සර්වත්‍රේස්වර ශිව දේවාලය

විකිපීඩියා වෙතින්
සර්වත්‍රේස්වර ශිව දේවාලය
සර්වත්‍රේස්වර ශිව දේවාලය is located in ඔඩිස්සා
සර්වත්‍රේස්වර ශිව දේවාලය
ඔරිස්සා තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′35″N 85°51′24″E / 20.24306°N 85.85667°E / 20.24306; 85.85667ඛණ්ඩාංක: 20°14′35″N 85°51′24″E / 20.24306°N 85.85667°E / 20.24306; 85.85667
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාසර්වත්‍රේස්වර
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග
(කාලිංග ගෘහනිර්මාණ ශිල්පය)
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 10වන සියවස
සම්පූර්ණ විස්තර
උන්නතාංශය18 m (59 ft)

සර්වත්‍රේස්වර් ශිව දේවාලය' පිහිටියේ ඉන්දියාවේ ඔඩිෂාවේ අගනුවර වන භුබනේස්වර්හි ලුවිස්රෝඩ් සිට සිසුපාල්ගාර් වෙත දිවෙන මහාවීර් වීථියේ දකුණු පස ය.[1] මෙහි ගර්භගෘහයේ වෘත්තාකාර යෝනි පීඨයක් මත ශිව ලිංගයක් තැන්පත් කොට ඇත. ජීවමාන දේවාලයක් වන මෙහි ප්‍රධාන පූජක පදවිය හොබවන්නේ බිභූති භූසන් දාස් විසිනි. ප්‍රධාන පූජකයාට අනුව මෙය පාතාලඵුට ලිංගයකි. දේවාල පරිශ්‍රය පිහිටියේ ගංගුවා දිය පහරේ දකුණු ඉවුරේ ය.

සර්වත්‍රේස්වර යන්නෙහි අර්ථය සියලු තලයන්ට අධිපති යන්නයි. පෞද්ගලික හිමිකාරීත්වයක් යටතේ පවතින මෙම දේවාලය පවත්වාගෙන යනු ලබන්නේ ගාදා මහාවීර් උන්නයන පරිසාද සංවිධානය විසිනි. මෙහි සභාපතිවරයා ප්‍රතාප් කුමාර් මෝහපත්‍රා වන අතර, ලේකම්වරයා වන්නේ බිභූති භූෂන් දාස් ය. ක්‍රි.ව. 10වන සියවසේ ඉදිවූ මෙහි මුල් දේවාලය පීඪ දියුල් ක්‍රමය අනුව සකසා ඇත. මෙම දේවාලය සුප්‍රකට සිසුපාල්ගාර්හි පුරාතන බලකොටු නගරයට මීටර 100ක් දුරින් පිහිටි අතර, මදනේස්වර දේවාලයට 1 km පමණ දුරින් පිහිටා ඇත.


වැදගත්කම[සංස්කරණය]

ප්‍රදේශයේ ජනයා අනුව මෙම දේවාලය ඉදිකරවන ලද්දේ චේඩියේ පාලක ඛාරවේල විසිනි. ඔහු ක්‍රි.පූ. 1වන සියවසේ දී කාලිංගය පාලනය කොට ඇත. ජාගරා, රාජ, සංක්‍රාන්ති වැනි විවිධ ආගමික උත්සව මෙහි දී සමරනු ලැබේ. එසේම විවාහ මංගල්‍යය, නූල් මංගල්‍ය, උපන්දින සැමරුම් සහ මහජන රැස්වීම් ද මෙහි පවත්වනු ලැබේ.

ගෘහනිර්මාණ ලක්ෂණ[සංස්කරණය]

මෙම දේවාලය බටහිරට මුහුණලා පිහිටා ඇත. සැලැස්ම අතින් මෙම දේවාලයේ වර්ග මීටර 5.20ක ක්ෂේත්‍රඵලයකින් යුත් සතරැස් විමානයක් ඇත. මෙහි මීටර 0.90ක් උසැති ද්වාර මණ්ඩපයක් ඇති අතර, විමානය පංචරථ සැලැස්මෙන් යුතු ය. උච්චත්වය අනුව රේඛා සම්ප්‍රදායයෙන් යුත් දේවාලයේ ඛුර යන අංගයේ සිට කලස තෙක් උස මීටර 7.88කි.

දේවාලයේ පහළ සිට ඉහළට බාදා, ගන්දි සහ මස්තක යන අංග පිහිටයි. බාදාවේ කොටස් පහක් ඇති නිසා එය පංචාංග බාදාවකි. එහි උස මීටර 3.18කි. පභාගයේ පහළ මීටර 0.80ක් උසැති බොරදම් පහක් වන අතර ඒවා ඛුර, කුම්භ, පට, කණි සහ බසන්ත පරිදි වේ.

මෝස්තර අංග[සංස්කරණය]

සිමෙන්ති බදාමය සහ සුදු පැහැ සේදුම නිසා මෙම දේවාලය චාම් අයුරින් පවතියි. මෙහි උළුවහු කණු මීටර 1.95ක් උසැති අතර, පළල මීටර 0.90කි. උළුවහු කණුවට ඉහළින් වූ ස්තර දිගින් මීටර 1.20ක් වන අතර, මෑතකාලීනව එය නවග්‍රහ කැටයම්වලින් සරසා ඇත. අළු වැලිගලින් නිර්මිත මෙය ආශ්ලේෂ පෙදරේරු ක්‍රමය අනුව නිමවා තිබේ. එය කාලිංග ශෛලියෙන් යුක්ත ය.

සංරක්ෂණය[සංස්කරණය]

නවීකරණ කටයුතු නිසා මෙය තරමක් හොඳ තත්ත්වයෙන් සංරක්ෂණය වි පවතියි. 1980 වර්ෂයේ දී ප්‍රදේශයේ ජනයා විසින් මෙම දේවාලය අලුත්වැඩියා කරන ලදී.

ශ්‍රේණිය (A/B/C)[සංස්කරණය]

  1. වාස්තු විද්‍යා: B
  2. ඓතිහාසික: C
  3. සංවිධානික: B
  4. සමාජ/සංස්කෘතික: C

අතිරේක දේවාල[සංස්කරණය]

මෙම පරිශ්‍රයෙහි උද්‍යෝත සිංහ, භුමිආම්ලා කොටස්, කැටයම් කළ පාෂාණ සහ කැඩීගිය ගනේෂ ප්‍රතිමාවක් දක්නට ලැබේ. සර්වත්‍රේස්වර දේවාලයේ නැගෙනහිර පැත්තේ මීටර 0.9ක් දුරින් පැතලි වහළක් සහිත නූතන කොන්ක්‍රීට් දේවාලයක් දක්නට ලැබේ. මෙම දේවාලය තුළ හනුමාන් හෙවත් මහාවීර්ගේ ප්‍රතිමාවක් දක්නට ලැබේ. ඔහු සිය දකුණු අතේ ගන්ධමර්දනයක් දරා සිටියි. ඒ අසල පැරණි දේවාලයකට අයත් වර්ග මීටර 7.00ක ක්ෂේත්‍රඵලයකින් යුත් මීටර 0.50ක් උසැති වේදිකාවක් දක්නට ලැබේ. මෙම වේදිකාවේ බොරදම් කට්ටල දෙකක් ඇත. මෙම දේවාල සංකීර්ණය ගදාමහාවීර ලෙස හැඳින්වෙන අතර, එය ලැටරයිට් ගල් කුට්ටිවලින් තනා ඇත. මෙය ගිනිකොන දිග කෙළවරේ පිහිටි සර්වත්‍රේස්වර දේවාලයේ විමානයේ සිට මීටර 7.20ක් දුරින් පිහිටා ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan (ISBN 81-7375-164-1)