ලාඩු බාබා දේවාලය

විකිපීඩියා වෙතින්
ලාඩු බාබා දේවාලය
ලාඩු බාබා දේවාලය is located in ඔඩිස්සා
ලාඩු බාබා දේවාලය
ඔරිස්සා තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′39″N 85°50′02″E / 20.24417°N 85.83389°E / 20.24417; 85.83389ඛණ්ඩාංක: 20°14′39″N 85°50′02″E / 20.24417°N 85.83389°E / 20.24417; 85.83389
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාශිව
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය)
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 13වන සියවස
සම්පූර්ණ විස්තර
උන්නතාංශය26 m (85 ft)

ලාඩු බාබා දේවාලය යනු ඉන්දියාවේ ඔරිස්සාවේ භුබනේස්වර්හි පිහිටි හින්දු දේවාලයකි.[1][2] ක්‍රි.ව. 13වන සියවසේ නිර්මාණය වූ මෙය අතීතයේ කෛන්ඡි දේවාලය ලෙස හැඳින්විණි.

පිහිටීම[සංස්කරණය]

ලාඩු බාබා දේවාලය පිහිටියේ භුබනේස්වර්හි පැරණි නගරයේ බාඩු සාහි ප්‍රදේශයේ උත්තර දරාජා නම් ස්ථානයේ ය. ලිංගරාජ් වෙළඳ සංකීර්ණයේ සිට බධේයිබාන්කා චෞක් තෙක් දිවෙන රථ මාර්ගයේ දකුණු පස ය. මෙය චිත්‍රකාරිනී දේවාලයේ සිට මීටර 30ක් උතුරින් පිහිටි අතර, මෝහිනී දේවාලයේ සිට මීටර 70.00ක් දකුණින් පිහිටා ඇත. මෙම දේවාලයේ ගර්භගෘහය හිස් ය. කෙසේනමුත්, පිටත බිත්තිවල වූ කැටයම් අංග අනුව යෝජනා වී ඇත්තේ මෙම දේවාලය මුලින් ශිව දෙවියන්ට කැප කොට තිබූ බවයි.

සම්ප්‍රදායයන් සහ පුරාවෘත්ත[සංස්කරණය]

ප්‍රදේශයේ ජනයා අනුව, රාම-රාවණ යුද්ධයේ දී ස්වර්ණ ලංකා විනාශයෙන් බේරාගෙන මෙහි දේව ප්‍රතිමාව ඒකාම්‍ර ක්ෂේත්‍ර තුළ තැන්පත් කොට ඇත.

භෞතික තොරතුරු[සංස්කරණය]

වටපිටාව[සංස්කරණය]

මෙම දේවාලය බටහිරින් උත්තරදරාජ, බාඩු සාහි මාර්ගයෙන් මායිම් වන අතර, අනෙක් දිශාවලින් පෞද්ගලික නිවාස ගොඩනැගිලිවලින් ද මායිම් වේ. මෙම දේවාලය නැගෙනහිරට මුහුණලා පිහිටා ඇත.

ගෘහනිර්මාණ ලක්ෂණ[සංස්කරණය]

බටහිර පෙදෙස හැර මෙම දේවාලයේ සෙසු ප්‍රෙද්ශ ජංඝාවේ අර්ධයක් දක්වා පොළොවේ වැළලී ඇත. බටහිර දිශාවෙන් එය පභාගයේ අර්ධයක් තෙක් වැළලී ඇත. සැලැස්ම අනුව මෙම දේවාලය පංචරථ සැලැස්මක් ගනියි. එහි සතරැස් විමානයක් හා ඉදිරි ද්වාර මණ්ඩපයක් පිහිටයි. විමානය වර්ග මීටර 6.00ක ක්ෂේත්‍රඵලයකින් යුත් අතර, ද්වාරමණ්ඩපය මීටර 0.50ක ප්‍රමාණයේ වේ. රේඛා ශෛලියෙන් යුත් මෙම දෙවොල උච්චත්වය අතින් පාදමේ සිට කලස තෙක් මීටර 11.20ක උසකින් යුක්ත ය. මෙහි බාදා කොටස මීටර 2.70ක් උසැති ය

රාහ නිකේතන සහ පාර්ශ්ව දේවතා[සංස්කරණය]

පැති තුනක ඇති රාහ නිකේතන හැඩයෙන් සමාන අතර ඒවා උස මීටර 1.10 x පළල මීටර 0.51 x ගැඹුර මීටර 0.43 යන මිනුම්වලින් යුක්ත වේ. බටහිර නිකේතනය හැර සෙසු අවකාහ හිස් ය. බටහිර අවකාශයෙහි පද්ම පීඨිකාවක් මත හිඳගත් අත් සතරක් සහිත ගනේෂ රුව් වේ. ඔහුගේ පහළ වමත පරසුවක් දරා සිටින අතර, පහළ දකුණකෙහි අක්ෂ්‍ය මාලාවක් ඇත. ඉහළ වම් සහ දකුණු අත් කැඩීගොසිනි. මෙම රුවේ ජටාමකුටයක් ඇත. සොඬයේ කොටසක් ද කැඩීගොසිනි. මෙම රුවට පසුබිමින් අලංකාර මකර තොරණක් ද වේ.

තර්ජන[සංස්කරණය]

ගර්භගෘහය ඇතුළත ජලය රැඳීම, නරගෙනහිර බිත්තියේ රාහ සහ අනුරාථ පාග අතර සන්ධියේ මෙන්ම කණිකා සහ අනුරථ පාග අගර සන්ධියේ සහ දොරබාවට ඉහළින් ශාක වැවීම මෙයට තර්ජනයක්ව ඇත.

මෙම දේවාලය පභාග සහ ජංඝා යන කොටස් තෙක් වැළලී ඇත. මෙය ශීඝ්‍ර හානියට පත්ව ඇත්තේ ප්‍රදේශයේ ජනයා මෙහි ගර්භගෘහය කසල රදවනයක් ලෙස භාවිත කිරීම නිසායි. ශාක වර්ධනය වීම නිසා දේවාලයේ පිටත බිත්තිවල පිපිරුම් ඇතිවි තිබේ. මෙය ගර්භගෘහය තුළ ජලය කාන්දු වීමට හේතු වී ඇත. ඔරිස්සා ප්‍රාන්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙය ප්‍රතිසංස්කරණය කරන ලදී.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan (ISBN 81-7375-164-1).
  2. https://web.archive.org/web/20121009190909/http://ignca.nic.in/asi_reports/
"https://si.wikipedia.org/w/index.php?title=ලාඩු_බාබා_දේවාලය&oldid=410632" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි