සැම්බියා
සැම්බියා සමූහාණ්ඩුව | |
---|---|
උද්යෝග පාඨය: "එක් සැම්බියාවක්, එක් ජාතියක්" | |
![]() | |
නිල භාෂා(ව) | ඉංග්‍රීසි |
ආදර්ශ පාඨය | එකම සැම්බියාවක් එකම ජාතියක් |
සිතියම | |
ගොනුව:250px-LocationZambia.svg.png | |
අගනුවර සහ විශාලම නගරය | ලුසාකා |
දකුණු අක්ෂාංශ 15° 25' නැගෙනහිර දේශාංශ 28° 170' | |
රාජ්‍ය භාෂාව | ඉංග්‍රීසි |
පිළිගත් ප්‍රාදේශීය භාෂා | නියන්ජා, බෙම්බා, ලුන්ඩා, ටොන්ගා, ලොසී, ලුවේල්, කාඕන්ඩ් |
රාජ්‍ය | සමුහාණ්ඩුව |
ජනාධිපති- | රූපායාන් බැන්ඩා |
උප ජනාධිපති | ජෝර්ජ් කුන්ඩා |
නිදහස | එක්සත් රාජධානිය සිට |
දිනය | 24 ඔක්තෝම්බර් 1964 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 752 618 |
වර්ග සැතපුම් 290 587 | |
ජලය (%) | 1 |
ජනගහනය | |
2009 තක්සේරු ජනගහනය | 12 935 000 |
2000 ජන සංඛ්‍යාකය | 9 885 591 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 17.2 |
වර්ග සැතපුම් 44.5 | |
දළ ජාතික නිෂ්පාදිතය | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 18,454 |
සාමාන්‍ය | ඩොලර් 1,541 |
දළ ජාතික නිෂ්පාදිතය(සාමාන්‍ය) | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 13.000 |
සාමාන්‍ය | ඩොලර් 1.086 |
ගිනි (2002 – 03) | 42.1 (මධ්‍යය) |
මානව සංවර්ධන දර්ශකය (2010) | 0.395 (පහළ) |
මුදල් | සැම්බියන් ක්වාකා (ZMK) |
මං තීරුව | වම |
අන්තර්ජාල TLD | .zw |
දුරකථන සංකේත | 260 |
නිල වශයෙන් සැම්බියා සමූහාණ්ඩුව ලෙසින් හැඳින්වෙන, සැම්බියාව යනු, දකුණු අප්‍රිකාවේ පිහිටි භූමියෙන් වටවූ රටකි. අසල්වැසි රටවල් වන්නේ උතුරු ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ සමුහාණ්ඩුව, ඊසාන ටැන්සානියාව, නැගෙනහිර මලාව, දකුණු මොසැම්බික්, සිම්බාබ්වේ, බොට්ස්වානා හා නැම්බියා සහ බටහිරට ඇන්ගෝලා වේ. දකුණ මධ්‍යම කොටසේ පිහිටි ලුසානා එහි අගනුවර වේ. මෙය එකම හා දැනට පවතින අප්‍රිකානු රටවල්වලින් ජංගම දුරකථන නිෂ්පාදනය කරන රටයි. ජනගහනය වැඩි වශයෙන් අගනුවර වන ලුසානාහි වෙසෙන අතර කොපර්බෙල්ට් හි ද ජිවත් වේ. රයිනාන් තලසියා මෙහි උපත ලද්දෙකි. වසර දහස් ගණනට පෙර සැම්බියාව දඩයම්කරුවන් හා සංචාරක ගෝත්‍රතිකයන්ගෙන් ජනාවාස විය. 18 වැනි ශතවර්ෂයේ දී විටින් විට පැමිණි යුරෝපියානු ගවේෂකයින් විසින් සැම්බියාව (බ්‍රිතාන්‍යයින් 19 වැනි ශතවර්ෂය තෙක්) උතුරු රොඩේෂියාව තම ආරක්ෂිතයන් ලෙස අත්පත් කර ගත්හ. 1964 ඔක‍්තෝම්බර් 24 වැනිදා සැම්බියාව නමින් මෙම ප්‍රදේශයෙන් නිදහස ලැබිය. සැම්බියාව තනි පාලනයක් වශයෙන් ජනාධිපති කෙනන් තුන්ඩා විසින් පාලනය කරනු ලැබු අතර, ඔහුගේ අවුරුදු 27 පැවති සමාජවාදි පනත් හේතුවෙන් රටේ ආර්ථියට බාධා ඇති විය. විපක්ෂයේ බහු පාර්ශ්වික ඉල්ලීමට කේ තුන්ඩා එකඟ වූ අතර 1991 සාමය බලය ජය ගත්තේය. 1991 පටන් සැම්බියාව බහුපාර්ශවික ප්‍රජාතන්ත්‍රවාදයක් පවතී. ඒඩ්ස් වර්තමානයේ එරට පවතින ප්‍රධාන ගැටළුවකි. ඇස්තමේන්තු10% HIV ධනාත්මකය. ඒක පුද්ගල ආදායම ඇ. ඩො. 1150 (2008 ලෝක බැංකුව) වාර්තාගත 55% ජනතාව දිනකට ඇ. ඩො. 2 මත යැපෙමින් ජිවිකාව ගෙනයයි.