භෘකුතේස්වර් ශිව දේවාලය
භෘකුතේස්වර් ශිව දේවාලය | |
---|---|
Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/India Orissa" does not exist. | |
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේශ්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 20°14′18″N 85°50′01″E / 20.23833°N 85.83361°Eඛණ්ඩාංක: 20°14′18″N 85°50′01″E / 20.23833°N 85.83361°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | ශිව භුවනේශ්වරී (දේවිය) |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග පංචරථ ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය) |
නිර්මාපක | ජාජතී කේශරී |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 13වන සියවස |
භෘකුතේස්වර් සිව දේවාලය පිහිටා ඇත්තේ ඉන්දියාවේ ඔඩිෂාවේ භුබනේස්වර් පැරණි නගරයේ යමේශ්වර පැට්නාවෙහි ය.[1][2][3] තනි ව්‍යූහ පීඪ දෙවොලක් වන මෙහි කිසිදු පූර්ව ද්වාර මණ්ඩපයක් දක්නට නොලැබේ. ප්‍රදේශයේ ජනයාට අනුව, මෙම දේවාලය ගොඩනංවන ලද්දේ කේසරීවරුන් විසිනි.
පිහිටීම[සංස්කරණය]
භෘකුතේස්වර දේවාලය පිහිටියේ භුබනේස්වර පැරණි නගරයේ යමේශ්වර් පැට්නාවෙහි ය. මෙය ලිංගරාජ් දේවාලයේ සිට යමේශ්වර දේවාලය වෙත දිවෙන මාර්ගයේ බධේයිබාන්ක් චෞක්හි දකුණු පස පිහිටා ඇත. මෙම දේවාලය තාලේස්වර දේවාලයට 40 metres (130 ft) බටහිරින් ද, යමේශ්වර දේවාලයට 30 metres (98 ft) වයඹ දිගින් ද, සහ බක්රේස්වර දේවාලයට 30 metres (98 ft) නැගෙනිහරින් ද පිහිටා ඇත. මෙම දෙවොල උතුරු දෙසට මුහුණලා පිහිටා ඇත. තනි ව්‍යූහයේ පීඪ දෙවොලක් වන මෙහි ඉදිරි ස්වාර මණ්ඩපයක් දක්නට නොලැබේ. මෙහි වන්දනයට ලක්වන ප්‍රධාන දෙවියා වන්නේ වෘත්තාකාර යෝනි පීඨයක් මත පිහිටි ශිව ලිංගයයි. මෙය ජීවමාන දේවාලයකි.
යුගය[සංස්කරණය]
පසුකාලීන ක්‍රිව. 13වන සියවසට අයත් යැයි සැලකෙන මෙම දේවාලය ගංග රාජවංශ සමයේ ඉදිවන්නට ඇත.
ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]
මෙහි දකුණු, නැගෙනහිර සහ බටහිර පැතිවලින් ප්‍රාකාරයකින් වටවී ඇත. උතුරු දෙසින් පුරාතන ළිඳක් දක්නට ලැබේ. බිම් සැලැස්ම අතින් මෙහි සමචතුරස්‍රාකාර විමානයක් දක්නට ලැබේ. උච්චත්වය සැලකූ විට විමාන පීඪ දෙවොලක් වන අතර එය මීටර 5.03ක උසින් යුක්ත ය. දේවාලයේ ඇති තුනට බෙදුණු බාදා නම් අංගය මීටර 2.03ක් උසැති ය. මෙහි ගාන්දි කොටස මීටර 3.00ක් උසින් යුත් අතර, එහි පසුපසට නෙරූ පේසා දක්නට ලැබේ. මෙහි මස්තකය ඇද වැටී ඇත.
මෙහි උළුවහු කණු මීටර 1.70ක් උසින් යුක්ත වන අතර ඒවායේ පළල මීටර 0.70කි. මේවා චාම් ස්වභාවයක් ගනියි. මෙය ලැටරයිට් මාධ්‍යයෙන් නිර්මාණය කොට ඇති අතර වියළි පෙදරේරු ක්‍රම ශිල්පය අනුගමනය කොට ඇත. මෙහි කාලිංග ගෘහනිර්මාණ ලක්ෂණ දක්නට ලැබේ.
මේවාත් බලන්න[සංස්කරණය]
සටහන්[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- M.M. Ganguly, Orissa and Her Remains, Calcutta, 1912, P. 269.
- N. K. Sahu (Ed), A History of Orissa, Vol. II, Delhi, 1980, P. 270.
- R. P. Mohapatra, Archaeology in Orissa, Vol.I, Delhi, 1986, P. 82.
- R. L. Mitra. The Antiquities of Orissa, Vol. II, Calcutta, 1963, P. 118-121.