භාරති මාථා දේවාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
භාරති මාථා
Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/India Orissa" does not exist.
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′27″N 85°50′12″E / 20.24083°N 85.83667°E / 20.24083; 85.83667ඛණ්ඩාංක: 20°14′27″N 85°50′12″E / 20.24083°N 85.83667°E / 20.24083; 85.83667
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාවිෂ්ණු
ජනපදයඔරිස්සා
රටඉන්දියාව[1]
වෙබ්අඩවියwww.ignca.nic.in/
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය)
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 11වන සියවස.
සම්පූර්ණ විස්තර
උන්නතාංශය26 m (85 ft)

භාරති මාථා දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔරිස්සාවේ භුබනේස්වර්හි පිහිටි හින්දු දෙවි ශිව උදෙසා කැප කළ දේවාලයකි. හින්දු ආරාමයක් වන මෙම දෙවොල මහල් තුනකින් යුත් අතර එය ඉදිවී ඇත්තේ ක්‍රි.ව. 11වන සියවසේ ය. වර්තමානයේ ජීවමාන මාථා පිළිවෙත් උදෙසා යොදාගන්නා මෙම දෙවොල අතීතයේ හින්දු වන්දනා ස්ථානයක්ව පැවතිණි.[2][3]

පිහිටීම[සංස්කරණය]

භාරතී මාථා දේවාලය පිහිටියේ භුබනේස්වර්හි පැරණි නගරයේ බඩ්හෙයිබන්කා චෞක්හි ය. ලිංගරාජ දේවාලයේ සිට රාමේස්වර ගෝවාමි වෙත දිවෙන රථ මාර්ගයේ වම්පසින් යමකුට මේ දේවාලය වෙත ළඟවායි හැක. මෙය භුබනේස්වර්හි පිහිටි පැරණිතම හින්දු දේවාලවලින් එකක් ලෙස සැලකේ. මෙම මාථාව නැගෙනහිරින් රථ මාර්ගයෙන්, දකුණින් ජමේස්වර් පැට්නා මාර්ගයෙන් ද, උතුරින් පෞද්ගලික ගොඩනැගිලි සහ බටහිරින් භෘකුතේස්වර දේවාලයෙන් ද වටවී ඇකත මෙම මාථාව බටහිරට මුහුණලා පිහිටා ඇත.

සම්ප්‍රදාය සහ පුරාවෘත්ත[සංස්කරණය]

මහන්තා විසින් ඉදිරිපත් කරන ප්‍රදේශයේ ජනප්‍රවාදවලට අනුව, මෙම දේවාලය ගොඩනංවන ලද්දේ ලිංගරාජ දේවාලය ඉදිකළ යාජති කේසරී විසිනි. මෙම මාථාව මුලින් ලිංගරාජ දේවාලය ඉදිකිරීමෙහි නියුතු වූ කලා ශිල්පීන්ගේ ප්‍රයෝජනයට ගන්නා ලද්දකි.

වැදගත්කම[සංස්කරණය]

සංස්කෘතික[සංස්කරණය]

කාර්තික් පූර්ණිම, ප්‍රථමාෂ්ටමි, දුර්ගා පූජා වැනි චාරිත්‍ර මෙහි ඉටුකරනු ලැබේ. ප්‍රථමාෂ්ටමි උත්සවයේ දී මෙම මාථාවෙහි සිහ මාමණ්ඩිය බැහැ දැකීමට ලිංගරාජ දෙවියන් පැමිණෙන්නේ යැයි විශ්වාසයක් පවතියි.

ගෘහනිර්මාණ ලක්ෂණ[සංස්කරණය]

මෙම මාථාව පිහිටියේ වර්ග මීටර 26.00ක ක්ෂේත්‍රඵලයෙන් යුත් සතරැස් සැලැස්මක් මත ය. මෙම මාථාව මීටර 1.50ක් උසැති වේදිකාවක් මත පිහිටි අතර, එම වේදිකාවේ බොරදම් සතක් ඇත. උච්චත්වය සැලකූ විට, තෙමහල් ගොඩනැගිල්ලක් වන මාථාව මීටර 11.50ක උසින් යුක්ත ය. මැද මිදුලක් ද සහිත මාථාවේ සෑම පසෙකම ජීවමාන කුටි තුන බැගින් වේ. මේ සෑම කුටියක්ම දිගින් මීටර 6.15 x පළල මීටර 3.45 ප්‍රමාණයේ වේ. මෙම මාථාව වටකොට දැවැන්ත ප්‍රාකාරයක් පිහිටි අතර, එය යර්ග මීටර 53.60ක් ආවරණය කරයි. මෙම ප්‍රාකාරයේ උස මීටර 2.52කි. මාථාවේ උළුවහු කුළුණු උස මීටර 1.70 x පළල මීටර 0.84 යන මිනුම්වලින් යුත් අතර, ඝනකම මීටර 0.35කි. වයිරම් අළු වැලිගලින් තැනූ මෙම දේවාලය පෙදරේරු තාක්ෂණය අනුව ගොඩනගා ඇත.

සංරක්ෂණය[සංස්කරණය]

මෙහි වල් ශාක ගහනය සහ නැගෙනහිර සහ උතුරෙහි බිත්ති හා උපරිව්‍යූහ ඇදවැටීම නිසා මෙය පරිහානියේ ලක්ෂණ පෙන්වයි. ශාක වර්ධනය වීම නිසා බිත්ති පුරා හානි සිදුවී ඇත. මෙම මාථාව ජරාවාස වූ ස්වභාවයක් පෙන්වයි. බටහිර කොටසේ පිහිටි කුට මේ වනවිටත් ඇදවැටී ඇති අතර, පිටත බිත්ති පමණක් දක්නට ලැබේ. වර්තමානයේ භාවිතයට ගැනෙන දකුණු කොටස ද ජරාවාස වී ඇති අතර, එහි පළමු මහල ඇද වැටී ඇත. පියස්සේ පළුදු හරහා මෙහි කුටි තුළට වැසි ජලය කාන්දු වීම නිසා මෙම ව්‍යූහයට හානිකර තත්ත්වයක් ගොඩනැගී ඇත. මෑතක දී දුර්ගාපූජා උත්සවය සඳහා මාථා මහන්තා විසින් මෙහි පිළිසකර කිරීම් සිදුකළ ද, ඒවා සුළු ඒවා වේ. මෙම ගොඩනැගිල්ලේ පැරණි ස්වරූපය රැකෙන පරිදි මෙයට පූර්ණ ප්‍රතිසංස්කරණයක් සහ සංරක්ෂණයක් අවශ්‍ය ය.

භූමදාන දේවාල[සංස්කරණය]

මාථාවේ උතුරු සහ දකුණු දිශාවන්හි පිටත ප්‍රාකාරයේ පිපල් ශාක සහ අශෝක දැකිය හැක. ප්‍රවේශයේ දකුණු පස කුඩා දේවාල නවයක සමූහයක් දැකගත හැක. එසේම වෙන්වූ ප්‍රතිමා කිහිපයක් සහ තාලේස්වර ශිව දේවාලයේ මාථාවට පසුපසින් වූ අංගණයේ සේවාලයක කොටස් කිහිපයක් ද දැකගත හැක. පීඪ සම්ප්‍රදායයෙන් යුත් මෙම දේවාල නවයේ ගර්භගෘහයේ ශිව ලිංගයක් තැන්පත් කොට ඇත. මාථා පුරාවෘත්ත අනුව, මෙම දේවාල කැපකොට ඇත්තේ පෙර සිටි මාථා මහන්තාවරුන් සඳහා වන අතර, එය ඔවුන්ගේ ආගමික සේවාව අගයා ඉදි‍ කෙරුණකි. මෙම දේවාල මියගිය මහන්තාවරුන්ගේ භූමදානය සඳහා ඉදිවූ අතර, අතීතයේ එය මාථා සම්ප්‍රදායේ වැදගත් චාරිත්‍රයක්ව පැවතිණි. මේවා ‍අනෙක් දේවාලවලින් වෙන්කර හඳුනා ගැනීමට ඒවා භුමදාන දේවාල ලෙස නම්කොට ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේය සටහන්[සංස්කරණය]

  1. K. C. Panigrahi, Archaeological Remains at Bhubaneswar, Calcutta, 1961. P. 19.
  2. T. E. Donaldson, Hindu Temple Art of Orissa, Vol. I, Leiden, 1985, P. 64.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Bharati Matha, Old Town, Bhubaneswar, Dist.-Khurda" (PDF). ignca.nic.in. Retrieved 19 October 2017.
  2. K. C. Panigrahi, 1961, Archaeological Remains at Bhubaneswar, Calcutta.
  3. T. E. Donaldson, 1985, Hindu Temple Art of Orissa, Vol. - I, Leiden

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=භාරති_මාථා_දේවාලය&oldid=410634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි