සුකුතේස්වර දේවාලය
සුකුතේස්වර දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේස්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 20°14′27″N 85°50′12″E / 20.24083°N 85.83667°Eඛණ්ඩාංක: 20°14′27″N 85°50′12″E / 20.24083°N 85.83667°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | ලිංගරාජ |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය) |
සම්පූර්ණ විස්තර | |
උන්නතාංශය | 22 m (72 ft) |
සුකුතේස්වර දේවාලය පිහිටියේ ඉන්දියාවේ ඔඩිෂාවේ භුබනේස්වර් පැරණි නගරයේ ය.[1][2] මෙය ජනතාවගේ රැස්වීම් සඳහා වැදගත් වේ. මෙම දේවාලයේ වන්දනාවට ලක්වන ප්‍රධාන දේව ප්‍රතිමාව වන්නේ මධ්‍යයේ පිහිටි ශිව ලිංගයයි. මෙම දේවාලය මහා ශිවරාත්‍රී, චණ්ඩිපාඨ සහ රුද්‍රාභිෂේක වැනි විවිධ ආගමික උත්සව සඳහා භාවිතයට ගැනේ.
පිහිටීම
[සංස්කරණය]මෙම දේවාලය පිහිටියේ ගෞරි සංකර දේවාලයෙන් විහිදෙන ගංගා-යමුනා මාර්ගයේ දකුණු පස ලිංගරාජ වෙළඳ සංකීර්ණයට පසුපසිනි. ගංගා-යමුනා පරිශ්‍රයේ නිරිතදිගින් පිහිටි මෙය ලාඛේස්වර දේවාලයට බටහිරින් පිහිටා ඇත. මෙහි වන්දනාවට ලක්වන ප්‍රධාන දෙවියා වන ශිව ලිංගය වෘත්තාකාර යෝනි පීඨයක් මත පිහිටුවා ඇත. ජීවමාන දේවාලයක් වන මෙය නැගෙනහිරට මුහුණලා පිහිටා ඇත.
සම්ප්‍රදායයන් සහ පුරාවෘත්ත
[සංස්කරණය]බහුවිධ හිමිකාරීත්වයක් ඇති මෙය පෞද්ගලික දේපළකි. මෙම දේවාලය පවත්වාගෙන යනු ලබන්නේ දමෝදාර් මිෂ්රා නම් දේවාලයේ ප්‍රධාන පූජක තැන විසිනි.
මෙම දෙවොල ආසන්න වශයෙන් ක්‍රි.ව. 16වන සියවසට අයත් යැයි අනුමාන කෙරේ. මෙම ගොඩනැගිල්ලේ ව්‍යූහය, වන්දනාවට ලක්වූ දේවතාවා සහ නවග්‍රහ පනේලය මේ සඳහා පාදක කොටගෙන ඇත. ප්‍රදේශයේ ප්‍රදේවාසීන්ට අනුව මෙම දේවාලය කේශරීවරුන් විසිනි. ජීවමාන දෙවොලක් වන මෙහි මහා ශිවරාත්‍රී, චණ්ඩිපාඨා සහ රුද්‍රාභිෂේක වැනි උත්සව සැමරීම සිදුවේ. එසේම නූල් මංගල්‍යය, විවාහ ගිවිස ගැනීම් ආදී කටයුතු ද මෙහි දී සිදු කෙරේ.
ගෘහනිර්මාණ ලක්ෂණ
[සංස්කරණය]මෙම දේවාලය පීඨ දෙවොල් සම්ප්‍රදායය අනුව නිර්මාණය කොට ඇත. නැගෙනහිරින් මෙම දෙවොල ලාඛේස්වර දේවාලයේ ප්‍රාකාරයෙන් සීමා වේ. බටහිරින් විවෘත පරිසරයක් පිහිටි අතර, උතුරින් ගංගා-යමුනා මාර්ගයෙන් මායිම් වේ. දේවාලයට දකුණින් පෞද්ගලික නිවාස ගොඩනැගිලි දැකිය හැකි ය. මෙ දේවාලය නැගෙනහිරට මුහුණලා පිහිටා ඇත.
සැලැස්ම අතින් මෙම දේවාලය විමාන ආකාරයක් ගන්නා අතර ඉදිරි ද්වාර මණ්ඩපයක් ද ඇත. විමාන කොටස වර්ග මීටර 2.80ක ක්ෂේත්‍රඵලයකින් යුත් අතර, පූර්ව ද්වාර මණ්ඩපයේ දිග මීටර 0.55කි. රැස්වීම් කටයුතු සඳහා දේවාලය ඉදිරිපිට වර්ග මීටර 3.25ක වර්ගඵලයකින් යුත් නූතන ශාලාවක් ද ඉදිකොට ඇති අතර, එය ජගමෝහනය ලෙස භාවිතයට ගැනේ. පංචරථ ස්වභාවය්ක ගන්නා මෙහි මධ්‍ය රාහ අංගයක් සහ රාහයේ දෙපස පිහිටි අනුරථ සහ කණිකා පාග යුගල බැගින් යුක්ත වේ. උච්චත්වය සැලකූ විට, විමානය පීඪ සම්ප්‍රදායයෙන් යුත් අතර, එහි උස මීටර 1.57කි. දේවාලයේ පහළ සිට ඉහළට පිළිවෙලින් බාදා, ගන්දි සහ මස්තක යන කොටස් දැකගත හැක. තෙබදුම් බාදා අංගයක් ඇති බැවින් මෙය ත්‍රියංග බාදාවක් වන අතර එහි උස මීටර 1.57කි. (පභාගය මීටර 0.38, ජංඝා මීටර 0.86, බරන්ද මීටර 0.33) ගන්දි නම් කොටසේ පේසා තුනක් ඇති අතර එය උසින් මීටර 1.50කි. මස්තකයේ දර්ශීය ඔරිස්සානු දේවාලයක දක්නට ලැබෙන බේකි, ආමලක, ඛාපූරි සහ කලස යන අංග දක්නට ලැබේ. එහි උස මීටර 0.90කි.
දේවාලයේ ලැටරයිට් පාෂාණයෙන් තැනූ ප්‍රාකාරයක් ඇති අතර, එය වර්ග මීටර 10.10ක වර්ගඵලයක් වටා දිවෙයි. මීටර 1.43ක උසින් යුත් මෙහි ඝනකම මීටර 0.35කි.
රාහ නිකේතන සහ පාර්ශ්ව දේවතා
[සංස්කරණය]ජංඝා කොටසේ උතුරු, දකුණු සහ බටහිර පැතිවල රාහ නිකේතන දක්නට ලැබේ. මේවා පෙනුමෙන් සමාන අතර උස මීටර 0.50 x පළල මීටර 0.46 යන මිනුම්වලින් යුත් අතර ගැඹුර මීටර 0.20කි. නිකේතන තුළ දක්නට ලැබෙන රූප මෑතකාලීනව තැන්පත් කළ ඒවා වේ.
මෝස්තර අංග
[සංස්කරණය]උළුවහු කණු මීටර 1.10ක උසින් සහ මීටර 0.56ක පළලින් යුක්ත ය. එය තනි සිරස් තීරුවක් සහිත අතර එය නවීකරණය කළ එකකි. ලලාටබිම්බ නම් කොටසෙහි ද්විත්ව පෙති සහිත පද්මයක් මත හිඳගත් ගජලක්ෂ්මී දෙවඟන ඇතුන් පිරිවරා සිටිනු දැක්වේ. උළුවහු කණුවලට ඉහළින් වූ ස්තරයේ පද්මාසනයෙන් හිඳගත් නවග්‍රහයන් දැක්වේ.
මෙහි ඉදිකිරීම් මාධ්‍යය ලැටරයිට් වන අතර වියළි පෙදරේරු ක්‍රමය යොදාගෙන ගොඩනගා තිබේ. මෙහි කාලිංග ගෘහනිර්මාණ ශෛලියේ ලක්ෂණ දක්නට ලැබේ.
සංරක්ෂණ තත්ත්වය
[සංස්කරණය]මෑතකාලීනව සිදුකරන ලද නවීකරණ කටයුතු හේතුවෙන් මෙය තරමක් හොඳ තත්ත්වයෙන් සංරක්ෂනය වී පවතියි.
ශ්‍රේණිය (A/B/C)
[සංස්කරණය]i) ගෘහනිර්මාණ ශිල්පය: B ii) ඓතිහාසික: C iii) සංවිධානික: C iv) සමාජ/සංස්කෘතික: C
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan (ISBN 81-7375-164-1)
- ^ http://ignca.nic.in/asi_reports/orkhurda172.pdf