චින්තාමණීස්වර ශිව දේවාලය
චින්තාමණීස්වර් ශිව දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේස්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 20°15′00″N 85°50′20″E / 20.25000°N 85.83889°Eඛණ්ඩාංක: 20°15′00″N 85°50′20″E / 20.25000°N 85.83889°E |
අනුබැඳියාව | හින්දු ආගම |
උත්සව | ශිවරාත්‍රී, ශිව විවාහ, ජාලසය, රුද්‍රාභිෂේක |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | රේඛා දියුල් ශෛලිය |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 14වන සියවස |
චින්තාමණීස්වර් ශිව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්ත අගනුවර වන භුබනේස්වර්හි පිහිටි ශිව දෙවියන් උදසා කැපකළ හින්දු දේවාලයකි.[1][2] මෙය පිහිටියේ පැරණි නැවතුමේ බසාරය අසල චුත්තක්-පූරි මාර්ගයේ ශාඛාවක් වන චින්තාමණීස්වර් මාර්ගය අවසානයේ ය. බටහිරට මුහුණලා ඇති මෙම දේවාලයේ වන්දනාවට ලක්වන ප්‍රධාන දේව ප්‍රතිමාව වනුවේ යෝනිපීඨයක් මත පිහිටි ශිව ලිංගයයි.
දේවාලය
[සංස්කරණය]මෙම දේවාලයේ ඉතිහාසය ක්‍රි.ව. 14න සියවස තෙක් ඈතට දිවයයි. ප්‍රදේශයේ පුරාවෘත්ත අනුව, දේවාලය ගොඩනංවන ලද්දේ කේශරීවරුන් (සෝමවංශීන්) විසිනි. ශිවරාත්‍රී, ශිව විවාහ, ජාලසාය, රාද්‍රභිෂේක වැනි උත්සව ගණනාවක් මෙහි පැවැත්වේ. විවාහ සහ නූල් මංගල්‍යයන් ද මෙහි පැවැත්වේ.
ගෘහනිර්මාණ ලක්ෂණ
[සංස්කරණය]සැලැස්ම අතින්, මෙහි සතරැස් ගර්භගෘහයක් ඇති අතර, රේඛා සම්ප්‍රදායේ විමානයක් ද දැකගත හැක. දේවාලයේ පහළ සිට ඉහළට පිළිවෙලින් බාදා, ගන්දි සහ මස්තක යන අංග පිහිටයි. මෙහි කොටස් පහකින් යුත් පංචාංග බාදාවක් ඇති අතර, පභාගයේ පාදමෙහි ඛුර, කුම්භ, පට, කණි සහ බසන්ත ලෙස බොරදම් පහක් ඇත. දේවාලයේ ඛුර කොටස අර්ධ වශයෙන් පොළොවෙහි වැළලී ඇත. මෙහි ඇති ජංඝ නම් කොටස තල ජංඝ සහ උපර ජංඝ ලෙස බෙදෙන්නේ බන්ධනා කොටසේ ඇති බොරදම් තුනක් සහ බරන්ද කොටසේ ඇති බොරදම් හතක් මගිනි. ගන්දි කොටසෙහි කිසිදු මෝස්තරයක් දක්නට නොලැබෙන අතර, මස්තක කොටසෙහි ඔරිස්සා දේවාලවල දක්නට ලැබෙන බේකි, ආමලක, ඛාපූරි සහ කලස යන අංග දක්නට ලැබේ.
නැගෙනහිර නිකේතනයෙහි අත් සතරක් ඇති කාර්තිකේය රුවක් වේ. ඔහුගේ ප්‍රධාන වමතින් වරද මුද්‍රාවත්, දකුණතින් සෙංකෝලයකුත් දරා සිටියි. ඔහුගේ ඉහළට එසවූ පසුපස වමතින් කුකුළෙක් දරා සිටින අතර පසුපස දකුණත මොනරාගේ හිස මත තබාගෙන සිටියි. දකුණු නිකේතනයෙහි අත් සතරක් සහිත ගනේෂ රුවක් වේ. ගනේෂ සි ඉදිරි දකුණතන් නවගුණ වැලක් ද, වමතින් මෝදක පත්‍රයක් ද දරා සිටියි. ඉහළට එසවූ පසුපස දකුණතික් අංකුශයක් සහ වමතින් බිඳුණු දළයක් ද දරා සිටියි. උතුරු රාහ නිකේතනයේ පාර්වතී දෙවඟනගේ රුවක් වේ.
චින්තාමණීස්වර් පොකුණ
[සංස්කරණය]මෙම දේවාල පරිශ්‍රය තුළ දේවාල පොකුණක් ද පිහිටා ඇත. ප්‍රෙද්ශවාසීන්ට අනුව මෙ පොකුණ ද කනවන ලද්දේ කේශරීන් විසිනි. කාර්තික පූර්ණිම සහ ශ්‍රවණ පූර්ණිම වැනි මංගල්‍යයන් මෙම ස්ථානයේ සිදුකරනු ලබයි. ඍජුකෝණාස්‍රාකාර හැඩැති මෙම පොකුණ ලැටරයිට්වලින් තනා ඇත. එහි දිග 22.40 m ද, පළල 11.20 m සහ ගැඹුර 3.00 m ද වේ. මෙම පොකුණ ජලය සැපයෙන්නේ ස්වාභාවික අල්පතක් ඔස්සේ භුගල ජලයෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂය පුරාම මෙහි ජල මට්ටම නියතව පවතියි. අතිරික්ත ජලය මුදාහැරීමට මෙහි නැගෙනහිර බිත්තියේ බිහිදොරක් ඇත.
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ K.C. Panigrahi, Archaeological Remains at Bhubaneswar, Calcutta, 1961. P. 16.
- ^ Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan (ISBN 81-7375-164-1)