක් තිබේ. එනම්, වින්ඩෝස් එක්ස්පී නිවෙස් සංස්කරණය (ගෘහස්ත පරිශීලකයන් සඳහා නිර්මානය කරන ලද) සහ වින්ඩෝස් එක්ස්පී වෘත්තිමය (ව්‍යාපාර සහ ප්‍රබල-පරිශීලකයන් සදහා නිර්මානය කරන ලද) වශයෙනි. වින්ඩෝස් එක්ස්පී වෘත්තිමය සංස්කරණයේ සාමාන්‍ය ගෘහස්ත පරිශීලකයන් භාවිතා නොකරන උසස් ලක්ෂණ අඩංගුවෙයි.

වෙළෙඳ පොල සඳහා වූ විශේෂ සංස්කරණ

[සංස්කරණය]

වින්ඩෝස් එක්ස්පී ආරම්භක සංස්කරණය යනු වින්ඩෝස් එක්ස්පීවල අවම-මිල සහිත සංස්කරණයකි. මෙය තායිලන්තය, ඉන්දුනීසියාව, රුසියාව, ඉන්දියාව, කොලොම්බියාව, බ්‍රසීලය, ආජන්ටිනාව, පේරු, බොලීවියා, චිලී, මෙක්සිකෝ, ඉක්වදෝරය, උරුගුවේ සහ වෙනුසුවේලාව වැනි රටවල් වලදී ලබාගත හැක. මෙම සංස්කරණය වින්ඩෝස් එක්ස්පී නිවෙස් සංස්කරණයට තරමක් දුරට සමානය. එහෙත් එය අඩු-සීමා දෘඩාංග සදහා සීමා සහිතය. මෙහි එකම වේලාවට ධාවනය කල හැක්කේ වැඩසටහන් 3 ක් පමණි.

වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය භාෂා කිහිපයකින් ලබාගත හැක. අමතර වශයෙන්, MUI ඇහුරුම් සහ භාෂා අතුරු මුහුණත් ඇහුරුම් මගින් පරිශීලක අතුරු මුහුණත භාෂා රාශියකට පරිවර්තනය කරගත හැක.

ATMs සහ විකුණුම්කරුවන්

[සංස්කරණය]

ස්වයංක්‍රීය ගණක යන්ත්‍ර (ATM) විකුණුම්කරුවන් වන Wincor Nixdorf, NCR සංස්ථාව සහ Diebold සංස්ථාපිත යන සමාගම් සියල්ලම ඔවුන්ගේ OS/2 සංක්‍රමණ මඟ ලෙස මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් එක්ස්පී තෝරා ගන්නා ලදී.

සේවා ඇහුරුම්

[සංස්කරණය]

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතියේ මතුවන යම් යම් දෝෂ නිරාකරණය කිරීම සදහාත් නව ලක්ෂණ එකතු කිරීම සදහාත් සේවා ඇහුරුම් කිහිපයක් අතරින් පතර නිකුත් කරන ලදී.

සේවා ඇහුරුම 1

[සංස්කරණය]

වින්ඩෝස් එක්ස්පී සඳහා සේවා ඇහුරුම 1 (SP1) 2002 සැප්තැම්බර් 9 වැනි දින නිකුත් කරන ලදී.

සේවා ඇහුරුම 2

[සංස්කරණය]

සේවා ඇහුරුම 2 (SP2) 2004 අගෝස්තු 25 වැනි දින නිකුත් කරන ලදී.

සේවා ඇහුරුම 2b
2006 අගෝස්තු මාසයේදී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නවීකරණය කරන ලද පිහිටුවීමේ මාධ්‍යයක් වින්ඩෝස් එක්ස්පී SP2 සහ වින්ඩෝස් සර්වර් 2003 SP1 සඳහා අණ්ඩයක් (patch) ලෙස අඩංගු කරමින් නිකුත් කරන ලදී.

සේවා ඇහුරුම 2c
2007 අගෝස්තු 10 වෙනි දින මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවා ඇහුරුම 2 සදහා සේවා ඇහුරුම 2c (SP2c) නමින් සුථ නවීකරණයක් ප්‍රකාශයට පත් කරන ලදී.

සේවා ඇහුරුම 3

[සංස්කරණය]

වින්ඩෝස් එක්ස්පී සේවා ඇහුරුම 3 (SP3) 2008 අප්‍රේල් 21 වැනි දින නිෂ්පාදකයන් සදහාද 2008 මැයි 6 වැනි දින පරිශීලකයන් සදහාද පොදුවේ මයික්‍රොසොෆ්ට් අවපතන මධ්‍යස්ථානය සහ වින්ඩෝස් නවීකරණය මගින් ලබාගත හැකිවන පරිදි නිකුත් කරන ලදී.

භෞතික මතක සීමා

[සංස්කරණය]

භෞතික මතකයේ උපරිම සීමාව (RAM) වින්ඩෝස් එක්ස්පී 32-bit සහ 64-bit සංස්කරණ අතර යොමු කලහැක. පහත දැක්වෙන වගුව මගින් වින්ඩෝස් එක්ස්පී සහය දක්වන උපරිම භෞතික මතක සීමාව නිරූපණය කරයි:

වින්ඩෝස් එක්ස්පී සංස්කරණ සඳහා භෞතික මතක සීමා
සංස්කරණය32-bit වින්ඩෝස් වල සීමා64-bit වින්ඩෝස් වල සීමා
වින්ඩෝස් එක්ස්පී වෘත්තිමය4 GB128GB
වින්ඩෝස් එක්ස්පී නිවෙස් සංස්කරණය4 GBN/A
වින්ඩෝස් එක්ස්පී මාධ්‍යය මධ්‍යස්ථාන සංස්කරණය4 GBN/A
වින්ඩෝස් එක්ස්පී පුවරු PC සංස්කරණය4 GBN/A
වින්ඩෝස් එක්ස්පී ආරම්භක සංස්කරණය512 MBN/A

බහුසකසන සීමා

[සංස්කරණය]

වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය සහය දක්වන උපරිම භෞතික සකසන ගණන වන්නේ: වෘත්තීමය සංස්කරණය සදහා 2 ක්ද, ගෘහස්ත සංස්කරණය සඳහා 1 ක්ද වශයෙනි.

ජීවන චක්‍ර සහය

[සංස්කරණය]

වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය සදහා සේවා ඇහුරුමක් නොමැතිව සහය දැක්වීම 2004 සැප්තැම්බර් 30 වෙනි දින අවසාන වන අතර, වින්ඩෝස් එක්ස්පී සේවා ඇහුරුම 1 සහ 1a සදහා සහය දැක්වීම 2006 ඔක්තෝබර් 10 වෙනි දින අවසාන වෙයි.

වින්ඩෝස් එක්ස්පී සේවා ඇහුරුම 2 (SP2) 2010 ජූලි 13 වෙනි දින විශ්‍රාම යන ලදී, ඒ එහි තිබූ ප්‍රධාන ලැබිය හැකි බවින් (general availability) සම්පූර්ණයෙන්ම අවුරුදු 6 කට පසුවය.

දොස් දැක්වීම

[සංස්කරණය]

නිෂ්පාදනය සක්‍රිය කිරීම සහ සත්‍යෙක්ෂණය

[සංස්කරණය]

නිෂ්පාදනය සක්‍රිය කිරීම
ප්‍රකාශන හොරකම් අඩු කිරීමට උත්සාහයක් වශයෙන්, වින්ඩෝස් එක්ස්පී විසින් නිෂ්පාදනය සක්‍රිය කිරීම හදුන්වාදෙන ලදී.

නිෂ්පාදන යතුර පරීක්ෂා කිරීම
සක්‍රිය කිරීමට අමතර වශයෙන්, වින්ඩෝස් එක්ස්පී සේවා ඇහුරුම් විසින් අනවසර පිහිටුවීම් වැලැක්වීම සදහා වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය පරිගණකවල පිහිටුවීමේදී වැඩි ප්‍රමාණයක් භාවිතකල නිෂ්පාදන යතුරු ප්‍රතික්ෂේප කරයි.

වින්ඩෝස් සත්‍ය වාසිය

ගොනුව:WGA Notice.png
වින්ඩෝස් සත්‍ය වාසිය අසාර්ථක වලංගු කිරීමක් දැනුම්දෙමින්.

ප්‍රකාශන හොරකම් වැළැක්වීමට උත්සහ කිරීම මත කාන්දු වූ (leaked) හෝ ජනිත කරන ලද (generated) කලාප බලපත්‍ර යතුරු සදහා, මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් සත්‍ය වාසිය (WGA) හදුන්වාදෙන ලදී. බලපත්‍ර යතුර අසත්‍ය එකක් ලෙස හදුනාගත් විට, මයික්‍රොසොෆ්ට් සමාගමෙන් සත්‍ය යතුරක් මිලදී ගන්නා ලෙස පරිශීලකයාගෙන් විමසන දිගින් දිගට විවේචනය කරන තිරයක් දිස්වේ.

බලපත්‍රය සහ මාධ්‍ය වර්ග

[සංස්කරණය]

වින්ඩෝස් එක්ස්පීවල බලපත්‍ර වර්ග 3ක් ඇත එනම්: සිල්ලර, කාණ්ඩ (VLK), සහ මූල්‍ය උපකරණ නිෂ්පාදක (OEM) වශයෙනි. මෙම බලපත්‍ර වර්ග තුනම වින්ඩෝස් එක්ස්පී ප්‍රොපෙෂනල් 32-bit සහ 64-bit යන සංස්කරණ වලට ලබාගත හැක. වින්ඩෝස් එක්ස්පී හෝම් එඩිෂන් සංස්කරණය සිල්ලර සහ OEM බලපත්‍ර වලට පමණක් සීමා කර ඇත.

සිල්ලර

[සංස්කරණය]

කාණ්ඩ බලපත්‍ර

[සංස්කරණය]

මුල් උපකරණ නිර්මාණය (OEM)

[සංස්කරණය]

පාරිභෝගික භාවිතය නොමැත

පද්ධති අවශ්‍යතා

[සංස්කරණය]

වින්ඩෝස් එක්ස්පී නිවෙස් සහ වෘත්තිමය සංස්කරණවල පද්ධති අවශ්‍යතා මෙසේය:

අවම නිර්දේශ කරන
සකසනය 233 MHz300 MHz හෝ ඉහල
මතකය 64 MB RAM128 MB RAM හෝඉහල
වීඩියෝ ඇඩප්ටරය සහ මොනිටරය Super VGA (800 x 600) හෝ ඉහල විභේදනයයක්
දෘඩ තැටියේ නිදහස් ඉඩ ප්‍රමාණය 1.5 GB හෝ ඉහල
(සේවා ඇහුරුම 2 සදහා අමතර 1.8 GB ඉඩක්ද සේවා ඇහුරුම 3 සදහා අමතර 900 MB ඉඩක්ද අවශ්‍ය වේ)
උපාංග CD-ROM උපාංගයක් හෝ DVD උපාංගයක්
ආදාන උපාංග යතුරු පුවරුවක්. මූසිකයක් හෝ සුදුසු කුස්තුර වැසීම් (pointing) උපාංගයක්
හඬ ශ්‍රව්‍ය කාඩ් පතක්. ස්පීකරයක් හෝ ඉස් බණුවක්

මේවාද බලන්න

[සංස්කරණය]

විමර්ශණ

[සංස්කරණය]

වින්ඩෝස් එක්ස්පී ලිපිය ඉංග්‍රීසි බසින්

වැඩිදුර කියවීම සදහා

[සංස්කරණය]
  • ජොයිස්, ජෙරී; මූන්, මැරියන් (2004). මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් එක්ස්පී සරලව සහ පැහැදිලිව. මයික්‍රොසොෆ්ට් මුද්‍රණාලය. ISBN 9780735621121.

බාහිර සැබැදි

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "වින්ඩෝස් එක්ස්පී ටු ටේක් ද පීසී ටු නිව් හයිට්ස්". මයික්‍රොසොෆ්ට් පුවත් කේන්ද්‍රය. මයික්‍රොසොෆ්ට් සමාගම. අගෝස්තු 24, 2001. සම්ප්‍රවේශය අගෝස්තු 8, 2011.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "marketshare" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. "මයික්‍රොසොෆ්ට් අනවුන්සර්ස් වින්ඩෝස් එක්ස්පී ඇන්ඩ් ඔෆිස් එක්ස්පී". මයික්‍රොසොෆ්ට් ප්‍රේස්පාස්. මයික්‍රොසොෆ්ට්. පෙබරවාරි 5, 2001. සම්ප්‍රවේශය සැප්තැම්බර් 17, 2009. දි එක්ස්පී නේම් ඊස් ෂෝට් ෆො "එක්ස්පීරියන්ස්"
  4. ජෙරමි කර්ක් (ජනවාරි 18, 2006). "ඇනලිස්ට්: නෝ එෆෙක්ට් ෆ්‍රොම් ටාඩි එක්ස්පී සර්විස් පැක්". ITworld.com. මාර්තු 17, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ඔක්තෝම්බර් 5, 2011.
  5. සිස්ටම් බිල්ඩර්ස් කැන් බයි වින්ඩෝස් එක්ස්පී අන්ටිල් ජැනවරි '09 සංරක්ෂණය කළ පිටපත 2009-01-02 at the Wayback Machine.
  6. http://oem.microsoft.com/script/contentPage.aspx?pageid=564778 [භින්න වූ සබැඳිය]
"https://si.wikipedia.org/w/index.php?title=වින්ඩෝස්_එක්ස්පී&oldid=796634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි