ශුද්ධ භූමි බුදු දහම
මෙම ලිපිය |
මහායාන බුදු දහම |
---|
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
මහායාන බුද්ධාගම |
ශුද්ධ භූමි බුදු දහම (චීන: 淨土宗; පින්යින්: Jìngtǔzōng; ජපන්: 浄土仏教; Jōdo bukkyō;[1] කොරියානු: හංගුල්: 정토종; ප්‍රරෝ: Jeongto-jong; වියට්නාම: Tịnh Độ Tông), හෙවත් ඉංග්‍රීසි බසින් Amidism ලෙස[2][3] හැඳින්වෙන්නේ නැගෙනහිර ආසියාව පුරා වඩාත්ම පුළුල් ලෙස අනුගමනයට ලක්වූ මහායාන බුද්ධාගමේ ශාඛාවකි.
ශුද්ධ භූමි බුදු දහම තුළ මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ බුදුන්ගේ "පිරිසිදු භූමිය" හෝ බුද්ධ ක්ෂේත්රයක නැවත ඉපදීම සාක්ෂාත් කර ගැනීමයි. සමහර බුද්ධ ක්ෂේත්‍ර පූර්ණ බුද්ධත්වය සඳහා අධ්‍යාත්මිකව පුහුණු වීම සඳහා ඇති උසස් ස්ථාන ලෙස සැලකේ, ඒ සඳහා බුදුන් වහන්සේලා අනුකම්පාවෙන් "පිරිසිදු" කර ඇති නිසාත්, මෙම ක්ෂේත්රවල දී කෙනෙකුට බුදුවරයෙක් මුහුණට මුහුණ හමුවී උන්වහන්සේලා යටතේ අධ්‍යයනය කිරීමටත් හැකි වේ. මෙම එක් බුද්ධ ක්ෂේත්රයක බුද්ධත්වයට පත්වීම වඩාත් පහසු බැවින් (වර්තමාන යුගයේ දූෂිත ස්වභාවය නිසා) බොහෝ මහායාන බෞද්ධයන් එවැනි ක්ෂේත්රයක නැවත ඉපදීමට උත්සාහ කරති.
වර්තමානයේ වඩාත් සුලභ ශුද්ධ භූමිය වන්නේ අමිතාභ බුදුන්ගේ, සුඛාවතී හෙවත් "ප්‍රීතියේ දේශයයි." මහායාන බෞද්ධයන් අක්ෂෝභ්ය සහ භෛසජ්‍යගුරු යන බුදුවරුන්ගේ ශුද්ධ භූමී වලද නැවත ඉපදීමට අපේක්ෂා කරයි. ටිබෙට් බුදු ධහමේ, ශ්‍රාවකයන් රත්නසම්භව බුදුන්ගේ ශුද්ධ භූමියද අපේක්ෂා කෙරේ.
චීනය, ජපානය, කොරියාව, වියට්නාමය, හිමාලය සහ ටිබෙටය වැනි අභ්‍යන්තර ආසියාතික ප්‍රදේශවල මහායාන බෞද්ධ සම්ප්රදායන්හි වැදගත් අංගයක් වන්නේ ශුද්ධ භූමීන්ට නැඹුරු වූ පිළිවෙත් සහ සංකල්ප ය. ටිබෙට් බුද්ධාගමේ, බුද්ධ ක්ෂේත්රයක නැවත ඉපදීම අරමුණු කරගත් යාඥාවන් සහ පිළිවෙත් විශේෂයෙන් ගිහියන් අතර ජනප්‍රිය වේ.
නැගෙනහිර ආසියාතික ශුද්ධ භූමි සම්ප්රදායන්හි වඩාත් සුවිශේෂී ලක්ෂණය නම්, "සදාචාරමය වශයෙන් දුෂ්ට මිනිසුන්ට පවා කැපවීමෙන් බුද්ධත්වය සාක්ෂාත් කර ගත හැකි බවට බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට අවස්ථාවක් ලබා දීමයි.
නැගෙනහිර ආසියාතික බුදු දහමේ, ශුද්ධ භූමි සම්ප්රදාය තුළ ප්‍රාථමික ලියවිලි තුනක් තිබේ,
- දීර්ඝ සුඛාවතීව්‍යූහ සූත්‍රය
- කෙටි සුඛාවතීව්‍යූහ සූත්‍රය
- අමිතායුර්ධ්‍යාන සූත්‍රය
විශේෂයෙන් මුල් චීන ශුද්ධ භූමි සම්ප්රදාය සඳහා ප්‍රත්‍යුත්පන්න සමාධි සූත්‍රය ද වැදගත් මූලාශ්‍රයකි.[4]
නැඟෙනහිර ආසියාතික ශුද්ධ භූමි බුදු ධහම බොහෝ දුරට බුද්ධානුස්මෘතිය මත රඳා පවති. එය චීන භාෂාවෙන් niànfó ලෙස හඳුන්වන අතර අමිතාභ බුදුන්ගේ නම ජප කිරීම ඊට ඇතුළත් වේ. කෙසේ වෙතත්, ශුද්ධ භූමි බුදු දහම බුද්ධානුස්මෘතිය සමඟ සිදු කරන විශාල පිළිවෙත් සමූහයක් ද ඇතුළත් වේ. චීන භාෂාවෙන් chún jìng sù (纯净素) ලෙස හඳුන්වන සතුන් හෝ සත්ව නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමේ නිර්මාංශ පිළිවෙත ශාරීරික අභ්‍යාස හරහා ප්‍රචණ්ඩත්වයෙන් තොර ඉහළ මට්ටම් කරා අභිලාෂය සහ අභිබවා යාම පෙන්නුම් කරයි.[5]
සටහන්
[සංස්කරණය]- ^ You Were Born For a Reason සංරක්ෂණය කළ පිටපත ඔක්තෝබර් 29, 2013 at the Wayback Machine
- ^ Amidism, Britannica Online Encyclopedia
- ^ Amidism The Columbia Encyclopedia
- ^ Jones, Charles B. (2019) Chinese Pure Land Buddhism, Understanding a Tradition of Practice, p. 128. University of Hawai‘i Press / Honolulu.
- ^ Pureland, mahayana. "mahayana pureland veganism".