මංගල සමරවීර

විකිපීඩියා වෙතින්
මංගල සමරවීර
மங்கள சமரவீர
Mangala Samaraweera
ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය
තනතුර දරමින්
22 මැයි 2017 – 17 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාරවී කරුණානායක
අනුප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
ජනමාධ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
22 මැයි 2017 – 17 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාගයන්ත කරුණාතිලක
විදේශ කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
12 ජනවාරි 2015 – 22 මැයි 2017
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාජී.එල්. පීරිස්
අනුප්‍රාප්තිකයාරවී කරුණානායක
තනතුර දරමින්
23 නොවැම්බර් 2005 – 28 ජනවාරි 2007
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
පූර්වප්‍රාප්තිකයාඅනුර බණ්ඩාරනායක
අනුප්‍රාප්තිකයාරෝහිත බෝගොල්ලාගම
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
9 මාර්තු 1989 – 3 මාර්තු 2020
පුද්ගලික තොරතුරු
උපත21 අප්‍රේල් 1956(1956-04-21)
මාතර, දකුණු පළාත,ශ්‍රී ලංකාව
විපත24 August 2021(2021-08-24) (වයස 65)
කොළඹ,බස්නාහිර පළාත,ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1983–2007)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (මහජන කොටස) (2007–2010)
එක්සත් ජාතික පක්ෂය
(2010–2020)
සමගි ජන බලවේගය
(2020–2021)
දෙමව්පිය(s)මහානාම සමරවීර
(පියා)
ඛේමා පද්මාවතී සමරවීර (මව)
රැකියාවදේශපාලනඥයා

මංගල පින්සිරි සමරවීර (ඉංග්‍රීසි:Mangala Pinsiri Samaraweera; pronounced [mæŋˈgɑːlɑː]; උපත 1956 අප්‍රේල් 21) මහතා ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි.ඔහු 2005 සිට 2007 දක්වා මෙන්ම 2015 ජනවාරි 12 සිට මේ දක්වාද විදේශ කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඔහු නව දේශපාලන පක්ෂයක් ලෙස 2010 දී එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව නව පක්ෂයක් පිහිටුවන ලදී. 2007 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඇමති ලෙස තනතුරෙන් ඉවත් කරන විට ඔහු ශ්‍රී ලංකා දේශපාලනයේ තරමක කැළඹීමක් නිර්මාණය කළේය.

පුද්ගලික ජීවිතය

සමරවීර මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේගේ රජයේ පළාත් පාලන, නිවාස, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ලෙස සිටි මහානාම සමරවීර හා මාතර නගර සභාවේ සාමාජිකයකු වූ කේමා සමරවීරගේත් පුත්‍රයාය. ඔහු ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා පාසලේ ඇඳුම් පැළඳුම් නිර්මාණය හා තාක්ෂණ පිලිබද උපාධිධාරියකු වෙනවා. ඔහු තම දේශපාලන ජීවිතය අැරඹිමට පෙර ශ්‍රී ලංකා ජාතික මෝස්තර මධ්යස්ථානයේ මෝස්තර නිර්මාණ උපදේශකයා ලෙස කටයුතු කළේය. ඔහු තවමත් අවිවාහකයෙකි.

දේශපාලන ජීවිතය

ඔහු 1983 වසරේ මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දරා තිබෙනවා. ඔහු 1989 දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඇතුල්වී තිබෙන අතර 1994 දී ජනාධිපතිනි චන්ද්‍රීකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කැබිනට් මන්ඩලයේ, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ලෙස පත් කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=මංගල_සමරවීර&oldid=510850" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි