මහාස්ථාමප්‍රාප්ත බෝධිසත්ව
Appearance
(මහාස්ථාමප්‍රාප්ත වෙතින් යළි-යොමු කරන ලදි)
මහාස්ථාමප්‍රාප්ත | |||||||||
චීන නාමය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
සම්ප්‍රදායික චීන | 大勢至 | ||||||||
සරලීකෘත චීන අක්ෂර | 大势至 | ||||||||
| |||||||||
| |||||||||
වියට්නාම නාමය | |||||||||
වියට්නාම වර්ණමාලාව | Đại Thế Chí Bồ tát | ||||||||
ජපන් නාමය | |||||||||
කන්ජි | 勢至 | ||||||||
|
මහාස්ථාමප්‍රාප්ත යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රඥාවේ බලමහිමය සංකේතවත් කෙරෙන බෝධිසත්ත්ව මහාසත්ත්වවරයෙකි. බොහෝ අවස්ථාවන්හි, විශේෂයෙන්ම සුඛාවතී බුදු දහමේ දී මෙම බෝධිසත්ත්වයන් අවලෝකිතේශ්වර (ගුවාන්යින්) බෝසතුන් සමගින් අමිතාභය බුදුරාජාණන් වහන්සේගේ දෙපස අගසව් දෙනම සේ නිරූපණය කෙරේ. මෙම බෝසතුන්ගේ නාමයෙහි අර්ථය "මහා ශක්තියේ ආගමනය" යන්නයි.
මහාස්ථාමප්‍රාප්ත මහායාන බුද්ධාගමේ සදහන් වන "අෂ්ඨ මහා බෝධිසත්ත්වවරුන්"ගෙන් කෙනෙකි. එම සෙසු බෝධිසත්ව මහාසත්වවරුන්ගේ නාමයන් මෙසේය,
- මංජුශ්‍රී
- අවලෝකිතේශ්වර
- සමන්තභද්‍ර
- ආකාශගර්භ,
- ක්ෂිතිගර්භ,
- මෛත්‍රීය
- සර්වනිවාරණ-විෂ්කම්භීන්
- මහාස්ථාමප්‍රාප්ත, යන 8 දෙනාය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]ග්‍රන්ථාවලිය
[සංස්කරණය]- Getty, Alice (1914). The gods of northern Buddhism, their history, iconography, and progressive evolution through the northern Buddhist countries, Oxford: The Clarendon press, p.100.