රාම් මන්දිර්, භුබනේස්වර්

විකිපීඩියා වෙතින්

ඛණ්ඩාංක: 20°16′17″N 85°47′02″E / 20.2712869°N 85.7837529°E / 20.2712869; 85.7837529

රාම් මන්දිර්, භුබනේස්වර්

රාම් මන්දිර්, (ඔඩියා: ରାମ ଦେଉଳ) යනුවෙන් හැඳින්වෙන්නේ රාම දෙවියන්, ලක්ෂ්මණ දෙවියන් සහ සීතා දෙවඟනගේ අලංකාර ප්‍රතිමා තැන්පත් කොට ඇති දේවාලයකි. මෙය ඉන්දියාවේ භුබනේස්වර් මධ්‍යයේ[1] ඛාරවේල් නගර්වලට ආසන්නව ජන්පත්[2] නම් ප්‍රදේශයේ ය. ප්‍රධාන දේවාලයේ ඉහළ නැගි ශිඛරය ප්‍රධාන නගරයේ බොහෝ ප්‍රදේශවල සිට දිස්වනු දැකිය හැකි ය. මෙය නගරයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක්ව පවතියි. පෞද්ගලික භාරයක් මගින් ඉදි කරන ලද සහ නඩත්තු කිරීම් සිදු කෙරෙන ‍මෙම දේවාල සංකීර්ණය හනුමාන් දෙවියන්, ශිව දෙවියන් ඇතුළු අනෙකුත් දෙවිවරුන් සඳහා ඉදි කළ හිරියල් පැහැයෙන් වර්ණ ගැන්වූ කිරිගරුඩ දේව ප්‍රතිමා ඇතුළත් කුඩා දේවාලවලින් ද සමන්විත ය.

උත්සව[සංස්කරණය]

වර්ෂය පුරාම හින්දු බැතිමතුන්ගේ සෑම උත්සවයක් පාහේම මෙහි සමරනු දක්නට ලැබේ. මේ අතරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ රාම් නවාමි, විවාහ පංචමි, ජන්මාෂ්ටමි, දුස්සේහ්රා, ශිවරාත්‍රී, පාන සංක්‍රාන්ති යන උත්සව අවස්ථාවලටයි. උදෑසන සහ සවස් කාලයේ දක්නට ලැබෙන අලංකාර වූ ආරථී බැතිමතුන් රැසකගේ ආකර්ෂණයට ලක්ව ඇත. රක්ෂා බන්ධන් හෙවත් රාඛි යනුවෙන් හැඳින්වෙන් උත්සවයේ දී මෙහි වාර්ෂික පොළක් ද සංවිධානය කෙරේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. http://www.odishatourism.gov.in/?q=node/193
  2. The India Travel Planner. Cross Section Publications (P) Limited. 1989.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Hindu temples in Orissa