නාගේස්වර දේවාලය, භුබනේස්වර්

විකිපීඩියා වෙතින්
නාගේස්වර දේවාලය
නාගේස්වර දේවාලය, භුබනේස්වර් is located in ඔඩිස්සා
නාගේස්වර දේවාලය, භුබනේස්වර්
ඔරිස්සා තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′47″N 85°51′24″E / 20.24639°N 85.85667°E / 20.24639; 85.85667ඛණ්ඩාංක: 20°14′47″N 85°51′24″E / 20.24639°N 85.85667°E / 20.24639; 85.85667
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාවිෂ්ණු
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය)
සම්පූර්ණ විස්තර
උන්නතාංශය8 m (26 ft)
ඇතුළු ප්‍රවේශ මාර්ගය
පැති පෙනුම

නාගේස්වර දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ භුබනේස්වර් ගම්මානයේ පිහිටි අත්හැර දැමූ හින්දු දේවාලයකි. මෙය පිහිටියේ ලිංගරාජ බටහිර ඇළෙහි බටහිර දකුණු ඉවුරේ සිට 10.35 මීටර (34.0 ft) දුරිනි. මෙය සුබර්ණේස්වර ශිව දේවාලයේ සිට බටහිරින් පිහිටා ඇත.

විස්තරය[සංස්කරණය]

නාගේස්වර දේවාලය පිහිටියේ භුබනේස්වර් ගම්මානයෙහි නේවාසික/කෘෂිකාර්මික කලාපයක මධ්‍යයේ ය. නැගෙනහිරට හුමුණලා පිහිටි මෙය පළල 5.6 මීටර (18 ft) වන, ගැඹුර 5.0 මීටර (16.4 ft) සහ 0.4 මීටර (1.3 ft) උසැති වේදිකාවක් මත පිහිටා ඇත. මෙම දේවාලයේ උස 8.15 මීටර (26.7 ft) වේ.

දේවාලයේ ගර්භ ගෘහය හිස්ව ඇත. එසේවුව ද, පිටත බිත්තිවල වූ මෝස්තර අංගවලින් යෝජනා වී ඇත්තේ මෙම දේවාලය මුලින් කැප කොට තිබුණේ ශිව දෙවියන්ට බවයි.

මෙම දේවාලයේ ප්‍රතිමා තැන්පත් කර තිබූ අවකාශයන් ගණනාවක් දක්නට ලැබේ. නමුත් වර්තමානයේ එම ප්‍රතිමා දක්නට නොමැත. දේවාලයේ පිටත නිර්මාණය කොට ඇත්තේ හිරියල් පැහැ වැලිගල් පාෂාණයෙනි. (මුක්තේශ්වර දේවායේ මාධ්‍යයට සමාන අයුරින්) මෙය කාලිංග රාජධානියේ ශෛලිය අනුව අලංකාරව කැටයම් කොට තිබේ.

ඉතිහාසය[සංස්කරණය]

මෙම ප්‍රදේශයේ ප්‍රදේශ වාසීන් විශ්වාස කරන්නේ මෙම දේවාලය ඉදිකරන ලද්දේ කේෂරීවරුන් විසින් බවයි.

සංරක්ෂණ තත්ත්වය[සංස්කරණය]

මෙම දේවාලය වර්තමානය වන විට තරමක් හොඳ තත්ත්වයෙන් පැවතුණත්, එහි ඇතැම් වර්ණාලේපිත පෘෂ්ඨ වියැකී යමින් පවතියි. බාහිරින් මෙය වල් බිහිවී යන ස්වාභාවයක් දක්නට ලැබේ.

ඔරිස්සා ප්‍රාන්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ අලුත් වැඩියා කිරීම් සිදුකළ අතර, එහි දී පාෂාණ මත සුදු පැහැ තීන්තෙන් සලකුණු කෙරිණි. මෙය මෙම දේවාලයේ පුරාවිද්‍යාත්මක මුහුණුවර විකෘති වීමට හේතුවී ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Pradhan, Sadasiba. Lesser Known Monuments of Bhubaneswar. ISBN 81-7375-164-1.

බාහිර සබැඳි[සංස්කරණය]