ලාඛේස්වර ශිව දේවාලය
ලාඛේස්වර ශිව දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේස්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 20°15′22″N 85°50′18″E / 20.25611°N 85.83833°Eඛණ්ඩාංක: 20°15′22″N 85°50′18″E / 20.25611°N 85.83833°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | ශිව |
ජනපදය | ඔඩිෂා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය) |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 13වන සියවස |
සම්පූර්ණ විස්තර | |
උන්නතාංශය | 18 m (59 ft) |
ලාඛේස්වර ශිව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔරිස්සාවේ භුබනේස්වර්හි පිහිටි හින්දු දේවාලයකි. ක්‍රි.ව. 13වන සියවසට අයත් මෙම දේවාලය පිහිටියේ භුබනේස්වර්හි පැරණි නගරයේ ලිංගරාජ වෙළඳ සංකීර්ණයේ පසුපස ගංගා-යමුනා මාවතේ දකුණු පස ය.[1][2] මෙය ලිංගරාජ දේවාලයට මීටර 70ක් ඊසාන දිගින් පිහිටි අතර, ගංගේස්වර සහ යමුනේස්වර ශිව දේවාලවලට මීටර 10ක් දකුණින් පිහිටා ඇත. දේවාලය නැගෙනහිරට මුහුණලා පිහිටා ඇත. එකල මෙහි ගර්භගෘහයේ වන්දනාවට ලක්වූ ප්‍රධාන දේව ප්‍රතිමාව වූයේ වෘත්තාකාර යෝනි ඵීඨයක් මත පිහිටි ශිව ලිංගයයි. මෙය චන්ද්‍රසිලාවට මීටර 0.77ක් පහළින් පිහිටා ඇත.
සම්ප්‍රදාය සහ පුරාවෘත්ත
[සංස්කරණය]මෙම දේවාලයේ ඓතිහාසික පසුබිම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු විවිධ අදහස් දරති. මෙම දේවාලය ලවත්වාගෙන යනු ලබන්නේ ගංගා-යමුනා සංගථනයේ සාමාජිකයන් විසිනි.
මෙය සප්තරථ සැලැස්මෙන් යුත් අතර, අනුරථ පාගය නෙළුම් මෝස්තරවලින් අලංකාර කොට ඇත. ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ මෙම දේවාල ගංග රාජවංශය සමයට අයත් බවයි. ශිවරාත්‍රී, සංක්‍රාන්ති, චන්දන උත්සව්, කාර්තික-පූර්ණිම, ජලාභිෂේක ඇතුළු උත්සව ගණනාවක් මෙම දේවාලයේ සැමරීම සිදු කෙරේ. මෙම දේවාල පරිශ්‍රය මහජන රැස්වීම් සඳහා ද යොදා ගැනේ.
භෞතික තොරතුරු
[සංස්කරණය]මෙම දේවාලය උතුරින් ගංගා-යමුනා මාර්ගයෙන් ද, අනෙක් දිශා තුනෙන් පෞද්ගලික නිවාස ගොඩනැගිලිවලින් ද වටවී ඇත. දේවාලය නැගෙනිහරට මුහුණලා පිහිටයි.
වර්තමානයේ දේවාලය පිහිටා ඇත්තේ දිග මීටර 11.80 x පළල මීටර 5.70 x උස මීටර 0.43ක් වන පහත් පිස්තයක ය. සැලැස්ම අතින් සප්තරථ සැලැස්මෙන් යුත් මෙම දේවාලයේ සතරැස් විමානයක් සහ අලුත්වැඩියා කළ පූර්ව ද්වාර මණ්ඩපයක් ඇත. විමානයේ ක්ෂේත්‍රඵලය වර්ග මීටර 5.40ක් වන අතර, නැගෙනහිරට මුහුණලා පිහිටි ද්වාර මණ්ඩපය මීටර 0.90කි. උච්චත්වය අතින් රේඛා දියුල් සම්ප්‍රදායයෙන් යුත් මෙම දේවාලය බාදා, ගන්දි, මස්තක යන කොටස්වලින් යුත් අතර, එම කොටස්වල උස මීටර 13.05කි. බාදාව කොටස් පහකින් යුත් අතර, එහි උස මීටර 3.55කි. පභාගයේ (මීටර 0.93) බොරදම් පහකින් යුත් අතර, තල ජංඝ (මීටර 0.83), බොරදම් තුනක් සහිත බන්ධනා (මීටර 0.27), උපර ජංඝ (මීටර 0.87), බොරදම් සතක් සහිත බරන්ද (මීටර 0.65) යන කොටස් ද දක්නට ලැබේ. දේවාලයේ ගන්දි කොටස මීටර 6.00ක් උසැති ය. මස්තකය උසින් මීටර 3.50ක් වන අතර, එහි බේකි, ආම්ලක, ඛාපූරි සහ කලස යන අංග දක්නට ලැබේ.
මෝස්තර අංග
[සංස්කරණය]පභාග කොටසේ වූ රාහ නිකේතනයේ පාදම තාලගාර්වික රූ වලින් අලංකාර කොට ඇත. රාහ නිකේතනය අසල භෝ මෝස්තර සහ ශෛලිගත චිත්‍ය මෝස්තර දැකගත හැක. මේ දෙපස ස්ත්‍රී රූ දෙකක් සහ ශංඛ දක්නට හැක. එයට ඉහළින් ගජක්‍රාන්ත දක්නට ලැබේ. බේකි විවරය තුළ ශෛවීය දේවතා රූ දක්නට ලැබේ. මෙහි උළවහු කුළුණු මෑතකාලීන නිර්මාණ වන අතර, ඒවායේ මෝස්තර දක්නට නොලැබේ. මෙහි ග්‍රහම් ස්තරය ද සරල ය.
සංරක්ෂණ තත්ත්වය
[සංස්කරණය]පියස්සේ සහ උපරිව්‍යූහයේ බිත්තිවල ඇති පළුදු වීම් හරහා වැසි ජලය කාන්දු වීම සිදු වේ. ගර්භගෘහයේ උතුරු බිත්තියේ ද මෙම පිපිරුම් දැකගත හැක. දේවාලයේ නිරිතදිග කෙළවරේ පාදා කොටස් ද අර්ධ වශයෙන් විනාශ වී ඇත.
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan (ISBN 81-7375-164-1).
- ^ http://www.ignca.nic.in/