බෛතාල දෙවොල

විකිපීඩියා වෙතින්
බෛතාල දෙවොල
ବଇତାଳ ଦେଉଳ
බෛතාල දෙවොල is located in ඔඩිස්සා
බෛතාල දෙවොල
ඔරිස්සා තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°16′N 85°15′E / 20.267°N 85.250°E / 20.267; 85.250ඛණ්ඩාංක: 20°16′N 85°15′E / 20.267°N 85.250°E / 20.267; 85.250
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාකපාලිනී (ශක්ති)
දිස්ත්‍රික්කයඛූර්ඩා
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ගෘහනිර්මාණ ශිල්පය

වෛතාල දෙවොල හෙවත් බෛතාල දෙවොල(ඔඩියා: ବଇତାଳ ଦେଉଳ, දේවනගරි: वैताळ देउळ) යනුවෙන් හැඳින්වෙන්නේ චාමුණ්ඩා දෙවඟනට කැප කළ දර්ශීය ඛාකරා ශෛලියෙන් යුත් 8වන සියවසට අයත් හින්දු දේවාලයකි. මෙය ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ අගනුවර වන භුබනේස්වර්හි පිහිටා ඇත. මෙම දේවාලය ප්‍රදේශවාසීන් විසින් "තිනි මුණ්ඩියා මන්දිර" ලෙස හඳුන්වනු ලැබේ.

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

බෛතාල දෙවොලේ ඇති සුවිශේෂී ලක්ෂණය නම් එහි ඇති දේවාල කුළුණේ හැඩයයි. අර්ධ-සිලින්ඩරාකාර හැඩයක් ගන්නා එහි පියස්ස ඛාඛරා දේවාල සම්ප්‍රදාය සඳහා මනා නිදසුනකි. මෙය දකුණු ඉන්දියානු දේවාලවල ද්‍රවිඩියානු ගෝපුරයට සමානත්වයක් පෙන්වයි. ශිඛර පෙළක් සමග වූ ‍කුළු ශිඛර මගින් දකුණු ඉන්දියානු ආභාසයේ සලකුණු පෙන්වයි.[1] දෙවොලේ සැලැස්ම ආයත අතර, ජග මෝහන් කොටස ඍජුකෝණාස්‍රාකාර ව්‍යූහයකි. නමුත් එහි සෑම කොණකම කුඩා යාබද පූජාසනයක් බැගින් සම්බන්ධ කොට ඇත. බෛතාල දෙවොලේ උන්නත කැටයම් කිහිපයක් දක්නට ලැබෙන අතර, එම කැටයම් ඒවායේ ඇති සියුම් භාවය සම සමානුපාතික භාවය හේතුවෙන් වර්ණනාවට ලක්ව ඇත.[2][3]

පිටත බිත්තිවල හින්දු දෙවිවරුන්ගේ කැටයම් සහිත පනේල දැකගත හැක. මේ අතරින් ප්‍රධාන වශයෙන්ම ශිව සහ ඔහු භාර්යාව වන පාර්වතීගේ ශක්ති ස්වරූපය, දඩයම් දර්ශන, වන අලීන් අල්ලා ගැනීම සහ කලාතුරකින් ශෘංගාරාත්මක පෙම් යුවළවල් ද දැකගත හැක.

ජගමෝහනයට ඉහලින් වම් පස වූ දෙවොලේ ප්‍රසාද මුඛය චෛත්‍ය කවුළු දෙකකින් යුක්ත ය. ඉන් එකක අලංකාර සූර්ය දේව කැටයමක් වේ. මෙම කැටයම එහි වූ හැඟීම් ප්‍රකාශනය හේතුවෙන් ඇගයුමට ලක්ව ඇත. මෙහි සූර්ය සමග ඌෂා (අරුණෝදය) ප්‍රත්‍යූෂා දෙවඟනෝ හී විදිමින් සිටිති. සූර්යයාට ඉදිරියෙන් අශ්වයන් සතක් බැඳි රථය පදවන අරුණගේ රුව දැකගත හැක.

ඉහළ චෛත්‍ය කවුළුවේ වූ වෘත්තාකාර පනේලයෙහි අත් දහයක් ඇති නටරාජ හෙවත් නර්තනයේ යෙදෙන ශිව දෙවියන්ගේ රුවක් වේ. පැතලි පියස්සක් සහිත ජගමෝහනය ඉදිරියේ ධර්ම චක්‍ර ප්‍රවර්තන මුද්‍රාවෙන් වැඩ හිඳින් බුද්ධ රූ දෙකක් ද දැකගත හැක.

දේවාලයේ ඇති තවත් විශේෂ ලක්ෂණයක් නම් මෙහි ගර්භගෘහයේ තන්ත්‍රික සම්ප්‍රදායයන් හා සම්බන්ධ භයානක දර්ශන කැටයම් කොට තිබීමයි. ගර්භගෘහයේ කපාලිනී යනුවෙන් හැඳින්වෙන අත් අටක් සහිත චාමුණ්ඩා දේවතාවියගේ රුවක් දැකගත හැක. ඇය දුර්ගා දෙවඟනගේ භයංකාර ස්වරූපය යැයි විශ්වාස කෙරේ. ‍ඒ අනුව බෛතාල දෙවොල ශක්ති පූජාශ්‍රමයක් යැයි පිළිගැනේ.

දේවතාවා[සංස්කරණය]

මෙහි ප්‍රධාන දේවතාවා වන චාමුණ්ඩා හෙවත් චාර්චිකා දෙවඟන සිටින්නේ මලකඳක් මත හිඳගෙන වන අතර, ඇය වටා හිවලකු සහ බකමූණකු පිරිවරා සිටියි. ඇය හිස්කබල් මාලයක් පැලඳ සිටියි. ඇය නාගයකු, දුන්නක්, පලිහක්, අසිපතක්, ත්‍රිශූලයක්, අකුණක් සහ හීයක් දරා සිටින අතර, අසුරයාගේ ගෙල සිදුරු කරමින් සිටියි. මෙම අවකාශයට ඉහළින් හිඳගත් ශිව සහ පාර්වතී නිරූපිත චෛත්‍ය කවුළුව පිහිටයි.

චාමුණ්ඩා වටා වෙනත් මිත්‍ර දෙවිවරුන් ප්‍රමාණයෙන් කුඩාවට බිත්තියේ පහළ කොටස්වල නිරූපණය කොට ඇත. මේ සෑම රුවක් පිහිටි අවකාශයක්ම වෙන් කරන්නේ නෙරි කුළුණක් මගිනි. නැගෙනිහර බිත්තියේ දොරට දකුණු පසින් පිහිටි රූපය මගින් චාමුණ්ඩාගේ ප්‍රතිමූර්තිය වන භෛරවගේ සැකිලි ස්වරූපය දැක්වේ.

ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

පාදක සටහන්[සංස්කරණය]

  1. D.P.Ghosh, Nirmal Kumar Bose and Y.D.Sharma. Designs from Orissan Temples. P.24
  2. Brockman, Norbert C. (2011). Encyclopedia of Sacred Places. California: ABC-CLIO, LLC. pp. 212–213. ISBN 978-1-59884-655-3. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  3. Parida, A.N. (1999). Early Temples of Orissa (1st ed.). New Delhi: Commonwealth Publishers. pp. 85–89. ISBN 81-7169-519-1.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Shakti temples in Orissa

"https://si.wikipedia.org/w/index.php?title=බෛතාල_දෙවොල&oldid=592751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි