පරිශීලක සාකච්ඡාව:උපුල්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් උපුල්, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 05:38, 21 ජනවාරි 2011 (යූටීසී)[reply]

විස්තර ලබාදීම ගැන ඔබට ස්තුතියි ! --උපුල් (talk) 06:02, 21 ජනවාරි 2011 (යූටීසී)[reply]

හිමිහිට ගොඩ වෙලා යන්න එන්න මගේ ගෙට[සංස්කරණය]

උපුල් ඔබ උනන්දුවෙන් සංස්කරණ කර ගෙන යන බවක් පේනවා. වැඩ කර ගෙන යද්දී මොනවා හරි ප්‍රශ්න ඇති උණා ද​? එහෙම නම් ඒක මගේ සාකච්ඡා පිටුවෙ ලියන්න​. හැකි වහා ම සහය වෙන්නම්.

අනංගයා (talk) 16:08, 21 ජනවාරි 2011 (යූටීසී)[reply]

නිදහසේ ඉන්න වෙලාවට මෙහෙම දෙයක් කරන එක හොඳයි කියල හිතුනා. අනිවාර්යයෙන්ම මට ප්‍රශ්නයක් ඇති වෙලාවක ඔබව සම්බන්ධ කර ගන්නම්. ඔබගේ පණිවිඩයට බොහොම ස්තුතියි!--උපුල් (talk) 16:17, 21 ජනවාරි 2011 (යූටීසී)[reply]


පොඩි ප්‍රශ්නයක්[සංස්කරණය]

අනංගයා, මට පොඩි ප්‍රශ්නයක් තියනවා. අපි සිංහල wikiye අකුරු කරන කොට english wiki documents වලට link එකක් දෙන්නේ කොහොම ද? [[ ]] දුන්නට නිවැරදි එක ලැබෙන්නේ නෑ නේද? --උපුල් (talk) 17:21, 28 ජනවාරි 2011 (යූටීසී)[reply]

ඔබ documents කියා අදහස් කලේ කුමක්ද? මට උදාහරණයක් කීවොත් උදව්වක් දෙන්න පුලුවන් වෙයි. english විකියේ සබැඳුමක්නම් en:Cat වගේ කියලා ලීවාම ඒ සබැඳුම භාවිතා කරන්න පුලුවන්. නමුත් පින්තූර වගේ ඒවා බැ. හරියටම ප්‍රශ්ණය කිව්වානම් උත්තර දෙන්න ලේසියි. -- බිඟුවා සාකච්ඡාව 04:27, 29 ජනවාරි 2011 (යූටීසී)[reply]
මෙහෙමයි, මම කළමනාකරණය කියල පිටුවක් ආරම්භ කලා. එකේ එක තැනක "මේරි පාකර් ෆොලේට් (1868-1933)" (Mary Parker Follett)" ගැන සඳහන් කරනවා, නමුත් "Mary Parker Follett " සඳහා ඉංග්‍රීසි විකි පිටුවක් තියනවා. ඉතින් මට ඕන වෙලා තියන්නේ එන්න ඒ විකි පිටුවට මේ නම ලඟදි link එකක් දෙන්න. මම එක try කලා Mary Parker Follett කියල, නමුත් හරිගියේ නෑ. දැන් ඔබට පැහැදිලි ඇති කියල මම හිතනවා --උපුල් (talk) 10:57, 29 ජනවාරි 2011 (යූටීසී)[reply]
ඔව් ඒක හරි. ඒකට හේතුව ඔයා භාවිතා කරන්නේ ව්‍යාපෘති දෙකක සබැඳියන්. ඒ කියන්නේ ඉංග්‍රීසි විකිය එක ව්‍යාපෘතියක්. සිංහල එක වෙනම එකක්. එතකොට අපිට වෙනත් ව්‍යාපෘතියක දේවල් භාවිතාකරනකොට සමහර සීමා තියෙනවා. http://commons.wikimedia.org ව්‍යාපෘතියේ තියෙන දේවල් නම් ඕනැම ව්‍යාපෘතියකදී භාවිතා කරන්න පුලුවන් ඔයා අර ලියපු විදියට. අනිත් ඒවගේ තියෙන දේවල් එහෙම බැ. මම දන්න විදියට ඔයාගේ වැඩේ කරන්න වෙන්නේ ඒ ලිපිය සිංහල විකියට ගෙනල්ලා. [[en:Mary_Parker_Follett]] මෙන්න මේ විදියට ලිව්වොත් en:Mary_Parker_Follett මෙහෙම සබැඳියක් එනවා. නමුත් සිංහල විකියේ එහෙම ලියන එක හරි නැනේද? වැඩිය හොඳ Mary_Parker_Follett ලිපිය සිංහලට ගේන්න. එක පේළියක් හරි කමක් නැ. දැන් ඒ සබැඳිය දෙන්න. -- බිඟුවා සාකච්ඡාව 00:50, 30 ජනවාරි 2011 (යූටීසී)[reply]
ඔබගේ උපදෙස් වලට බොහොම ස්තුතියි! එහෙම නම් මම අලුත් පිටුවක් ලියන්නම් මේරි පාකර් ෆොලේට් ගැන. එවිට මට සබැඳියාව දෙන්න පුළුවන්. --උපුල් (talk) 15:38, 30 ජනවාරි 2011 (යූටීසී)[reply]


දිනය වෙනසක්[සංස්කරණය]

අපි සිංහල විකියේ වැඩ කරනකොට 2011 ජනවාරි මාසයට පසු කෙලින්ම මාර්තුවලට ඇවිදින් වගේ නේද? පොඩ්ඩක් පැරණි සටහන් බලන්න. --උපුල් (talk) 17:24, 1 මාර්තු 2011 (යූටීසී)[reply]

අප්පා... කතාව ඇත්ත නේන්නම්. --Lee (talk) 06:01, 2 මාර්තු 2011 (යූටීසී)[reply]
දැන හරි. ඒක හැදුවා. මාධ්‍යවිකි:February වල අවුල තිබ්බේ. වැරදීමක් වෙලා තිබුණේ. එල. -- බිඟුවා සාකච්ඡාව 06:38, 2 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
"මාධ්‍යවිකි:February" ඇත්තටම අවශ්‍ය ද? Betawiki එකෙන් ඒවා එන්නේ නැද්ද? --Lee (talk) 07:48, 2 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
.. මගේ ප්‍රශ්නෙට පිළිතුරු දුන්න ඔබට ස්තුතියි.. --උපුල් (talk) 08:04, 2 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ඔබේ දායකත්වය[සංස්කරණය]

විශේෂ:දායකත්ව/උපුල් මෙමගින්ද බලා ගත හැකිය. -- බිඟුවා සාකච්ඡාව 16:01, 9 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මම මේ පිටුවේ ලියන්න ගත්තේ මම විසින් ම පටන්ගත්ත පිටු වෙනම බලන්න කියලයි. එතකොට මට ලේසියෙන් ම එතනට ගිහින් වෙනස්කම් කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් හොඳ සිරිතක් නෙවෙයි ද? --උපුල් (talk) 16:20, 9 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
කොහොමටත් ඒක නරක සිරිතක් කියල නම් මට හිතෙන්නේ නෑ. විකිපීඩියාවේ ලිපි වලට කාටවත් අයිතිවාසිකම් කියන්න බැරිඋනාට, තමන්ගේ ප්‍රයෝජනය සඳහා එහෙම ලැයිස්තුවක් තියා ගන්න කාගෙන්වත් තහනමක් නෑ. :-) --Lee (talk) 17:03, 9 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ස්තුතියි ! --උපුල් (talk) 17:25, 9 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
අපොයි කිසිම ප්‍රශ්ණයක් නැ. මම මේක දුන්නේ ඔයාට වැඩ ගැන ඔයාටම සතුටුවෙන්න. මේ ලැයිස්තුව බැලුවම නිකන් පොඩි ගතියක් එනවනේ. මෙන්න මගේ වැඩ වගේ කියලා. ඔයාගේ පරිශීලක පිටුවේ ඔයා අරඹපුහරි වැඩියෙන්ම දායකවුණු ලිපි ගැන ඕනැම සටහනක් තියා ගන්න පුලුවන්. ඒක ලේසියි අනික. ආයේ ආයේ බලන්න පුලුවන්නේ. -- බිඟුවා සාකච්ඡාව 00:47, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මහතා අවශ්‍යය ද​?[සංස්කරණය]

විශ්වකෝෂයක නම් ඉදිරියෙන් මහතා, මහත්මිය වැනි යෙදුම් භාවිතා කිරීම අනවශ්‍යය යයි සිතමි. ඉන් විශ්වකෝෂයේ රචනා ශෛලිය දුර්වල වන බව ය මගේ අදහස​. එම භාවිතය​ හුදෙක් පාඨකයා වෙහෙසට පත් කිරීමකි. නංගයා මතන්න 10:20, 14 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මහින්ද රාජපක්ෂ කියන පිටුව බලන්න, එතනත් අපි භාවිතා කරලා තියන්නේ මහින්ද රාජපක්ෂ මහතා කියලයි. අනික අපි සිංහල රටේ දී ටිකක් ප්‍රසිද්ධ චරිත ගැන කතා කරනකොට මහතා මහත්මිය වගේ කියන්න පුරුදු වෙලා තියනවා නේද. එක අපේ සංස්කෘතිය අපිට කියල දීපු දෙයක් වගෙයි මට නම් හිතෙන්නෙ. සිංහල විකියේත් ලිපි ගොඩක චරිත ගැන සඳහන් කරද්දී බොහෝදෙනෙක් ලියල තියන්නේ 'මහතා' කියල භාවිතා කරලා තමයි චරිත වලට. මට නම් හිතෙන්නෙ එහෙම ලියන එක හොඳයි කියලයි. --උපුල් (talk) 10:47, 14 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
This is not the proper place for this kind of discussions. Please talk at Kopikade if furthere discussion is needed on this so all could see and contribute. Singhalawap (talk) 12:50, 14 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

පොහොය සහ පෝය[සංස්කරණය]

පොහොය සහ පෝය යනුවෙන් ලිපි දෙකක් පවතින අතර එක පිටුවක් (පෝය) ඉවත් කල යුතුයි නේද? ඇත්තට ම නම්, පෝය පිටුවේ තියන දේවල් පොහොය යන්නෙහි සඳහන් කල හැකියි නේද? උපුල් (talk) 13:04, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

පෝය අන්තර්ගතය පොහොයට එකතු කර පෝය, පොහොය වෙතට යළි යොමු කරන්න​. නංගයා මතන්න 16:28, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
පසළොස්වක පොහොය දොළහ කියල පිටුවකුත් තියනවා මම හිතනේ පොහොය කියන එක ප්‍රධාන මාතෘකා වුනොත් හොඳයි කියලයි. එතකොට මේ ලිපි තුනම එකක් විදිහට හදන්න පුළුවන්.--උපුල් (talk) 20:56, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔව් ඒ විදිහ හොඳයි. පොහොයට​ ඒකාබද්ධ කරන්න​. ඒකාබද්ධයෙන් පස්සෙ පසළොස්වක පොහොය දොළහ මකන්න යෝජනා කළත් වරදක් නෑ කියලයි හිතෙන්නෙ. නංගයා මතන්න 21:31, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


මගේ කාරුණික ඉලීමක්
මේ වගේ පොදු කරුණු කෝපි කඩේ කථා කරන්න. එතන අනික් අය දකින්න තියන අවස්ථාව වැඩියි.
‍‍පෝය සහ පොහොය ‍දෙකම එක ලිපියකට ගන්න. ඒත් පසළොස්වක පොහොය කියන්නෙ පෝය 4න් 1ක් විතරයි. පසළොස්වක පොහොය දොළහ ලිපිය වෙනම දියුණු උනා‍වේ.
Singhalawap (talk) 05:38, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඒක ඇත්ත​...ඒක ඇත්ත​... නංගයා මතන්න 05:50, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
කෝපි කඩේට යන්න මට පුදුම ඉල්ලුමක් තියන්නෙ, ලබන සැරේ නම් මම නොවරදවාම කෝපිකඩේ තමයි මෙව්වා කතා කරන්නෙ. මම හිතන්නේ මම ටිකක් අලුත් හින්ද තවම හරිම තැන දන්නවා අඩු ඇති. උපදෙස් වලට ගොඩක් ස්තුතියි. --උපුල් (talk) 07:48, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ලිපියක් මකා දැමීම සඳහා යෝජනා කිරීම​[සංස්කරණය]

ලිපියේ ඉහළින් ම මෙය ටයිප් කර සුරකින්න​. {{delete|මකා දැමීමට යෝජනා කිරීමට හේතුව​}} නංගයා මතන්න 17:54, 18 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මෙම පණිවුඩයට ඔබට බොහෝ තුති.. --උපුල් (talk) 09:48, 21 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

Infobox_pretender සැකිල්ල[සංස්කරණය]

මේවට කියන්නේ සැකිලි කියලා. එහෙනම් නැත්නම් Templates. සඟල වරහන් 4ක් අස්සේ තියෙන ඒවා. {{xxx}} අපි මේවා භාවිතා කරන්නේ නැවත නැවත භාවිතා කරන්න වෙන අවස්තාවලදී මෙහම සැකිල්ලක් හදා ගන්නවා.(එක ම දේ නැවත නැවත කිරීමෙන් වැය වන කාලය ඉතුරු කර ගැනීමට​) දැන් තියෙන්නේ ඒක ඕනැ හැම තැනකදීම භාවිතා කරන්න. {{delete}} සැකිල්ල බලන්න. ඔයාහේ ගැටලුව උනේ මෙහෙම දැම්මට වැඩ කරන්නේ නැති එකනේ. ඒ කියන්නේ මේ සැකිල්ල අපේ විකියේ නැ. එහෙම නැත්නම් තියෙන එක වැඩ කරන්නේ නැ. කරන්න තියෙන්නේ මෙච්චරයි.

  • ඉංග්‍රීසි විකියට යන්න. (http://en.wikipedia.org)
  • අවැසි සැකිල්ලේ නම Template:xxx මෙහෙම ගහන්න. (http://en.wikipedia.org/wiki/Template:Infobox_pretender)
  • දැන් තියෙන්නේ ඒකේ අන්තර්ගතය කොපි කරලා අපේ විකියේ අලවන් එකයි. (http://si.wikipedia.org/wiki/සැකිල්ල:Infobox_pretender)
  • පුලුවන් නම් අන්ත‍ර්ගතය පරිවර්තනය කරන්න. නමුත් ඒක පොඩ්ඩක් පරිස්සමින් කරන්න වෙන්නේ. කමක් නැ ට්‍රයි එකක් දෙන්න, වැරදුනොත් හදමු.
තවත් තොරතුරු අවැසි නම් කියන්න. -- බිඟුවා සාකච්ඡාව 05:12, 19 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

What is Bambi in Sinhala?[සංස්කරණය]

What is the Sinhala for Bambi? 69.243.235.226 00:14, 19 මාර්තු 2011 (යූටීසී)[reply]

Well; Actually, I couldn't find a meaningful word even in English for the word Bambi, this is a name only given for that animated film. Therefore, if you like to develop the page Bambi, you can use its sinhala pronunciation "බම්බි". --උපුල් (talk) 00:26, 19 මාර්තු 2011 (යූටීසී)[reply]
That's what I want! Move it to the Sinhala pronunciation බම්බි. And is it ok if I wanted the whole paragraph translated too? Thanks! 69.243.235.226 00:29, 19 මාර්තු 2011 (යූටීසී)[reply]
Yes, you can translate any English Wiki article to Sinhala. Remember to translate picture naming too.--උපුල් (talk) 00:33, 19 මාර්තු 2011 (යූටීසී)[reply]
Uh, I can't do either. And ips don't get to upload files, either. However, that'd mean a lot though if you were planning on uploading "File:Theatrical2.jpg". Oh well, anything you could do would mean lots for me. 69.243.235.226 00:37, 19 මාර්තු 2011 (යූටීසී)[reply]
Well, U better try to create a user for you first. I have not tried editing with an IP. any image you are going to attache here should be in Wikipedia Commons. From there you can get the file name directly and paste in any wiki page. see the page now, I have added a pic for you to see. If any image has copyright , you can not upload to wiki. --උපුල් (talk) 00:49, 19 මාර්තු 2011 (යූටීසී)[reply]
OK, so you can't have fair use non-free movie posters here? OK, I guess that's fine. I really just wanted the article, but I'll take whatever I can get. Also, I had a user, see පරිශීලක සාකච්ඡාව:Pgsfjighp. However, that account was globally locked by Mentifisto. 69.243.235.226 01:02, 19 මාර්තු 2011 (යූටීසී)[reply]
ආදර්ශමත් රන් තරුව
කළමනාකරණය හා සම්බන්ධ ලිපි සිත් ඇදගන්නා සුලු ලෙස ඉදිරිපත් කරමින් කරන සේවය අගය කිරීම සදහා සහ ඉදිරියටත් එම සේවය අපෙක්ෂාවෙන්.......සමන් (talk) 04:21, 23 මාර්තු 2011 (යූටීසී)[reply]
තරුව ලබාදීම ගැන බොහොම සතුටු වෙමි. ඔබට ස්තුතියි ! --උපුල් (talk) 05:40, 24 මාර්තු 2011 (යූටීසී)[reply]

Sorry Upul for modifing ur user page. It was a mistake. Corrected it and put the star I wanted you to give here.......සමන් (talk) 04:58, 24 මාර්තු 2011 (යූටීසී)[reply]

අහ්, ඒක ගැන හිතන්න එපා. තරුව පායල තියනවා දැක්කම මට ඒ ගැන හිතුනෙ නැහැ. මට හිතුන එකම දේ තමයි කොහොමද එතන ඉඳන් ස්තුතියි කියන්නේ කියල. --උපුල් (talk) 05:40, 24 මාර්තු 2011 (යූටීසී)[reply]
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!![සංස්කරණය]

--Buddhikadissanayake 21:57, 13 අප්‍රේල් 2011 (යූටීසී)

බොහොම ස්තුතියි, ඔබට සහ පවුලේ සැමටත් සුබ ම සුබ නව වසරක් !--උපුල් (talk) 23:16, 13 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

Wish you a happy new year ! සිඳු කාවින්ද  සාකච්ඡාව 03:11, 14 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ලිපි ලැයිස්තුව - List of articles[සංස්කරණය]

පසිඳු කාවින්ද වන මා විසින් පරිශීලක:පසිඳු කාවින්ද ගිණුම ඇරඹීමෙන් පසුව සංස්කරණය කල සහ අලුතින් ඇරඹූ ලිපි ලැයිස්තුගත කරන ලදී. ඒවා මෙසේය :

කරැණාකර සෑම දෙනාම මේවායින් තමන් දන්නා මාතෘකා ඇත්නම් එම ලිපි වලට අමතර කරැණු එකතු කරමින් හෝ ඒවායේ වැරදි නිවැරදි කරමින් උදව් කරන්න. නැවත මා මේ විකිපීඩියාවට පැමිණීම පිලිබද බලාපොරොත්තුවක් නොමැත. මා හට උපකාර කල සෑම දෙනාටම මාගේ ස්තූතිය...112.135.43.61 07:47, 16 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය[සංස්කරණය]

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

Thank you උපුල් for the warm welcome ! Singhalawap (talk) 07:18, 22 මැයි 2011 (යූටීසී)[reply]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on උපායක්‍රමික කළමනාකරණය requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A1 of the criteria for speedy deletion, because it is a very short article providing little or no context to the reader. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. තඹරු විජේසේකර සාකච්ඡාව 04:42, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]

Thambaru, do not hurry, i will develop the article little by little. If U can add any, just add to this rather than trying to delete --උපුල් (talk) 04:57, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]
elz!--තඹරු විජේසේකර සාකච්ඡාව 05:01, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය[සංස්කරණය]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.

එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. ---අස්ලාන් (talk) 07:29, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on උපායක්‍රමික කළමනාකරණය requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A3 of the criteria for speedy deletion, because it is an article with no content whatsoever, or whose contents consist only of external links, a "See also" section, book references, category tags, template tags, interwiki links, a rephrasing of the title, or an attempt to contact the subject of the article. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. තඹරු විජේසේකර සාකච්ඡාව 14:13, 30 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 11:53, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]