දේවසභා දේවාලය

විකිපීඩියා වෙතින්
දේවසභා දේවාලය
දේවසභා දේවාලය is located in ඔඩිස්සා
දේවසභා දේවාලය
ඔරිස්සා තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′15″N 85°50′7″E / 20.23750°N 85.83528°E / 20.23750; 85.83528ඛණ්ඩාංක: 20°14′15″N 85°50′7″E / 20.23750°N 85.83528°E / 20.23750; 85.83528
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාමහීෂාසුරමර්දිනී
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංගානු
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව.18වන සියවස
සම්පූර්ණ විස්තර
උන්නතාංශය26 m (85 ft)

දේවසභා දේවාලය පිහිටා ඇත්තේ ඉන්දියාවේ භුබනේස්වර්හි පැරණි නගරයේ ඛාරාඛියා වෛද්‍යනාත් දේවාල භූමියේ ය. අත්හැර දැමූ දේවාලයක් වන මෙය නැගෙනහිරට මුහුණලා පිහිටා ඇත. මෙහි කුටිය ඇතුළත කිසිදු දේව ප්‍රතිමාවක් දක්නට නොලැබේ. ප්‍රදේශවාසීන්ට අනුව නම්, මෙම දේවාලය සියලු දෙවිවරුන් සහ දේවතාවියන් සඳහා රැස්වීම් ස්ථානයක් වන හෙයින් එය "දේවසභා" ලෙස නම්කොට ඇත.

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

මෙම දේවාලයේ ඉතිහාසය ක්‍රි.ව. 14වන සියවසට දිවෙන අතර, මෙහි රේඛා දියුල් ස්ථල විද්‍යාවක් ඇත. මෙය ඛාරාඛියා වෛද්‍යනාථ දේවාල භූමියේ නිරිතදිග කෙළවරේ පිහිටා ඇත. මෙය දකුණු සහ බටහිර ප්‍රාකාරයෙන් මීටර 5.00ක් දුරින් පිහිටා ඇත. මෙම දේවාලය නැගෙනිහරට මුහුණලා පිහිටා ඇත. මෙය පිහිටා ඇත්තේ වර්ග මීටර 5.50ක ක්ෂේත්‍රඵලයක් ඇති පහත් චතුරස්‍ර වේදිකාවක් මත ය. එම වේදිකාවේ උස මීටර 0.60කි.

සැලැස්ම අනුව, දේවසභා දේවාලයේ සතරැස් හැඩැති ගර්භ ගෘහයක් ඇති අතර, එය මීටර 4.00ක් උසැති අතර, එහි මීටර 0.90ක් උසැති ද්වාර මණ්ඩපයක් ඇත. පංචරථ සැකැස්මෙන් යුතු මෙහි මධ්‍ය රාහයක් සහ රාහයේ දෙපස අනුරථ හා කණිකා පාග යුගල බැගින් වේ. උච්චත්වය අනුව සැලකූ විට මෙහි විමානය රේඛා සම්ප්‍රදායෙන් යුක්ත ය. එහි පභාගයේ සිට මස්තකය තෙක් උස මීටර 5.73කි. පහළ සිට ඉහළට සැලකූ විට, දේවසභා දේවාලයෙහි බාදා, ගණ්ඩි සහ මස්තක යන අංග දැකගත හැකි ය. බාදා කොටසෙහි ඇති පංචවිධ කොටස් අනුව මෙම දේවාලයට මීටර 2.43ක් උසින් යුත් පංචාංග බාදා කොටසක් ඇත. පභාගයේ පහළ ඛුර, කුම්භ, පට සහ බසන්ත යන පාදම් බොරදම් සතරක් දක්නට ලැබේ. මෙම කොටසේ උස මීටර 0.58කි. තල ජංඝ සහ උපර ජංඝ යන කොටස්වල උස පිළිවෙලින් මීටර 0.50ක් සහ මීටර 0.53කි. මේවා මීටර 0.25ක් උසැති බොරදම් තුනකින් සමන්විත බන්ධනා කොටසකින් යුක්ත ය. මීටර 0.57ක් උසැති බරණ්ඩ කොටසෙහි බොරදම් පහක් දක්නට ඇත. ගණ්ඩි සහ මස්තක කොටස් පිළිවෙලින් මීටර 2.25ක් සහ මීටර 1.05ක උසින් යුක්ත ය. මේවායේ ප්‍රතිමා සැරසිලි අංග දක්නට නොමැත.

රාහ අවකාශ සහ පාර්ශ්ව දේවතාවන්[සංස්කරණය]

රාහ පාගවල බටහිර, උතුරු සහ දකුණු යන පැති තුනෙහි තලජංඝ කොටසෙහි පාර්ශ්වදේවතා අවකාශ දැකගත හැක. මේවා උසින් මීටර 0.76 x පළල මීටර 0.55 x සහ ගැඹුර මීටර 0.20 යන මිනුම්වලින් යුක්ත වේ. උළුවහු කුළුණු උසින් මීටර 1.79ක් වන අතර පළලින් මීටර 1.20කි. එහි චාම් සිරස් තීරු දෙකක් දැකගත හැක. දකුණු පස උළුවහු කුළුණ අර්ධ වශයෙන් කැඩීගොස් ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දේවසභා_දේවාලය&oldid=410598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි