ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව නමැති ස්වෛරීය රාජ්‍යයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සැප්තැම්බර 7 වන දිනදී ජාතික රාජ්‍ය සභාව විසින් එය ප්‍රඥාපනය කරණලදී. මෙය ජනරජයක් වූ ශ්‍රී ලංකාවේ දෙවන ව්‍යවස්ථාව වන අතර, ලංකාව නමින් 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව එහි තුන්වන ව්‍යවස්ථාව වෙයි . 2015 අප්‍රියෙල් වන විට එය 19 වතාවක් විධිමත් ලෙසින් සංශෝධනය කොට ඇත.1978 ව්‍යවස්ථාව මගින් බොහෝ දුරට ගෝලිස්ට් ආණ්ඩුක්‍රමයක් පිළිඹිබු කරයි.
මෙම ලිපිය |
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
---|
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඉතිහාසය
[සංස්කරණය]හයෙන්-පහක බලයක් සහිතව එක්සත් ජාතික පක්ෂය (එජාප) 1977 ජූලි මසදී බලයට පත්වූ විට, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙවන සංශෝධනය 1977 ඔක්තොම්බර් 4 දිනදී සම්මත කර ගන්නා ලද්දේ විධායක ජනාධිපති ධූරයක් පිහිටුවීමට වන අතර, එය යටතේ (එකල අග්‍රාමාත්‍යවරයා) ජේ. ආර්. ජයවර්ධන 1978 පෙබරවාරි 4 දිනදී පළමු විධායක ජනාධිපතිවරයා බවට පත් විය. 1977 මහා මැතිවරණයට පෙර එජාප විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා මහජන වරමක් පැතීය. ඒ අනුව තේරීම් කමිටුවක් පත් කෙරුණේ පවත්නා ව්‍යවස්ථාව සංශෝධනය කල හැකි අයුරු විමසා බැලීමටය.
1978 සැප්තැම්බර 7 දිනදී ප්‍රඥාපනය කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්, ඒක-මණ්ඩල පාර්ලිමේන්තුවක් සහ විධායක ජනාධිපති තනතුරක් ලබා දුනි. ජනාධිපතිවරයාගේ ධූර කාලසීමාව සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය වන දෙකම වසර හයක් බවට නියම කෙරිණි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මැතිවරණ සඳහා බහු-මන්ත්‍රී සමානුපාතික නියෝජන ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූ අතර, ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 196 දෙනෙකුගෙන් (පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ දහහතරවන සංශෝධනයට අනුව එය 225 දක්වා වැඩි කෙරිණි) සමන්විත විය යුතු විය.
විධායක ජනාධිපතා තනතුර
[සංස්කරණය]1972 ව්‍යවස්ථාවට අනුව ඇති වූ ජනාධිපති තනතුර වෙනුවට 1978 ව්‍යවස්ථාවේදී පූර්ණ බලතල හිමි ජනාධිපති තනතුරක් ඇති විය.ජනපතිට හිමි බලතල
- පාර්ලිමේන්තුව කැදවීම
- පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම
- අගමැති පත්කිරීම
- ඇමති මණ්ඩලය පත් කිරීම
- වීෂය භාර අමාත්‍යවරු පත් කිරීම