භ්‍රිංගේස්වර ශිව දේවාලය
භ්‍රිංගේස්වර ශිව දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේස්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 22°11′57″N 85°50′16″E / 22.19917°N 85.83778°Eඛණ්ඩාංක: 22°11′57″N 85°50′16″E / 22.19917°N 85.83778°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | ශිව |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 8වන සියවස |
භ්‍රිංගේස්වර ශිව දේවාලය භුබනේස්වර්හි ගිනිකොනදිග ප්‍රදේශයේ ඛාටුවපාදා ගම්මානයේ ධෞලි කඳු අසල දායා ගංගාවේ වම් ඉවුරේ ය.[1][2] බටහිරට මුහුණලා පිහිටි මෙම දේවාලයේ වන්දනාවට ලක්වූ ප්‍රධාන දේව ප්‍රතිමාව වන්නේ මධ්‍යයේ සිදුරක් ඇති වෘත්තාකාර යෝනි පීඨයයි. මෙය ලා අළු පැහැ වැලිගලින් නිර්මාණය කොට ඇත. මෙම දේවාලය එහි පැරණි අමුද්‍රව්‍ය යොදා ගනිමින් පහළ සිට ඉහළට නවීකරණය කොට ඇත. වර්තමානයේ මෙම දේවාලය ඔරිස්සා ප්‍රාන්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ පවතියි.[3] මෙම දේවාලය අතීතයේ භෛරංගේස්වර දේවාලය ලෙස ද හැඳින්විණි.
ශිවරාත්‍රී, කාර්තික් පූර්ණිම, රාජ සංක්‍රාන්ති, ජාලසය උත්සවය වැනි විවිධාකාර චාරිත්‍ර සහ වතාවත් මෙම දේවාලයේ දී සිදු කෙරේ. එසේම නූල් උත්සවය, මුන්දන, විවාහ මංගල්‍ය වැනි උත්සව ද මෙම දේවාලයේ සිදු කෙරේ. එපමණක් නොව ගම්මානයේ මහජන රැස්වීම් සඳහා මෙම දේවාලය යොදා ගැනේ.
ගෘහනිර්මාණ ශිල්පය
[සංස්කරණය]මෙම දේවාලය නැගෙනහිරින් ධෞලි කඳුගැටයෙන් මායිම් වේ. බටහිරින් ගම්මානය වෙත දිවෙන මාර්ගයෙනුත් මායිම් වේ. මෙම දේවාලය බටහිරට මුහුණලා පිහිටයි. මෙම දේවාලය ගොඩනගා ඇත්තේ දිගින් 26.50 m වන, පළලින් 22.10 m සහ උසින් 2 m වන උස් වූ වේදිකාවක් මත ය. සැලැස්ම අනුව, මෙම දේවාලයේ සතරැස් විමානයක් සහ 08.35 m දිගැති ඉදිරි ද්වාර මණ්ඩපයක් ඇත. (විමානයේ උස 7.10 m වන අතර, ඉදිරි ද්වාර මණ්ඩපයේ උස 1.25 mකි). විමානයේ සතරැස් ගර්භගෘහයක් ඇති අතර එහි ක්ෂේත්‍රඵලය 2 m2 කි. විමානය පංචරථ සැලැස්මෙන් යුත් අතර, එහි මධ්‍ය රාහයක්, අනුරථ පාග යුගලක් සහ රාහයේ දෙපස වූ කණික පාග දැකගත හැක. උච්චත්වය අතින් විමානය රේඛා සම්ප්‍රදායයෙන් යුත් අතර, එහි උස 11.14 m කි. දේවාලයේ බාදා කොටස 4.14 m උසැති අතර එහි කැටයම් මෝස්තරවලින් තොර බොරදම් පහක් ඇත. පභාගය 1.08 m වන අතර, තල ජංඝය 0.95 m ද, බන්ධනා කොටස 0.31 m, උපර ජංඝය 0.90 m සහ බරන්ද කොටස 0.95 m ප්‍රමාණයෙන් යුක්ත වේ. පභාගයේ ඛුර, කුම්භ, පට සහ බසන්ත යන පාදම් බොරදම් හතර දැකගත හැක. ගන්දි කොටසේ උස 4.50 m වන අතර, එහි රාහ පාග කොටසේ තුන් පැත්තෙහි වූ උද්‍යෝත සිංහ රූ සහ බටහිර බිත්තියේ ගජක්‍රාන්ත රූ හැර වෙනත් මෝස්තර දක්නට නොලැබේ. මස්තකයේ බේකි, ආම්ලක, ඛාපූරි, කලස සහ ආයුධ යන අංග දක්නට ලැබෙන අතර එහි උස 2.50 m කි.
රාහ නිකේතන සහ පාර්ශ්ව දේවතා
[සංස්කරණය]තල ජංඝ කොටසේ වූ රාහ පාග අංගයේ උතුරු, බටහිර සහ දකුණු යන පැති තුනෙහි පාර්ශ්වදේවතා නිකේතන දැකගත හැක. මේ සෑම එකක්ම උස 1.06 m, පළල 0.57 m සහ ගැඹුර 0.39 m යන මිනුම්වලින් යුක්ත ය. මෙහි දකුණු නිකේතනයේ ගනේෂ රප්‍රතිමාවකුත්, උතුරු නිකේතනයේ මහීෂාසුරමර්දිනී රුවකුත් දැකගත හැක. පද්ම පීඨයක් මත ත්‍රිභංග ඉරියව්වෙන් සිටගෙන සිටින ගනේෂ සිය පහළ දකුණතින් අක්ෂමාලාවකුත්, පහළ වමතින් සෙංකෝලයකුත් දරා සිටියි. ප්‍රතිමාවේ ඉහළ අත් යුගල කැඩී ගොසිනි. මෙහි ඔහු ජටාමකුටයක් හිසෙහි පැළඳ සිටින අතර, පූජනීය නාග හුයක් (නාගෝපබිත) ද පැළඳ සිටියි. ඔහුගේ හිසට පසුපසින් ත්‍රිපත්‍ර චෛත්‍ය මෝස්තරයක් දැකගත හැකි අතර, සහායකයන් දෙදෙනකු වරකා පූජා කරන අයුරුත්, පියාඹන විද්‍යාධරයන් මල් මාලා දරා සිටින අයුරුත් දැකගත හැක.
මේවාත් බලන්න
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- L. S.S. O’ Malley, Bengal District Gazetter Puri, Calcutta 1908, P.
- M.M. Ganguly, Orissa and Her Remains, Calcutta, 1912, P. 269.
- N. K. Sahu (Ed), A History of Orissa, Vol. II, Delhi, 1980, P. 270.
- R. L. Mitra. The Antiquities of Orissa, Vol. II, Calcutta, 1963, P. 118-121.