ප්‍රඥා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ප‍්‍රඥා[සංස්කරණය]

ප්‍රඥාව යනු අවබෝධයයි. බුද්ධ ධර්මයේදි ප්‍රඥාව ලෙස හැඳින්වෙන්නේ යමෙකු චතුරාර්ය සත්‍ය, අනිත්‍යතාවය, පටිච්ච සමුපාදය, ආනාත්ම වැනි ධර්මය පිළිබඳ අවබෝධයයි. ප්‍රඥාව යනු දුක් පිඩා නැති කර නිර්වාණය අවබෝධයට හේතුවන නුවණයි.

පාලි ධර්ම ග්‍රන්ථ[සංස්කරණය]

පාලි ධර්ම ග්‍රන්ථයන්හි ප්‍රඥාවට විවිධ අර්ථ නිරූපණ සහිත වන අතර එය සියලු වස්තුවල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති සමාධිගත විදර්ශනාව යන අර්ථය මත පදනම් ව ඇත.

පංච ඉන්ද්‍රිය සංකල්පය පැහැදිලි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව යොදාගෙන ඇත.

“අවබෝධය යනු අනිත්‍යතාවය වටහාගැනීම නිසා සියළුදේහිම යථාස්වරූපය අවබෝධ කර ගැනීමයි. මෙය දුක, දුකට හේතුව, දුක නැතිකිරීම, නැති කිරීමේ මග යන්න නියම ලෙස අවබෝධයයි.”

ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මා දිට්ඨි (නිවැරදි දැක්ම), සම්මා සංකප්ප (නිවැරදි සිතුවිලි) යන කොටස් දෙක ප්‍රඥාවට අයත් වේ.

විශුද්ධි මාර්ගය

ක්‍රි.ව 5 වන සියවසේ දි බුද්ධඝෝෂ හිමිපාණන් වහන්සේ විසින් ලියන ලද විශුද්ධි මාර්ගයේ ප්‍රඥාව යනු අවිද්‍යාවේ අන්ධකාරය දුරු කරන මඟයි. එය හට ගැනීමට හේතුවන්නේ සමාධියයි.

ප්‍රඥාව වර්ධනය වීමේ මාර්ගය බුද්ධ ඝෝෂ හිමියෝ ගසක ස්වරූපයෙන් පෙන්වුහ. මෙම ගස වැඩීමට හේතුවන පස වන්නේ,

- පංචා‍ආයතන

- ඉන්ද්‍රිය හා ආයතන 18

- ඉන්ද්‍රිය 22

- චතුරාර්ය සත්‍යය

- පටිච්ච සමුප්පාදය

එහි මුල නම්,

- සීලයෙන් පරිපුර්ණ වීම

- සිහියෙන් පරිපුර්ණ වීම

එහි කඳ තැනී ඇත්තේ,

- දෘෂ්ටි‍ය පිරිසිදු කර ගැනීම

- අවිශ්වාසයෙන් තොරවීම

- නිවැරදි මාර්ගය පිළිබඳ අවබෝධය

- ප්‍රඥාවෙන් හා දෘෂ්ටියෙන් පිරිසිදු වීම.

බුද්ධ ඝෝෂ හිමිපාණන්ට අනුව ‍යමෙකුට ප්‍රඥාව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් පළමුව පස, මුලය හා කඳ යන පිළිවෙලින් අවබෝධ කර ගත යුතුය. ප්‍රඥාව දස පාරමිතාවෙන් 4 වන පාරමිතාවයි.

ති‍්‍රවිධ ශික්‍ෂා යනුවෙන් හඳුන්වනු ලබන, සීල, සමාධි, ප‍්‍රඥාව අධි සීල, අධි චිත්ත, අධි ප‍්‍රඥා වශයෙන් දැක්වේ. එහෙත් මේ දෙක අතර සාමාන්‍ය වෙනසක් පවතින බව පමණක් දැනගෙන සිටීම ප‍්‍රයෝජනවත්ය.

බුදු රජාණන් වහන්සේ තම ශ‍්‍රාවක වූ ශ‍්‍රමණයන් විසින් අනුගමනය කළයුතු ‘ශ‍්‍රමණ කරණීය’ නම් කාර්ය තුනක් දේශනා කොට ඇත.

“මහණෙනි ශ‍්‍රමණ කරණිය තිදෙනෙකි. කවර තිදෙනෙක් ද.

අධි ශීල[සංස්කරණය]

ශික්‍ෂා සමාදානය, අධි චිත්ත ශික්‍ෂා සමාදානය, අධි පඤ්ඤා ශික්‍ෂා සමාදානය යනුය.

“තීණිමානී භික්‍ෂුවේ, සමණස්ස සවණ කරණීයානී කතමානි තීණී අධි සීල සික්ඛා සමාදානං, අධි චිත්ත සික්ඛා සමාදානං, අධි පඤ්ඤා සික්ඛා සමාදානං” සීලයෙන් (අධි ශීලය) හා සමාධියෙන්

(අධි චිත්ත)[සංස්කරණය]

සංයමය ඇතිකරගත් කල්හි මාර්ග ඵලාවබෝධය පිණිස ප‍්‍රඥාව (අධි පඤ්ඤාවම) දියුණු කරගත යුතුයි.

එනම් සතර මඟ, සතර ඵල හා ආර්ය අෂ්ටාංගික මාර්ගයම ප‍්‍රගුණ කළ යුතුය. මෙහි අධි ප‍්‍රඥා යනුවෙන් හැඳින්වූයේ සතර මඟ, සතර ඵල අවබෝධ කර ගැනීමයි.

“සචිත්ත පරියෝ දපනං යන තන්හී දි සිය සිත මනාව පිහිටුවා පිරිසුදු කර ගැනීම ගැන කියවේ. සිත පිරිසුදු කරගන්නවා යැයි කියනුයේ නීවරණයන් කෙරෙන් තම සිත පිරිසුදු කර ගැනීමයි.

නිවන් මඟ අවුරන, නිවන වලක්වන අර්ථයෙන් නීවරණ යැයි කියන මොව්හු නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්චා යන මොව්හු පස්දෙන පංචනීවරණයෝ ය.

සත්ව සන්තානයෙහි ඇති නොවූ කුසලයන් ඇති නොවන ලෙසත් ඇතිවූ කුසල් නොපවත්නා ලෙසත් ආවරණය කරන, කුසලයට බාධා කරන ධර්මයෝ නීවරණ නම් වෙති.

අධි ප‍්‍රඥා යනු අනුක‍්‍රමයෙන් දියුණුවන ප‍්‍රඥාවයි. ලෞකික ප‍්‍රඥාව නොව ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගනු ලබන නුවණ මින් අදහස් කෙරේ.

සමාධි – විදර්ශණ අතුරෙන් විදර්ශනාවම අධි ප‍්‍රඥාවයි. අනිත්‍ය, දුºඛ, අනාත්ම යන ති‍්‍රලක්‍ෂණයන් විශේෂ කොට දැකීම, දැනීම විදර්ශනාවයි. ඒ තීක්‍ෂණ දැක්ම අධි ප‍්‍රඥා ශික්‍ෂාවයි. මජ්ම නිකායේ රථ විනීත සූත‍්‍රයේ සප්තවිධ විශුද්ධියක් දක්වා ඇත. සීල විශුද්ධිය, චිත්ත විශුද්ධිය, කංඛා විකරණ විශුද්ධිය, මග්ගාමග්ග දස්සන විශුද්ධිය, පටිපදාඤාණ දස්සන විශුද්ධිය, ඤාණ දස්සන විශුද්ධිය යනු ඒ විශුද්ධි හතයි.

ඉන් මුල් විශුද්ධි දෙක විදර්ශනා ප‍්‍රඥා නමැති වෘක්‍ෂයේ මූල හැටියටත් ඉතිරි විශුද්ධි පහ විදර්ශනා ප‍්‍රඥා නමැති වෘක්‍ෂයේ කඳ හැටියටත් දැක්වේ. ඒ ප‍්‍රඥාව විශුද්ධිය උපදවා ගැනීමෙන් අධි ප‍්‍රඥාව ලබා අමා මහ නිවන් ඵලය ලබාගනී.

දෘෂ්ඨි විශුද්ධිය

නාම රූප ධර්මයන් අනිත්‍ය, දුºඛ, අනාත්ම යන ති‍්‍රලක්‍ෂණ නාම වශයෙන් ඇති සැටියෙන් නුවණින් සලකා බලා සිත පිරිසිදු කර ගැනීම දෘෂ්ඨි විශුද්ධියයි. මේ දෘෂ්ඨි විශුද්ධිය උපදවා ගැනීමෙන් ශාස්වත හා උචෙච්ද දෘෂ්ඨි දුරුවී යන්නේය.


කංඛා විතරණ[සංස්කරණය]

විශුද්ධිය

නාම, රූප, ධර්ම සර්වබලධාරී දෙවියකුගේ නිර්මාණයක් නොව හේතුඵල අනුව ඇතිවන්නක් බව නුවණින් පිරිසිඳ දැනීම කංඛාවිතරණ විශුද්ධියයි. අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන, කර්ම යන ධර්මතාවයන් හතර නාම, රූපයාගේ ඉපදීමට හේතු ප‍්‍රත්‍යයන් විසින් ද ආහාර උපනිශ‍්‍රය ප‍්‍රතාපයන් විසින් ද නුවණින් පිරිසිඳ දැනගනී.

මෙසේ හේතු ප‍්‍රත්‍යයන් දුටු යෝගාවචරයා තවදුරටත් ත‍්‍රයිකාලික තම පැවැත්ම සොයා බලයි. එකල්හි ෂොඩශවිධ කංඛාව පහළ කර ගෙන පඤචස්කන්ධය පිළිබඳ ඇතිවූ සැකය ප‍්‍රහීණ කරගනී.

මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය

නිවන් මාර්ගය මෙයයි. නිවන් මාර්ගය මෙය නොවේයැයි මග නොමග පිරිසිඳ දැනුම් වශයෙන් උපදවන ඤාණය මාර්ගාමාර්ග ඤාණ දර්ශන විශුද්ධියයි. නාම, රූප, ධර්ම, කාල, විමර්ශන වශයෙන්ද මෙනෙහි කිරීමෙන් පඤචස්කන්ධය අතිත්‍ය, දුºඛ, අනාත්ම වශයෙන්ද විමර්ශනය කළ යුතුය.

රූපස්කන්ධය අතීත රූපාදි එකලොස් ආකාරයකින් බෙදා නුවණින් පිරිසිඳ බැලිය යුතුය. එම එකලොස් වැදෑරුම් හැම රූපයක්ම ක්‍ෂය වන හෙයින් අනිත්‍ය වේයැයි සම්මර්ශනය කළ යුතුය.

එකල්හි අනිත්‍ය සම්මර්ශන ඥානය පහළවේ. අනතුරුව දුºඛ වශයෙන් මෙනෙහි කිරීමෙන් දුºඛ සම්මර්ශන ඤාණය පහළවේ. අනාත්ම වශයෙන් මෙනෙහි කරන කල්හි අනාත්ම සම්මර්ශන ඤාණය පහළවේ.

විවිධාකාරයෙන් උත්පාදයත්, විනාශයත් නුවණින් විමසා බලන කල්හි උදව්‍ය ඤාණය පහළවේ. තවදුරටත් නුවණින් භාවනා කරන කල්හි මාර්ගාමාර්ග ඤාණදර්ශන විශුද්ධිය පහලවේ.

ප‍්‍රතිපදා ඤාණ දර්ශන විශුද්ධිය

නව මහා විදර්ශනා ඥානය වැඩීමෙන් පටිපදා ඥාන දස්සන විශුද්ධිය ඇතිවේ. උදයබ්බයානුපස්සනා, භංගානු පස්සනා, භයපට්ඨන, ආදීනවානු දස්සන, නිර්විදානු දස්සන, මුඤ්චිතුකමසතා, පටිසංඛානු පස්සනා, සංස්කාරොපෙක්ඛා, සච්චානු ලොමික යනු ඒ විදර්ශනා ඥාන නමයයි.

මින් මුල් ඥාන අට වෙන් වෙන්ව ගෙන නැවත නැවත අනු පිළිවෙලින් සලකා බැලීමෙන් නව මහා විදර්ශන ඥානය පහළවේ. පෘථග්ජන ආසාව ඉක්මවා මාර්ගඵලයන් ලබාගැනීමට මේ ප‍්‍රතිඥා ඥාන දස්සන විශුද්ධිය උපලයෝගි වේ.

ඥාන දස්සන විශුද්ධිය

සතර මග, සතර ඵල පිළිබඳවූ ඥානය, ඥාන දස්සන විශුද්ධියයි. පටිපදා ඥාන දස්සන විශුද්ධියත්, ඥාන දස්සන විශුද්ධියත් අතර ඇති සම්බන්ධය ඉතා වැදගත්ය. එය පෘථග්ජන භාවයෙන් මිදී ආර්ය භාවයට, නිර්වාණ මාර්ග ඵලයන්ට පත්වීමේ අවස්ථාව නිසාවෙන්ය.

සොතාපත්ති ආදී මාර්ග ඵලයන් පසක් කරගැනීම ඥාන දස්සන විශුද්ධිය වේ.

නිවන කරාම ගමන් කරන අර්ථයෙන් සොතාපත්‍ය වූ ප‍්‍රථම ආය්‍ය¡ මාර්ග පුද්ගලයා කවර කවම දාවත් සතර අපායොත්පත්තියට පත් නොවී සත්වෙනි ජන්මය පරම (අවසන් කොට නිවන් පසක් කරගනී.

ඒ සත්තක්ඛත්තුපරම සොතාපත්ති පුද්ගලයාය. දෙවන ජන්මයේදී නිවන් පසක් කරගන්නා ඒක බීජී සොතාපත්ති පුද්ගලයාය. ඒ අතරතුර ජන්මවලදී නිවන් පසක් කරගනු ලබන්නේ කෝලං කෝල සොතාපත්ති පුද්ගලයාවේ.

සත්වයා සසර බැඳ තබන බැමි වූ දස සංයෝජනයන් ගෙන් සක්ඛාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස යන සංයෝජනයෝ සම්පූර්ණයෙන් ප‍්‍රහීණ වෙති.

දෙවෙනි මාර්ග ඵලස්ථ ආර්ය පුද්ගලයා වනුයේ සකුදාගාමී පුද්ගලයාය. එක්වරක් පමණක් මනුෂ්‍ය භූමියට පැමිණ නිවන් පසක් කරගනී. කාමරාග - ව්‍යාපාද සංයෝජනයෝ තුනීවීම සිදුවේ.

ප‍්‍රතිසන්ධි වශයෙන් නැවත කාම ලෝකයට නොපැමිණ සුද්ධාවාසයේදීම නිවන් පසක් කරගනු ලබන්නේ අනාගාමී ආර්යය පුද්ගලයාය. සකුදාගාමි ආර්යය පුද්ගල අවස්ථාවේදී තුනී කරගත් කාමරාග, ව්‍යාපාද සංයෝජනයෝ සම්පූර්ණයෙන්ම ප‍්‍රහීනවේ.

අග‍්‍ර දක්‍ෂිණර්භ හෙයින් පූජාවන් ලබන්නට සුදුසු බැවින් අර්හත් වූ නම් සංසාර චක‍්‍රයෙහි කෙලෙස් අර කැපූහෙයින් අර්හත් වූ රහසින්වත් පව් නොකරන හෙයින් අර්හත්වූ මේ ආර්යය පුද්ගලයා දස සංයෝජනයන් අතුරින් උද්ධම්භාගීය වූ රූප රාග, අරූපරාග, මානඋද්ධච්ච හා අවිජ්ජා යන සංයෝජිතයන් සම්පූර්ණයෙන් ප‍්‍රහීණ කොට සියලු කෙලෙස් මුළුමනින්ම දැන ක්‍ෂය කිරීමෙන් සෝපාදිසේස පරි නිර්වාණයට පත්වන්නේය.

ඉහතින් දක්වන ලද අධිප‍්‍රඥා සංඛ්‍යාත සප්ත විශුද්ධි අතුරින් මුල් විශුද්ධි හය ලෞකිකවේ. ඤාණ දස්සන විශුද්ධිය ලෝකෝත්තර වේ. සීල, සමාධි, ප‍්‍රඥා යන ති‍්‍රවිධ ශික්‍ෂාවන්ට සප්ත විශුද්ධින් ඇතුළත් වන්නේ මේ අයුරින්ය. ශීල විශුද්ධිය ශීල ශික්‍ෂාවටත්, චිත්ත විශුද්ධිය සමාධි ශික්‍ෂාවටත් ඇතුළත් වන අතර දිට්ඨි විශුද්ධි ආදී සෙසු විශුද්ධින් ඇතුළත් වන්නේ ප‍්‍රඥා ශික්‍ෂාවටය.

අධිශීල ශික්‍ෂාවෙන් කෙලෙසුන්ගේ ව්‍යතික‍්‍රම වශයෙන් ද අධි සමාධි ශික්‍ෂාවෙන් කෙලෙසුන්ගේ පර්යුස්ථාන වශයෙන්ද නැසීම සිදුවෙන අතර ප‍්‍රඥා ශික්‍ෂාවෙන් කෙලෙසුන්ගේ අනුශය වශයෙන් නැසීම සිදුවේ.

මත්තේගෙදර ජිනරතන හිමි ශී‍්‍ර ප‍්‍රබෝධාරාමය – බටහිර මුංගන්දළුව විහාරාධිපති විශ‍්‍රාමලත් නියෝජ්‍ය පරිවේනාධිපති කුලි/වෑකන්ද ලෝකානන්ද මහ පිරිවෙන පඤ්ඤා විසුද්ධි දහම් පාසලේ ප‍්‍රධානාචාර්ය (අනුරංග)

"http://si.wikipedia.org/w/index.php?title=ප්‍රඥා&oldid=236439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි