අනන්ත වසුදේව දේවාලය
අනන්ත වසුදේව දේවාලය | |
---|---|
ଅନନ୍ତ ବାସୁଦେବ ମନ୍ଦିର | |
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේස්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 20°14′26.18″N 85°50′8.81″E / 20.2406056°N 85.8357806°Eඛණ්ඩාංක: 20°14′26.18″N 85°50′8.81″E / 20.2406056°N 85.8357806°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | අනන්ත වසුදේව (ක්‍රිෂ්ණ) |
දිස්ත්‍රික්කය | ඛුර්ඩා |
ජනපදය | ඔඩිෂා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
සම්පූර්ණ කෙරුණේ | 13වන සියවස |
අනන්ත වසුදේව දේවාලය යනු ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්ත අගනුවර වන භුබනේස්වර්හි පිහිටි හින්දු දේවාලයකි. මෙය විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් වන ක්‍රිෂ්ණ දෙවියන්ට කැපකොට ඇත.[1] දහතුන්වන සියවසේ ඉදි කරන ලද මෙම දේවාලයෙහි ක්‍රිෂ්ණ, බලරාම සහ සුභද්‍රාගේ සම්පූර්ණ මූර්ති වන්දනාවට පාත්‍ර වේ. පෙන සතක් ඇති නාගයකු සෙවණේ සිටගෙන සිටින බලරාම සිටගෙන සිටියි. සුභද්‍රා සිය දෑතෙහි මැණික් බඳුනක් සහ නෙළුමක් දරා සිටින අතර, ඇගේ වම් පාදය තවත් මැණික් බඳුනක් මත තබාගෙන සිටියි. මෙහි ක්‍රිෂ්ණ සෙංකෝලයක්, චක්‍රයක්, නෙළුමක් සහ ශංඛයක් දරා සිටියි. මෙම දේවාලය IIIවන අනංගභීමගේ දියණිය වූ චන්ද්‍රිකා දේවීගේ සමයයට, එනම් භානුදේව රජ සමයට අයත් යැයි කාල නිර්ණය කොට ඇත.
පුරාවෘත්තය
[සංස්කරණය]ක්‍රි.ව. 13වන සියවසේ අනන්ත වසුදේව මහා දේවාලය ඉදිකිරීමට ප්‍රථම මෙම ස්ථානයේ විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වූ දේවස්ථානයක් පැවි බැව් පෙනේ. පසුව 13වන සියවසේ දී, නැගෙනහිර ගංග රාජවංශයේ චන්ද්‍රිකා රැජින විසින් මෙම ස්ථානයේ නව දෙවොලක්, එනම් අනන්ත වසුදේව දේවාලය ඉදිකොට ඇත. මෙම විෂ්ණු ප්‍රතිමාව තැන්පත් කළ පැරණි දෙවොලක් ද තිබෙන්නට ඇත. මහානදී තෙක් සිය අධිරාජ්‍යය ව්‍යාප්ත කළ මරාඨවරුන් විසින් 17වන සියවසේ පසු කාලයේ භුබනේස්වර්හි විෂ්ණු දේවාලය අලුත් වැඩියා කොට ඇත.[2]
ගෘහනිර්මාණ ශිල්පය
[සංස්කරණය]ස්වරූපය අතින් මෙම දේවාලය ලිංගරාජ දේවාලයට සමානත්වයක් පෙන්වයි. නමුත් මෙහි වෛෂ්ණව ආගමික (විෂ්ණු දෙවියන්හා සම්බන්ධ) ප්‍රතිමා දක්නට ලැබේ.[3] මෙ දේවාලයේ ලිංගරාජ් දේවාලයට බෙහෙවින්ම සමාන අයුරින් අන්වායාම කුඩා ශිඛර තීරුවක් දක්නට ලැබේ. නමුත් ලිංගරාජ් දේවාලයෙහි සහ මෙහි එක් අන්වායාම තීරුවක් සාදන ශිඛර සංඛ්‍යාවෙහි වෙනසක් ඇත. මෙහි නම් එකක් තීරුවක ශිඛර තුනක් දක්නට ලැබේ.[4] බාහිර බිත්තිවල පිහිටි කැටයම්, ඒවායේ ලක්ෂණ අතින් භුබනේස්වර්හි අනෙක් දේවාලවලින් වෙනස් වේ. දේවාල බිත්තියෙහි වූ බොහෝ කාන්තා රූ අතිශයින් විසිතුරු කොට ඇති නිසා ඒවායේ ස්වාභාවිකත්වය ගිලිහී ඇත.[5]
පූරි ජගන්නාත් දේවාලයෙන් වෙනස් වන අයුරු
[සංස්කරණය]පූරිහි ජගන්නාත් දේවාලයේ මෙන් නොව මෙම දේවාලයෙහි ගර්භගෘහයේ පිහිටි දේව ප්‍රතිමා සම්පූර්ණ ව්‍යූහයකින් යුක්ත ය. මෙහි ශ්‍රීමූර්ති (දේව ප්‍රතිමා) නිර්මාණය කොට ඇත්තේ පූරිහි දෙවොලේ මෙන් දැවයෙන් නොව කළු ග්‍රැනයිට් පාෂාණයෙනි. මෙම දේවාලය සඳහා නගරය එම නම ලැබුවේ චක්‍ර ක්ෂේත්‍ර (වෘත්තාකාර ප්‍රදේශය) ලෙස වන අතර, පූරිහි එය ශංඛ ක්ෂේත්‍ර (වක් වූ ප්‍රදේශය) ලෙසයි.
ගැලරිය
[සංස්කරණය]-
බින්දුසාගර් සිට අනන්ත වසුදේව දේවාලය දිස්වන අයුරු
-
අනන්ත වසුදේව දේවාලය 1869දී
-
අනන්ත වසුදේව දේවාලයේ මහාප්රසාද
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Ghurye, G.S. (2005). Rajput Architecture. Popular Prakashan. p. 91. ISBN 81-7154-446-0.
- ^ Tāntric art of Orissa .P.126.Jitāmitra Prasāda Siṃhadeba.
- ^ Hinduism and the Religious Arts .p.149. Heather Elgood
- ^ Rajput Architecture .p.126.G.S. Ghurye
- ^ World heritage monuments and related edifices in India P.186.ʻAlī Jāvīd, Tabassum Javeed.