ශ්‍රී රාජාධි රාජසිංහ රජ
ශ්‍රි රාජාධි රාජසිංහ | |
---|---|
සිංහලේ රජ | |
රාජ්‍ය සමය | 1782 ජනවාරි 2 - 1798 ජූලි 26 |
අභිෂේකය | 1782 |
පූර්වප්‍රාප්තිකයා | කීර්ති ශ්‍රී රාජසිංහ රජු |
අනුප්‍රාප්තිකයා | ශ්‍රී වික්‍රම රාජසිංහ රජු |
භූමදානය | ශ්‍රී ලංකාව |
වල්ලභයා | උපෙන්ද්රාම්මා රැජින |
දරුවන් | None |
වංශය | මහනුවර නායක්කාරවරු |
ශ්‍රී රාජාධි රාජසිංහ (ක්‍රි.ව. 1782-1798) නමින් සිහසුනට උරුමකම් ලැබූ ඔහු කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සොහොයුරාය. ඔහුද තම සහෝදරයා සමග මදුරෙයි හි සිට මෙහි පැමිණියේ කුඩා ළමයෙකුව සිටියදීය. මේ හේතුව නිසාම ඔහු හැදී වැඩුනේ උඩරැටියෙකු පරිද්දෙනි. සිංහලයෙකු පරිද්දෙනි. එවකට මල්වතු විහාරයේ නායක හිමියන්ගේ දක්ෂතම ශිෂ්‍යයෙකු ලෙස කැපී පෙනුණේය. ඔහු විවිධ දක්ෂතාවලින් යුත් අයෙකු විය. භාෂා බොහොමයක් ඉගෙන ගත්තේය. පාලි සහ සංස්කෘත ද ඒ අතර විය. බුද්ධාගම සම්බන්ධයෙන් නොමසුරු දායකත්වයක් සැපයූ ඔහු කාව්‍ය රසිකයෙකු විය. එසේම කවියෙක් ද විය. අසදෘස මහා ජාතක කාව්‍යට සිංහල සන්නස ලියා තිබෙන්නේ මෙම රජු විසිනි.[1]
රජතුමා වයස්ගතව සිටියේය. නමුත් රජතුමාට දරුවන් නොසිටියේය.අනුපාතික රජතුමා ලෙස පත්වීමට රජතුමාගේ බිරිඳගේ සහෝදරයන් වූ මුත්තුසාමි සහ කන්නසාමී කුමරාදෙනා සිටියේය. පිළිමතලාවේ පළමු අධිගාර් නොහොත් අගමැති තනතුර දරමින් සිටියේය. ඔහු අති දක්ෂ, බලලෝභි, කූට උපක්‍රමයෙහි දක්ෂ පුද්ගලයෙකු විය .ඔහු කන්නසාමි කුමරා හට උපකාර කළේය .පිළිම තලව්වේ මහාධිකාරම්ගේ කුමන්ත්‍රණයක් යටතේ රජතුමාව මරා කන්න සාමි කුමරු රජ කරවීමට උපායක් කල්පනා කළේය. එය නම්,රජතුමා හට සොරස්තුරන් එන බැවින් රාත්‍රී මුර සංචාරයේදී කිව්වා.කන්න හට.
ශ්‍රී රාජාධි රාජසිංහ රජ උපත: ? ? මරණය: 26 ජූලි 1798
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා කීර්ති ශ්‍රී රාජසිංහ රජ |
මහනුවර රජු 2 ජනවාරි, 1782–26 ජූලි, 1798 |
අනුප්‍රාප්තික ශ්‍රී වික්‍රම රාජසිංහ රජ |
- ^ Roar සිංහල - ඉතිහාසයටත් මග හැරුණු රාජාධි රාජසිංහ රජතුමා