දිශීෂ්වර ශිව දේවාලය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
දිශීෂ්වර ශිව දේවාලය
දිශීෂ්වර ශිව දේවාලය is located in ඔඩිස්සා
දිශීෂ්වර ශිව දේවාලය
ඔරිස්සාව තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°08′47″N 85°30′10″E / 20.1464°N 85.5029°E / 20.1464; 85.5029ඛණ්ඩාංක: 20°08′47″N 85°30′10″E / 20.1464°N 85.5029°E / 20.1464; 85.5029
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාශිව
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය)
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 15වන සියවස

දිශීෂ්වර් ශිව දේවාලය පිහිටියේ භුබනේස්වර්හි ය. මෙහි වන්දනාවට පාත්‍ර වන ප්‍රධාන දේවතාවා වන ශිව ලිංගය ගර්භගෘහයෙහි ස්ථාපිත වෘත්තාකාර යෝනි පීඨයක් මත තැන්පත් කොට ඇත.

විස්තරය[සංස්කරණය]

15වන සියවසේ දී පෞද්ගලික හිමිකරීත්වයක් යටතේ පැවති මෙම දේවාලය පිහිටා තිබුණේ නැගෙනහිරින්, බටහිරින් සහ දකුණින් පෞද්ගලික නිවහන්වලින් වටවූ පෞද්ගලික ඉඩමක ය. එයට උතුරින් මාර්ගය පිහිටා ඇත.

මෙහි ගොඩනැගීම් මාධ්‍යය ලෙස ලැටරයිට් යොදාගෙන ඇති අතර, වියළි පෙදරේරු ක්‍රම ශිල්පය සමග කාලිංග ශෛලියෙන් යුතු මෙය නිර්මානය කොට ඇත.

වර්තමාන තත්ත්වය[සංස්කරණය]

මෙම දේවාලය වර්තමානයේ ජරාවාස වූ තත්ත්වයෙන් පවතියි. උපරිව්‍යූහය සහ අවට ප්‍රදේශය වටා ශාක ගහනය එයට හේතුවයි. මෙහි පියස්සේ පිපිරීම් ද දැකගත හැක. X සහXI මූල්‍ය කොමිසමේ ප්‍රදානයන් අනුව ප්‍රාන්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකොට ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Pradhan, Sadasiba (2009). Lesser Known Monuments Of Bhubaneswar. Bhubaneswar: Lark Books. ISBN 81-7375-164-1. 
"https://si.wikipedia.org/w/index.php?title=දිශීෂ්වර_ශිව_දේවාලය&oldid=410549" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි