යමේශ්වර් දේවාලය
යමේශ්වර් දේවාලය | |
---|---|
![]() | |
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේශ්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 20°14′25″N 85°49′53″E / 20.24028°N 85.83139°Eඛණ්ඩාංක: 20°14′25″N 85°49′53″E / 20.24028°N 85.83139°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | Shiva |
උත්සව | ජියුන්ටියා හෙවත් පුවාජියුටියා උත්සවය |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | නැගෙනහිර ගංග රාජවංශය |
සම්පූර්ණ කෙරුණේ | 13වන – 14වන සියවස |
යමේශ්වර් දේවාලය හෙවත් ජමේශ්වර් දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ යමගේ වන්දනයට ලක් වන ශිව දෙවියන් වෙනුවෙන් කැප කරන ලද පෞරාණික හින්දු දේවාලයකි. මෙය පිහිටියේ ඉන්දියාවේ භුබනේස්වර්හි භාරති මාථා අසල ජමේශ්වර් පැට්නාවෙහි ය.[1]
ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]
මෙම දේවාලයේ ප්‍රධාන විමානය රේඛා දියොල ශෛලියෙන් යුතු ය. ජාග මෝහන් නම් අංගය පීඪ දියොල ශෛලියෙන් යුතු ය. මෙහි වෙන්ව පිහිටි මණ්ඩපයක් දක්නට ලැබේ.[2] දේවාලයේ බොහෝ ස්ථාන ස්වාභාවික බලපෑම් හේතුවෙන් හානියට පත්ව ඇත. මෙම දේවාලය වැලි ගලින් තනා තිබිම එයට හේතුවයි. දේවාලයේ පිටත ප්‍රාකාරය ලැටරයිට්වලින් තනා ඇත. දේවාලය වටා පිහිටි ප්‍රතිමා අතර නොයෙකුත් විසිතුරු සැරසිලි අංග දක්නට ලැබේ. මේ අතරට දික්පාලයන්, අනුරාගී පෙම් යුවළවල්, නායිකා රූ, විදාල රූ, ශෘංගාරාත්මක මිනිස් රූප සහ ඇත් පෙරහැරවල් වැනි කැටයම් දැකගත හැක.[2] මෙහි අභ්‍යන්තරයේ පිහිටි ගර්භගෘහය තුළ වෘත්තාකාර යෝනිපීඨයක් මත පිහිටි ශිවලිංගයක් දක්නට ලැබේ.[2] මෙම දේවාලය ඉදිවූයේ ක්‍රි.ව. 13වන-14වන සියවස් අතර කාලයේ[1] නැගෙනහිර ගංග රාජවංශය සමයේ ය.[2]
උත්සව[සංස්කරණය]
මෙහි දී ජියුන්ටියා හෙවත් පුවාජියුන්ටියා උත්සවයට වැදගත් ස්ථානයක් හිමි වේ. මෙම උත්සවය ද්විත්වාහන ඕෂා යනුවෙන් ද හැඳින්වේ. අශ්වින් යටතේ වැටෙන මෙම ජනප්‍රිය උත්සවය සම්බන්ධයෙන් මෙම දේවාලය ප්‍රසිද්ධියක් උසුලයි.[1] මෙහි සමරනු ලබන වෙනත් උත්සව අතරට ශිවරාත්‍රී සහ කාර්තික් පූර්ණිම උත්සව ද අයත් වේ. සියලු සඳදා දිනවල සම සංක්‍රමණ දින මෙම දේවාලයේ දී වැදගත් ලෙස සලකනු ලැබේ. භරණි නක්ෂත්‍ර දිනයේ මෙම දේවාලය වැඳ පුදා ගන්නා බැතිමතුන් සියලු දුක් පීඩාවලින් නිදහස් වන්නේ යැයි විශ්වාසයක් පවතී.
මේවාත් බලන්න[සංස්කරණය]
ගැලරිය[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 "Jameshwar Patna Yameshwar Temple, Bhubaneswar - TOH". TOH (in ඉංග්‍රීසි). 2013-02-08. Retrieved 2017-10-15.
- ↑ 2.0 2.1 2.2 2.3 Laboratory, Cultural Informatics. "Indira Gandhi National Centre for the Arts". ignca.nic.in. Retrieved 2017-10-15.
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
යමේශ්වර් දේවාලය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |