චන්ද්‍රසේඛර මහාදේව දේවාලය

විකිපීඩියා වෙතින්
චන්ද්‍රසේඛර මහාදේව දේවාලය
චන්ද්‍රසේඛර මහාදේව දේවාලය is located in ඔඩිස්සා
චන්ද්‍රසේඛර මහාදේව දේවාලය
ඔරිස්සා තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°20′59″N 85°50′07″E / 20.34972°N 85.83528°E / 20.34972; 85.83528ඛණ්ඩාංක: 20°20′59″N 85°50′07″E / 20.34972°N 85.83528°E / 20.34972; 85.83528
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාශිව
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය)
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 19වන සියවස

චන්ද්‍රසේඛර මහාදේව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔරිස්සාවේ භුබනේස්වර්හි පාටියා ගම්මානයේ පිහිටි ශිව දෙවියන් උදෙසා කැපකළ හින්දු දේවාලයකි. මෙහි වන්දනාවට ලක්වන ප්‍රධාන දේව ප්‍රතිමාව වන්නේ වෘත්තාකාර යෝනි පීඨයක් මත පිහිටි ලිංගයයි. මෙම දේවාලයට පෞද්ගලික හිමිකාරීත්වයක් පවතින නමුත්, එය බොහෝ දෙනකු විසින් හිමිකාරීත්වය දරන්නකි.

දේවාලය[සංස්කරණය]

මෙම දේවාලයේ ඉතිහාසය ක්‍රි.ව. 19වන සියවස තෙක් දිවෙයි. මෙය නිගමනය කොට ඇත්තේ ගෘහනිර්මාණ ලක්ෂන සහ ගොඩනැගිලි අමුද්‍රව්‍ය අනුව ය. මෙම දේවාලය හා සම්බන්ධ විශාල සංස්කෘතික වැදගත්කමක් ද ඇත. බදාඕසා සහ සංක්‍රාන්ති වැනි චාරිත්‍ර ගණනාවක් මෙහි ඉටු කෙරේ. පාටියා ග්‍රාම මංගලි පදනම් මණ්ලය ද මෙම දේවාලය හා සම්බන්ධ ය.

වටපිටාව[සංස්කරණය]

උතුරින් සහ දකුණින් මෙම දේවාලය වටකොට නිවාස ගොඩනැගිලි පිහිටා ඇත. බටහිරින් තණ බිමක් සහ නැගෙනහිරින් කොන්ක්‍රීට් ශාලාවක් ද දක්නට ලැබේ.

ගෘහනිර්මාණ ලක්ෂණ[සංස්කරණය]

මෙම දේවාලය සතුව විමානයක් පවතින අතර, විමානය ඉදිරිපස සිමෙන්ති කොන්ක්‍රීට් ශාලාවක් ද දැකගත හැක. මෙය ජගමෝහනය ලෙස භාවිතා වේ. උච්චත්වය අතින් පහළ සිට ඉහළට මෙට මීටර 4.80ක උසකින් යුක්ත වේ. දේවාලයේ බාදාව මීටර 1.75ක උසින් යුක්ත ය. ගාන්දි අංගය උසින් මීටර 1.55ක් සහ මස්තකය මීටර 1.50ක් ද වේ. උළුවහු කුළුණු මෙම දේවාලයේ මෝස්තර අංග අතර වේ. ඒවා මීටර 1.20 x මීටර 0.51 මිනුම්වලින් යුතු වේ. ඉදිකිරීම් මාධ්‍යය ලැටරයිට් ය. මෙහි ඉදිකිරීම් තාක්ෂණය වනුයේ සිමෙන්ති බදාම සමග ආශේලේෂ පෙදරේරුවමයි. මෙය ද කාලිංග ශෛලියෙන් යුතු ය.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

  • Pradhan, Sadasiba (2009). Lesser Known Monuments Of Bhubaneswar. Bhubaneswar: Lark Books. ISBN 81-7375-164-1.
  • http://ignca.nic.in/asi_reports/orkhurda245.pdf