විද්යුත් තැපෑල
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්ර කිරීම අවශ්ය විය හැක. |

E – mail (විද්යුත් තැපෑල) – Electronic mail යන්න කෙටි කිරීමක් වන අතර එය E – mail හෝ සරලව mail ලෙස නිතර සංක්ෂිප්තව භාවිතා කරන දත්ත ගබඩා කර යැවිය හැකි ක්රමයකි. එනම් විද්යුත් සන්නිවේදන පද්ධතිය හරහා පණිවුඩ තැනීමේ, යැවීමේ, ලබා ගැනීමේ හා ගබඩා කරගැනීමේ, මේ ක්රමයකි. E – mail යන පදය (නාම පදයක් හෝ ක්රියා පදයක් ලෙස) සරල තැපැල් හුවමාරු කෙටුම් පත (SMTP) මත පදනම් වූ අන්තර්ජාල E – mail පද්ධතියට ද X – 400 පද්ධතියට හා සංවිධානයක් තුළ සිටින අයට එකිනෙකා හා E – mail කිරීමට ඉඩ සකසා දෙන අන්තර්ජාල පද්ධති සදහා ද අදාල වේ. අභ්යන්තර ජාල, වැඩ කණ්ඩායම් සහයෝගීත්වයට උපකාරී E – mail සේවාව උදෙසා අන්තර් ජාල කෙටුම්පත් හෝ X – 400 කෙටුම්පත් යොදා ගනී. ස්වයං කැමැත්තෙන් යවන පණිවුඩ හෝ “ස්පෑම්” රාශියක් යැවීමට E – mail බහුලව භාවිතා කරන නමුත් අවස්ථා මත රදා පවතිමින් ස්වයංක්රීයව මෙම පණිවුඩ සමහරක් හෝ බහුතරයක් ලොප් කිරීම සදහා පෙරහන් ක්රමාලේඛයන් ඇත.
වි-තැපැල් හැඩකරන @ ලකුණ සෑදුණු හැටි
[සංස්කරණය]ප්රාග් ඵෙතිහාසික යුගයෙන් පසු එළැඹි මධ්යතන යුගයේ වැසියෝ ඔවුන් ගේ දෛනික ජීවිතය හා බැඳුණු කාර්යයන්හි මුල් වූ විෂයයන් සඳහා විවිධ සලකුණු භාවිතා කර තිබෙති. සන්නිවේදනය, හැඳින්වීම, තීරණය කිරීම, ගබඩා කිරීම, සටහන් තැබීම සඳහා විවිධ ජ්යාමිතික හැඩ ඇති ලකුණු යොදා ගෙන ඇත.
එම යුගයේ ස්පාඤ්ඤ හා පෘතුගාල වැසියෝ ස්කන්ධය නොහොත් බර තීන්දු කිරීම සදහා විශේෂ සලකුණක් හාවිතා කර ඇත. අද සෑම විද්යුත් තැපෑලකට ම අනිවාර්ය වූ (@) “ඇට්” යනුවෙන් හැඳින්වෙන විශේෂ සලකුණ උපන්නේ එම යුගයේ ස්පාඤ්ඤයේ දී ය. සීමිත බරක් හැඳින්වීමට ඉහත සලකුණ යෙදී ඇත. එම බර ප්රමාණය සාමාන්යයෙන් කිලෝ ග්රෑම් 11.3 පමණ වේ.
පසු කලක දී විදේශ වෙළඳාමේ ව්යාප්තිය සමග ඉංග්රිසීහු “ඇට්” යන වචනයට ඉහත සලකුණ භාවිතා කිරීමට පුරුදු වූ හ. ඉන් පසු ස්ථානයක් හඳුන්වන සලකුණක් ලෙස සමාජ ගත වුයේය. අන්තර්ජාලයේ උපත සමග ඒ හා බැඳුණු විද්යුත් තැපැල් පෙට්ටියක් ද බිහිවිය. 1971 දී ඇමෙරිකානු ජාතික පරිගණක විශේෂඥ රේ තොම්ලින්සොන් ඉහත සලකුණ විද්යුත් තැපෑලට හඳුන්වාදී තිබේ. වර්තමානයේ විද්යුත් තැපෑලක් හිමි සියල්ලෝ ඉහත සලකුණ භාවිතා කරති. අද එ සලකුණ නොමැති විද්යුත් තැපෑලක් නොමැති තරමි.
ක්රියාවෙහි දළ විශ්ලේෂණය
[සංස්කරණය]දකුණු පස දැක්වෙන දළ රූප සටහන සිදුවීම්වල ප්රකෘති අනුපිළිවෙළ පෙන්නයි. මෙහි දී ඇලිස් නව පණිවුඩයක් ලිවීම අරඹයි. ඇගේ තැපැල් පරිශීලක ඒජන්තවරයා (MUA) භාවිතා කරමින්. ඕ තමන් ගේ විද්යුත් තැපැල් ලිපිනය ඇතුලු කරයි, ඉක්බිති "යැවීම" බොත්තම ඔබයි.
![]()
- එම පණිවුඩය ඇය ගේ MUA විසින් විද්යුත් තැපැල් හැඩහුරුවට සැකැසී සරල පණිවුඩ හුවමාරු ප්රෝටෝකෝලය (SMTP) මගින් එම පණිවුඩය ප්රාදේශීය පණිවුඩ හුවමාරු ඒජන්තවරයා (MTA) ට යැවේ, මෙම අවස්ථාවේ දී smtp.a.org, ධාවනය වන්නේ ඇලිස් ගේ අන්තර්ජාල සේවා සපයන්නා (ISP) මගිනි.