ශ්‍රී ලංකාවේ ජාතික සංකේත

විකිපීඩියා වෙතින්
(ජාතික සංඛේත - ශ්‍රී ලංකා වෙතින් යළි-යොමු කරන ලදි)

ලෝකයේ ශිෂ්ටාචාරවත් හැම රටකම පාහේ සිය ජාතියක අනන්‍යතාවය ප්‍රකාශ කරන විවිධ වස්තු, ලාංඡන, සංකේත, ගීත හා කොඩි භාවිතා වේ. මේවා අතරින් සුවි‍‍ශේෂ ස්ථානයක් ලැබෙන්නේ ජාතික කොඩියටයි. රටක ජාතික කොඩිය නිර්මාණය කිරීමේ දී ආගම, එම දේශය ආවේනික හෝ දේශයේ කිසියම් වැදගත් සිදුවීමක් හා සැබැඳි සත්ත්ව වර්ග හා ශාක වර්ග සහ දේශයේ වසන විවිධ ජන වර්ග ආදී බොහෝ දෑ සැලකිල්ලට ගනු ලැබේ.

ශ්‍රී ලංකා ජාතික කොඩිය (Sri lankan national flag)[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියෙහි, සිංහල ජාතිය හා සැබැඳි පෞරාණික සංකේතය වූ සිංහයා සහ මෙරට වසන දමිළ සහ මුස්ලිම් ජනතාව අඟවන වර්ණ ඇත. එහි ඇති බෝපත් සතර බුදුදහමේ "සතර බ්‍රහ්ම විහරණයන් වන මෙත්තා, කරුණා , මුදිතා, උපේක්ඛා හෙවත් ධාර්මික භාවය" නිරූපණය කරයි.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පිළිබඳව තතු දැන ගැනීමට ක්ලික් කරන්න

ජාතික කොඩියේ ඇතුළත් සංකේත.

කඩුවක් අතින් ගත් සිංහයා : සිංහල ජාතිය, සිංහල ජනතාවගේ විනයගරුක බව, නිර්භීතකම, අභිමානය, නායකත්වය හා සාධාරණත්වය විදහා දක්වයි.
රතු පාට පසුබිම : අභිමානය
බෝපත් සතර : මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඇතුළු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය.
තැඹිලි පාට තීරුව : දමිළ ජනතාව
කොළ පාට තිරුව : මුස්ලිම් ජනතාව


ලංකා ජාතික කොඩියේ නිර්මාතෘ කමිටුව[සංස්කරණය]

  • ඵස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක (සභාපති)
  • මහාචාර්ය සෙනරත් පරණවිතාන (ලේකම්)
  • ටී. බී. ජයා
  • ජී. ජී.පොන්නම්බලම්
  • ජේ. ආර්.ජයවර්ධන මහත
  • සර් ලලිත රාජපක්ෂ
  • සර් ජෝන් කොතලාවල මහතා.

ශ්‍රී ලංකා ජාතික කොඩිය[සංස්කරණය]

ලංකා ජාතික ධජය වෙනස්කොට ශ්‍රී ලංකා ජාතික ධජය සකස්කලේ කලේ 1972 දී ය. මුලු හතරේ තිබූ සම්ප්‍රදායික බෝපත් ලාංඡන වෙනුවට සැබෑ හැඩයේ බෝපත් හදූන්වා දුනි.

ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුව[සංස්කරණය]

ශ්‍රී ලංකා ජාතික ගීය (National anthem of Sri Lanka)[සංස්කරණය]

ඉතිහාසය[සංස්කරණය]

ජාතික ගීයේ රචක[සංස්කරණය]

ආනන්ද සමරකෝන් විසින් රචනා කරන ලදී. (මේ ගීය ඔහු විසින් රචනා කරන ලද්දේ "නමෝ නමෝ නමෝ මාතා....." යනුවෙනි. පසුව එය "ශ්‍රී ලංකා මාතා....." යනුවෙන් වෙනස් කරන ලදී.)එය වෙනස් වන ලද්දේ "න"අකුර අපාය අක්ෂරයක් වීම, අරම්බක ගණය අනිටු ගණයක් වීම වැනි කරුණු මතය.

පද[සංස්කරණය]

ශ්‍රී ලංකා මාතා

අප ශ්‍රි.....ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

සුන්දර සිරි බරිනී සුරැඳි අති සෝබමාන ලංකා

ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා

අප හට සැපසිරි සෙත සදනා ජීවනයේ මාතා

පිළිගනු මැන අප භක්තී පූජා

නමෝ නමෝ මාතා

අප ශ්‍රී.....ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ඔබ වේ අප විද්‍යා

ඔබ වේ අප සත්‍යා

ඔබ වේ අප ශක්තී

අප හද තුළ භක්තී

ඔබ අප ආලෝකේ

අපගේ අනුප්‍රාණේ

ඔබ අප ජීවන වේ

අප මුක්තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා

ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා

එක මවකගෙ දරු කැළ බැවිනා

යමු යමු වී නොපමා

ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා

අප ශ්‍රී......ලංකා නමෝ.... නමෝ.... නමෝ නමෝ මාතා

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය


රාජ්‍ය ලාංඡනයේ ඇතුළත් සංකේත.

: නිර්භීතකම
පුන්කලස : සමෘද්ධිය
ඉර සහ හඳ : චිර ජීවනය
ධාන්‍යකරල් : සශ්‍රීකත්වය
ධර්ම චක්‍රය : ධාර්මිකභාවය සහ සාධාරණත්වය
නෙළුම් පෙති : පිවිතුරුබව හා උතුම්බව


.[1]


ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය (National flower of Sri Lanka)[සංස්කරණය]

නිල් මානෙල් මල (Nymphaea nouchali)
ජාතික පුෂ්පය ලෙස බොහෝ දෙනා වරදවා භාවිතා කරන දම් පැහැති විදේශීය මානෙල් මල

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල හදුන්වා දුන්නේ 1986 පෙබරවාරි 26 දින දී ය.නමුත් දැන් ශ්‍රීලංකාවේ ජාතික පුෂ්පය ලෙස මානෙල් මල හදුන් වයි.මෙය තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.

  • බුදුන් වහන්සෙගෙ සිරි පතුලහි ඇති මගුල් ලකුනු වලින් එකක් වීම.
  • සත්‍ය, පිරිසිඳු බව , විනය සංකේතවත් කිරීමට යොදා ගනියි.
  • රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.
  • උපුල්වන් දෙවිඳුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම. (මේ දෙවිඳුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)
  • බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.
  • මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.

නිල් මහනෙල් හි උද්භිද නාමය පෙර දී Nympheae Stellata වූ නමුදු මෙම මලෙහි වත්මන් උද්භිද නාමය Nymphaea nouchali වේ. නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස මානෙල් මල නම් කර තිබේ. එම නිසා ජාතික පුෂ්පය කුමක්ද යන්නට නිවැරදි පිළිතුර විය යුත්තෙ මානෙල් මල වේ.

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය පිළිබඳ ජාතික මට්‌ටමේ මුළාව[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්‌ ද යන්න හුරුපුරුදු ප්‍රශ්නයකි. එය පාසල් ළමයින්ට විවිධ ශ්‍රේණිවල දී උත්තර දෙන්නට වන ප්‍රශ්නයකි. සාමාන්‍ය දැනීම තරගවල දීත් මේ ප්‍රශ්නය නිතර ම අසනු ලැබේ. උත්තරය බොහෝ සරල ය. උත්තරය නිල් මහනෙල් ය.

එහෙත් මේ නම කියන්නට දැන සිටීම පමණක්‌ ප්‍රමාණවත් නැත. මේ පුෂ්පය හඳුනා ගන්නට ද අප සමත් විය යුතු ය. රූපවාහිනි නාළිකාවල දැනුම මිනුම වැඩසටහන්වල විවිධ මල්වල රූප ඉදිරිපත් කොට නිල් මහනෙල් හඳුනා ගන්නා ලෙස දැනුම් දෙයි. මෙය ද ඉතා පහසු ය. අපේ දරුවන් ගේ පෙළ පොත්වල ජාතික පුෂ්පයේ ඡායාරූප ඇත. මුද්දර කාර්යංශය නිකුත් කළ මුද්දරවල ද එය ඇත. රජයේ විවිධ ප්‍රකාශනවල ප්‍රචාරක ව්‍යාපෘතිවල ද මේ රූපය ඇත. ඒ රූපය මතකයේ තබාගෙන නිල් මහනෙල් තෝරා ගැනීම එතරම් ම අපහසු නැත. එහෙත් ඇත්තෙන් ම මෙතරම් කාලයක්‌ අප නිල් මහනෙල්, නිල් මහනෙල් කියමින් පෙන්වා ඇත්තේ නිල් මහනෙල් නො වේ යෑයි පැවසුවොත්....?.

බැලූ බැල්මට ම එය අමුතු ම කතාවකි. එහෙත් සත්‍යය එයයි. එක්‌ අතකින් එය ලොකු රැවටීමකි. මුළු රටක්‌ ම ජාතික සංකේතයක්‌ සම්බන්ධ ව දිගු කලක්‌ තිස්‌සේ රැවටී සිටීම පොඩි පහේ මුළාවක්‌ ද නො වේ.

අපේ ජාතික පුෂ්පය ප්‍රකාශයට පත් කළේ 1986 දී ය. එවකට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ව සිටි කේ. එච්. ඡේ. විජයදාස මහතා ගේ උපදේශකත්වයෙන් බිහි වූ කමිටුවක්‌ මගින් මේ ප්‍රකාශයට පත් කිරීම සිදු කරන ලදී. මේ කමිටුවේ සභාපතිත්වය දරන ලද්දේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ විසිනි. උද්භිද විද්‍යාඥයෝ කිහිප දෙනෙක්‌ ද ඒ කමිටුවට ඇතුළත් වූ හ. ලංකාවේ ජාතික පුෂ්පය නම් කරන ලෙස මහජනයා ගෙන් ද ඉල්ලීම් කර තිබූ අතර ඊට විශාල ලෙස ප්‍රතිචාර ලැබී තිබිණි. ජනතාව විශාල උනන්දුවක්‌ දක්‌වමින් පුෂ්ප නම් කර එවූ හ. නෙළුම්, අරලිය වැනි මල්වල නම් ද ඒ අතර බහුල ව විය. එහෙත් ජාතික පුෂ්පය බවට නම් කෙරුණේ නිල් මහනෙල් ය. මෙය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ කැබිනට්‌ පත්‍රිකාවකිනි. එම කැබිනට්‌ පත්‍රිකාව පිළියෙල කළේ ද කේ. එච්. ඡේ. විජයදාස මහතා ය. කෙසේ වෙතත් මේ පත්‍රිකාවෙහි නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ නො වී ය.

මුද්දර කාර්යංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ නිකුත් කර ඇත. එහි ඇත්තේ ද සැබෑ මල නො ව වැරැදි මලක පිංතූරයකි. පෙළ පොත්වල ඇත්තේ ද වැරැදි මලක රූපයකි. පාසල්වල පමණක්‌ නො ව ඇතැම් උසස්‌ අධ්‍යාපන ආයතනවල ද උගැන්වූයේ වැරැදි රුව පෙන්වමින් ය. අවුරුදු 25කට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැති මේ මුළාව පිළිබඳව ජනතා අවධානය යොමු වූයේ මහාචාර්ය දීප්ති යකන්දාවල හා ආචාර්ය කපිල යකන්දාවල යන විද්වතුන් දෙපළ විසින් කරන ලද හෙළිදරව්වකින් පසුව ය. දීප්ති යකන්දාවල පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරියකි. ආචාර්ය කපිල, වයඹ විශ්වවිද්‍යාලයයේ කෘෂි පීඨයේ කථිකාචාර්ය ධූරයක්‌ හොබවයි.

"අවුරුදු තුනක්‌ පමණ තිස්‌සේ කළ පර්යේෂණවලින් අපට පෙනී ගියා ශ්‍රී ලංකාවේ දැනට ජාතික පුෂ්පය ලෙස භාවිත වන්නේ සැබෑ මල නො වන බව. දැනට නිල් මහනෙල් ලෙස දක්‌වන රූපය සැබෑ නිල් මහනෙල් නො වෙයි" එසේ පවසන්නී මහාචාර්ය යකන්දාවල ය.

ශ්‍රී ලංකාවේ නිල් මහනෙල් පිළිබඳ රජයට සම්බන්ධ වාර්තා ලේඛන හා ග්‍රන්ථවල වැරැදි රූපය හඳුන්වා දීම නිසා ඒවා පෙළපොත්වලට පවා ගමන් කොට තිබේ.

මේ පර්යේෂකයන් පවසන පරිදි දැනට නිල් මහනෙල් ලෙස ඉදිරිපත් කර ඇති රූපය දේශීය නො වන පිටරටින් ගෙනෙන ලද මලකි. උත්ප්‍රාසාත්මක වන්නේ අපේ සැබෑ ජාතික පුෂ්පය දේශීය එකක්‌ ව තිබිය දී ඊට අදාළ පිංතූරය විදේශීය මලක්‌ වීම ය.

සිංහලෙන් නිල් මහනෙල් කියා හඳුන්වන මලෙහි උද්භිද විද්‍යාත්මක නාමය Nymphaea nouchali ය. මෙය නිවැරැදිව හැඳින්විය යුත්තේ Nymphaea nouchali.Burm. f. ලෙස බව මහාචාර්ය දීප්ති යකන්දාවල ගේ මතයයි.

Burm.f. යනු මේ මල පළමුවෙන් නාමකරණය කළ පුද්ගලයා ගේ නමයි. ඔහු ගේ සැබෑ නම නිකලස්‌ ලෝරන්ස්‌ බර්මන් ය. ඔහු 1734 - 1793 කාලය තුළ ඕලන්දයේ විසූ උද්භිද විද්‍යාඥයෙකි. Nymphaea nouchali පුෂ්පය අපේ එකක්‌. එහෙත් මේ රූපයේ තියෙන්නේ අපේ එකක්‌ නො වෙයි. එය බොහෝ විට මුහුම්කරණයක ප්‍රතිඵලයක්‌ විය හැකියි." එසේ පවසන්නේ ආචාර්ය කපිල යකන්දාවල ය. දැනට පෙන්වනු ලබන රූපය Nymphaea capensis, Nymphaea caerulea හෝ Nymphaea micrantha හි මුහුමක්‌ විය හැකි බව ඔහු ගේ මතයයි.

මහාචාර්ය දීප්ති යකන්දාවල පවසන්නේ නිල් මහනෙල් ගැන උනන්දුව තමා තුළ ඇති වූයේ කුඩා අවධියේ දී බවයි. පාසල් ගුරුවරියක වූ ඇගේ මව ඇයට නියම මල හඳුන්වා දී ඇත. දැනට භාවිතයේ තිබෙන මලත් අම්මා පෙන්වූ සැබෑ මලත් අතර වෙනසක්‌ තිබිණි.

"ඇත්තෙන් ම මේ මල් වෙන් කර හඳුනා ගැනීම එතරම් අපහසු නැහැ. සැබෑ මල ළා නිල් පාටයි. වැරැදි මලේ පෙති දම් පාටයි.

වැරැදි මලේ පෙති වැඩි ප්‍රමාණයක්‌ තියෙනවා. එනම් පෙති 25ක්‌ පමණ. ඒත් හරි මලේ පෙති ප්‍රමාණය මීට අඩුයි. වැරැදි මලේ රේණු තද කහ පාටයි. හරි මලේ රේණු ළා කහ පාටයි. වැරැදි මලේ රේණු කෙළවර දම්පාට තිබෙනවා, සැබෑ නිල් මානෙල් මලේ රේණු කෙළවර ළා නිල් පාටයි. රේණු සංඛ්‍යාව වැඩි වැරැදි මලෙයි. සැබෑ මලෙහි රේණු අඩුයි." ඒ මහාචාර්ය දීප්ති යකන්දාවල ඉදිරිපත් කළ සන්සන්දනයයි.

කෙසේ වෙතත් ලංකාවේ බහුලව ම ව්‍යාප්ත ව ඇත්තේ සැබෑ නිල් මහනෙල් මල නො ව ව්‍යාජ නිල් මහනෙල් මලයි. වැව්වල වැඩිපුර දක්‌නට ඇත්තේ ද වැරැදි පුෂ්පයයි. සැබෑ නිල් මහනෙල් වැඩෙන්නේ නො ගැඹුරු ජලයේ ය. පොත්පත්වල පමණක්‌ නො ව ආගමික ස්‌ථාන අසල නිල් මහනෙල් ලෙස නම් කොට අලෙවි කෙරෙන්නේ ද සැබෑ නිල් මහනෙල් නො වන බව මේ පර්යේෂකයන් දෙපළ ගේ අදහසයි.

විදුසරට වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කපිල යකන්දාවල කියා සිටියේ "The Flora of Ceylon", (දසනායක හා ක්‌ලේටන් ගේ) ග්‍රන්ථයේ නියම මල ගැන තොරතුරු ඇති නිසා එම තොරතුරු භාවිත කරමින් නිල් මහනෙල් හඳුනාගත හැකි බවයි.

වැරැදි රූපය ඉදිරිපත් වීම නිසා පිටරටට යෑවෙන තොරතුරුවල ද පිටරට වෙබ් අඩවිවල ද මේ තොරතුරු සඳහන් වන්නේ වැරැදියට ය. එනිසා දැන් වත් මෙය නිවැරැදි වීම ජාතික අවශ්‍යතාවක්‌ වන බව ආචාර්ය කපිල යකන්දාවල ගේ අදහසයි.

මේ කරුණු ගැන අවධානය යොමු කොට පර්යේෂණ පවත්වා තොරතුරු හෙළි කිරීම පිළිබඳව ජනතාව ගේ ගෞරවාදරය යකන්දාවල දෙපළට හිමි විය යුතු අතර ම රජයේ බලධාරීන් ගේ වගකීම වන්නේ යම් වරදක්‌ සිදු ව ඇත්නම් එය නිවැරැදි කිරීම ය.

(මේ විවාදාත්මක කරුණ සම්බන්ධයෙන් විදුසර අවධානය යොමු කරවූ ධනේෂ් විසුම්පෙරුම මහතාට ස්‌තුතියි. මේ සම්බන්ධයෙන් වෙනත් විද්‍යාත්මක මත තිබේ නම් කරුණාකර විදුසර දැනුවත් කරන්න.)


උපුටා ගැනීමකි..

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය (National tree of Sri Lanka)[සංස්කරණය]

ජාතික වෘක්ෂය

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය නා ගස ලෙස හදුන්වා දුන්නේ 1986 වසරේදී ය. එම ගසේ වැදගත්කම් කීපයක් මෙසේය.

  • මංගල, සුමන, රේවත හා සෝභිත යන සිව් බුදුවරුන් බුද්ධත්වය‍ට පත් වූයේ නා ගස් සෙවණේ වීම සහ මෛත්‍රී බුදුන් බුදුබව ලැබීමට නියමිත නා ගස් සෙවනක වීම.
  • ඉතා ශක්තිමත්, අති දීර්ඝ කාලයක් පවත්නා වෘක්ෂයක් වීම නිසා එවන් සවිමත් චිර පැවැත්මක් දේශයට ද ලැබේවා යන පැතුම සංකේතවත් වීම.
  • ඉතා සෞම්‍ය, පියකරු සුවඳක් වහනය වන මල් පිපෙන රුකක් වීම.
  • සර්ප දෂ්ඨය ප්‍රධාන රෝගාබාධ රැසකට ප්‍රතිකාර සඳහා ගනු ලබන ඖෂධ පංචාංගයක් සහිත වීම.
  • නා ගසෙහි විද්‍යාත්මක නාමය - Mesua Nagasurium





ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව (National sport of Sri Lanka)[සංස්කරණය]

විසිවන ශතවර්ෂයේ මුල්භාගයේ සිට වොලිබෝල් (Volleyball) ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී රට පුරාම පැතිර ගියේය. කාන්තා පිරිමි දෙපාර්ශ්වයම කරනු ලබන ක්‍රීඩාවකි. 1941වසරේ නිල වශයෙන් වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස නම් කරන ලදී. මෙම ක්‍රීඩාව කිරීමේ දී එක් පිලකට ක්‍රීඩකයන් 6 දෙනෙක් ක්‍රීඩා කරයි.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව

thumb|276x276px|ක්‍රීඩා පිටියේ ආකෘතියක්|මධ්‍යය


with wikepedia

ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා (National animal of Sri Lanka)[සංස්කරණය]

දඬු ලේනා


ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා දඬුලේනා වේ

දඬු ලේනා ගේ විද්‍යාත්මක නාමය Ratufa Madeira වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් Giant Squirrel ලෙස හඳුන්වයි. දඬුලේන් විශේෂය ශ්‍රී ලංකාවේ මධ්‍යම හා ඌව ප්‍රදේශවල දැක ගත හැකිය.25cm ක් පමණ දිගින් යුත් දඬු ලේනා ට දිගු වලිගයක්, රවුම් වූ කෙටි කන් හා පළල් වූ අත් ඇත. දුඹුරු රතු අළු හා කළු වර්ණවල් ශරීරයේ දැක ගත හැක. මෙම සත්ත්වයා වඩාත් ක්‍රියාකාරී වන්නේ උදය කාලයේ හා සන්ධ්‍යාවේ මුල් භාගයේදී ය .එක් ගසක සිට 6mක් දුරින් පිහිටි ගසකට පවා පැනීමට හැකි ය. දඬු ලේනා වඳවීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින සත්වයෙකි.



ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා (National bird of Sri Lanka)[සංස්කරණය]

වළි කුකුළා

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වළි කුකුළාවේ. මෙම පක්ෂියා තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.

  • මෙම පක්ෂියා ඉතා අලංකාරවත් වර්ණ කීපයකින් සෑදුනු පිහාටු දරණ දැකුම්කලු සතෙකු වීම.
  • ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේශීය පක්ෂියෙකු වීම.
  • ඵඩිතර සටන්කාමී කඩිසර සතෙකු වීම.
  • කුකුළා, අරුණෝදය හෙවත් ආලෝකය ඵළඹෙන බව කියාපාන දූතයකු වීම.
  • වලි කුකුලාගේ ඉංග්‍රීසි නාමය - Ceylon jungle fowl

ප්‍රමාණයෙන් කුඩා සිරුරක් ඇති වර්ණවත් දිගු පිහටුවලින් යුක්ත පෙදයක් ඇති දිගැටි සත්වයෙකි. වියළි කලාපයට අයත් ප්‍රදේශවල වැඩිපුර දක්නට ලැබේ. තෙත් කලාපිය කදුකර පහත් බිම්වලත් දක්නට ලැබේ.

Biological name :Gallus lafayettii


ශ්‍රී ලංකාවේ ජාතික සමනළයා (National Butterfly of Sri Lanka)[සංස්කරණය]

මහ කුරුලු පිය පැපිලියා[සංස්කරණය]

මහ කුරුලු පිය පැපිලියා, ශ්‍රී ලංකාවේ ජාතික සමනළයා

ශ්‍රී ලංකාවට ආවේණික සමනළයා වන මෙම සමනළයා ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති සමනළ වර්ගයකි. මෙම සමනළයා ලංකාවේ සිටින විශාලතම සමනළ වර්ගය ද වේ.





ශ්‍රී ලංකාවේ ජාතික ඇඳුම (National dress of Sri Lanka)[සංස්කරණය]

මෙය සිංහල, බෞද්ධ, සංස්කෘතිය, භූ ගෝලීය සාධක පදනම් කර ගනිමින් තීරණය වුවකි. 1921 දී පමණ ජාතික ඇඳුම පිලිබඳව යම් එකඟතාවයකට පැමිණි නමුත් 1939 නැවත මතභේද ඇතිවිය. මේ අනුව සිංහල ජනතාවගේ ජාතික ඇඳුම වශයෙන් පිරිමින්ගේ : අත්දිග කමිසය හා වේට්ටිය හෝ සරමත්, කාන්තාවන් සඳහා ඔසරිය හා හැට්ටයත්, ගැහැණු ළමුන් සඳහා ළමා සාරිය හා මන්තය යෙදු හැට්ටයත් අයත් වේ.

thumb|211x211පික්| ශ්‍රී ලංකාවේ ජාතික ඇඳුම




ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය/මැණික (National Gem of Sri Lanka)[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය වන්නේ නිල් මැණිකයි. ඇත අතීතයේ සිටම ලංකාව මැණික්වලට ප්‍රසිද්ධියක් උසුලයි. කල් පැවැත්ම, දුර්ලභ බව, අලංකාරය නිසා ලෝකයේ වටිනාම සම්පතකි. ලෝකයේ වටිනාම නිල් මැණික හමුවී ඇත්තේ රත්නපුර කුරුවිට ප්‍රදේශයෙනි. thumb| නිල් මාණික්‍යය




ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • ශ්‍රී ලංකාව-සරත් රණවීර

මේවාත් බලන්න[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

  1. බෞද්ධ කලාවේ නොමැ­කෙන ලකුණ සංරක්ෂණය කළ පිටපත 2021-07-12 at the Wayback Machine. සිළුමිණ, සම්ප්‍රවේශනය කිරීම 28 ඔක්තෝබර් 2017.