බ්‍රහ්ම දේවාලය, බින්දුසාගර්

විකිපීඩියා වෙතින්
බ්‍රහ්ම දේවාලය
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාබ්‍රහ්ම
භුවනේශ්වරී (භාර්යාව)
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 15වන/16වන සියවස

බ්‍රහ්ම දේවාලය පිහිටියේ බින්දුසාර ගංගාවේ නැගෙනහිර ඉවුරේ ලිංගරාජ් දේවාලය වෙත දිවෙන මාර්ගයේ වම් පස ය. මෙම දේවාලය වටා භුබනේස්වර්හි බටහිරට වන්නට බින්දුසාගර් ජලාශය පිහිටා ඇත.

පුරාවෘත්තය[සංස්කරණය]

බ්‍රහ්ම දෙවියන් භුබනේස්වර් වෙත පැමිණෙන්නේ ලිංගරාජ් දේවගේ අභිෂේක මංගල්‍යය සඳහා සහභාගී වීමටයි. මෙම ස්ථානයේ දී ඔහුගෙන් සදහටම නැවතී සිටින ලෙස ඉල්ලා සිටින ලදී. නමුත් ඔහු සෑම වර්ෂයකම චෛත්‍රා මාසයේ දී අශෝකාෂ්ටමි උත්සවයට සහභාගී වීමට පැමිණෙන බවට පොරොන්දු විය. එසේම තමන් ශ්‍රී ලිංගරාජගේ රුකුණ රථයේ රථාචාර්ය (සාරථි) ලෙස කටයුතු කරන බවට ද ඔහු පොරොන්දු විය. එම නිසා ඔහුට ගෞරව වශයෙන් බින්දුසාගර් අසල දේවාලයක් ඉදිකෙරිණි.

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

ප්‍රධාන දේවාලය ක්‍රි.ව. 15වන සියවසට පමණ දිවෙන අතර එහි කාලිංග ගෘහනිර්මාණ ශෛලියේ ලක්ෂණ දැකගත හැක.[1] වර්තමානයේ විද්‍යාමානව ඇති දේවාලය ඉදි කරවන ලද්දේ ගජපති පාලකයන් විසිනි. මෙම දේවාලයේ අත් සතරකින් යුත් බ්‍රහ්ම දෙවියන්ගේ කළු ක්ලෝරයිට් ප්‍රතිමාවක් දැකගත හැක.[1] එහ ප්‍රතිමාවේ ඔහු ඉහළ අත් යුගළෙන් වේද සහ ජල කෙණ්ඩියක් ද, පහළ අත් යුගළෙන් අක්ෂමාලාවක් සහ අභය මුද්‍රාව දරා සිටියි. ලිංගරාජ් දේවාලය නරඹන්නකු මෙම දෙවොලට සහ අනන්ත වසුදේව දේවාලයට නොපැමිණෙන්නේ නම් එය අසම්පූර්ණ යැයි සැලකේ. වර්තමානයේ මෙහි දෛනික පූජා පැවැත්වීම සිදු කරන්නේ පාණ්ඩ පවුලට අයත් බ්‍රාහ්මණ පූජකයන් විසිනි.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 "Brahma Temple, Bindusagar, Bhubaneswar, Odisha". ApniSanskriti - Back to veda (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2017-10-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-10-15.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Hindu temples in Orissa