ස්වප්නේස්වර ශිව දේවාලය

විකිපීඩියා වෙතින්
ස්වප්නේස්වර ශිව දේවාලය
ස්වප්නේස්වර ශිව දේවාලය is located in ඔඩිස්සා
ස්වප්නේස්වර ශිව දේවාලය
ඔරිස්සා තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′27″N 85°50′39″E / 20.24083°N 85.84417°E / 20.24083; 85.84417ඛණ්ඩාංක: 20°14′27″N 85°50′39″E / 20.24083°N 85.84417°E / 20.24083; 85.84417
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාශිව
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ‍ශිල්පය)
සම්පූර්ණ විස්තර
උන්නතාංශය16 m (52 ft)

ස්වප්නේස්වර ශිව දේවාලය පිහිටා ඇත්තේ ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ අගනුවර වන භුබනේස්වර් පැරනි නගරයේ ගෞරිනගර්හි ය.[1][2] මෙය පූර්වේශ්වර ශිව දේවාලයේ සිට මීටර 200ක් ඈතින් පිහිටා ඇත. මෙම දේවාලය නැගෙනහිරට මුහුණලා පිහිටා ඇත. දේවාලයේ ගර්භගෘහය හිස් වන අතර, එය වර්ග මීටර 2.00ක ක්ෂේත්‍රඵලයකින් සමන්විත ය.

බාහිර විස්තරය[සංස්කරණය]

වටපිටාව[සංස්කරණය]

මෙම දේවාලයෙහි වටපිටාව සැලකූ විට දකුණු සහ බටහිර දිශාවලින් මීටර 3.00ක පමණ දුරකින් පෞද්ගලික නිවාස ගොඩනැගිලි දක්නට ලැබේ. නැගෙනහිරින් මාර්ගයක් සහ උතුරින් කාණු පද්ධතියක් ද දැකගත හැක. මෙම දේවාලය නැගෙනහිරට මුහුණලා පිහිටා ඇත.

ගෘහනිර්මාණ ලක්ෂණ (සැලැස්ම සහ උච්චත්වය)[සංස්කරණය]

දේවාලය පිහිටා ඇත්තේ උසැති පීඨයක් වන අතර එය බොරදම් තුනකින් සමන්විත ය. මෙහි මිනුම් දිග 50.80 m x පළල 5.75 m සහ උසින් 0.92 m ක් වේ. සැලැස්ම අතින්, ‍මෙම දේවාලය පංචරථ ආකාරයක් ගන්නා අතර, සතරැස් විමානයක් සහිත ය. ද්වාර මණ්ඩපය නැගෙනහිරට මුහුණලා පිහිටා ඇත. විමානය වර්ග මීටර 4.65ක ක්ෂේත්‍රඵලයකින් යුත් අතර, ද්වාර මණ්ඩපයේ පළල 0.15 mකි. රේඛා සම්ප්‍රදායයෙන් යුත් මෙම දේවාලයේ දර්ශීය බාදා, ගාන්දි සහ මස්තක යන අංග දක්නට ලැ‍‍බේ. ප්‍රභාගයේ සිට මස්තකය දක්වා උස 10.00 m කි. දේවාලයේ බාදා නම් අංගය උසින් 2.85 m වන අතර තෙබෙදුම් සැලැස්මකින් යුත් නිසා එය ත්‍රියංග බාදාවකි. ප්‍රභාගයේ බොරදම් පහක් ඇති අතර එය 0.70 m ප්‍රමාණයේ වේ. 1.65 m ප්‍රමාණයේ සරල ජංඝාවක් ඇති අතර, බරණ්ඩ නම් අංගය උසින් මීටර 0.50 කි. එහි ද බොරදම් පහක් ඇත. දේවාලයේ ගාන්දි කොටස 5.10 m උසැති අතර, එය චාම් ය. පාදමේ හැර අනෙක් ස්ථානවල විසිතුරු කැටයම් දක්නට නොලැබේ. පාදමේ චෛත්‍ය කැටයම් ඇත.

රාහ අවකාශ සහ පාර්ශ්ව දේවතා[සංස්කරණය]

උතුරු, බටහිර සහ දකුණු යන දිශා තුනෙහි ජංඝා කොටසේ පාර්ශ්වදේවතා අවකාශ පිහිටා ඇත. ඒවා උසින් මීටර 0.75ක් ද, පළලින් මීටර 0.45ක් සහ ගැඹුරින් මීටර 0.29කි. හිස් ස්වභාවයක් ගන්නා මේවා ද කැටයම් රහිත ය.

මෝස්තර අංග[සංස්කරණය]

  • උලුවහු කුළුණු: මෙහි ඇති උළුවහු කුළුණු අලුත්වැඩියා කටයුතුවල දී මෑතකාලීනව එකතු කරන ලද ඒවා වන අතර, ඒවායේ කිසිදු කැටයමක් දක්නට නැත.
  • උඩලිපත: දේවාලයේ උඩලිපත ද නවීකරණය කළ එකකි.

ගොඩනැගීම සදහා භාවිතා කොට ඇති ගොඩනැගිලි අමුද්‍රව්‍යය වන්නේ ලා අළු වැලිගල් වන අතර, ඉදිකිරීම් තාක්ෂණය වියළි පෙදරේරු ක්‍රමයයි. මෙය කාලිංග ශෛලියෙන් යුතු ය. මුලින් මෙම දේවාලය ගොඩනගා ඇත්තේ බොරදම් තුනක් සහිත උස් වූ පිස්තයක ය.

සංරක්ෂණ තත්ත්වය[සංස්කරණය]

X සහ XI මූල්‍ය කොමිසමේ ප්‍රදාන අනුව ඔරිස්සා ප්‍රාන්ත පුරාවිද්‍යා අධිකාරිය විසින් මෙම දේවාලය පිළිසකර කරවන ලදී. මෑතකාලීන ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් දේවාලය සංරක්ෂණය අතින් හොඳ තත්ත්වයක පවතියි. පිස්තයේ සිට කලස දක්වා මෙම දේවාලය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට ඇත.

වර්ගීකරණය ශ්‍රේණිය
වාස්තු විද්‍යා B
ඓතිහාසික C
සංවිධානික C
සමාජ/සංස්කෘතික C

තර්ජන[සංස්කරණය]

දේවාලය සංරක්ෂණයේ දී මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් වන්නේ වේදිකාවේ උතුරු පැත්තේ ගලායන ජලය රැඳීම හේතුවෙන් දීර්ඝකාලීනව වේදිකාවේ අත්තිවාරම දුර්වල තත්ත්වයට පත්වීමයි.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan (ISBN 81-7375-164-1)
  2. <http://www.ignca.nic.in/asi_reports/orkhurda179.pdf