කුටිකණ්ණ තිස්ස

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

අනුලා බිසව සිහසුන හා රජ මන්දිරය කිළුවට පත් කරද්දී මහ සිළු මහ තිස් රජුගේ පුත් කූට්කණ්ණ තිස්ස හෙවත් මකලන්තිස්ස මහ රජු බලසේනා රැගෙන විත් ඇය මරා දමා සිහසුන ගත්තේ බු.ව.500 දීය මුල් අවධියේ දී අනුලා රැජිනට බියෙන් පැවදි වෙස් ගෙන සැග වී සිටි කුටිකණ්ණ තිස්සට පසුව ජනතා සහයෝගය ලැබෙන්නට ඇතුවාට සැක නැති බැව් ඉතිහාසඥයෝ විශ්වාස කරති රජ පවුලේ අර්බුද නිසා කුටිකණ්ණ තිස්සට සැඟ වී සිටින්නට සිදු විය

කෙසේ වුවත් කුටිකණ්ණ තිස්ස මහ සිළු මහ තිස් රජුගේ කණිටු පුතණුවන් විය ඔහුගේ දෙටු පුත් වූයේ කුඩා තිස්ස කුමාරයාය කුටකණ්ණ තිස්ස කුමාරයාද කලක් රුහුණේ පාලකයා වශයෙන් කටයුතු කළ බවටද රුහුණේ සෙල්ලිපි තොරතුරු සාක්ධි දරණ බැව් වාචාරකයෝ සදහන් කරති

කූටිකණ්ණ තිස්සගේ රාජ්‍ය සමය සාමකාමී අවධියක් වශයෙන් ඉතිහාස ගත් වී ඇති අතර මුළු දිවයින තුළම ඔහුගේ ආඥා චක්‍රය පිළිගෙන තිබුණි ශාසනික සේවා හා ආගමික ගොඩනැගිලි ඉදිවීමද මේ රජුගේ කාලයේ සිදුවූ තවත් සේවාවක්

සෑගිරියේ උපෝෂතාගාරයක් හා ශිලාථූපය කරවීම මිහින්තලයේ බෝධියක් රෝපණය කරවීම ඔහු වැව් දෙකක් හා මහ ඇළක් තැන වූ බවද සදහන්ය කෙසේ වුවත් මහවැලි ගංගාව ආශ්‍රිතව වාරිකර්මාන්ත සුළු වශයෙන් හෝ මුලින්ම ආරම්භ කරන ලද්දේ මේ රජු විසින් බැව් කියවේ

තවද වළගම්බා රජ යුගයේ ඇති වූ ආක්‍රමණ වලින් ප්‍රවේශම් වීම පිණිස අනුරාධපුර නුවර වටා ප්‍රාකාරය සත් රියන් උස් කොට බැදවීය නගරය දර්ශනීය තත්ත්වයෙන් පවත්වා ගෙන ගියේය එසේම රජ ප්‍රදේශයක් වශයෙන් කැපී පෙනුන බවත් එහි ප්‍රධාන නගරය පඩුවස්නුවර බවත් කියවේ

මේ රජු වර්ෂ විසි දෙකක පමණ කාලයක් රාජ්‍ය පාලනය ගෙන ගිය බවත් සාමකාමී අවධියක් වූ ඔහුගේ පාලනය බු.ව.522 දී අවසන් වූයේය

"https://si.wikipedia.org/w/index.php?title=කුටිකණ්ණ_තිස්ස&oldid=470181" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි