සුබර්ණේස්වර ශිව දේවාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සුබර්ණේස්වර ශිව දේවාලය
Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/India Orissa" does not exist.
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′27″N 85°50′12″E / 20.24083°N 85.83667°E / 20.24083; 85.83667ඛණ්ඩාංක: 20°14′27″N 85°50′12″E / 20.24083°N 85.83667°E / 20.24083; 85.83667
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාලිංගරාජ
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය)
සම්පූර්ණ විස්තර
උන්නතාංශය22 m (72 ft)

සුබර්ණේස්වර් ශිව දේවාලය පිහිටියේ ඉන්දියාවේ ඔරිස්සාවේ භුබනේස්වර්හි මිෂ්රා සාහි නම් ස්ථානයේ ය. ලිංගරාජ බටහිර ඇළේ වම් ඉවුරේ පිහිටි මෙම දේවාලය වෙත බින්දුසාගර් සිට පරසුරාමේස්‍වර දේවාලය තෙක් දිවෙන කෝතීර්ථේස්වර් වීථිය ඔස්සේ ළඟා විය හැක.[1][2] ලිංගරාජ බටහිර ඇල ඔස්සේ නාගේස්වර දේවාලය මුහුණලා මීටර 10.35 දුරින් මෙය පිහිටා ඇත. දේවාලය නැගෙනහිරට මුහුණලා පිහිටා ඇත. මෙහි වන්දනාවට ලක්වන ප්‍රධාන දේව ප්‍රතිමාව වන්නේ ගර්භගෘහයේ ඇති වෘත්තාකාර යෝනි පීඨයක් මත පිහිටි ශිව ලිංගයයි. මෙහි ගර්භගෘහය වර්ග මීටර 2.35ක ක්ෂේත්‍රඵලයකින් යුක්ත ය. මෙය දොරටුවේ ඇති චන්ද්‍රසිලාවට මීටර 1.20ක් පහළින් පිහිටයි.

සම්ප්‍රදාය සහ පුරාවෘත්ත[සංස්කරණය]

මෙම දේවාලය මෙසේ නම්කොට ඇත්තේ දේවාලය සහ රන්කරුවන් අතර තිබූ සමීප සම්බන්ධතාව නිසායි. වර්තමානයේ පෞද්ගලික හිමිකාරීත්වයක් යටතේ පවතින මෙහි වර්තමාන හිමිකරුවා වන්නේ සරෝජ් කුමාර් මිෂ්රා ය.

මෙය ක්‍රි.ව. 10වන සියවසේ දී ඉදිවූයේ යැයි සැලකේ. එය සෝමවංශී පාලන සමයේ ඉදිවන්නට ඇත. මෙම කාලනිර්ණය සඳහා පාදක කොටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ මෝස්තර අංග සහ ගොඩනැගිලි අමුද්‍රව්‍ය භුබනේස්වර්හි 10වන සියවසේ දේවාලවලට දක්වන සමානත්වයයි.

වැදගත්කම[සංස්කරණය]

රේඛා දියොල් සම්ප්‍රදායයයෙන් ‍යුත් මෙම දේවාලය ජීවමාන දේවාලයකි. ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ මෙම දේවාල ගොඩනැංවූයේ කේශරීවරුන් විසින් බවයි. ඔවුන්ව සෝමවංශීන් ලෙස ද හැඳින්වේ. මෙම දේවාලයේ දී ශිවරාත්‍රී. සංක්‍රාන්ති සහ චතුර්දාසි ඇතුළු උත්සව ගණනාවක් සැමරීම සිදුකෙරේ.

බාහිර පෙනුම[සංස්කරණය]

මෙම දේවාලයේ වටපිටාව සැලකූ විට, නැගෙනහිරින් ප්‍රවේශ මාර්ගයත්, දකුණින් ලිංගරාජ බටහිර ඇළ මාර්ගයත් කුඹුරු යායන් ද, බටහිරින් නාගේස්වර දේවාලය ද පිහිටයි. දේවාලයට උතුරින් නිවාස ගොඩනැගිලි දැකගත හැක. මෙම දේවාලය නැගෙනහිර දිශාවට මුහුණලා ඉදිකොට ඇත.

ගෘහනිර්මාණ ලක්ෂණ[සංස්කරණය]

මෙම දේවාලය මීටර 6.90ක් දිගැති, මීටර 6.30ක් පළලැති සහ මීටර 0.23ක් උසැති පහත් පීඨයක් මත නිර්මාණය කොට ඇත. සැලැස්ම අතින් පංචරථ ආකාරයක් ගන්නා මෙහි විමානය සතරැස් ය. එහි නැගෙනහිරට මුහුණලා ද්වාර මණ්ඩපයක් පිහිටයි. විමානයේ වර්ගඵලය වර්ග මීටර 5.45ක් වන අතර, ඉදිරි ද්වාර මන්ඉපයේ දිග මීටර 0.50කි. උච්චත්වය අතින්, රේඛා සම්ප්‍රදායයෙන් යුත් මෙම දෙවොලේ ඛුර සිට කලස යන අංග තේක උස මීටර 11.58කි. මෙහි බාදා කොටස උසින් මීටර 3.48ක් වන අතර, එහි ප්‍රධාන කොටස් පහක් දැකගත හැක. එම කොටස් වන්නේ බොරදම් සතරක් සහිත පභාගය (මීටර 0.92), තලජංඝ (මීටර 0.86), තනි බොරදමේ බන්ධනා (මීටර 0.20), උපර ජංඝ (මීටර 0.75) සහ බොරදම් සතරක් සහිත බරන්ද (මීටර 0.75) යන අංගයි. බරන්ද කොටසට ඉහළින් ළුූ ගන්දි කොටසේ උස මීටර 6.10කි. මෙය මධ්‍ය රාහයක් සහ එහි එක් එක් පස වූ අනුරථ සහ කණික පාග යුගලකින් සමන්විත ය. වක්‍රරේඛීය ස්වභාවයක් ගන්නා රාහය මෝස්තරවලින් තොර ය. ‍මෙහි මස්තකය දර්ශීය ඔරිස්සා දේවාලවල දක්නට ලැබෙන බේකි, ආම්ලක, ඛාපූරි සහ කලස යන අංගවලින් යුත් අතර, එහි උස මීටර 2.00කි.

සංරක්ෂණ තත්ත්වය[සංස්කරණය]

මෙහි සිවිලිමේ පිපිරීම් දැකගත හැකි අතර, ඒ ඔස්සේ ගර්භගෘහයට වැසි ජලය කාන්දු වේ. X සහ XI මූල්‍ය කොමිසමේ ප්‍රදානයන් අනුව මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරන ලදී.

ශ්‍රේණිය (A/B/C)[සංස්කරණය]

i) වාස්තු විද්‍යා: B
ii) ඓතිහාසික: B
iii) සංවිධානික: C
iv) සමාජ/සංස්කෘතික: C

තර්ජන[සංස්කරණය]

මෙහි ගර්භගෘහය වත්මන් පොළොව මට්ටමෙන් මීටර 1.20ක් පහළින් පිහිටි නිසා, වර්ෂා සමයේ යාබද බටහිර ඇළෙහි ඇති ජලය මේ තුළට කාන්දු වීම සිදු වේ. ඇළෙහි වතුර පිටාර යන විට මෙහි ගර්භගෘහය තුළට ජලය කාන්දු වන බැවින් දේවාලයේ අත්තිවාරම දුර්වල වීමේ අවදානමක් ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]