ඓසාන්‍යේස්වර ශිව දේවාලය

විකිපීඩියා වෙතින්
ඓසාන්‍යේස්වර ශිව දේවාලය
ଐଶାଣେଶ୍ଵର ଶିବ ମନ୍ଦିର
ඓසාන්‍යේස්වර ශිව දේවාලය is located in ඔඩිෂා
ඓසාන්‍යේස්වර ශිව දේවාලය
ඔඩිෂා තුළ පිහිටීම
ඓසාන්‍යේස්වර ශිව දේවාලය is located in ඉන්දියාව
ඓසාන්‍යේස්වර ශිව දේවාලය
ඓසාන්‍යේස්වර ශිව දේවාලය (ඉන්දියාව)
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′N 85°49′E / 20.233°N 85.817°E / 20.233; 85.817ඛණ්ඩාංක: 20°14′N 85°49′E / 20.233°N 85.817°E / 20.233; 85.817
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාඒසාන්‍යේස්වර (ශිව)
ජනපදයඔඩිෂා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ගෘහනිර්මාණ ශිල්පය
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 13වන සියවස

ඓසාන්‍යේස්වර ශිව දේවාලය යනුවෙන් හැදින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්ත අගනුවර වන භුබනේස්වර්හි පිහිටි හින්දු දේවාලයකි.[1][2] මෙය ශිව දෙවියන් සඳහා කැප කළ දෙවොලකි.[3] මෙම දේවාලය භුබනේස්වර් පැරණි නගරයේ ශ්‍රීරාම් නගර්හි නාගරික සංස්ථා රෝහලේ භූමි භාගයට අයත් ය මෙය ලිංගරාජ් දේවාලයේ බටහිර ප්‍රාකාරය ආසන්නයේ පිහිටා ඇත. ‍ජීවමාන දේවාලයක් වන මෙහි නැගෙනිහරට මුහුණලා පිහිටි පිළිමගෙයක් ඇත.

මෙහි ගර්භගෘහයේ වෘත්තාකාර යෝනිපීඨයක්(පාදමක්) මත පිහිටි ශිව ලිංගයක් ඇත. ශිවරාත්‍රී, ජලාභිෂේක, රුද්‍රාභිෂේක, සංක්‍රාන්ති වැනි උත්සව ගණනාවක් මෙහි පැවැත්වේ. ශිවරාත්‍රී උත්සවයේ සයවන දිනයෙන් පසු උත්සවයට අධිපති ලිංගරාජ දේව ප්‍රතිමාව මෙහි රැගෙන එනු ලැබේ.

ඉතිහාසය[සංස්කරණය]

සප්තරථ (සප්ත රථයන්) සැලැස්ම වැනි ගෘහනිර්මාණ ලක්ෂණ අතින් මෙය මේඝේස්වර් දේවාලයට සමීප සමානත්වයක් පෙන්නුම් කරන බැවින් ඓසාන්‍යේස්වර ශිව දේවාලය ද ක්‍රි.ව. 13වන සියවසේ දී ඉදිවූයේ යැයි යෝජනා වී ඇත. වෙනත් ගෘහනිර්මාණ ලක්ෂණ සැලකූ විට මෙය ගංගයන් විසින් ඉදි කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.[4]

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

මෙම දේවාලය ගොඩනගා ඇත්තේ කාලිංග ගෘහනිර්මාණ ශිල්පය අනුගමනය කරමින් අළු වැලිගල් පාෂාණයෙනි. තල ජංඝ සහ උපර ජංඝ යනුවෙන් හැඳින්වෙන අංග පිළිවෙලින් ඛාඛාර මුණ්ඩි සහ පීඪ මුණ්ඩි ක්‍රම අනුව විසිතුරු කොට ඇත.මෙහි පීඨය බොරදම් තුනකින් සමන්විත අතර, ඒවා ඛාඛාර මුණ්ඩි මාලාවකින් විස්තු කොට ඇත. අනුරථ පාග (ප්‍රධාන භාගය) සතුව ඛාඛාර මුණ්ඩි මාලාවක් සහ අනුක්‍රමිකව, අනුරහ පාග තුළ නෙළුම් සරාවක් සහ කණික පාග තුළ භූමි අම්ලා 10ක් දක්නට ලැබේ. රහපාගයෙහි ගණ්ඩිය තුළ උද්‍යෝත සිංහ රූ දෙකක් දැකගත හැක. ඉදිරි බිත්තියේ ගණ්ඩි නම් කොටසේ පාදමෙහි කුඩා රේඛා අංගසිඛරයක් දැකගත හැක.

දොරබාවේ පිටත සිට ඇතුළට සිරස්ව පිහිටි පුස්ප සාඛ, පත්‍ර සාඛ සහ ලතා සාඛ කැටයම් තීරු තුනකින් සමන්විත ය. දොරබාවේ පාදමේ දෙපස ඛාඛාර මුණ්ඩි නම් සැරසිලි අංග දක්නට ලැබේ. ලලිතාසනයෙන් හිඳගත් ලලාටබිම්බ ගජලක්ෂ්මී දෙවඟනගේ රුවක් ද දැකගත හැක. උළුවස්සට දකුණින් ඉහළින් පිහිටි කවුළු ස්තරයෙහි නවග්‍රහ පනේලය්ක ඇති අතර, සෑම ග්‍රහයෙක් සඳහාම එහි අවකාශයක් තබා ඇත. සූර්ය දෙවියන් සිය දෑත්වල නෙළුම් මල් දරාසිටිනු දැකගත හැක. සර්ප වලිගයකින් යුත් කේතු සය වමතේ දුන්නක් ද දකුණතේ පලිහක් ද දරා සිටියි. මෙම දේවාලයේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ භුබනේස්වර් නාගරික සංස්ථාව විසිනි. ඓසාන්‍යේස්වර ශිව දේවාලය හොඳ සංරක්ෂණ තත්ත්වයකින් ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

ස‍ටහන්[සංස්කරණය]

  1. My library My History Books on Google Play Jothirlingam: The Indian Temple Guide. Partridge Publishing. ISBN 1482847868.
  2. "Aisanesvara Siva Temple, Old Town, Bhubaneswar," (PDF). ignca.nic.in , 15 October 2017.
  3. The forgotten monuments of Odisha. Volume 2. Kamalā Ratnam, India. Ministry of Information and Broadcasting. Publications Division, Indian National Trust for Art and Cultural Heritage
  4. "Aisanesvara Siva Temple - Bhubaneswar - Images". ignca.nic.in , 15 October 2017.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Pradhan, Sadasiba (2009). Lesser Known Monuments Of Bhubaneswar. Bhubaneswar: Lark Books. pp. 1–2. ISBN 81-7375-164-1.