සාරිය

විකිපීඩියා වෙතින්
සාම්ප්‍රධායික මහාරෂ්ඨ සරියකින් සැරසුන ගැහැණු ළමයෙකු හා කාන්තාවක්

සාරිය (sari, saree, or shari)[note 1]  යනු ඉන්දියාවේ වාසය කරන කාන්තාවන්ගේ ඇඳුමකි[1] මෙය දිගින් යාර පහත් නමයත් අතර වන අතර මීටර් වලින් මීටර් 4.5 ත්  8 පමණවේ[2] මෙය පළලින් අඩි දෙකත් හතරත් පමණ වන අතර එය සෙන්ටිමීටර් වලින් 60-120 අතරවේ[3] ඉන වටා රැලි යොදන අතර උර හිසට ඉහලින් රෙදි පොටක් යෙදේf.[4][5][6] විවිධ විලාසිතා අනුව රැලි දැමීම සිදුවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නෙවිල් සාරි විලාසිතාව බහුලය

බොහෝවිට සාරිය ඇඳීමට පෙර යටසායක් අඳිනු ලබයි.එය පර්කා නමින් හදුන්වයි 'parkar' (परकर මරාටි බසින් මෙය ලහන්ගා(lahaṅgā) හෝ ලෙහෙන්ගා(lehenga) ලෙසද උතුරු ප්‍රදේශයේ පාවඩෛ (பாவாடை) ලෙසද දෙමළෙන් (பாவடா)හෝ ඇතැම්විට ලංගා(லங்கா langa) ලෙසද මලයාලම් තෙළිඟු කණ්ණඩ භාෂාවලින් චානියෝ(chaniyo),පර්කා(parkar),ඝග්රා(ghaghra හෝ ඝහරෝ ලෙසද බටහිරදී ෂයා ලෙසද හදුන්වයි.උඩුකය සදහා අඳින යට ඇදුම හැට්ටය(blouse)මෙය දකුණු ඉන්දියාවේ දී රවිකේ(ravike) ලෙසද අනෙත් පලාත්වල චෝලි(choli) ලෙසද හදුන්වයි.සාරිය ඉන්දියානු අර්ධද්වීපයට අවේණික ඇඳුමකි.අකුණු ආසියාවට අයත් සෑම රටකම පාහේ සාරිය භාවිතාවනු දැකිය හැකිය.ඉන්දීය කාන්තාවන්ගේ ජතික අැඳුම ලෙස භාවිත වන්නේද සාරියයි.

නිරුක්තිය[සංස්කරණය]

සාරි(sari)යනු සංස්කෘත බසින් (शाटी śāṭī[7] රෙදි පටිය යන තේරුම දෙයි'[8] පාලි භාෂාවෙන් शाडी śāḍī or साडी ලෙස හදුන්වයි,වර්තමාන ඉන්දියානු භාෂා බොහෝමයට සාරි(sāṛī)යන වචනය දක්නට ලැබේ.[9] සට්ටිකා 'Sattika' යන වචනය කාන්තාවන්ගේ ඇඳුම යන තේරුම අතීත ඉන්දියාවේ සංස්කෘත භාෂාවේ දක්නට ලැබිණ.[10]

සම්භවය හා ඉතිහාසය[සංස්කරණය]

සාරිය ඉන්දියාවේ සමභවය වූ ඇඳුමක් වන අතර එහි ඉතිහාසය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා ඈතට දිවයයි.එනම් ක්‍රිස්තු පූර්ව 2800-1800 අතර ඉන්දියාවේ උතුරු දිග ප්‍රදේශයේ බිහිවූ ශිෂ්ටාචාරය තුල සාරිය සම්භවය ලබන්නට ඇත.[4][5][6] ක්‍රිස්තු පූර්ව 5000 දී පමණ ඉන්දියාවේ කපු වගාකළ බවට සාධක ලැබේ.[11] මෙම කාලයේ දීම ඉන්දියානුවන් විසින් කපු වලින් මැසූ වස්ත්‍ර වර්ණ ගන්වා ඇත.ඔවුන් මේ සඳහා ඉන්ඩිගෝ ලාකඩ පැහැය රතු පැහැය කහ යොදාගෙන ඇත [12] ක්‍රිස්තු පූර්ව 2450-2000 අතර කාලයේ දී ඉන්දියානුවන් සේද රෙදි විවීම සිදුකර ඇත.[13][14] පෙර සඳහන් කළ පරිදි සාරිය මුල්වරට සම්භවය ලබන්නේ ඉන්දියාවේ ඉන්දු නිම්ණ ශිෂ්ටාචාරය තුලයි.[4][5][6]

සාරිය කොටස් තුනකින් සමන්විත ඇඳුමකි .ඉනට අදින යට ඇදුම( Antariya) ළය පෙදෙස වැසෙනසේ අදින යට ඇදුම(Uttariya) හා උඩට අදින ඇඳුම(Stanapatta) වශයෙනි.ක්‍රිස්තු පූර්ව හයවන ශත වර්ෂයේ දී පමණ ඈත අතීතයේ පවා මේ ආකාර කොටස් තුනකින් යුත් සාරිය භාවිතවී ඇත..[15] ඉනට අදින යට ඇදුම පාද දක්වා දිගු වනසේ සකසා තිබිණ..[4][16][17] එය තවදුරටත් Bhairnivasani skirt නම් ඇදුම දක්වා වර්ධනය විය.වර්තමානයේ මෙය ghagri සහ lehenga යන නම්වලින් ඉන්දියාව තුල හදුන්වයි..[18] සාරියේ උඩකය ආවරණය වන හැට්ටය උරහිර අවරණය වන ආකාරයට සකසා ඇත, .[19] ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවස හා ක්‍රිස්තු පූර්ව දෙවන සියවස අතර කාලයේ දී සාරියේ යටට අදින යට සාය හා හැට්ටය එක් කොට තනි වස්ත්‍රයක් ලෙස සකසාගෙන තිබී ඇත.[20][21].[22][23]

අතීත සංස්කෘත හා දෙමළ කාව්‍ය ග්‍රන්තවල සාරිය හැදි කාන්තාවන් පිළිබද ලියැවී ඇත.[24][25][26][27] අතීතයේ ආසියාතික ස්ත්‍රීන් සිරුරේ මධ්‍ය කොටස පමණක් වැසෙන ලෙස සාරි භාවිතකර ඇත,ධර්ම ශාස්ත්‍ර ග්‍රන්තයේ දැක්වෙන්නෙ සාරිය නාභිය වැසෙනසේ අදිය යුතු බවයි.[28][29] ඇතැම් අවස්ථාවල නාභිය පෙනෙන සේ හැද නාභිය නොයෙක් ආකාරයට අලංකාරව පෙනෙන ලෙස සරසා තිබිණ.[5][30][31] විශේෂයෙන් නාටිකාංනාවන් භාවිතකල සාරි හොදින් නාභිය පෙනෙන සේ නිර්මාණයවී තිබිණ.මෙසේ නාභිය ප්‍රදර්ශනයවන ආකාරයට සාරිය ඇදීම භාරතයේ සම්ප්‍රධායික නාට්‍ය හා නර්තන සම්ප්‍රධායන්හි සම්ප්‍රධායක්විය.[32][33]

සංස්කෘත සාහිත්‍ය තුල සාරිය හා සම්භන්ධ විවිධ වචන පවතී. උදාහරණ ලෙස Avagunthana (oguntheti/oguṇthikā) යන වදනේ තේරුම වැස්ම යන්නයිl, Uttariya යන්නෙහි තේරුම උරහිස් වැස්ම යන්නයි, Mukha-pata යනු මුහුණු වැස්ම යන්නයි.Sirovas-tra යනු හිස් වැස්ම යන්නයිl.[34] හින්දු විවාහ මංගල්‍ය අවස්ථාවලදී මනාලිය හිස සහ මුහුණද වැසෙනසේ සාරියකින් සැරසී සිටීම සිදුකරයි.[34] මෙසේ මුළු සිරුරම වසෙනසේ ඇඳීම හින්දු සම්ප්‍රධාය අනුව සැමවිටම සිදු නොවේ.විවාහ මංගල්‍ය වැනි අවස්ථාවලදී පමණක් මෙසේ මුළු සිරුරම වැසෙනසේ සාරිය අඳියි[35] මෙයින් අවිවාහක ස්ත්‍රීන් මෙසේ වේල් පැලද සිටීම අනවශ්‍ය බව පැවසේl.[35] තුන්වන ශතවර්ෂයේදී මහායාන බෞද්ධයන්ද සාරිය සමග වෙල් පැළද සිටිබව පැවසේ.[36] මෙම සාරිය සමග වේල් පැළදීම තවමත් ඇතැම් හින්දි භාෂක ප්‍රජාව අතර පවතින චාරිත්‍රයකි.[37]

අතීත කැටයම් මූර්ති හා චිත්‍ර අධ්‍යනයේදී විවිධ විලාසිතා අනුව නිමැවුන සාරි භාවිත කළඇති බවට සාධක හමුවේ.මෙම සාරි සමග අඳිනලද හැට්ටය සිරුරට තදවන ලෙස නිර්මානය කර තිබින.[38][38] මුල් යුගයේදී හැට්ටය සිරුරේ ඉදිරිපස කොටස පමණක් වැසෙනසේ ඇඳ පිටුපස කොටස තුනී පටියකින් ගැටගැසීම මහින් සිරුරට සම්බන්ධකර තිබිණ;මෙසේ නිමැවුන හැට්ටය සහිත සාරි රාජස්ථාන් වැනි ප්‍රාන්තවල තවමත් භාවිතවෙයි.[39] සාරිය සමඟ අඳින හැට්ටය විවිධ විලාසිතා අනුව වර්තමානයේ පවා ඉන්දියාවේ භාවිතවේ.[40] එහෙත් දකුණු ඉන්දියාවේදී හැට්ටය ඉදිරිපස කොටසට වඩා පසුපස කොටස ආවරණයවන ලෙස නිමවා ඇත,.[41] නේපාලයේ භාවිතවන හැට්ටයද ඉදිරිපස හොදින් ආවරණය වනලෙස සකසා ගනී.[42]

ඉන්දියානු සංස්කෘතිය තුල විවාහ වැනි අවස්ථාවලදී වැඩිවශයෙන් රතු පැහැති සාරි ඇඳීමට කාන්තාවන් වඩාත් කැමැත්තක් දක්වයි.[43] සේද කපු ආදී රෙදි වලින් වියනලද සාරි ඉන්දියාව තුල බහුලව භාවිතවේ.උස්සව අවස්ථ වලදී හා විශේෂ අවස්ථා වලදී සාම්ප්‍රධායික ඉන්දියානු කාන්තාවන් සරියකින් සැරසී සිටීමට වැඩි කැමැත්තක් දක්වයි.[44] උස්සව අවස්ථා මෙන්ම ඉන්දියාව තුල එදිනෙදා නිවසේ සිටින අවස්ථාවල පවා සරිය භාවිත කරති.[45] පිංතාරු කළ සාරිද ඉන්දියාවේ බහුලය.[46] වර්තමානයේදී කෘතිම කෙඳි භාවිතයෙන් නිමවූ සාරිද ඉන්දියාවේ දක්නට ලැබේ.[47][48][49]

ඓතිහාසික ඡායාරූප[සංස්කරණය]

බංගලාදේශය[සංස්කරණය]

බංගලාදේශ අගමැතිනි ෂෙක් හශේනා මැතිනිය (2013)

බංගලා දේශයේ ජාතික අැඳුම ලෙස සාරිය (in Bengali=শাড়ি, Śāṛi ) යොදාගනී.බංගලා දේශයේ විවාහක කාන්තාවන් සාරිය අඳින අතර අවිවාහක ස්ත්‍රීන්ද විශේෂ අවස්ථා වලදී සාරි අඳීති.සාරිය බංගලා දේශයේ ජනප්‍රිය කාන්තා අඳුමකි. බංගලා දේශය තුලද ප්‍රාදේශීය වශයෙන් විවිධ විලාසිතා පවතී. කපු හා සේද රෙදි වලින් නිමවාගත් සාරි බංගලාදේශය තුල පවතී.

පකිස්ථානය[සංස්කරණය]

පකිස්තානය තුලද ජනප්‍රිය අැඳුමක් ලෙස සාරිය භාවිතවේ.මුස්ළිම් මෙන්ම හින්දු කාන්තාවන්ද සාරිය තම සංස්කෘතික අවශ්‍යතා අනුව සකස්කරමින් භාවිතවනු දැකිය හැකිය.ව්‍යාපාරික හා උස්සව අවස්ථා වලදී පකිස්ථාන් කාන්තාවන් සාරිය භාවිතා කරනු සුළභව දැකිය හැකිය.මධ්‍යම හා ඉහළ පැලැන්තියට අයත් කාන්තාවන් මෙවන් උස්සව අවස්ථා සඳහා විශේෂයෙන් සාරි අඳිති.මුස්ළිම් හා හින්දු කාන්තාවන් ඔවුන්ගේ සමාජ තත්වය නිරූපනය වන ලෙස සාරි අඳිනු දැකිය හැකිය. [50] පකිස්ථානු ජාතික හින්දු කාන්තාවන් දිනපතා අඳින අඳුමක් ලෙස සාරිය හැඳින්විය හැකිය, වැඩිහිටි මුස්ළිම් කාන්තාවන්ද සාරිය නිතර භාවිත කරයි[51] නව පරපුරේ පකිස්ථාන් ස්ත්‍රීන් නවීකරණය කළ සාරි භාවිතයට නැඹුරුවී ඇත.

ශ්‍රී ලංකාව[සංස්කරණය]

ශ්‍රී ලංකාව තුලද කැන්ඩියන් සාරිය හෙවත් ඔසරිය ජාතික අඳුම ලෙස සළකයි.ශ්‍රී ලංකාවේ භාවිතවන සාරිය ප්‍රධාන වර්ග දෙකකට බෙදේ ඒ සාරිය හා ඔසරිය යන නමිනි.මෙයින් ඔසරිය ජාතික අැඳුම වේ,ඔසරිය වඩාත් ජනප්‍රිය උඩරට ප්‍රදේශයේය.අතීතයේ පටන් රදළ හා වංශවත් ස්ත්‍රීන්ට ආවේණික අඳුමක් ලෙස හාරිය පැවතිණ..

ශ්‍රී ලංකාව තුල සාරි වඩාත් ප්‍රචලිත වන්නේ මහනුවර රාජධානි සමයේය.එයට හේතුව එම අවදිය ලංකාවට දකුණු ඉන්දීය බලපෑම් වැඩි වශයෙන් ලැබුන යුගයකි.ඉන්දීය සංස්කෘතියේ ආභාෂය හේතුවෙන් ලංකාව තුල සාරිය වඩාත් ප්‍රචලිත වන්නට ඇතැයි ඉතිහාසඥයන් විශ්වාස කරයි.කෙසේ වෙතත් අතීත යේ ශ්‍රි ලංකාව තුල කුල හීන කාන්තාවන්ට සාරිය හා ඔසරිය අැඳීම තහනම් විය.කල වැඩවසම් සමාජ ක්‍රමය බිඳ වැටීමත් සමග සෑම ලංකික කාන්තාවකටම සාරි හා ඹසරිය අඳීමට අවස්ථාව සැළසින.වර්ථමානය තුල පවා සාරිය ගෞරවාන්විත අැඳුමක් ලෙස සළකනු දැකිය හැකිය.වර්ථමානයේ උසස් රැකියා කරන කාන්තාවන් වැඩි වශයෙන් භාවිත කරන්නේ සාරියයි.

නේපාලය[සංස්කරණය]

නේපාලය තුලද සාරිය ඉතා ජනප්‍රිය අඳුමකි.

වෙනත් ආසියානු අැඳුම් හා සමාන අසමානකම්[සංස්කරණය]

සාරිය යනු ඉන්දියානුවන්ගේ ප්‍රධාන අඳුම් විලාසිතාවකි.මෙය ඍජුකෝණාස්‍රාකාරව නිපැයුරු අඳුමකි.ඉන්දියාවට අමතරව මෙවැනි ඍජුකෝණාස්‍රාකාර පිළි අැඳීම වෙනත් ආසියාතික රටවලද සිදුකරයි.එහෙත් එම ඇඳුම් සාරියට වඩා වෙනස්ය.මෙසේ ඍජුකෝණාස්‍රාකාර රෙදි ඉඟටිය හා දණහිස් දක්වා ඇඳීම සිදුකරයි.එම ඍජුකොණාස්‍රාකාර රෙදිපටි මූට්ටු කිරීමෙන් සකස්කරගත් සාය යරොම් වැනි අඳුම් ද භාවිත කරයි.

වර්ග[සංස්කරණය]

අදවනවිට ඉන්දියානු අද්ධද්වීපය හා දකුණු ආසියානු රටවල මෙන්ම වෙනත් රටවලටද සාරිය ව්‍යාප්තව පවතී.එසේම සාරි විලාසිතා වශයෙන් ගත්කල විශාල වර්ගීකරණයක් දැකිය හැකිය.ඒ අතර වැඩිම විලාසිතා ප්‍රමාණයක් සරියේ නිජ භූමියවන ඉන්දියාව තුල දක්නට ලැබේ.

සම්බල්පුරි සාරියක්.

මධ්‍යම විලාසිතා[සංස්කරණය]

  • Chanderi sari[52] – Madhya Pradesh
  • Maheshwari – Maheshwar, Madhya Pradesh
  • Kosa silk – Chhattisgarh
  • Dhokra silk - Madhya Pradesh

නැගෙනහිර විලාසිතා[සංස්කරණය]

ජම්දානි සාරියක්
සේද රෙදිවලින් වියනලද ඉන්දියානු සාරියක් (1970)
  • Tangail Tant Saree – Bangladesh
  • Jamdani – Bangladesh
  • Muslin – Bangladesh
  • Rajshahi silk (Eri Silk) – Bangladesh
  • Tussar silk saree - Rajshahi Bangladesh
  • Dhakai Katan - Bangladesh
  • Khadi saree - Comilla Bangladesh
  • Jute cotton - Bangladesh
  • Mooga silk – Assam
  • Mekhla Cotton - Assam
  • Dhaniakhali Cotton – West Bengal
  • Shantipuri cotton- Shantipur, West Bengal
  • Phulia Cotton - Phulia, West Bengal
  • Begumpur Cotton - Begumpur, West Bengal
  • Garad Saree (korial) - Murshidabad, West Bengal
  • Tant Saree - Farshganj, West Bengal
  • Murshidabad Silk – West Bengal
  • Baluchari Silk – Bishnupur, Bankura West Bengal
  • Kantha silk & cotton saree – West Bengal & Bangladesh
  • Batic Saree - West Bengal & Bangladesh
  • Sambalpuri Silk & Cotton Saree – Sambalpur, Odisha
  • Ikkat Silk & Cotton Saree – Bargarh, Odisha
සේද සාරියක්
  • Bomkai Silk & Cotton Saree - Bomkai, Ganjam, Odisha
  • Khandua Silk & Cotton Saree – Nuapatna, Cuttack, Odisha
  • Sonepuri Silk & Cotton Saree – Subarnapur, Odisha
  • Berhampuri silk– Behrampur, Odisha
  • Mattha Silk Saree – Mayurbhanj, Odisha
  • Bapta Silk & Cotton Saree – Koraput, Odisha
  • Tanta Cotton Saree – Balasore, Odisha
  • Manipuri Tant Saree - Manipur

බටහිර විලාසිතා[සංස්කරණය]

කොට නම් සාරි විශේෂයට අයත් සාරියක්
බන්ධානි හා රාජස්ථාන් සාරි

දකුණු ප්‍රදේශ විලාසිතා[සංස්කරණය]

  • Mysore silk - Karnataka
මයිසූරි සේද සාරි
බරණැස් සාරිය
  • Pochampally Sari or Puttapaka sari– Telangana[53]
  • Gadwal sari – Telangana
  • Narayanpet – Telangana or Maharashtra

උතුරු ප්‍රදේශ විලාසිතා[සංස්කරණය]

ඡායාරූප[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. The name of the garment in various regional languages include:
    Bengali: শাড়ি shaṛi, Hindi: साड़ी sāṛī, Odia: ଶାଢୀ sāddhi, Kannada: ಸೀರೆ , sīre, Konkani: साडी, कापड, चीरे , sāḍī, kāpaḍ, cīre, Malayalam: സാരി sāri, Marathi: साडी sāḍī, Nepali: सारी sārī, Punjabi: ਸਾਰੀ sārī, Tamil: புடவை puṭavai, Telugu: చీర cīra, Urdu: ساڑى‎ sāṛī

යොමුව[සංස්කරණය]

  1. Lynton, Linda (1995).
  2. Boulanger, Chantal (1997).
  3. Boulanger, Chantal (1997).
  4. 4.0 4.1 4.2 4.3 Alkazi, Roshan (1983) "Ancient Indian costume", Art Heritage
  5. 5.0 5.1 5.2 5.3 Boulanger, Chantal; (1997) Saris: An Illustrated Guide to the Indian Art of Draping, Shakti Press International, New York.
  6. 6.0 6.1 6.2 Ghurye (1951) "Indian costume", Popular book depot (Bombay); (Includes rare photographs of 19th century Namboothiri and nair women in ancient saree with bare upper torso)
  7. R. S. McGregor, ed. (1997).
  8. Monier-Williams, Monier (1995).
  9. Kapoor, Subodh (2002).
  10. Sachidanand, Sahay (1975) Indian costume, coiffure, and ornament.
  11. Stein, Burton (1998).
  12. "What did the Indus people wear and what material were their clothes made of?"
  13. Abbott, Phill.
  14. Good, I.L.; Kenoyer, J.M.; Meadow, R.H. (2009).
  15. Prasad Mohapatra, Ramesh (1992).
  16. Linda Lynton (1995) "The Sari: Styles, Patterns, History, Techniques.", p.170
  17. Prof.
  18. J. Correia-Afonso, (1984) "Indica, Volume 21, Issue 2", p.126
  19. Chintaman Vinayak Vaidya, (2001) "Epic India : India as Described in the Mahabharata and the Ramayana", p.144
  20. Prachya Pratibha, 1978 "Prachya Pratibha, Volume 6", p.121
  21. Agam Kala Prakashan, 1991 "Costume, coiffure, and ornaments in the temple sculpture of northern Andhra", p.118
  22. Roshen Alkazi, 1996 "Ancient Indian Costume", p.48
  23. Levick, Melba; Crites, Mitchell; Nanji, Ameeta (2008).
  24. Katiyar, Vijai Singh (2009).
  25. Parthasarathy, R. (1993).
  26. Emma Tarlo (1996) "Clothing Matters: Dress and Identity in India.", p.154
  27. Govind Sadashiv Ghurye (1951) "Indian Costume.", p.154
  28. Encyclopedia of Indian Women Through the Ages: Ancient India – Simmi Jain.
  29. Anant Sadashiv Altekar (1956).
  30. Folkways: A Study of Mores, Manners, Customs and Morals – William Graham Sumner
  31. Linda Lynton, Sanjay K. Singh (2002) "The Sari: Styles, Patterns, History, Techniques.", p.40
  32. Bharata (1967).
  33. Beck, Brenda (1976).
  34. 34.0 34.1 Govind Sadashiv Ghurye (1951) "Indian Costume.", p.236
  35. 35.0 35.1 Sulochana Ayyar (1987) "Costumes and Ornaments as Depicted in the Sculptures of Gwalior Museum.", p.152
  36. Betty Kelen 1967 "Gautama Buddha: In Life and Legend" chapter 1, p. 7 and 8
  37. Kusumanjali Prakashan, 1993 "The Natyasastra tradition and ancient Indian society", p.63
  38. 38.0 38.1 Katiyar, Vijay Singh. (2009).
  39. India: past & present - Prakash Chander – Google Books.
  40. Victoria and Albert Museum, Rosemary Crill (1999).
  41. History of Kasuti is mentioned by Govind D. Belgaumkar and Anil Kumar Sastry (27 October 2006).
  42. Indra Majupuria (2007) "Nepalese Women: A Vivid Account of the Status and Role of Nepalese Women in the Total Spectrum of Life, Religious, Social, Economic, Political, and Legal.", p.291
  43. Ava Laboy Capo (2013) "Wedding Traditions from Around the World.", p.18
  44. "Saree saga: Draped for elegance, growth too".
  45. Jay Narayan Vyas, Textile Review, 2007 "Indian Textiles 2015: Comprehensive Forecast on Indian Textiles Industry in 2015 with an Exhaustive Buyer's Guide for Textile Machinery", p.126
  46. Wada, Yoshiko Iwamoto (2002).
  47. "Indian Bridal Wear Trends 2014, Photos & Review".
  48. Sandhu, Arti (2015).
  49. Rocca, Federico (2009).
  50. "Bollywood, saris and a bombed train" සංරක්ෂණය කළ පිටපත 2007-08-09 at the Wayback Machine.
  51. "The spread of the salwar".
  52. "History of Chanderi sarees".
  53. GI registration: Pochampally sarees set the trend, The Hindu, 28 December 2005.

වැඩිදුර කියවීම්[සංස්කරණය]

  • Ambrose, Kay (1950) Classical Dances and Costumes of India. London: A. & C. Black.
  • Craddock, Norma (1994) Anthills, Split Mothers, and Sacrifice: Conceptions of Female Power in the Mariyamman Tradition. Dissertation, University of California, Berkeley.

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සාරිය&oldid=593723" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි