ථේරවාදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ථේරවාද බුද්ධාගම වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ථේරවාද
බුදුදහම

  Asokanpillar-crop.jpg  

රටවල්

  ශ්‍රී ලංකාව
කාම්බෝජය • ලාඕසය
මියන්මාරය • තායිලන්තය
 

ග්‍රන්ථ

 

පාළි ත්‍රිපිටකය
අටුවා
ටීකා

 

ඉතිහාසය

 

නිකාය-භේදයට පෙර බුද්ධාගම
අතීත ගුරුකුල • Sthavira
Asoka • තුන්වන සංගායනාව
Vibhajjavada
මිහිඳු මහ රහතන්වහන්සේ
සංඝමිත්තා තෙරණිය
දීපවංශය • මහාවංශය
බුද්ධඝෝෂ හිමි

 

ධර්මය

 

සංසාරය • නිර්වාණය
මධ්‍යම ප්‍රතිපදාව
ආර්ය අෂ්ටාංගික මාර්ගය
චතුරාර්ය සත්‍යය
නිර්වාණ මාර්ගඵල
සිල්පද • තෙරුවන්

 

බුද්ධ ධර්මය සහ බුද්ධාගම
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dharma Wheel.svg

ද්වාරය

බුද්ධාමෙහි ඉතිහාසය

ප්‍රමුඛ චරිත

පිළිවෙත්

රටවල්

බුදු දහමෙහි සම්ප්‍රදායන්

ග්‍රන්ථයන්

ආශ්‍රිත ලැයිස්තුව

සම්පූර්ණ පටුන කියවන්න

ථේරවාද (Pāli: थेरवाद theravāda (cf Sanskrit: स्थविरवाद sthaviravāda); වචනානුසාරයෙන් ගත් කළ, "තෙරණුවන්ගේ ඉගැන්වීම්" හෝ "පැරැන්නන්ගේ ඉගැන්වීම්", හෙවත් ආදීතම බෞද්ධ සම්ප්‍රදාය වෙයි. එහි ආරම්භය ඉන්දියාවේ ය. එය සාපේක්ෂකව තිතිරකුවාදීය. සාමාන්‍යයෙන් වඩා සමීප වෙන්නේ පැරණිතම බුදුදහමට ය.[1] ශත වර්ෂ ගණනාවක් යනතුරු එය ශ්‍රී ලංකාවේ අතිප්‍රමුඛ වූ ආගම විය (ජනගහණයෙන් 70% ක් පමණ අදහන්නකි).[2]) ගිණිකොන දිග ආසියාවේ කාම්බෝජය, ලාඕස්, බුරුමය, තායිලන්තය වැනි රටවල ද බහුල වශයෙන් අදහන ආගමකි. එය නිරිත දිග ආසියානු රටවල සමහර පැති වල, එනම් චීනයේ ශාන් සහ තාලි යන ජන වාර්ගික කොටස් අදහන ආගමකි. වියට්නාමයේ කේමර් අය ද, බංගලාදේශයේ බරුවා, චක්මා සහ මග් යනාදීන් ද, මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ අය ද අදහන අතර මෑතක දී සිංගප්පූරුවේ සහ බටහිර රටවල ද ජනප්‍රියත්වයක් ඇතිවෙමින් පවතින්නකි. අද ලෝකයේ ථේරවාද බෞද්ධාගමිකයන් මිලියන සියයකට වඩා ලොව පුරා ඇතැයි සැලකේ. පසුගිය දශකයන්හි දී ථේරවාද දහම බටහිර රටවල මෙන්ම එය බිහි වූ ඉන්දියාවේ ද නැවත පුනර්ජීවයක් ලබා ඇතැයි කියැවේ. [3]

අනුගාමිකයෝ[සංස්කරණය]

ථේරවාද බුද්ධාගම විවිධ රටවල් හා ලොව පුරා ජනතාව විසින් අනුගමනය කරයි :

ඉතිහාසය[සංස්කරණය]

සම්ප්‍රදායේ ආරම්භය[සංස්කරණය]

ථේරවාද සම්ප්‍රදාය විභජ්ජවග්ග නොහොත් විභජ්ජවාද නොහොත් 'විශ්ලේෂණයේ ධර්මය' ලෙසින් ද පැවත එන්නයි.[4] ස්ථවිරවාද නොහොත් 'ථෙරනුවන්ගේ ඉගැන්වීම්' තව දුරටත් පවත්වා ගෙන යන දහමකි. ඉන්දියාවේ ධර්මාශෝක රජු සමයේ, එනම් ක්‍රි. පූ. 250 පමණ දී තුන්වැනි ධර්ම සංගායනාව කාලයේ දී පටන් ගත් සම්ප්‍රදායක් ලෙසින් සැලකේ. විභජ්ජවාදීන් තමන් දුටුවේ ස්ථවිරවාදීන්ගේ සත්‍යලබ්ධික අදහස් පවත්වා ගෙන යන අය ලෙසයි. තුන්වැනි ධර්ම සංගායනාවේ දී ඔවුන්ව ස්ථිවිර ලෙසත්, ථෙර ලෙසත්, 'ගුරු පරම්පරාවේ වැඩිහිටියන්' ලෙසත් හඳුන්වන ලදි. විභජ්ජවාදීන්ගේ අදහස් පැරණි ස්ථවිර අදහස් හා සමාන කම් තිබුණත් ඒවා සම්පූර්ණයෙන් ම සමාන නොවුණි. තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසු ඔවුන් පදිංචි වී ස්ථාන එකිනෙකා වෙතින් ඈත් වූ නිසා විභජ්ජවාදීන් කණ්ඩායම් හතරකට පරිනාමය වූහ: මහීසාසක (Mahīśāsaka), කාශ්‍යපිය (Kāśyapīya), ධර්මගුප්තක සහ තාම්‍රරපර්නිය (Tāmraparnīya). ථේරවාද පැවත එන්නේ තාම්‍රරපර්නිය නොහොත් "ලංකාවේ පෙළපතෙනි." සමහර පැරණි බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව ථේරවාද එන්නේ කෙළින් ම විභජ්ජාවාදීන් වෙතිනි.

තාම්‍රරපන්නිය යන නාමය ලංකාවේ පෙළපතට ලැබෙන්නේ ඉන්දියාවේ දී ය. එහෙත් විභජ්ජවාදීන්ගේ ආගමික මූලාශ්‍ර වල එහි දී ධර්මයේ වෙනස්කම් සිද්ධ වූවා යැයි සඳහනක් නැත. නමින් පෙන්වන්නේ භූගෝලීය සාධකයක් පමණි. තම්බපණ්නී තාම්‍රරපන්නි යනු ලංකාවට වැටී තිබුණ නම් වෙති. තම මූලාරම්භය ගැන කියන ථේරවාදීන් කියනුයේ තමනට එම ඉගැන්වීම් ලැබුනේ තුන්වැනි ධර්ම සංගායනාවෙන් බවයි. එහි දී කියැවෙන්නේ ඒවා විභජ්ජවාදය ලෙස හැඳින්වුනු බවයි. [5] 7 වැනි සියවසේ දී ක්ෂුවාන්සැන්ග් (Xuanzang) සහ යි යින්ග් නොහොත් අයි චින්ග් නම් චීන වන්දනාකරුවන් ද ශ්‍රී ලංකාවේ මේ බෞද්ධ සම්ප්‍රදාය ගැන සඳහන් කරන්නේ ස්ථවිර (Sthavira) යනුවෙනි.[6][7] පැරණි ඉන්දියාවේ සංස්කෘත භාෂාව පරිහරණය කළ එම සම්ප්‍රදායන් ඔවුන් ස්ථවිර (Sthaviras)යැයි කියන ලදහ. එහෙත් පාලි සිය භාෂාව ලෙස පරිහරණය කරන ලද්දවුන් ඔවුනට 'ථෙර' (Theras) යැයි කියන ලදි. සංස්කෘත බසින් එන 'ස්ථවිර' (Sthaviras) සහ පාලි බසින් එන 'ථෙර' (Theras) දෙකම වචනානුසාරයෙන් දැක්වෙන්නේ 'වැඩිහිටියන්' (The Elders) ලෙසටයි. මේ සම්ප්‍රදාය ථෙරවාද යන තමන් හඳුන්වා ගැනීම සඳහා අඩුම වශයෙන් හතරවැනි සියවස සිට පමණ දී ලිඛිත භාවිතයට ගෙන ඇත. එය මුලින් ම ලිඛිතව සඳහන් වන්නේ දීපවංශයේ (Dipavamsa) ය.[8]

ඉන්දියාවේ පසු කාලීන ථේරවාද බුදුදහම ගැන දැනගන්නට වැඩි තොරතුරක් නැත. මූලාරම්භ වූ රටේ එය නැති වී ගිය දින ගැන කිසිම සඳහනක් සොයා ගන්නට ද නැත.

ලංකාවට ථේරවාද සම්ප්‍රදාය පැමිණි කාලයේ ම එය බුරුමය වෙත ද ගිය බවත් යම් සහක්‍රියාවක් ක්‍රමයෙන් වර්ධනය වී ගිය හැටිත් දැකගන්නට ලැබේ. උදාහරණයක් වශයෙන්, 10 වැනි සියවස අවසන දී, ලංකාව තුල යුද්ධ වලින් බුද්ධාගම නැති වී ගිය කල, බුරුමයෙන් ආ තෙරණුවන් කණ්ඩායමක් විසින් එය යළි ස්ථාපිත කරන ලදැයි කියැවේ. බුරුමය හා ශ්‍රී ලංකාව එකිනෙකා අතර වූ බුද්ධාගම ප්‍රමාණවත් ලෙසකින් නැවත ස්ථාපිත කරගන්නා ලදි. 11 වැනි සියවසේ දී ඉන්දියාවේ බුද්ධාගම නැති වී ගිය කල මේ රටවල් දෙකේ බුද්ධාගමට වාසස්ථානයක් තහවුරු වී තිබුණි. අනතුරුව ක්‍රමයෙන් තායිලන්තය, ලාඕස් සහ කාම්බෝජය යන රටවල් වලට ද ථේරවාද බුද්ධාගම පැතිර යන ලදි. [9]

ශ්‍රී ලංකාවේ සහ ගිණිකොන දිග ආසියාවේ රාජකීය පෙළපත් විසින් බුද්ධාගම සමඟ අත්වැල් බැඳ ගෙන තිබුණි. ඒ රටවල සත්‍යලබ්ධිකත්වය බලයෙන් ක්‍රියාත්මක කරන ලද නිසා ථේරවාද සාම්ප්‍රදායික ලෙසින් පවත්වාගන්නට හේතු වූවා යැයි ද සැලකේ. මෙය ඉන්දියාවේ බුද්ධාගමේ ඉතිහාසය පුරා ඒ රට අනිකුත් රටවල් හා පවත්වන සබඳතාවයන් සමඟින් වෙනස් ලෙසකින් පෙනෙන්නට තිබෙන්නකි.[10]


නූතන වර්ධනය[සංස්කරණය]

පහත සඳහන් නූතන ප්‍රවණතා හඳුනාගෙන ඇත.[11] [12]

  • නූතනවාදය: නූතන ලෝකයට එහි අදහස් අනුචිත කරන උත්සාහය
    • පරිසර ආරක්ෂා උත්සාහය
    • අනෙකුත් බෞද්ධ සම්ප්‍රාදයන් සමඟ කලවම් වන්නට උත්සාහය
    • කාන්තා අයිතීන් ගැන කතාබහ
  • ප්‍රතිසංශෝධන: මීට කළින් වූ වඩා පිරිසිදු බුද්ධාගමක් යළි ස්ථාපිතයට උත්සාහය; මුල් බුද්ධාගම ගැන බටහිර විද්‍යාර්ථීන්ගේ මත එකතු කරගැනීමේ උත්සාහය (මෑත කාලයේ දී "බටහිර විද්‍යාර්ථීන්ගේ අර්ථ කථනයට අනුව සැකසුන බුද්ධාගම" යන්න ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ පවතින නිල බුද්ධාගම වෙයි.[13])
  • අවසාන නිෂ්ටාව: ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ඉගැන්වීමට වැඩියෙන් බර වී අනිත් මූලාංගීය ඉගැන්වීම් වලට වැඩි තැනක් නොදීම
  • පශ්චාත්සම්ප්‍රදායීකරණය: මීට අයිති දෑ අතර වන්නේ,
    • පූජා විධි ක්‍රමයන් නැවත පණ ගැන්වීම
    • පුරාකථාවන්ට බරවීම
  • අන්තර්ඥානය සඳහා භාවනා කිරීම්
  • සමාජ ක්‍රියාශීලීත්වය
  • ආගමික බැතිමත් බව වර්ධනය
  • බෞද්ධ ජාතිකත්වය නංවාලීම
  • වනගත ස්වාමීන්වහන්සේලා නැවත පිහිටුවා ලීම
  • සමථ භාවනා නැවත පණ ගැන්වීම

යටත්විජිතවාදීන් විසින් කරන ලද වෙනස්කම් නිසා ද බෞද්ධ පුනර්ජීවයක් ඊට එරෙහි ව පැන නැඟී ඇත. බටහිර යටත්විජිතවාදීන් සහ ක්‍රිස්තියානි මිෂනාරීවරුන් උවමනාවෙන් ම යම් ආකාරයක වූ ක්‍රිස්තියානි පල්ලි හැදියාවක් ලංකාවේ සහ ගිණිකොන දිග ආසියාවේ රටවල බෞද්ධ ස්වාමීන්වහන්සේලාට නියම කරන ලදි. එනම් පන්සලට සීමා වූ ධර්ම බෙදා දෙන කටයුතු සහ ඒකීය පුද්ගලයාට නිවන් මඟ කියාදෙන කටයුතු වලට ස්වාමීන්වහන්සේලා සීමා කර තැබීමයි. [14] බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට පෙර, බුරුමයේ සහ ශ්‍රී ලංකාවේ යන රටවල් දෙකේ ම මහණුන් ගිහි ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීමෙන් යුතු වූහ. ඔවුනට විශාල සාහිත්‍ය නිර්මාණ පිරිනමන්නට සමත් වූහ. බ්‍රිතාන්‍යයන් විසින් පාලනය අල්ලා ගැනීමෙන් පසුව බෞද්ධ පංසල් තීව්‍රර පරිපාලනයකට මුහුණ දුනි. ඔවුන්ගේ මුදල් වියදම් කරන්නට අනුමැතිය ලැබුනේ ආගමික කටයුතු සඳහා පමණි. අධ්‍යාපන පද්ධතියේ පාලනය ක්‍රිස්තියානි ආගමික නායකයන්ට ලැබිණ. ඔවුන්ගේ වේතන රජයෙන් නඩත්තු කළ මිෂනාරී වැඩ වලට යෙදවුණි. [15] විදේශීය පාලනය යටතේ, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය පාලන යටතේ දී සංඝ සමාජය තුල ජෛවයෙන් අඩපණ තත්වයක් බිහිවිය.[16] වල්පොල රාහුල තෙරණුවන්ට අනුව, එතෙක් අධ්‍යාපනය, සමාජ කටයුතු හා සුබසාධනය සඳහා බෞද්ධ ආගමික නායකයන්ට තිබි සමාජ තත්වය ඉවත් කර එය ක්‍රිස්තියානි මිෂනාරින් වෙත පවරන ලදි. එයින් ඇති වූයේ සමාජයේ ආයතන වල ඉහළ තනතුරු දැරූ අය වෙත බලපෑම් කරන්නට මෙතෙක් බෞද්ධ ආගමික නායකයන්ට තිබි අවස්ථාව ස්ථිර කාලීනව ඉවත් වීමයි. [17] පශ්චාත් යටත්විජිත සමයේ බොහෝ බෞද්ධ තෙරණුවන් මේ සුසමාදර්ශය වෙනස් කරන්නට කැප වූහ. [18] සමාජයේ බුද්ධාගමට හිමි ව තිබි තැන යළි ස්ථාපිත කරන්නට ශ්‍රී ලංකාවේ හා බුරුමයේ උත්සාහයන් වර්ධනය විය.[19]

ශ්‍රී ලංකාවේ ථේරවාදීන් තම සම්ප්‍රදායට නව ජීවයක් ලබාගනු පිණිස බටහිර සංස්කෘතිය වෙත නෙත් යොමු කළහ. ක්‍රිස්තියානි මිෂනාරිවරු විසින් ස්වදේශී වූ සංස්කෘතියකට තර්ජනය කරන ලදි. [20] ඊට ප්‍රතිචාරයක් වශයෙන්, ථේරවාදීන් විසින් ථේරවාදය පතුරුවා හරින්නට කටයුතු කළහ. ඔවුන්ට සහාය දෙන්නට ආවේ පරමවිඥානාර්ථවාදීන්ය.[21] ඔවුන් පැරණි ඥානය ගැන සොයා බැලූ අයයි. එය වෙනත් මූලාශ්‍ර වලින් මෙන් ම පාලි සුත්ත පිටකයේ සහ බුද්ධාගම තුලින් සොයා ගත හැකි යැයි සිතූ අයයි. ඇමෙරිකන් කර්නල්වරයෙකු වූ ද, පරමවිඥානාර්ථවාදීන්ගේ සංගමයේ සම නිර්මාතෘවරයෙක් සහ පළමු සභාපති තනතුර ද දැරූ සර් හෙන්රි ඕල්කොට් සහ හෙලේනා බ්ලැවැට්ස්කි දෙදෙනා 1880 මැයි 25 වැනි දා බුද්ධාගම ආගම කරගත් ප්‍රථම ඇමෙරිකානු යුරෝපීය බෞද්ධයන් සේ මහජනතාවට දැනුම් දීමක් කළහ.[22] ඔවුන් දෙදෙනා ගාල්ලේ වැලිවත්තේ වූ විජයානන්ද විහාරයේ දී පන්සිල් පද පහ රැගෙන ඇත්තේ 1880 මැයි 19 වැනිදා ය. පරමවිඥානාර්ථවාදීන්ගේ මූලිකත්වයෙන් ලංකාවේ බෞද්ධ පාසැල් ගණනාවක් ඉදි කරන ලදි. කොළඹ ආනන්ද විද්‍යාලය, නුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය ඒවා ලෙස සැලකේ. 1885 දී බෞද්ධ කොඩිය නිර්මාණය කරන්න උපදෙස්කරුවෙක් ලෙසින් ද ඕල්කොට් කටයුතු කරන ලදි. එය පසු කාලයේ දී ලෝක බෞද්ධ සංවිධාන විසින් බෞද්ධ සම්ප්‍රදායික ධජයක් ලෙසින් පිළිගන්නා ලදි. ඔවුන් හා එක් වූ මුල් ථේරවාදියෙක් ලෙස සැලකෙන්නේ අනගාරික ධර්මපාලය. විපස්සනා භාවනා ක්‍රම යළි ස්ථාපනය කරන්නට අනගාරික ධර්මපාල උත්සාහයක් ගත්තේය. ඒ සඳහා පාලි ත්‍රිපිටකයෙන් හා විසුද්ධි මග්ගයෙන් ක්‍රමවේදයක් සොයා ගියේය. මැද පංතියේ අය සොයා ගිය ධර්මපාල ඔවුන් වෙනුවෙන් ආගමික චාරිත්‍ර වාරිත්‍ර සඳහා අවස්ථාවක් සහ ආගමික අනන්‍යතාවයක් ලබා ගන්නට වෙහෙස විය. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරෝධය දක්වනු සඳහා ද පාවිච්චියට ගැනිණ. පරමවිඥානාර්ථවාදීන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට රටේ ආගමික හැදියාව වෙනසකට භාජනය වී මෙතෙක් පැවිද්දන් පමණක් නියැළුනු භවානා ක්‍රමවේදයන් ගිහියන් ද භාවිතා කරන්නට අවසර ලද්දහ.[23]

පාලි ත්‍රිපිටකයේ පරිවර්තනය හා ප්‍රකාශනයත් සමඟ ඉතිහාසයේ ප්‍රථම වරට පාලි ත්‍රිපිටකය ගිහි සමාජය අතට පත්විය. එය බටහිරට පමණක් නොව නැගෙනහිර සමාජයට ද ලැබුණු ප්‍රථම වතාව එයයි. පරමවිඥානාර්ථවාදී සංගමයෙන් ථේරවාද බුද්ධාගමේ ජනප්‍රියත්වයට ආධාර ලැබිණ. එය 20 වැනි සියවසේ ආරම්භය දක්වා පැවතිණ. 1970 ගණන් වල දී නැවත පිබිදීමක් ඇති විණ. එයින් බටහිර වැසියන් තවත් පිරිසක් සත්‍යය සොයා පාලි සූත්‍ර පිටකය මුද්‍රණයටත්, පසුකාලීනව එය අන්තර්ජාලයට එකතු කරන්නටත් දායක වූහ.

දර්ශනය ගැන දළ විශ්ලේෂණය[සංස්කරණය]

පාලි භාෂාවෙන් කියැවෙන වචනයකින් හැදෙන විභජ්ජවාදය නම් වූ සංකල්පය ථේරවාද දර්ශනයෙන් ප්‍රරෝහනය කරන්නකි. වචනානුසාරයෙන් එහි අර්ථය වන්නේ විභජනය නොහොත් විශ්ලේෂණය ඉගැන්වීම (Teaching of Analysis) යනුවෙනි. මේ ධර්මයට අනුව අන්තර්දෘශ්ටියක් ඇතිවිය යුත්තේ එය සොයා යන්නාගේ අත්දැකීම්, විවේචනාත්මක ගවේෂණය සහ විචාරය පෙරදැරිව ය. එය අන්ධ භක්තියෙන් උත්පාදනය වන්නක් නොවේ. කෙසේ නමුදු, ථේරවාද සම්ප්‍රදායේ ලියකියැවිලි වල පිළිපැදිය යුතු ක්‍රමවේදයකට වැදගත් තැනක් ලැබෙයි. ඒ ක්‍රමවේදය නම් ප්‍රඥාවන්තයන්ගේ උපදෙස් වල දී සහ ඒවා ගැන තමන්ගේ අත්දැකීම් වල අගැයුම් වලින් යන දෙකෙන් ම විභාග කොට පමණක් යම් පිළිවෙතක නියැළෙනවා ද නැද්ද යන්න තෝරාගත යුතු විනිශ්චය තමන් සතු බවයි.

ථේරවාද ධර්මයේ කියැවෙන පරිදි සියළු මිනිසුන්ගේ දුකට හේතුව තණ්හාවයි. ක්‍රෝධය, ව්‍යාපාදය, පිළිකුල, කෑදරකම, ඊර්ෂ්‍යාව, උඩඟුකම, ද්වේෂය, බිය, කාමාස්වාදය, ප්‍රගස්තය, ලාලසාව, නොරිස්සුම්කම, වික්ෂේපය, පළිගැනීම, විෂාදය, සාංකාව, සිරුරට ඇල්ම යනාදීන් මේ තණ්හාව උපදවන ක්ලේෂයන් සේ සැලකෙයි. රළු, මධ්‍යම හෝ සියුම් යන මට්ටම් වලින් ක්ලේෂයන් ඇති විය හැකියි. මෙය නිතර ඇතිවන ප්‍රපංචයකි. තාවකාලිකව පවතින්නකි. අනතුරුව අතුරුදහන් වන්නකි. ක්ලේෂයන් යනු තමනට පමණක් නොව අනුන්ට ද අහිතකර බව ථේරවාදීන් විශ්වාස කරති. මිනිසෙක් විසින් කරන තිරිසන් වැඩ යැයි සැලකෙන සියල්ල සිද්ධ වෙන්නේ ක්ලේශයන් පෙරමුණු කරගත් නිසා යැයි සැලකේ.

අවිජ්ජා නොහොත් අවිද්‍යාව නිසා මේ ක්ලේශයන් තුලින් හැදියාවන් උපදිනවා යැයි ථේරවාදීන් විශ්වාස කරති. ධර්මාවබෝධයක් නැති මනස් තුල මේ තත්වය උපදී. ක්ලේෂයන්ගේ ග්‍රහණයට හසු වී ඉන්නේ ධර්මාවබෝධයෙන් තොර අයයි. ධර්මාවබෝධය නොමැති පිරිස් විසින් සත්‍යය ගැන වැටහීමක් නැති නිසා ක්ලේශයන් අල්ලා ගෙන සිටිති. එහෙත් යථාර්ථය නම් මේ මානසික ක්ලේෂයන් වනාහී මනසේ හටගත්, මනසේ බලපෑම් වලට යටත් වී සිටිමින්, ධර්මාවබෝධයෙන් තොර වූ හෙයින් දුක හා ආතතිය පිළිගෙන ඇති අයහපත් මානසික තත්වයක් පමණි. එසේම ථේරවාදීන් විශ්වාස කරන්නේ ධර්මාවබෝධයෙන් තොර වූවන් තම සිරුර තමාගේය යැයි අල්ලා ගෙන ඊට ගැති වී සිටිනා බවයි. නමුත් යථාර්ථය දකින කල සිරුර නම් මහාභූත නොහොත් මූලික පදාර්ථ හතරකින් (පොළව, වතුර, ගින්න සහ වායුව) නිමැවුනු අනිත්‍ය ප්‍රංපචයකි. මරණයෙන් පසුව සිරුර වියෝජනය වී විසිරී යයි. මනසට සත්‍ය ස්වභාවය සහ යථාර්ථය දැකිය නොහැකි සේ වළක්වා ඇත්තේ මානසික ක්ලේශයන් වල බලපෑම් වලිනි. පුහුණුවක් නොලබන මනස මේ ක්ලේෂයන් තව තවත් වර්ධනය කරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියා දෙන්නේ ක්ලේෂයන් දුර්වල කර සහමුලින් නැති කරන මාර්ගයයි.

ධර්මාවබෝධයකින් තොර වූවන් සිය සංවේදන දොරටු හයෙන් (ඇස්, කන්, නාස, දිව, ස්පර්ශය, මනස) ලෝකය අත්දකිනවා යැයි ථේරවාදීන් විශ්වාස කරති. ක්ලේෂයන් වෙතින් අඳුරු වූ මනසින් ඒවා තමන් කැමති පරිදි උපුටා ගෙන, අවබෝධ කරගෙන, නිගමනයන්ට එළඹෙති.[24]. මෙවැනි තත්වයක දී අවබෝධයන් හා නිගමනයන් ඇති කරගන්නේ සත්‍යය තත්වය යැයි තමන් විසින් ගොඩනඟා ගන්නා වූ මෝහය තුලින්.[25]ඥාන නම් තත්වයේ දී, භෞතික වූ සංවේදන දොරටු බොඳ වී යයි. මානසික ක්ලේෂයන් යටපත් කෙරෙයි. යහපත් මානසික ගති ලක්ෂණයන්ට ශක්තියක් ලැබෙයි. එවිට මනස යථාර්ථයේ සත්‍ය ස්වභාවය ගවේෂණය පිණිස යොදවා ගතහැකියි.

ක්ලේෂයන් ඇතිවන අවස්ථා තුනකි. විරෝධයක් නොදක්වන අවස්ථාවේ දී ක්ලේෂයන් අකර්මන්‍ය ව අනුසාය (anusaya) ලෙසකින් මානසිකත්වයේ පතුලක රැඳී සිටියි. එහෙත් සංවේදන උත්තේජයකින් පරියුත්තාන (pariyutthana) බවක් ඇතිවිය හැකියි. එවිට සවිඥානය කරා පැමිණෙන අයපහත් සිතුවිලි, ආවේග හා චේතන වලින් මේ ක්ලේෂයන් දැකිය හැකියි. ඒවාට තවත් ශක්තිය එකතු වූ විට, එවිට ක්ලේෂයන් අනතුරුදායක වූ විතික්කම (vitikkama) තත්වයට උත්සන්න වෙයි. එහි දී ශාරීරික හෝ වාචික ක්‍රියාවන් හට ගනියි.

දුකින් හා ආතතියෙන් ගැලවීමට මේ ක්ලේෂයන් සදහටම මුලිනුපුටා දැමිය යුතු යැයි ථේරවාදීන් විශ්වාස කරති. සතිපට්ඨාන නොහොත් සිහිකල්පනාව වැඩීමෙන් ක්ලේෂයන් මනස යටත් කරගන්නටත් ශාරීරික ක්‍රියාවන් පාලනය කරන්නටත් ගන්නා උත්සාහය වැළැක්විය හැකියි. ඉන්පසු ක්ලේෂයන්ගේ සත්‍ය ස්වභාවය කුමක් දැයි අන්තර් ගවේෂණයකින්, විශ්ලේෂණයකින් හා අත්දැකීමෙන් හා අවබෝධයෙන් ලබාගන්නේ ඥානය භාවිතයෙනි. මේ ක්‍රියාවලිය සෑම සියළු ක්ලේෂයක්ම හඳුනාගන්නට නැවත නැවතත් භාවිතා කළ යුත්තකි. මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නාට එවිට ඒ ක්ලේෂයන්ගේ සත්‍ය ස්වභාවය අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයටත් එතැනින් නිර්වානය අවබෝධයටත් මාර්ගය පෑදේ. සංස්කෘතික පදය වන නිර්වාන හෝ පාලි පදය වන නිබ්බාන යන්න ථේරවාදීන්ගේ පරම අරමුණයි. නිබ්බාන නම් පරම සුඛයයි. එයින් නැවත ඉපදීමත්, ලෙඩදුකට ගොදුරු වීමත්, වයෝවෘද්ධ බවත් හා මරණයත් යනාදියෙන් ගැලවීමට හැකිය.

ථේරවාද බුද්ධාගම අදහන අය විශ්වාස කරන්නේ සෑම ඒකීය පුද්ගලයෙකුම තම ස්වයං-පිබිදීමටත් විමුක්තිය සොයා ගැනීමටත් පුද්ගලික වගකීමකින් යුතු වූවෙක් බවයි. තම ක්‍රියාවන් සඳහා වගකීම තමන් ගත යුතුය යන්න පාලි භාෂාවේ 'කර්ම' සහ සංස්කෘතික භාෂාවේ 'කම්ම' යනාදියෙන් කියැවෙන්නේ එය ගැනයි. බුදුන් වදාළ යථාර්ථයේ සත්‍යය ස්වභාවය ගැන විශ්වාස කිරීමෙන් හෝ ඉගෙනීමෙන් පමණක් ඵලක් නැත. පිබිදීම ලබන්නට හැකිවන්නේ පුද්ගලයා තමන් විසින් එය ඍජු අත්දැකීමකින් තමන් සඳහා අවබෝධ කරගන්නේ නම් පමණයි. තමන් වෙනුවෙන් සත්‍යය සොයා ගැනීම සඳහා බුදුන් කියාදුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතුය. ථේරවාද විශ්වාසයේ දී, බුදුවරුන්ට හෝ දෙවියන්ට හෝ වෙනත් පූජනීයත්වයෙන් යුතු අයට මිනිසාට පිබිදීමක් ලබා දීමට නොහැකියි. ඔවුන්ට මිනිසාව නැවත නැවත සිද්ධ වෙන සංසාර චක්‍රයෙන්, එනම් ඉපදීම, ලෙඩ රෝග වැළඳීම, වයෝවෘද්ධ වීම සහ මරණය යනාදියෙන් ගලවා ගැනීමට නොහැකියි. ථේරවාදීන්ට බුදුන් යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය කියාදුන් ගුරුවරයා පමණකි. දෙවියන් සහ අනෙකුත් පූජනීය සේ සලකන අය ක්‍රෝධයට, ඊර්ෂ්‍යාවට, ද්වේෂයට, පළිගැනීමට, තණ්හාවට, ගිජුබවට, මෝහයන්ට හා මරණයට මුහුණ දෙන්නා වූ අයයි.

බුදුන්ගේ පළමු අනුගාමික පරම්පරාවන් කිහිපයක් ලෙස දැඩි උවමනාවෙන් සහ කැපවීමෙන් පුහුණුවෙන අයෙකුට එම ජීවිතයේ දී ම නිබ්බාන අත් කරගන්නට හැකි වේ යැයි විශ්වාසයයි. අනෙකුත් අයට, හැම ජීවිතයක දී ම වැඩි වැඩියෙන් අවබෝධයට ඉඩ ලැබී යථාර්ථය දකින උත්සාහයට ජීවිත කාලයන් කිහිපයක් යනු ඇතැයි සැලකේ. නිබ්බාන යන තත්වයට පැමිණියා වූවෙක් නම් වෙන්නේ අර්හත් ලෙසිනි. පුද්ගලයෙක්ව විමුක්තිය කරා ගෙන යන්නට මාර්ගෝපදේශනයක් දෙන්නට පරම ඥානයෙන් යුතු වූ බුදුන් වාසය කරනා කල අනුගාමිකයෙක් ලෙසින් වඩාත් ඉක්මණින් නිබ්බාන අවබෝධයට හැකි වේ යැයි විශ්වාස කෙරේ.

ථේරවාද දහමේ දී, නිබ්බාන පසක් කරගන්නා අර්හත් වහන්සේලා බුදුන් හා සමාන ලෙසකින් විමුක්තිය ලැබූ අය ලෙසින් සැලකිල්ලට පාත්‍ර වෙති.[26] මන්ද, නිබ්බාන යනුවෙන් ඇත්තේ එක වර්ගයකි. බුදුන් අර්හත් වහන්සේලාට වඩා ඉහළින් ඉන්නේ ඔහු මාර්ගය තමන් විසින් අවබෝධ කරගෙන එය අනුන්ට ඉගැන්වූ නිසා පමණි. එය ඖපචාරික ලෙසින් කියුවොත් ධර්මයේ චක්‍රය කැරකැවූයේ බුදුන් විසිනි. අර්හත් වහන්සේලා යනු බුදුන් කියු දහම අවබෝධයෙන් නිබ්බාන පසක් කරගත් අයයි. ථේරවාදීන්ට අනුව බුදුන් යනු ඉතා සුපිරි දක්ෂතාවයෙන් යුතු වූ උතුම් පුද්ගලයෙක් ලෙසින් ගෞරවයට පාත්‍ර වෙන්නෙකි. ථේරවාදීන් මෛත්‍රිය වැනි පාලි සුත්ත පිටකයේ සඳහන් වෙන අනාගතයේ දී බිහිවෙන මෛත්රී වැනි බුදුවරුන් විශ්වාස කරයි . බුදුන්ට පෙර අතීතයක වුවා යැයි කියන තවත් බුදුවරුන් ද විශ්වාස කරයි.

සාම්ප්‍රදායිකව ථේරවාදීන්ට බුදුන් කියා දුන් පංච ශීලය වැනි සරල ශික්ෂාපද අනුගමනයෙන් සරල ප්‍රතිලාභ ලබාගත හැකිය. එසේ නැත්නම් සත්‍යය පිළිබඳ ඍජු අත්දැකීම් ගවේෂණය තුලින් බුදුන් කියාදුන් ඥාන ගවේෂණයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනයෙන් තමන්ගේ විමුක්තිය සොයා යා හැකිය.

ථේරවාදයේ මූල ධර්මයන්[සංස්කරණය]

ථේරවාද දර්ශනය ගැන මූලික වශයෙන් කිව යුතු දෙයක් නම් එය ජීවිතය ගැන නොනැනවතී කෙරෙන විශ්ලේශණ ක්‍රියාවලියක් බවයි. එය ආචාර ධර්ම මාලාවක් සහ ප්‍රතිපත්ති මාලාවක් ගැන පමණක් වූවක් නොවේ.

ථේරවාදයේ පරම සිද්ධාන්තය ලෙස ගැනෙන්නේ 'චත්තාරි අරියසච්චානි' නොහොත් චතුරාර්ය සත්‍යය යන්නයි. ඉතාමත් සරල ආකාරයෙකින් විස්තර කරන්නේ නම්, ගැටළුව, හේතුව, විසඳුම සහ විසඳුම කරා යන මාර්ගය ලෙසින් හැඳින්විය හැකියි.

චතුරාර්ය සත්‍යය[සංස්කරණය]

චතුරාර්ය සත්‍යය ගැන විස්තරයක් මෙසේය:

1. දුක්ඛ ආරියසච්ච (දුක) - මෙය පුළුල් වශයෙන් ප්‍රවර්ග තුනකට බෙදිය හැකිය. නෛසර්ගික වශයෙන් පවතින දුක, ලෝකයේ සියළු ක්‍රියාවන් හි දී අයෙක් අත්විඳින දුක, එදිනෙදා ජීවිතයේ අයෙක් අත් විඳින දුක: එනම් උපත, වයෝවෘද්ධ වීම, රෝගාතුරු වීම, දුකින් තැවීම යනාදියෙන් වූව අඩංගු වෙයි. කෙටියෙන් කිවහොත්, ප්‍රිය කරන බැඳීම් වලින් වෙන් වන්නට සිද්ධ වීමෙන් ඇති වන්නා හැඟීම් සියල්ල ද, අප්‍රිය කරන බැඳීම් වලට එක්වන්නට සිද්ධ වීමෙන් ඇති වන්නා හැඟීම් සියල්ල ද ඊට ඇතුලත් වේ. දෙවැනි දුක ප්‍රවර්ගය නම්, වෙනසට භාජනය වීම නිසා ඇතිවන දුකයි. එයින් අදහස් වෙන්නේ 'යහපත්' යැයි අදහස් කරන ලද තත්වයකට ඇති බැඳී සිටීමේ දී තත්වය වෙනස් වීම නිසා එයින් දුකක් ඉපදීමයි. තෙවැනි ප්‍රවර්ගය නම්, 'සංඛාරා දුක' යනුවෙන් හැඳින්වේ. එය අවබෝධයට වඩාත් දුෂ්කර වූවයි. නිශ්චිත වූ පංචකන්ධයන් නැතැයි ද නිතරම වෙනස්වන සුළු අනන්‍යතාවයක් ඇතැයි ද අවබෝධයට හැකියාවක් බොහෝ අයට දුෂ්කර වූ නිසා ද දුක ඇතිවේ.

2. දුක්ඛසමුදාය ආරියසච්ච (දුකට හේතුව) - තණ්හාව, නම් බැඳීමට හා පරාධීන බවට ගෙන යන්නකි. එය දුකට හේතුවයි. මෙය හැඳින්වෙන්නේ 'තණ්හාව' යන නාමයෙනි. එහි කොටස් තුනක් පැහැදිලි ලෙසින් විස්තර කෙරෙයි. 'කාම තණ්හා' යනු සංවේදන හරහා අත්විඳින සුවයයි. ඒවාට දර්ශන, හඬ, ස්පර්ශ, රස, ආඝ්‍රාණ සහ මානසික සංකල්ප අයත් ය. 'භව තණ්හා' යනු පැවතෙන ක්‍රියාවලියකට ඇති දැඩි ආශාවයි. එය පැවැත්ම සඳහා ඇති ආශාව ඇතුල් වෙන වෙනත් විවිධ ආකාරයෙන් දකින්නට ලැබෙන්නකි. 'විභව තණ්හා' නම් පැවැත්වෙන ක්‍රියාවලියෙන් ඉවත් වන්නට ඇති දැඩි ආශාවයි. එය පැවැත්ම-නැතිබව සඳහා ඇති දැඩි ආශාව ද ස්ව-නිරුද්ධිය සඳහා වූ දැඩි ආශාවෙන් ද යුතු වෙයි.

3. දුක්ඛනිරෝධ ආරියසච්ච (දුක නැති කිරීම) - අයෙකුට මුළු ලෝකයම තම දුක නැති කිරීම සඳහා, එසේ සැමදා දුක නැතිව පවතිනු සඳහා, තමනට ගැලපෙන පරිදි හදාගන්නට නොහැකියි. මෙය වෙනස යන මූලික සිද්ධාන්තය කඩ කරන්නකි. ඒ නිසා අයෙක් කළ යුතු වන්නේ තමන්ගේ මනස බැඳීම් වලට හසු නොවෙන සේ සකසා ගැනීමයි. එවිට වෙනස කුමන ස්වභාවයකින් වූවත්, එයට තමන්ගේ මනසට සහනය සැලසෙන අයුරින් සකසා ගත හැකියි. තෙවැනි ආර්ය සත්‍යය කෙටියෙන් සඳහන් කරන්නේ නම්, හේතුව නම් වූ තණ්හාව තුරන් කරන කල දුක තුරන් කරත හැකිය. මෙය ත්‍රිපිටක මූලාශ්‍රයන්හි බුදුන්ගේ වදන් වලින් කියැවෙන්නේ "හේතුවකින් හට ගන්නේ කුමක් ද, හේතුව නැති කරන්නට ද පුළුවන," යනුවෙනි.

4. දුක්ඛනිරෝධගාමිනීපටිපදා ආරියසච්ච (දුක නැති කිරීමේ මාර්ගය) - මෙය ආර්ය අෂ්ටාංලික මාර්ගයයි. එය විමුක්තිය නොහොත් නිබ්බානය කරා ගෙනයන්නයි. මෙය දළ වශයෙන් සටහන් කරද්දී, නිවැරදි දැක්ම (සම්මා දිට්ඨි), නිවැරදි අරමුණ (සම්මා සංකප්ප), නිවැරදි කතාබහ (සම්මා වාචා), නිවැරදි ක්‍රියා (සම්මා කම්මන්ත), නිවැරදි ජීවනමාර්ගය (සම්මා ආජීව), නිවැරදි උත්සාහය (සම්මා වායාම), නිවැරදි සිහිය (සම්මා සති) සහ නිවැරදි සිත එකඟ කර ගැනීම (සම්මා සමාධි) යන පිළිපැදිය යුතු මාර්ග අටෙන් යුතුය.

වැදගත් ලක්ෂණ තුනක්[සංස්කරණය]

සංස්කාරයන් පැහැදිලි කරන ථේරවාද චින්තනයේ වැදගත් ලක්ෂණ තුනක් මෙසේය.

1. අනිච්චා (කැමති සේ නොවීම): ඉච්ච (කැමැත්ත) වූ පැවැත්මක් නැති අර්ථයෙන් අනිච්චා නම් වේ . සියළු සංස්කාරයන් හෙවත් හේතුන්ගෙන් හටගත් ධර්මතාවයන්හි නිත්‍ය වූ පැවැත්මක් නොපවතී හේතුන් වෙනස්වනවිට වෙනස් වන සුළුය හෙවත් විපරිනාමයකට භාජනය වේ. කිසිවක් සදාකාලිකව පවතින්නක් නොවේ. යමක් සදාකාලිකව පවතින්නට නම් ඒවා හේතුන්ගෙන් හට නොගත් ධර්මතාවයන් විය යුතුයි. එහෙත් සියළු හේතු නැවත නැවත ඇතිවන සේ බැඳී ඇත්තෙන් වෙනසට භාජනය නොවන කිසිවක් තිබිය නොහැක.

2. දුක්ඛා (දුක) - තණ්හාව නිසා දුක ඇතිවේ. තණ්හාව යනු සංක්‍රාමී වූවකි, වෙනසට භාජනය වන්නකි. වැනසී යන්නකි. යම් වස්තුවක අඩංගු වෙන නැසෙන සුළු ස්වභාවය නිසා බලාපොරොත්තු කඩවීම හා දුක ඇතිවීමට එය හේතු පාදක වෙයි. 'හොඳ', 'සුව පහසු', 'තෘප්තිමත්' යනාදී වශයෙන් ලොව හැම දෙයකට ම ලේබල් අලවන හැදියාවක් ඇත. 'කැමති' හෝ 'අකමැති' යැයි කියා ලේබල් අලවන්නේ අපි. ඒ නිසා දුක නිර්මාණය කරන්නේ ද මුලින් ම අප විසින් මයි. මෙසේ ලේබල් අලවන හැදියාව අත්හරින්නට අයෙකුට හැකිනම්, 'කැමති' යැයි ලේබල් අලවන දේවල් පසුපස හඹා යෑමෙන් නිදහස් විය හැකිනම්, එවැන්නට පරම විමුක්තිය ලබාගත හැකිය. ගැටළුව නම් හේතුවයි, විසඳුම නම් මාර්ගයයි. ඒ දෙකම ඇත්තේ තමන් තුලම මිස පිටස්තර තැනක නොවේ.

3. අනත්තා (අසාර බව) - අනත්තා යන්නෙන් අදහස්වන්නේ තමා වසගයෙහි නොපවත්නා යන්නයි.

දස සංයෝජනයන් ප්‍රහානය කිරීමෙන් නිබ්බාන නම් වූ විමුක්තියට පත්විය හැක මෙය ජාති ජරා මරණ ව්‍යාධී වලින් නිදහස්, ලෝකය ඉක්මවූ අතක්කාවචර දහමකි

වැදගත් ශික්ෂාවන් තුනක්[සංස්කරණය]

නිබ්බාන කරා යන මාර්ගය, නැතහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න සමහර අවස්ථාවල දී හැඳින්වෙන්නේ මේ ත්‍රිවිධ ශික්ෂාවන් වලින් යුතු ධම්මානුධම්ම පටිපදාව හැටියට. ඒවා වර්ග තුනකි: සීල නොහොත් ශික්ෂණය, සමාධි නොහොත් මානසික පුහුණුව සහ ප්‍රඥා නොහොත් ඥානය දියුණු කර ගැනීම.

භාවනා[සංස්කරණය]

භාවනා යනුවෙන් අදහස් වෙන්නේ ධනාත්මක ලෙසින් මනස ශක්තිමත් කර ගැනීමයි. සමත හා විපස්සනා යන පුළුල් වශයෙන් දෙවර්ගයකින් වූ භාවනාව නම් ඥානය පාදා ගැනීමේ වැදගත් ක්‍රමවේදයකි. සමත යන්න වචනානුසාරයෙන් ගත් කළ අදහස් වෙන්නේ "කුසලතාවය ඇති කිරීම" යන්නයි. ඊට ඇති අනෙකුත් අදහස් නම් "ශාන්ත, සංසුන්". ""දෘශ්‍යමාන" සහ "ඉෂ්ට කර ගැනීම" යනාදියයි. විපස්සනා යන්නේ අදහස "විදර්ශනාව", "අන්තර්ඥානය" යනාදියයි. මේ සංදර්භයෙන් ගත් කළ සමත භාවනාව යනු පුද්ගලයාට මනසේ ඒකාග්‍රතාවය තහවුරු කරන්නා කුසලතාවය වඩවන්නකි. මනස එසේ නිසි පමණින් ඒකාග්‍රතාවයකින් යුතු වූ පසු විපස්සනා භාවනාව විසින් ඉදිරිපත් කරන්නේ අඥානයේ තිරය උස්සා චතුරාර්ය සත්‍යය දැකීමට හැකියාවයි.

පාලි ත්‍රිපිටක විසින් බුදුන් තම අනුගාමිකයන්ට ඥානාවබෝධය කරා යෑමට චිත්ත සමාධි නම් පිළිපැදිය යුතු පිළිවෙත් කියා දී ඇත. ප්‍රංපචයන් තුලින් ගවේෂණයෙන් හා ඍජු අත්දැකීම් වලින් විමුක්තිය කරා යන්නට බුදුන් ද භාවිතයට ගත්තේ ඥානයයි. [27] සම්මා සමාධි නොහොත් නිවැරදි සිහිය එළඹවා ගැනීම යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් පියවරක් වෙයි. සමාධි යන්න වර්ධනය කරගැනීමට ආනාපානසති භාවනාව නොහොත් ආශ්වාසය හා ප්‍රාශ්වාසය හා බැඳි භාවනා ව්‍යායාමයකින්, 'කසින' නම් වූ යම් දෘශ්ටිමය වස්තූන් ඇසුරින් සහ නැවත ප්‍රතිචාරයෙන් යුතු වගන්ති වලින් ද පුළුවන. සමථ භාවනාව සඳහා උපයෝගී කරගන්නා වස්තු 40 ක් සම්ප්‍රදායික ලැයිස්තුවේ සඳහන්ය. සෑම වස්තුවකට ම විශේෂිත වූ ඉලක්කයක් ඇත. උදාහරණයක් වශයෙන් 'කායානුපස්සනා' හෝ 'කායාගතසති' යන ශරීරයේ විවිධ අංගයන් ගැන සැලකිල්ලෙන් යුතුව කරන භාවනාව හේතුවෙන් තමන්ගේ සිරුරටත් අනුන්ගේ සිරුරැ වලටත් ඇති බැඳීම් අඩුකරගත හැකියි. එයින් සංවේදනයෙන් ඇතිවන ආශාවන් අඩුකරගත හැකිය. මෙත්තා නොහොත් මෛත්‍රිය භාවනාවෙන් තමන්ටත් අනිත් ජීවින්ටත් හොඳ යහපත් හා සතුටු හැඟීම් පැතිරවීමේ හැකියාවෙන් යුතුය. මෛත්‍රිය භාවනාව ව්‍යාපාදය, ක්‍රෝධය සහ බිය නැති කරගැනීම සඳහා පාවිච්චියට ගන්නකි.

මාර්ග ඵල[සංස්කරණය]

ථේරවාදී පිළිවෙත් අනුගමනයෙන් විමුක්තිය ලබනා මාර්ග ඵල හතරක් කරා යන්නට අවස්ථාව පෑදේ:[28]

  1. සෝතාපන්න මාර්ග ඵලය - පළමු බන්ධන තුන (එනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාශ) ප්‍රහානය කිරීම. ඔවුන් නිවන් අවබෝධයට පෙර උපරිම වශයෙන් හත්වතාවක් කාම ලෝකයේ ඉපදිය හැක.
  1. සකෘදාගාමි මාර්ග ඵලය - පළමු සංයෝජන තුන ට අමතරව කාමරාග පටිඝ යන දෙකෙහි ඕලාරිකබව තුනීකිරීමෙන් සකෘදාගාමි ඵලයට පත්වේ.
  1. අනාගාමී මාර්ග ඵලය -පංච ඕරම්භාගීය සංයෝජන ප්‍රහීනකිරීමෙන් අනාගාමී මාර්ග ඵලයට පත්වේ මොවුන් නැවත කාමලෝකයේ උප්පත්තියක් නොලබයි රූපී අරූපී භවයන්හි ඉපිද එහිදීම අර්හත්වයට පත්වී පිරිනිවන් පාන්නාහුය
  1. අර්හත් - දශ සංයෝජනයන් ප්‍රහීන කිරීමෙන් නිර්වානය සාක්ෂාත් කරගත් ආර්ය උත්තමයන් මෙනමින් හැදින්වේ ඔවුන්ගේ නැවත ඉපදීමක් නැත

ධර්ම සටහන්[සංස්කරණය]

පාලි ත්‍රිපිටකය ථේරවාද සම්ප්‍රදායේ වඩාත්ම ගෞරවනීය ස්ථානය උසුලන ගෞතම බුදුන් ගේ ඉගැන්වීම් සටහන්ගත වූ ධර්ම සටහන් අතරින් ප්‍රමුඛ ස්ථානය ගන්නයි. ආගම ගැන සුත්ත හා විනය යන පිටකයන් දෙක තුල එකිනෙකෙහි සඳහන් තොරතුරු වල අතිච්ඡාදනයක් දැකිය හැකියි. චීන භාෂාවෙන් සහ යම් තරමකට සංස්කෘත භාෂාවෙන් ද, පාකෘති, ටිබෙටන් යන භාෂා වලින් ද එහි නොයෙකුත් කොටස් ඉන්දියාවේ ඇති ථේරවාද නොවන සම්ප්‍රදායන් තුලින් දැකිය හැකිය. මේ පදනම අනුව, ත්‍රිපිටකයේ මේ කොටස් දෙකම ඉතාම පැරණි හා වඩාත්ම ප්‍රාධිකාරී ග්‍රන්ථ ලෙස බෞද්ධ විද්‍යාර්ථීන් සලකති. ථේරවාදී අය තවමත් භාවිතා කරන පාලි ත්‍රිපිටකය, ලංකාවට ගෙන එන ලද්දේ අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ යැයි සැලකේ. ඒ කාලයේ ආගමික ඇදහිලි පරිහරණය වූ වාචික සම්ප්‍රදාය අනුව ශතක ගණනාවක් පුරා ගෙන ගිය මේ ත්‍රිපිටකය ක්‍රි. පූ. අවසන් සියවසේ දී ග්‍රන්ථාරූඪ වෙයි. එය අද ථේරවාදීන් සලකන අන්දමට ශ්‍රී ලංකාවේ හතරවැනි ධර්ම සංගයානාවේ දී සිද්ධ වූවකි. තම ත්‍රිපිටකය සම්පූර්ණයෙන් සටහන් ගත කිරීමට මුලින්ම පියවරක් ගත්තේ බෞද්ධ සම්ප්‍රදායයන් අතරෙන් ථේරවාදීන්ය.[29]

ත්‍රිපිටකයේ එකතු වී ඇති බහුතරයක් විශේෂයෙන් ම "ථේරවාදී" වූ විස්තර නොවේ. ඒවා මේ සම්ප්‍රදායේ ඉගැන්වීම් වල යෙදුනු නොයෙකුත් අය අතින් එකතු වූ සංචිතයකි. පීටර් හාර්වි නම් වූවාට අනුව එහි පසුකාලීන සත්‍යලබ්ධික ථේරවාද අදහස් සමඟ නොගැලපෙන අදහස් ද ඇතුලත්ය. ඔහු පහදන අන්දමට:

ථේරවාදීන්, එකල, ත්‍රිපිටකයට කාලයක් තිස්සේ කොටස් එකතු කරන්නට ඇත. එහෙත් ඔවුන් ඊට කළින් යුගයේ දී ලැබුන කොටස වෙනස් කර නැති බව පෙනේ. (The Theravadins, then, may have added texts to the Canon for some time, but they do not appear to have tampered with what they already had from an earlier period.)[30]

පාලි ත්‍රිපිටකයේ කොටස් තුනකි: විනය පිටකය, සුත්ත පිටකය සහ අභිධම්ම පිටකය. මේවායෙන්, අභිධම්ම පිටකය අන්තිමට එකතු වූව ලෙස සැලකේ. පළමු ධර්ම සංගායනාවේ දී බහුතර විද්‍යාර්ථීන්ගේ මතයට අනුව තිබුනා යැයි සැලකෙන්නේ මුල් පිටක දෙක පමණි. පාලි අභිධම්ම පිටකය ථේරවාදී සම්ප්‍රදායෙන් බැහැර වූවන් පිළිගන්නා ලද්දක් නොවේ.

4 වැනි හෝ 5 වැනි සියවසේ දී ත්‍රිපිටකය සඳහා පාලි අට්ඨකතා නොහොත් අටුවා කතාවන් පළමුවෙන් ලියූ අය සේ සැලකෙන්නේ බුද්ධඝෝෂ ථෙරනුවන්ය. ඒවා ලියැවෙන්නේ පැරණි සිංහලෙන් ලියැවුන් පැරණි ලේඛන ආශ්‍රයෙනි. ඔහුට පසුව වෙනත් බෞද්ධ ස්වාමීන්වහන්සේලා විසින් විවිධ අටුවාවවන් ලියා තැබුහ. මේ සියල්ලම ථේරවාද උරුමය සේ සැලකේ. කෙසේ වුවත් මේ සටහන් වලට ත්‍රිපිටකයට ලැබෙන වැදගත් ස්ථානය ලැබෙන්නේ නැත. තායි සංග්‍රහය වෙළුම් 45 කින් යුතුය. බුරුම සංග්‍රහය වෙළුම් 40 කින් ද, සිංහල සංග්‍රහය වෙළුම් 58 කින් ද යුතුය.

ථේරවාද බෞද්ධයන්ට අනුව චීන සහ ටිබෙටන් ධර්ම සටහන් අයස්ථාභූත වෙති. තවත් විදියකින් කියන්නේ නම් ඒවායේ ඇත්තේ බුදුන් දෙසූ නිර්මල දහම නොවේ.[31]

ගිහි සහ පැවිදි ජීවිතය[සංස්කරණය]

බුරුමයේ තරුණ හිමිනමක්

සම්ප්‍රදායික ලෙසින් ථේරවාද බුද්ධාගම ගිහි සහ පැවිදි (පුරාතනයේ භික්ෂුණී ද ඇතුලත් වුනි) යන දෙපක්ෂයට සුදුසු පිළිවෙත් අතර පැහැදිලි වෙනසක් පිළිගෙන තිබේ. ධර්මාවබෝධයට හැකියාව ගිහියන්ට ද ඇති බව ථේරවාද පිළිගෙන ඇත. ඊට ථේරවාදයේ දී ලැබෙන තැන මහායානයේ සහ වජිරයානයේ ලැබෙන තැනට වඩා අඩු වැදගත්කමකින් යුතු වූවකි. මේ වෙනස, සහ පාලි ත්‍රිපිටකයේ සඳහන් වෙන ගිහි පැවිදි වෙනස් පිළිවෙත් ද, එසේම පැවිද්දන් විසින් අනුගමනය කරන ජනතාවගේ ආගමික උත්සව ද, යනාදිය විමසන සමහර විද්‍යාර්ථීන් ගේ අදහස වනුයේ ථේරවාද බුද්ධාගම විවිධ සම්ප්‍රදායන් කිහිපයක් එකතු වී සැකසී ඇත්තක් කියාය. ඒවා අතර වෙනස්කම් දැකිය හැකි වුවත් ඒවා එකින් එක සංකලනයක් ද වී ඇති බවයි. මානවවේදී මෙල්ෆෝර්ඩ් ස්පීරෝ (Melford Spiro) සිය "බුද්ධාගම සහ සමාජය" (Buddhism and Society) යන කෘතියේ බුරුම ථේරවාද සම්ප්‍රදායන් තුනක් වර්ග කරයි: නපුරු භූතාත්ම පළවා හරින මන්තර ගුරුකම් සමන්විත බුද්ධාගම (Apotropaic Buddhism), අනාගත උප්පත්තියක් සඳහා පින් එකතු කරන බුද්ධාගම (Kammatic Buddhism), ත්‍රිපිටකයේ සඳහන් ලෙසින් වූ නිබ්බාන විමුක්තිය සොයා යන බුද්ධාගම (Nibbanic Buddhism). ඔහු තරයේ කියා සිටින්නේ මේ අදහස් තුනම පාලි ත්‍රිපිටකයේ අන්තර්ගත බවයි. එහෙත් මේ වර්ග කිරීම් තුන සියළු විද්‍යාර්ථීන් විසින් පිළිගෙන නොමැති වූවකි.

ගිහියන්ගේ කාර්ය භාරය ප්‍රධාන වශයෙන් පින් අනුමෝදන් කරන ලෙසින් වූවක් බව සාම්ප්‍රදායික පිළිගැනීමයි. මෙය ස්පීරෝගේ කර්ම බුද්ධාගම යන වර්ගයට අයිති වෙයි. පින් අනුමෝදන් කරගන්නට හැකි ක්‍රියාවන් ලෙසින් පූජ්‍ය පක්ෂයට ආහාර සහ අනෙකුත් මූලික අවශ්‍යතා සැපයීම, පංසල් හා ආශ්‍රම වලට ආධාර කිරීම, බුද්ධ ප්‍රතිමා ඉදිරියේ හඳුන්කූරු හා පහන් පත්තු කිරීම සහ පාලි ත්‍රිපිටකයේ එන ගාථා සජ්ක්ධායනය කිරීම යනාදියයි. සමහර ගිහි බෞද්ධයන් ආගමික කටයුතු වල වැඩි ක්‍රියාකාරීත්වයකින් කටයුතු කරති. පන්සල් වල මුදල් බාරකරුවන් සහ කළමනාකරණ පාලකයන් වශයෙන් ගැහැණු සහ පිරිමි දෙක ම ක්‍රියාශීලී වීම ආගමික කටයුතු වල නියැළෙන ගිහියන් අතරින් සැමදා දැකිය හැකි විය. අනිත් සමහර ගිහියන් අතර තම පළාතේ පූජ්‍ය පක්ෂය වෙනුවෙන් ආහාර පිසීම, සුද්ද පවිත්‍ර කිරීම හා පන්සල් භූමිය පවත්වා ගෙන යෑම වැනි කටයුතු වල නියැළෙන ආකාරය ද දැකි හැකිය. ගිහියන් අතින් කෙරෙන කටයුතු වල දී පාලි ත්‍රිපිටකය අධ්‍යයනයට හෝ බෞද්ධ භාවනා පිළිවෙත් අනුගමනය සඳහා ඉඩක් තිබි ඒවා නොවීය. 20 වැනි සියවසේ දී මේ සඳහා ඉඩ තායිලන්ත සමාජයේ වැනි සමහර ස්ථාන වල දී ගිහියන්ට ඉඩකඩක් ලැබී ඇත.

ගමනේ යෙදෙන කසා වත් හැඳි තායි හිමියන්

තායි වනගත සම්ප්‍රදායට අයත් වන බුද්ධදාස නොහොත් අජාන් බුද්ධදාස, ලුආන්ග් ටා මහා බුආ (Luang Ta Maha Bua), අජාන් (Ajahn) ප්ලියෙන් පන්‍යාපතිපෝ (Plien Panyapatipo), අජාන් පසන්නෝ (Ajahn Pasanno), සහ අජාන් ජයසාරෝ (Ajahn Jayasaro), යනාදීන් ආරණ්‍යයන් වලින් බැහැරව ගිහියන් සඳහා භාවානා මධ්‍යස්ථානය ඉදි කළහ.

එංගලන්තයේ අජාන් මුන් (Ajahn Mun) ගේ ගෝලයෙක් වූ අජාන් චාහ් (Ajahn Chah) විසින් වෙස්ට් සසෙක්ස් පෙදෙසේ චිට්හර්ස්ට් හි ආරණ්‍යගත සම්ප්‍රදායක් චිත්තවිවේක (Cittaviveka) නමින් ආරම්භ කරන ලද්දේ ඔහුගේ ගෝලයෙකු වූ අජාන් සුමේධෝ (Ajahn Sumedho) සමඟ ය. හර්ට්ෆෝර්ඩ්ෂයර් හි අමරාවතී (Amaravati) පටන් ගත්තේ ගිහියන්ට සමාජයෙන් හුදකලා වී භාවනා කිරීම සඳහා ය. අජාන් සුමේධෝ විසින් මෙම සම්ප්‍රදාය තව දුරටත් පතුරවමින් නෝදම්බලන්ඩ් හි හාර්න්හැම් වෙත ගෙන යන ලදි. Aruna Ratanagiri එය වර්තමානයේ අජාන් චාහ් ගේ තවත් ගෝලයෙකු වන අජාන් මුනින්දෝ මාර්ගෝපදේශය යටතේ සිද්ධ වෙන්නකි.

ථේරවාද බුද්ධාගමේ ඉහළ ම ඉලක්කය වූ නිබ්බාන, අයත් කරගන්නේ සද්ගුණය අධ්‍යයනයෙන් හා එය එදිනෙදා ජීවිතයේ දී පාවිච්චියට ගැනීමෙනි. මෙය භාවනාව සහ සීල, සමාධි, ප්‍රඥා යන සියල්ලෙන් සිද්ධ වෙන්නකි. නිබ්බාන යන ඉලක්කය කරා යෑම සාර්ථකව කරත හැකි යැයි සාමාන්‍යයෙන් සැලකුනේ උපසම්පදාව ලත් ආරණ්‍යගත භික්ෂුවකට කියාය. නිබ්බාන සොයා නොයන අරමුණින් යුතුව ඒ ක්‍රියාදාමයන් ගිහියන්ට ද තම ජීවිතයේ සතුට සඳහා පාවිච්චියට ගත හැකිය. ථේරවාද බුද්ධාගමේ සඳහන් වනගත සම්ප්‍රදාය පුළුල් වශයෙන් විස්තර කරන විට එය නාගරික විද්‍යාර්ථී භික්ෂූන් සහ වනගත භාවනාවේ යෙදෙන භික්ෂුව අතර වෙනසක් සේ දැකිය හැකිය. එහෙත් මේ දෙකොටසම තම සමාජයේ ආගමික ගුරුවරුන් ලෙසින් කටයුතු කරති. ආගමික උත්සව වල දී මූලිකත්වය ගනිති.

විද්‍යාර්ථීන් භික්ෂූන් ථේරවාදයේ ඇති පාලි සාහිත්‍ය හදාරන උත්සාහයේ යෙදී සිටිති. ඔවුන් ටික කාලයක් භාවනාවට යොදවනු ද ඇත. එහෙත් වඩා ගෞරවයක් හා පිළිගැනීමකට ලක් වෙන්නේ පාලි ත්‍රිපිටකය සහ අට්ඨකතා හදාරා ඒ ධර්ම ජනතාවට කියා දීමෙනි. අභිධම්මය උගත් අයෙක් වීමෙනි.

භාවනා කරන භික්ෂූන්, බොහෝවිට වනගත භික්ෂූන් යැයි සැලකෙන අය, එසේ හැඳින්වෙන්නේ ඔවුන් කැලෑ අසබඩ පෙදෙස් වල තම භාවනා පිළිවෙත් පවත්වා ගෙන යෑම නිසයි. සමහර වනගත භික්ෂූන් පාලි ත්‍රිපිටකය හැදැරීම කාලයක් වැය කරතත් වැඩියෙන් භාවනා කටයුතු වල නිරත වෙන්නෝ ය. ඒ භික්ෂූන් තම භාවනා අත්දැකීම් වලින් තමන්ගේ ම ගුරුවරුන් වෙන අයයි. ත්‍රිපිටකය ගැන වැඩියෙන් නොදත්ත ද, මූලික බෞද්ධ ධර්මය ගැන දන්නා අය වෙති. ධර්මය හදාරන සම්ප්‍රදායට වඩා වනගත සම්ප්‍රදාය ඉලක්ක කරගන්නේ පාලි මූලාශ්‍ර සහ ජන සම්ප්‍රදායේ එන අද්භූත බලයන් ලබා ගැනීමටයි. මේ බලයන් නිබ්බාන කරා යන්නට ද, අන් අයෙකුගේ මනසේ ඇති අදහස් දැනගන්නට ද, භෞතික වස්තූන් දමනය කරන්නට ද, දෙවියන් සහ අපායගත වූවන් සමඟ සංවාදයේ යෙදෙන්නට ද, පෙර ආත්ම ගැන මතකයක් ඇති කරගන්නට ද ධර්මය හදාරන සම්ප්‍රදායට වඩා උපකාරී වෙයි. මෙම බලය හැඳින්වෙන්නේ අභින්නා (abhiñña) යනුවෙනි. සමහර අවස්ථා වල දී, යහපත් වනගත භික්ෂූවකගේ භූමදාන කරන ලද ඇටකටු යනාදිය පළිඟු මෙන් වූ ධාතු (sãrira-dhãtu) බවට පත් වේ යැයි වනගත සම්ප්‍රදායේ දී සැලකේ.

භික්ෂ උපසම්පදාව[සංස්කරණය]

Candidate for the Buddhist priesthood is ordaining to is a monk in a church.jpg

පිළිසිඳගත් දා සිට කරන වසර ගණනයෙන් අඩුම ගානේ වයස විස්සක් වත් සපුරා තිබීම භික්ෂු උපසම්පදාවට අවශ්‍ය යැයි සැලකේ. එහෙත් ඒ වයසට වඩා අඩු වයසේ පිරිමි ළමුන් සාමණෙර වශයෙන් උපසම්පදාවට එකතු කරගත හැකිය. බුරුමයේ මේ උත්සවය හැඳින්වෙන්නේ ෂින්බ්‍යු (Shinbyu) නමින්. සාමනේරවහන්සේලාගේ හිස් බූ ගා, කසා වත් පළඳා, සිල් පද දහයක් සමාදන් වීම මෙහිදී සිද්ධ වෙන්නකි. ත්‍රිපිටකයේ හෝ වෙනත් බෞද්ධ ලියැකියවිලි වල භික්ෂු උපසම්පදාවට ඇතුල්වෙන අඩුම වයස ගැන විශේෂ සඳහනක් නැති වුව ද, සාම්ප්‍රදායික වශයෙන් වයස හතෙන් පමණ පිරිමි දරුවන් සම්පදාවට ඇතුල් කර ගැනේ. මෙම සම්ප්‍රදාය පැවැත එන්නේ බුදුන්ගේ පුත්‍රයා වූ රාහුලයන්ට වයස හතේ දී සාමනේර වන්නට ඉඩ ලැබි නිසාය. භික්ෂූන් විසින් ශික්ෂණ රීති 227 ක් ද භික්ෂූණී විසින් ශික්ෂණ රීති 311 ක් ද පිළිපැදිය යුතුය.

බහුතර ථේරවාද රටවල, සීමිත කාලයක් තුල උපසම්පදාවේ සිටීම සාමාන්‍ය සිරිතකි. තායිලන්තයේ සහ බුරුමයේ වස්සාන කාලය නම් හැඳින්වෙන මාස තුන තුල දී තරුණ පිරිමි උපසම්පදාවේ යෙදෙති. එහෙත් ඊට වඩා කෙටි කාල හා දිගු කාල සීමාවන්වල උපසම්පදාවේ සිටීම ද දුලබ නොවේ. සාම්ප්‍රදායික වශයෙන් තාවකාලික උපසම්පදාව ඊටත් වඩා නම්‍යශීලී බවකින් ලාඕස් හි පැවතෙන්නකි. තරුණ පිරිමි ලෙසින් පළමු උපසම්පදාවෙන් පසුව ලාඕස් හි පිරිමින්ට තාවකාලික උපසම්පදාව අනතුරුව ඕනෑම අවස්ථාවක දී ඇතුල්වන්නට හැකි වූවකි. විවාහක පිරිමි තම භාර්යාවන්ගේ අවසරය ලබාගත යුතුයි. දකුණු දිග ආසියාව පුරා භික්ෂු උපසම්පදාවෙන් ඉවත්වීම ගැන එතරම් අපකීර්තියක් නැත. අධ්‍යාපනයෙන් පසු හෝ පවුලේ යුතුකම් ඉටු කරන්නට හෝ රෝග තත්වයන් නිසා සංඝයා උපසම්පදාවෙන් නිතරම ඉවත් වෙති.

කෙටි කාලයකට වුව ද භික්ෂුවක් ලෙසින් උපසම්පදාව ලැබීම බොහෝ සද්ගුණයෙන් පිරි වූ තත්වයක් ලෙස සැලකේ. දකුණු දිග ආසියානු බොහෝ රටවල එය සැලකෙන්නේ තම දෙමව්පියන් තමන් හදා වඩා ඇතිදැඩි කිරීම පිණිස ගෙවන ණයක් හැටියට ය. උපසම්පදාවකට ඇතුල්වෙන අයෙක් නිසා ඔහුගේ දෙමව්පියන්ට ද පින් අනුමෝදන් වේ. භික්ෂූන් වූ තායි පිරිමි විවාහක සහකරුවන් සඳහා වඩා සුදුසු වූවෝ යැයි මතයක් තායි කාන්තාවන් අතර සැලකේ. ඔවුන් එසේ භික්ෂුවක් වී සිට විවාහයට පිවිසෙන පිරිමියෙක් මුහුකුරා ගිය විවාහයට සූදානම් වූ 'හොඳට පැසුණු' යන හැඟීමෙන් සලකති. විශේෂයෙන් ම තායිලන්තයේ ගම්බද පෙදෙස්වල තාවකාලිකව භික්ෂු උපසම්පදාවට පිවිසීම සාමාන්‍යයක් වූ නිසා, දිගටම පැවිදි ජීවිතයේ ඉන්නට සිද්ධ නොවී, පිරිමි දරුවන්ට හා තරුණයන්ට පංසල් පාසැල් වලින් අධ්‍යාපනයක් ලබන්නටත් අවස්ථාව ලැබිණ.

ශ්‍රී ලංකාවේ තාවකාලික උපසම්ප්‍රදාව පැවතෙන්නේ නැත. පැවිදි ජීවිතයෙන් ඉවත් වීම අපකීර්තියක් ලෙසින් සැලකේ. තවමත් පැවතෙන කුල භේදය නිසා තාවකාලික උපසම්පදාව සහ පැවිදි ජීවිතයෙන් ඉවත්වීම සමාජ තහංචියකි. ශ්‍රී ලංකාවේ සංඝ නිකායන් කුල අනුව සංවිධානය වී ඇතත්, උපසම්පදාවට ඇතුල්වෙන පිරිමින්ට තාවකාලිකව සාමාන්‍ය කුල පද්ධතියෙන් බැහැරව සිටිය හැකිය. එනම් ඔවුන් භික්ෂුවක් ලෙසින් ඉන්නා කාලය තුල දී කරන කටයුතු හා සමාජයෙන් භික්ෂුවකට ලැබෙන සැලකිලි, ඔහු උපන් කුලය අනුව නොව භික්ෂුවක් නිසා ලැබෙන තත්වයට අනුචිත වෙනස් සැලකිලි වෙයි.

සුප්‍රසිද්ධ ථේරවාද හිමිවරු මෙසේය: අජාන් මුන් භූරිදත්ත (Ajahn Mun Bhuridatta), අජාන් චාහ් (Ajahn Chah), අජාන් ප්ලියෙන් පන්යාපාතිපෝ (Ajahn Plien Panyapatipo), අජාන් සුමේධෝ (Ajahn Sumedho), අජාන් බ්‍රාහ්ම් (Ajahn Brahm), භික්කු බෝධි (Bhikkhu Bodhi), බුද්ධදාස, මහාසි සයදව් (Mahasi Sayadaw), න්‍යානපොනික ථෙර (Nyanaponika Thera), ප්‍රියාහ් මහා ඝෝෂානන්ද (Preah Maha Ghosananda), සයදව් යූ පන්ඩිත (Sayadaw U Pandita), අජාන් අමරෝ (Ajahn Amaro), තනිස්සරෝ භික්කු (Thanissaro Bhikkhu) සහ වල්පොල රාහුල.

සඟ පිළිවෙත්[සංස්කරණය]

A Buddhist Monk chants evening prayers inside a monastery located near the town of Kantharalak, Thailand (January 2005).

ථේරවාද සම්ප්‍රදාය තුල විවිධ අනු පාසැල් හා ආශ්‍රම විසින් පිළිපදින පිළිවෙත් විවිධ වෙති. එහෙත් බොහෝ සත්‍ය ලබ්ධික වනගත සම්ප්‍රදායේ භික්ෂූන් අතර දකින්න ලැබෙන්නේ බුදුන් සහ ඔහුගේ මුල් පරම්පරාවේ අනුගාමිකයන් විසින් පිළිපදින ලද පිළිවෙත් අනුගමනයයි. එනම් කෑලෑ, කඳු සහ ලෙන් වැනි ස්වභාව ධර්මය ආශ්‍රිතව ජීවත්වීමය. වනගත සම්ප්‍රදායේ පැරණි බෞද්ධ පිළිවෙත් තවමත් එලෙසින්ම සියළු අංගයන්ට දක්වන සැලකිල්ලෙන් සහ හුදෙකලා කැලෑවල භාවනාව දියුණු කිරීමෙන් යුතුව සිද්ධ වෙයි.

වස්සාන කාලයේ සාමාන්‍යයෙන් මාස තුනක කාලයක් දිනපතා චර්යාවේ යෙදෙන භික්ෂුවක් හිරු පායන්නට පෙර අවදි වෙයි. දිනය ආරම්භ කරන්නේ ගාථා කීමෙන් සහ භාවනාවෙනි. අරුණෝදයේ උදාවත් සමඟ පා ආවරණ නැති භික්ෂූන් පාත්‍රයක් රැගෙන අවට ගම්මාන වලට දන් ලබාගනු පිණිස පිණ්ඩපාත ගමනේ යෙදෙති. දහවල් දොළහට පෙර එක් ආහාර වේලක් පමණක් වළඳනු ලැබේ. තම පාත්‍රයට එකතු කරගත් අහර අතින් වැළඳීම සිදුවේ. වඩා කාලය ගෙවන්නේ ධර්මය ඉගෙන ගන්නටත් භාවනා කිරීම පිණිසත්ය. සමහර අවස්ථාවල දී ආශ්‍රමාධිපති හෝ ජ්යෙෂ්ඨ භික්ෂුවක් විසින් පැමිණ සිටින අමුත්තන්ට ධර්ම දේශනාවක් පවත්වයි. මේ ආරාම වල නවතින ගිහියන් සාම්ප්‍රදායික බෞද්ධ ශික්ෂාපද අට සමාදන් විය යුතුය.

වස්සාන කාලය අවසානයේ දී බොහෝ භික්ෂූන් ආරණ්‍ය වලින් බොහෝ හුදකලා වූ පෙදෙස් (බොහෝවිට කැලෑ වලට) යති. එහි දී ඔවුන් ස්වයං දියුණුව වර්ධනය කරන වැඩ පිළිවෙත් අනුගමනයේ යෙදෙති. ඔවුන් මෙසේ දුර බැහැර ගමන් කරද්දී, පාවහන් නොමැතිව ඔවුන් හිතෙන පැත්තකට ඇවිදිති. අවශ්‍යතා අල්පයක් පමණක් නිතරම ඔවුන් රැගෙන යති. ඒවා නම් අහාර වළඳන පාත්‍රය, සිවුරු තුනක්, අඳන කඩයක්, කුඩයක්, මදුරු දැලක්, වතුර කේතලයක්, වතුර පෙරන්නක්, දැළි පිහියක්, සෙරෙප්පු යුගලක්, කුඩා ඉටිපන්දම් කිහිපයක් සහ ඉටිපන්දම් ලාම්පුවක්.

ශ්‍රී ලංකාවේ ථේරවාද සම්ප්‍රදාය අට පිරිකර හා දොළොස් පිරිකර ලෙසින් භික්ෂූන්ට දෙන දානයන් හඳුන්වති. මක්ඣිම නිකායේ විභංග වග්ගයේ දක්ඛිණා විභංග සූත්‍රයේ කියැවෙන දාන වර්ග 14 ක් ඔවුන් පෙන්වා දෙති. ඒවා අතරින් වඩාත් ආනිසංස ලැබෙන දානය සේ සැලකෙන්නේ බුදුන් ප්‍රමුණ සංඝයාට පිරිනමන දානය යැයි කියයි. අට පිරිකර ලෙසින් සැලකෙනුයේ තුන් සිවුරැ වෙයි. ඊට දෙපට සිවුරු, තනිපට සිවුර හා අඳන කඩය ඇතුලත්ය. චීවරය හෙවත් සිවුර මැසිය යුතු ආකාරය ද විස්තරයක් ඇත. පිණ්ඩපාතයේ යන ප්‍රාතය ද අට පිරිකරට අයත් වන අනිවාර්ය අංගයකි. දත්තකට්ඨ නම් දත් මදින දැහැට්ට නොහොත් දැහැටි කුරු ගැන ද සඳහන් වුවත් වර්තමානයේ අට පිරිකරට එකතු කරන්නේ දැළි පිහියකි. වර්තමානයේ අට පිරිකරට එකතු කරන දැළි පිහිය පාවිච්චියට ගත නොහැකි සංකේත තලයක් පමණි. එකාසූචි නොහොත් එක ඉඳිකටුවක් ද ඇතුලත් විය යුතු අතර අද එය සමඟ නූල් පන්දුවක් ද ඇතුලත් කරනු ලබයි. කාය බන්ධනං නොහොත් අඳන කඩය හැඳි විට එය ලිහිල් වී ඇද නොහැලෙන සේ ඉනවටා බැඳ තබන රෙදි පටියක් ද ඇතුලත්ය. එය තවමත් සිවුරු පටියකින් ම නිමැවෙන්නකි. පරිස්සාවත යනුවෙන් හැඳින්වෙන්නේ පෙරහන් කඩයයි. පානයට පෙර වතුර පෙරා ගැනීමට එය භාවිතා කරගනියි. දීඝ නිකායට එකතු වන අටුවාවක සඳහන් පරිදි නව පිරිකර සඳහා යහනට දමන ඇතිරිල්ලක් ද ඇතුලත්ය. භාවනානුයෝගී භික්ෂූන් අතර දකින්නට ලැබෙන්නකි. දස පිරිකරය වන්නේ භික්ෂුවට හිඳ ගන්නා පිණිස එළන සම්කඩයයි. එය වර්තමානයේ දී පත්කඩය සේ සැලකේ. වන්දනාමානයේ සහ භාවනාවේ දී බිම එළා ගැනීම සඳහා භාවිතා කරන්නකි. එකළොස් වන පිරිකරය සැරටියක් හෝ තෙල් බෝතලයකි. දොළොස් පිරිකර වන්නේ කුඩය හා පාවහන් යුගලයි.[32]

ඇවිදින හෝ වාඩි වී කරන භාවනා සඳහා භික්ෂූන් විසින් කාලයක් තීරණය නොකරති. ඉඩක් ලැබුණු වහාම ඒවායේ නියැළීම සාමාන්‍ය සිරිතයි. එසේම කොපමණ කාලයක් පුරා භාවනාවේ යෙදෙනවා ද යන්නත් කළින් තීරණය නොකරන්නකි. සමහර භික්ෂූන් සවස් කාලයේ සිට උදේ පහන් වෙනතුරු ඇවිදින අතර තවත් අවස්ථා වල දී ඔවුන් පැය දෙකක් හා හතක් අතර කාලයක් ඇවිදිති. සමහර භික්ෂූන් ආහාර නොමැතිව කිහිප දිනක් ගෙවනු ඇත. සමහර අවස්ථා වල දී අවදානම් ස්ථාන වල හෝ බියකුරු සත්තු ගැවසෙන ස්ථාන වල ජීවත්වෙමින් භාවනාවේ යෙදෙනු ඇත.

ඉහළ මට්ටමක් කරා යන්නට හැකි වූ භික්ෂූන් විසින් තමන් යටතේ ඉන්නා කනිෂ්ඨ භික්ෂූන්ට මාර්ගෝපදේශනය ලබාදෙන්නට සමත් වෙති. ගිහියන්ට ද අධ්‍යාත්මික වර්ධනයට උදව් වෙති.

ගිහි බැතිමතුන්[සංස්කරණය]

පාලි වචනයකින් පිරිමි බැතිමතා හැඳින්වෙන්නේ උපාසක නමිනි. ගැහැණු බැතිමතා උපාසිකාව යැයි හැඳින්වේ. ගිහියන්ගේ එක් යුතුකමක් නම් බුදුන් කියා දී ඇති පරිදි භික්ෂූන් සහ භික්ෂුනීන්ගේ අවශ්‍යතා සලසා දීමය. ආහාර, වස්ත්‍ර, ආරාම හා බෙහෙත් හේත් නොමැතිව භික්ෂුනි/භික්ෂුනීන්ට දුක් විඳින්නට ඉඩ නොදීම ගිහියන්ගේ කාර්ය භාරයයි. පැවිද්දන්නට වෘත්තියක නියැළෙන්නට අවසර නොමැති නිසා ඔවුන් ජීවිතය රැකගන්නේ ගිහියන් වෙතිනි. මේ දානයට සරිලන සේ ආදර්ශමත් ජීවිත ගෙවනු ඇතැයි පැවිද්දන් වෙතින් අපේක්ෂා වෙයි.

බුරුමයේ සහ තායිලන්තයේ ආශ්‍රමයන් තවමත් අධ්‍යාපනයට වෙන් වූ ස්ථාන සේ සැලකේ. අද තායිලන්තයේ ප්‍රාථමික පාසැල් බාගයක් පමණ පිහිටා ඇත්තේ ආශ්‍රම තුලය. ආගමික වත් පිළිවෙත් හා උත්සව ආශ්‍රමයක පැවැත්වෙන්නේ සමාජ කටයුතු හා අනුගාමීවය. අර්බූදකාරී අවස්ථාවල දී උපදෙස් ලබාගනු පිණිස තායිලන්ත වැසියන් තම ගැටළු රැගෙන එන්නේ භික්ෂුව වෙතය.

සාම්ප්‍රදායික වශයෙන් මාසයකට හතර වතාවක් ඉහළ පදවියක් දරන භික්ෂුවක් විසින් ධර්ම දේශනාවක් පවත්වනු ලබයි. සතර පොහොය සේ සැලකෙන මේ දිනයන් නම් පුර අටවක, අව අටවක, පුර පසලොස්වක හා අව පසලොස්වක හෙවත් අමාවක වෙති. ගිහියන්ට මේ අවස්ථාවන් හි දී භික්ෂූන් වෙතින් භාවනා ඉගෙන ගැනීමට ද අවස්ථාව පෑදේ.

ගිහියෙක්ට ධර්මාවබෝධය ලබත හැකිය. භික්කු බෝධි දක්වන අන්දමට, "ගිහි බැතිමතුන් නිබ්බාන නම් පරම ඉලක්කය සපුරා ගත් අවස්ථා කිහිපයක් සුත්‍ර හා අට්ඨකතා වල සඳහන් වෙයි. එහෙත් එවැනි බැතිමතුන් අර්හත් බව මරණාසන්නයේ දී ලැබීම හෝ ධර්මාවබෝධයෙන් පසු පැවිදි බවට පත්වීම සිද්ධ වෙයි. අර්හත් ලෙසින් ගිහි ජීවිතයක් නිවසක සිට ගත කරන්නේ නැත. සියළු තණ්හා දුරලන ලද අයෙක් නිවසක ජීවත්වීම පරස්පර විරෝධී වූවකි."[33]

බලපෑම්[සංස්කරණය]

වාග්වේදියෙක් වූ සැකරියාස් පී. තන්ඩි (Zacharias P. Thundy) පෙන්වා දෙන්නේ "ථේරවාද" යන වචනය හෙලනික වූ ථෙරපියුටේ (Therapeutae) යන වචනයට හැරී ඇති බවයි. එය පළමු වැනි සියවසේ මුහුදු බඩ පිහිටි ඇලෙක්සැන්ඩ්‍රයාවේ තිබි පැවිදි සම්ප්‍රදායකි. අශෝක ස්ථම්භ වලින් කියැවෙන බෞද්ධ ධර්මදූත මෙහෙවර පෙනෙන ඉන්දියානු ආභාසය මෙයින් දැක්වෙන්නේ යැයි ඔහු කියයි. ථෙරපියුටේ නම් අශෝක අධිරාජ්‍යයාගේ දූත මෙහෙවරෙන් බටහිර ඇති වූ ආගමික පරම්පරාවක් ලෙසින් දක්වන ඔහු එය ක්‍රිස්තියානි ආගමේ මුල් ප්‍රභවයන්ට හේතු සාධක වෙන්නට ද ඇතැයි කියයි. [34] However, the Macmillan Encyclopedia of Buddhism[35] states that theories of influences of Buddhism on early Christianity are without historical foundation.

ථෙරවාද සම්ප්‍රදායේ නිකායන්[සංස්කරණය]

ථෙරවාද භික්ෂූන් සාමාන්‍යයෙන් යම් විශේෂ නිකායකයට අයත් වෙති. ඒවා ආශ්‍රම පිළිවෙතක් හෝ සංවිධානයකි. ඒ නිකායන් තුල වෙනස් වූ ධර්මයක් ඇදහෙන්නේ නැත. එහෙත් ආශ්‍රමය තුල පිළිපදින පිළිවෙත් වෙනස් බවකින් යුක්ත වෙන්නකි. යම් භූගෝලීය පෙදෙසක පටන් ගත් සම්පදාවට ඇතුල් වෙන පිළිවෙතක් අනුගමනය වැනි කටයුතු වලින් යුතු වූවකි. ශ්‍රී ලංකාවේ නිකාය බෙදීමට කුලය හේතු පාදක ය. සමහර බෞද්ධ රටවල සංඝරාජ නම් වූ නායක පදවියක් පිහිටා ඇත. සංඝයා තුල ඉහළම පදවිය ලෙසින් දැක්වෙන එයින් පළාතේ ඉහළම පදවිය හෝ නිකායේ ඉහළම පදවිය එහි දී සැලකේ. රජවරුන්ගේ පාලනය අවසන් වීමත් සමඟ මේ පදවි සමහර රටවල අහෝසි වී ඇත. තායිලන්තයේ තවමත් එසේ පත්වීමක් කරනු ලබයි. බුරුමය හා කාම්බෝජය ඒ පදවියට අයෙක් පත් කිරීම කාලාන්තරයක් තිස්සේ නවතා දැමුව ද නැවත එය පටන් ගන්නා ලදි. එහෙත් කාම්බෝජයේ එය නැවතත් නැති වී යන ලදි.

  • බංග්ලාදේශය:
    • සංඝරාජ නිකාය
    • මහාස්ථබිර නිකාය
  • බුරුමය (මියන්මාර්):
    • ථුධම්ම නිකාය
    • ශ්වේකින් නිකාය
    • ද්වාර නිකාය
  • ශ්‍රී ලංකාව:
    • සියම් නිකාය
      • මල්වතු
      • අස්ගිරි
      • වතුරවිල (මහාවිහාර වාංශික ශ්‍යාමෝපාලී වනවාස නිකාය)
    • අමරපුර නිකාය
      • ධම්මරක්ෂිත
      • කඳුබොඩ (ස්වේජින් නිකාය)
      • තපෝවන (කළ්‍යාණවාංශ)
    • රාමඤ්ඤ නිකාය
      • ගල්දූව
      • දෙල්දූව
  • තායිලන්තය සහ කාම්බෝජය
    • මහා නිකාය
    • ධම්මයුත්තික නිකාය

උත්සව සහ චාරිත්‍ර[සංස්කරණය]

ථේරවාද ආගමික උත්සව:

  1. මාඝ පූජා
  2. වෙසක් උත්සවය
  3. ඇසළ උත්සවය
  4. උපොසථ
  5. වස් විසීම

See Also[සංස්කරණය]

ගැලරිය[සංස්කරණය]

See also[සංස්කරණය]

References[සංස්කරණය]

  1. Gethin, Foundations, page 1
  2. "The World Factbook: Sri Lanka". CIA World Factbook. සම්ප්‍රවේශය 2006-08-12. .
  3. Adherants.com - See the citations under 'Theravada Buddhism - World'
  4. See "On the Vibhajjavādins", Lance Cousins, Buddhist Studies Review 18, 2 (2001)
  5. Hirakawa Akira (translated and edited by Paul Groner), 'A History Of India Buddhism', Motilal Banarsidass Publishers, Delhi, 1993, page 109.
  6. Samuel Beal, "Si-Yu-Ki - Buddhist Records of the Western World - Translated from the Chinese of Hiuen Tsiang AD 629", published by Tuebner and Co, London (1884), reprint by the Oriental Book Reprint Corporation, New Delhi, (1983), Digital version: Chung-hwa Institute of Buddhist Studies, Taipei. එම පොතේ, හියුන් සියැන්ග් (Hiuen Tsiang) ශ්‍රී ලංකාවේ බුද්ධාගාමිකයන් සඳහන් කරන්නේ "බුදුන්ගේ ඉගැන්වීම් මූලිකව අනුගමනය කරන ස්ථවිර ධර්මධාරීන් සම්ප්‍රදාය" කියාය.
  7. Samuel Beal, "The Life of Hiuen-Tsiang: By the Shaman Hwui Li. With an introduction containing an account of the works of I-tsing", published by Tuebner and Co, London (1911), Digital version: University of Michigan. මෙම පොතේ, අයි සියැන්ග් ශ්‍රී ලංකාව ගැන සඳහන් කරන්නේ "සිලෝන් හි ස්ථවිර සම්ප්‍රදාය පමණක් වර්ධනය වේ; මහාසාංඝිකයන් නෙරපා හැරෙයි" කියාය.
  8. it is used in the Dipavamsa (quoted in Debates Commentary, Pali Text society, page 4), which is generally dated to the fourth century
  9. Smith, Hudson. Novak, Philip. Buddhism. New York: HarperCollins Publishers, 2003
  10. Randall Collins, The Sociology of Philosophies: A Global Theory of Intellectual Change. Harvard University Press, 2000, page 187.
  11. Indian Insights, ed Connolly & Hamilton, Luzac, London, 1997, pages 187-9
  12. "Modern Theravada". 
  13. Journal of the International Association of Buddhist Studies, volume 28 (part 2), page 302 (2005)
  14. Edmund F. Perry's introduction to Walpola Rahula's The Heritage of the Bhikkhu: A Short History of the Bhikkhu in the Educational, Cultural, Social, and Policital Life. Grove Press, New York, 1974, page xii.
  15. Stanley Jeyaraja Tambiah, Buddhism Betrayed? The University of Chicago Press, 1992, pages 35-36.
  16. Stanley Jeyaraja Tambiah, Buddhism Betrayed? The University of Chicago Press, 1992, page 28.
  17. Stanley Jeyaraja Tambiah, Buddhism Betrayed? The University of Chicago Press, 1992, page 28.
  18. Stanley Jeyaraja Tambiah, Buddhism Betrayed? The University of Chicago Press, 1992, page 29.
  19. Stanley Jeyaraja Tambiah, Buddhism Betrayed? The University of Chicago Press, 1992, pages 63-64.
  20. Gombrich 1996, p. 177-181.
  21. http://en.wikipedia.org/wiki/Theosophical_Society
  22. http://en.wikipedia.org/wiki/Henry_Steel_Olcott
  23. Gombrich 1996, p. 172-197.
  24. The five sensory doors, together with the mind, are known in the Pali Canon as the “Six Sense Bases”"Salayatana-samyutta". Access to Insight. සම්ප්‍රවේශය 2008-12-04.  and "Salayatana-vibhanga Sutta". Access to Insight. සම්ප්‍රවේශය 2008-12-04. 
  25. "Vipallasa Sutta". Access to Insight edition. සම්ප්‍රවේශය 2008-12-04.  and "The Way of Wisdom: The Restraint of the Senses". Buddhist Publication Society. සම්ප්‍රවේශය 2008-12-04. 
  26. Bodhi. "A Treatise on the Paramis: From the Commentary to the Cariyapitaka". සම්ප්‍රවේශය 2007-07-31. 
  27. "A Sketch of the Buddha's Life". Access to Insight. සම්ප්‍රවේශය 2007-12-03. 
  28. "Lohicca Sutta". Access to Insight. සම්ප්‍රවේශය 2009-03-02. 
  29. Harvey, Introduction to Buddhism, Cambridge University Press, 1990, page 3.
  30. Peter Harvey, The Selfless Mind. Curzon Press, 1995, page 9.
  31. Macmillan Encyclopedia of Buddhism, 2004 (Volume Two), page 756
  32. http://www.lakehouse.lk/budusarana/2009/05/08/tmp.asp?ID=fea06
  33. Bhikkhu Bodhi,In the Buddha's Words, Wisdom Publications 2005; page 376
  34. "The Original Jesus" (Element Books, Shaftesbury, 1995), Elmar R Gruber, Holger Kersten
  35. (Volume One), page 159

External links[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ථේරවාදය&oldid=405739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි