ප්‍රමාණ සමික්ෂකවරයා

විකිපීඩියා වෙතින්

ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකවරයා (Quantity Surveyor) වනාහි ඉදිකිරිම් ක්ශේත්‍රයේ වෘත්තිය උපදේශක වරයෙකි. .ඉදිකිරිම් ආර්ථික විදයාඥ (Construction Economists), ඉදිකිරිම් මුල්‍ය කලමනාකරු(Construction Cost Manager) හා මුල්‍ය ඉන්ජිනේරු(Cost Engineer) යන නම් වලින්ද හදුන්වන්නේ මෙම වෘත්තිකයාමය.

උපදේශකයෙකු වශයෙන් ඉදිකිරිම් ව්‍යාපෘතියක ශක්‍යතා අධයනයේ (Feasibility study) සිට ඉදිකිරිම් නිමවෙනතුරු ඇස්තමෙන්තු(Estimates) පිලියෙල කිරිම හා මුලය සුපරික්ශනය(Cost monitoring) තුලින් ඔහු වයාපෘතිය සදහා දායක වෙයි. . තවද වයාපෘතිය අවසන්විමෙන් පසුවද සමථකරණය(Mediation) , බේරුම්කරණය (Arbitration) හා රක්ෂණ ඇස්තමෙන්තු පිලියෙල කිරිමද ඔහු සිදු කරයි.

ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන් ප්‍රධාන වශයෙන් කොන්ත්‍රත් ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන්(Contractor Quantity Surveyor) ලෙස ඉදිකිරිම් ආයතනවල හා උපදේශක ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන් (Consultant Quantity Surveyor) ලෙස ඉදිකිරිම් උපදේශක ආයතනවල රැකියාවන්හි නිරත වේ.ඉට අමතරව බැංකු, රක්ශණ සමාගම්, දේපල සංවර්ධන සමාගම්, ආරක්ෂක අංශ හා අධ්‍යාපන ආයතනද ඔහුගේ සේවය ලබාගනි.

උපදේශක ප්‍රමාණ සමික්ශක යන්ගේ (Consultant Quantity Surveyor) වගකිම් අතර පහත ඒවා ප්‍රධානවේ

1. මුලික ඇස්තමෙන්තු පිලියල කිරිම (Preparation of preliminary Estimating)

2. ශක්‍යතා අධයනයන් සිදු කිරිම. (Undertaking feasibility studies )

3. ප්‍රමාණ පත්‍ර පිලියෙල කිරිම (Preparation of Bill of Quantities)

4. මිලදි ගැනිමේ ක්‍රමවේදයන් පිලිබදව උපදේශනය සැපයිම (Advising on procurement strategy)

5. ටෙන්ඩර් ඇස්තමෙන්තු පිලියල කිරිම(Preparation of Consultants Estimates)

6. ටෙන්ඩර් ලියකියවිලි පිලියල කිරිම (Preparation of Tender Documents)

7. ටෙන්ඩර් ඇගයිම ( Tender evaluation)

8. කොන්ත්‍රත් ලියකියවිලි පිලියල කිරිම(Preparation of Contract documents)

9. අන්තර්වාර ගෙවිම් පරික්ශා කිරිම (Evaluating Interim valuation)

10. විචලතා පරික්ශා කිරිම (Evaluating Variations)

11. අවසාන ගිණුම් පරික්ශා කිරිම (Evaluating Final accounts)


කොන්ත්‍රත් ප්‍රමාණ සමික්ෂකයන්ගේ (Contractor Quantity Surveyor) වගකිම් අතර පහත ඒවා ප්‍රධානවේ

1. ටෙන්ඩර් සදහා පිරිවැය පිලියෙල කිරිම හා විශ්ලේශනය කිරිම. (Preparing and analyzing costing for tenders)

2. අන්තර්වාර ගෙවිම් පිලියෙල කිරිම (Preparation of Interim valuation)

3. විචලනයන් පිලියෙල කිරිම (Preparation of variations)

4. අවසාන ගිණුම් පිලියෙල කිරිම (Preparation of final accounts)

5. කොන්ත්‍රත් හිමිකම් පිලියෙල කිරිම (Preparing contractual claims

6     උප කොන්ත්‍රත් ගෙවිම් අනුමත කිරිම(Approve sub contractors payments)


ප්‍රමාණ පත්‍රය(Bill of Quantities) යනු ඉදිකිරිම් ව්‍යාපෘතියකට අවශ්‍ය අමුද්‍රවය අයිතමයන් ලෙස අඩංගු කර ඇති ලියවිල්ලකි. වාස්තුවිද්‍යාඥයා විසින් සැලසුම්කරලද සැලසුමට අනුව පිලියෙල කරනා මෙය ටෙන්ඩර් කටයුතු සදහා මෙන්ම ඉදිකිරිම් කොන්ත්‍රත්කරුගේ ගෙවිම් සදහා,විචලනයන්(Variations) සදහාද යොදාගනි.මෙම ලියවිල්ල පිලියල කරනු ලබන්නේ ප්‍රමාණ සමික්ෂවරයා විම ඔහුට එම නාමය ලැබිමට හේතුවයි.

සාමානයෙන් ප්‍රමාණ සමික්ෂකයන් කාර්යාල අශ්‍රිතව රැකියාව කරන අතර සේවා යෝජකයා හා අනෙකුත් ඉදිකිරිම ව්‍යාපෘතියේ සාමාජිකයින් සමග වැඩ බිම් නිරික්ශනයද සිදු කරයි.

ප්‍රමාණ සමික්ෂකවරයා යනු සංරක්ෂණය කළ පිටපත 2010-01-18 at the Wayback Machine

ප්‍රමාණ සමික්ෂකවරයෙකු වන්නේ කෙසේද?

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රමාණ_සමික්ෂකවරයා&oldid=629262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි