උත්තරේස්වර ශිව දේවාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
උත්තරේස්වර් ශිව දේවාලය
Uttaresvara Siva Temple..png
Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/India Orissa" does not exist.
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°15′2″N 85°51′18″E / 20.25056°N 85.85500°E / 20.25056; 85.85500ඛණ්ඩාංක: 20°15′2″N 85°51′18″E / 20.25056°N 85.85500°E / 20.25056; 85.85500
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාශිව
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය)
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 12-13වන සියවස

උත්තරේස්වර ශිව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔරිස්සාහි භුබනේස්වර්හි පිහිටි 12වන සියවසට අයත් ශිව දෙවියන්ට කැපකළ හින්දු දේවාලයකි.[1][2][3]


පිහිටීම[සංස්කරණය]

උත්තරේස්වර ශිව දේවාලය පිහිටියේ භුබනේස්වර්හි, පැරණි නගරවේ කේදාරා-ගෞරි චෞක්හි නාලමුහාන සාහි අසල බින්දුසාගර් ජලාශයේ උතුරු ඉවුරු පරිශ්‍රයේ ය.[4] මෙහි වන්දනාවට ලක්වන ප්‍රධාන දෙවියා වන්නේ ගර්භගෘහය මධ්‍යයේ වෘත්තාකාර යෝනිපීඨයක් මත පිහිටි උත්තරේස්වර ශිව (හිරන්‍යගර්ව වර්ගය) දෙවියන් ය. එයට අමතරව ගර්භගෘහයට පිවිසෙන පැති බිත්තියේ භෛරබ සහ භෛරබීගේ ප්‍රතිමා ද දැකගත හැක.

මෙම දේවාලයේ තවත් ආකර්ෂණයක් වන නරසිංහ දේව ප්‍රතිමාවයි. එය ප්‍රධාන දේවාලය තුළ උත්තරේස්වර ප්‍රතිමාවට මුහුණලා ප්‍රධාන දේවාලයේ පිවිසුමේ දකුණුපස පිහිටා ඇත. මුල් දේවාලය ඇදවැටී ඇති අතර, මේ බවට පභාගයට ඉහළින් සිදුකොට ඇති නවීකරණය කටයුතු සහ පාඨග්‍රන්ථ අනුගමනය නොකරමින් පැරණි ප්‍රතිමා දේවාල බිත්තියේ විවිධ ස්ථානවල තැන්පත් කොට තිබීමෙන් සාක්ෂි ලැබේ. මෙම පරිශ්‍රයේ ප්‍රධාන දේවාලය සමග කුඩා දෙවොල් නවයක් ද ඇත.

තවත් දේවාල කිහිපයක් සහ ගොදාවරී පොකුණ ද මෙම සීමාව තුළම පිහිටා ඇත.මෙහි දෙවන විශාලතම දේවාලය වන්නේ භීමේස්වර් දේවාලයයි. එහි ගර්භගෘහය මධ්‍යයේ වෘත්තාකාර යෝනි පීඨය මත ශිව ලිංගයක් තැන්පත් කොට ඇත.

මෙම දේවාලයේ වැදගත්කමක් හිමිවන තවත් දේවතාවකු වන්නේ මා උත්තරායණී දෙවඟනයි. උත්තරේස්වර දේවාලයේ පාර්ශ්ව දේවතාව වන ඇයගේ රුව පිටත බිත්තියේ දකුණු දිශාව මුහුණලා සිටියි. ඇය ලිංගරාජ දෙවියන්ගේ අෂ්ට චණ්ඩිවරියන් අතුරින් අයෙක් ලෙස ද සැලකේ. චෛත්‍රා මාසයේ දී උත්තරායණි දෙවඟනට පූජා පැවැත්වීම සම්බන්ධයෙන් මෙම දේවාලයට ප්‍රසිද්ධියට පත්ව ඇත.

සම්ප්‍රදාය සහ පුරාවෘත්ත[සංස්කරණය]

ප්‍රදේශවාසීන්ට අනුව, මෙම දේවාලය මෙසේ නම්කොට ඇත්තේ මෙය බින්දුසාගර් ජලාශයේ උතුරු ඉවුරේ ලිංගරාජ් දේවාලයට උතුරින් පිහිටි නිසායි. මෙම දේවාලය පීඨ සතරෙන් එකක් ද වේ. අනෙක් පීඨ තුන වන්නේ ඛාරාඛියා බෛද්‍යනාත් දේවාලයේ යෝග පීඨය, ලිංගරාජ්හි භෝග පීඨය සහ කේදාර-ගෞරි දේවාලයේ සිද්ධ පීඨයයි. මීට සමාන අයුරින් උත්තරේස්වර දේවාලය තන්ත්‍ර පීඨ ලෙස හැඳින්විණි.

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

මෙහි පභාග බොරදම්, ඍජුකෝණාස්‍රාකාර පැතලි වහලැති ජගමෝහනය සහ 7වන සියවසේ ප්‍රතිමා ලක්ෂණවලින් යුත් ප්‍රතිමා අනුව පෙනීයන්නේ මෙම දේවාලය ස්ථාපිත කෙරුණේ කි.ව. 7වන සියවසේ බවයි. නමුත් පසුව 19වන සියවසේ ද ඉදිකිරීම් සිදුවී ඇත.[5][6] මෙම දෙවොල විමාන සහ ජග මෝහන් යන අංගවලින් සමන්විත ය. විමානරේඛා දියුල් සම්ප්‍රදායයෙන් යුත් අතර, ජගමෝහනය පැතලි වහලක් ඇති ඍජුකෝණාස්‍රාකාර ශාලාවකි. මෙම දේවාලය වටා උතුරින් භීමේස්වර් සහ දකුණින් සහදේවේස්වර් යන කුඩා දෙවොල් පිහිටයි. නැගෙනහිර සහ බටහිර පැතිවලින් ප්‍රාකාරයක් දැකගත හැක.

වැදගත්කම[සංස්කරණය]

නරසිංහ ජන්ම (උපන්දින), දුර්ගාෂ්ටමි, කාර්තික පූර්ණිම, ශිවරාත්‍රී, "චෛත්‍රා මංගල්බාර්" වැනි උත්සව මෙහි දී සරමනු ලැබේ.

භීමේස්වර ශිව දේවාලය[සංස්කරණය]

දේවාල ව්‍යූහය

භීමේස්වර ශිව දේවාලය පිහිටියේ උත්තරේස්වර ශිව දේවාල පරිශ්‍රයේ ය. මෙය බින්දුසාගර් ජලාශයේ උතු‍රු ඉවුරේ පිහිටියේ ය. මෙහි වන්දනාවට ලක්වන ප්‍රධාන දේව ප්‍රතිමාව වන්නේ ගර්භගෘහයේ ඇති වෘත්තාකාර යෝනි පීඨය මත ඇති ශිව ලිංගයයි. නැගෙනිහරට මුහුණලා පිහිටි මෙය ජීවමාන දේවාලයකි. මෙම දේවාලයේ සතරැස් විමානයක් ඇති අතර, විමානය ඉදිරිපස පිහිටි නූතන කොන්ක්‍රීට් ශාලාව ජගමෝහනය ලෙස භාවිතා වේ. උත්තරේස්වර ශිව දේවාලය සේම මෙම දේවාලය ද පභාග කොටසේ සිටම නවීකරණය කොට ඇත. උච්චත්වය අතින් විමානරේඛා සම්ප්‍රදායයෙන් යුක්ත ය. පාර්ශ්වදේවතා නිකේතන ජංඝා පෙදෙසේ පැති තුනක දක්නට ඇත. බටහිර රාහ නිකේතනයේ පද්ම පීඨයක හිඳගත් අත් සතරක් සහිත අලංකාර කාර්තිකේය ප්‍රතිමාවක් වේ. ඔහුගේ පහළ වම් අත කුකුළකු මත තබාගෙන සිටින අතර, පහළ දකුණත සිය වාහනය වන මොනරාගේ හොටය මත තබාගෙන සිටියි. සිය ඉහළ වමතේ දඹරුවක් දරා සිටින ඔහු ඉහළ දකුණතේ තිශූලයක් තබාගෙන සිටියි. උතුරු රාහ නිකේතනයේ පද්ම පීඨයක් මත හිඳගත් අත් සතරක් ඇති පාර්වතී දෙවඟනගේ රුවක් දැකගත හැක. ඇය සිය පහළ වමතේ නෙළුවමක් ද, පහළ දකුණතේ අක්ෂමාලාවක් ද, ඉහළ වමතින් යෂ්ටියක් සහ ඉහළ දකුණතින් නාගපාසාවක් ද දරාසිටියි. දකුණු නිකේතනයෙහි ද පද්ම පීඨිකාවක් මත සිටින අත් සතරැති ගනේෂ රුවක් වේ. මෙම නිකේතනවල ඇති සියලු පාර්ශ්ව දේවතා (අතිරේක දේවතා) රූ මෑතකාලීන තැන්පත් කිරීම් වේ. උළුවහු කණුවල සරල සිරස් තීරු තුනක් ඇත. එහි ලලාටබිම්බ කොටසේ පද්ම පීඨිකාවක අසුන්ගත් ගජල්කෂ්මී දෙවඟනගේ රුවක් වේ. වමතින් නෙළුමක් දරා සිටින ඇය දකුණතින් වරද මුද්‍රාව දරාසිටියි.

ලැටරයිට් දේවාලය[සංස්කරණය]

ලැටරයිට් දේවාලය

මෙම දේවාලය ද පිහිටියේ උත්තරේස්වර දේවාල පරිශ්‍රයේ ය. පරිහානියට පත් ස්වභාවයෙන් යුත් මෙය බාදා අංගය තෙක් පොළොවේ වැළලී ඇත. බාදාවේ දර්ශනය වන කොටසකින් මෙම දේවාලයට සතරැස් පංචරථ විමානයක් ඇති බව නිගමනය කළ හැක.

ගෝදාවරී පොකුණ[සංස්කරණය]

ගොදාවරී පොකුණ පිහිටියේ මෙම දේවාල පරිශ්‍රය තුළම ය. මෙය ඉන්දියාවේ ඔරිස්සාවේ භුබනේස්වර්හි බින්දුසාගර් ජලාශයේ උතුරු ඉවුරේ පිහිටා ඇත. මෙම පොකුණ ලැටරයිට් ගල් කුට්ටිවලින් තැනූ බැම්මකින් අවාරණය කොට ඇත. ස්වාභාවික උල්පතක් වන මෙහි බින්දුසාගර් ජලාශය වෙත අතිරික්ත ජලය නිකුත් කෙරෙන බිහිදොරක් ඇත. ජනප්‍රවාදවලට අනුව, කීර්ති සහ බාස යන අසුරයන් මරාදැමිමෙන් පසු පාර්වතී දෙවඟනට පිපාසයක් ඇති විය. ඇගේ පිපාසය සංසිඳවීමට ශිව දෙවිය්න ත්‍රිශූලය ‍පොළොවේ අනින ලද අතර, එතැනින් උල්පතක් මතු විය. ජලය පාරිශුද්ධ කිරීමට ශිව දෙවියන් සියලු ගංගා දේවතාවියන්ට ආරාධනා කළේ ය. සිය මාස් ශුද්ධිය නිසා ගෝදාවරී දෙවඟනට පැමිණිය නොහැකි විය. ඇගේ නොපැමිණීම නිසා ශිව ඇයට ශාපකළේ කුම්භමේලා දිනයේ හැර අනෙක් දිනවල ඇගේ ජලය අපවිත්‍ර වනු ඇති බවයි.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Temples and sculptures of Bhubaneswar.P.124.Kanwar Lal
  2. Debala Mitra, ‘Bhubaneswar’ New Delhi, 1958, P. 29.
  3. K.C. Panigrahi, Archaeological Remains at Bhubaneswar, Calcutta, 1961. PP. 16–17.
  4. "Uttaresvara Shiva Temple, Shiva Temple". www.templeadvisor.com.
  5. T.E. Donaldson, ‘Hindu Temple Art of Orissa’. Vol. I, Leiden, 1985, P. 76.
  6. P.R. Ramachandra Rao, Bhubaneswar Kalinga Temple Architecture, Hyderabad, 1980, P. 29.

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • L. S.S. O’ Malley, Bengal District Gazetteer Puri, Calcutta 1908, P. 240.
  • M.M. Ganguly, Orissa and Her remains, Calcutta, 1912, PP. 393–394.
  • R.P. Mohapatra, ‘Archaeology in Orissa’. Vol. I, Delhi, 1986. P. 57.
  • R.L. Mitra. The Antiauities of Orissa, Vol.II, Calcutta, 1963, PP. 160–161.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=උත්තරේස්වර_ශිව_දේවාලය&oldid=410718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි