ජාතික හෙළ උරුමය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ජාතික හෙළ උරුමය
සභාපතිපූජ්‍යපාද හැඩිගල්ලේ විමලසාර හිමිපාණන් වහන්සේ
ආරම්භය2004 පෙබරවාරි
පූර්වප්‍රාප්තියසිහල උරුමය
මූලස්ථානය43/7, 07 වන පටුමග, වික්‍රමසිංහපුර, බත්තරමුල්ල .
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
3 / 225
මැතිවරණ ලාංඡනය
හක් ගෙඩිය
ශ්‍රී ලංකාවේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

ජාතික හෙළ උරුමය භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලාංකීය දේශපාලන පක්ෂයකි. 1990 දශකයේ ආරම්භවූ ජනතා මිතුරෝ ව්‍යාපාරය සහ ඉන් අනතුරුව ආරම්භවූ සිංහල වීර විදහන, ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය, ජාතික සංඝ සම්මේලනය යන සංවිධාන වල ක්‍රියාකාරීව සිටි ගරුතර මහා සංඝරත්න සහ ගිහි ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ජාතික හෙළ උරුමයේ පිහිටවූයේ 2004 දී ගිහියන් මුල් කර ගත් සිංහල ජාතිකවාදී පක්ෂයක් වූ සිහළ උරුමය පක්ෂය සඟසතු කොට පූජා කිරීමෙනි.එසේ ස්ථාපිත හෙළ උරුමය පක්ෂයේ ආරම්භක සාමාජිකයන් අතර එල්ලාවල මේධානන්ද හිමි, ඕමල්පේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි කොටපොල අමරකිත්ති හිමි,කොලොන්නාවේ සුමංගල හිමි, උඩුවේ ධම්මාලෝක හිමි,තිලක් කරුණාරත්න සහ පාඨලී චම්පික රණවක යන අය වූහ. ඇතැම් භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස් භික්ෂූන් දේශපාලනයට පැමිණීමට විරුද්ධ වූහ. එහෙත් උගත් මධ්‍යම පාන්තිකයන් සහ තරුණයන්ගෙන් පක්ෂයට සහය ලැබිණි. ධර්ම රාජ්‍යක් උදෙසා පාරමිතා පෙරහැර යන තේමාව මුල් කරගනිමින් 2004 වර්ෂයේ අප්‍රේල් මාසයේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයට ඉදිරිපත් කල ජාතික හෙළ උරුමයට මන්ත්‍රී ආසන 9 දිනාගත හැකිවිය.

ඉතිහාසය[සංස්කරණය]

ජා.හෙ.උ සිය ප්‍රථම මැතිවරණයට තරග වැදුණේ 2004 දීය .ඒ අ‍ප්‍රේල් 2 පැවති මහ මැතිවරණයයි. එහි සියළු අපේක්ෂකයෝ භික්ෂූන් වූහ. පක්ෂය 6% ඡන්ද ලබාගත් අතර ආසන 225 න් 9ක් දිනාගත්තේය.

මැතිවරණයේ සිට පක්ෂය බොහෝ ආන්දෝලාත්මක සිඳුවීම් ගණනකටම සම්බන්ධ විය. උදාහරණ ලෙස සදාචාර විරෝධී අන්‍යාගමිකකරණය වැළැක්වීමට පණතක් ගෙන ඒමට උත්සාහ කෙරිණ. පක්ෂයේ පාර්ලමේන්තු පිල තුළද යම් යම් ගැටුම් ඇතිවී ඇත්තේ මැතිවරණයකට පෙර හඳිසියේ එක්වූ කණ්ඩායම තුළ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් එකමුතුවක් නොමැති බැවිනි.

ආරම්භක සාමාජිකයන් ගණන දෙදෙනෙකු විය. කොලොන්නාවේ සුමංගලහිමි සහ උඩුවේ ධම්මාලෝක හිමි පක්ෂය හැර ගියේ ගිහි භික්ෂූ අරගලයක් හේතුවෙනි. සීහළ උරුමයේ ආරම්භකයාද එජාපයට එක්විය. මාස ගණනක ගැටුම්වලින් පසු අතුරලියේ රතන හිමි නම් තරුණ හිමිනමකගේ සහ සීහළ උරුමයේ සාමාජික චම්පික රණවකගේ නායකත්වයෙන් පක්ෂය නැවත ස්ථාවර විය. එල්ලාවල මේධානන්ද සහ ඕමල්පේ සෝභිත හිමිවරු දැනට පක්ෂයේ නායකත්වය දරති. නෙවිල් කරුණාතිලක සහ උදය ගම්මණ්පිල තවත් ප්‍රබල නායක දෙපළකි. ත්‍රස්තවාදයට එරෙහිව ජාතික ව්‍යාපාරය, උතුරු නැගෙනහිර සිංහල සංවිධානය, SPUR සහ තවත් ජාතික සහ අන්තර්ජාතික සිංහල ජාතිකවාදී කණ්ඩායම් සමග පක්ෂය සම්බන්ධය .

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ නිලකාලය අඩුකරීම සඳහා ජා.හෙ.උ. ඉදිරිපත් කළ පෙත්සම සාර්ථකවිය. 2005 ඔක්තෝබර් මස ජා.හෙ.උ. හිටපු සාමාජික උඩුවේ ධම්මාලෝක හිමි පැවසුවේ දේශපාලනයට පිවිසීමට ගත් තීන්දුව වැරදි බවට ජා.හේ.උ. භික්ෂූන් කල්පනා කරමින් සිටින බවය. ආගමික කටයුතු කෙ‍රෙහි අවධානය යොමු කිරීමෙන් වඩා ධනාත්මක බලපෑමක් ශ්‍රී ලාංකීය සමාජය වෙත කළ හැක බව තමා විශ්වාස කරන බව පැවසූ උන්වහන්සේ වර්තමාන භික්ෂූ මන්ත්‍රීවරුන් උත්සාහ කරනුයේ අනාගතයේ භික්ෂූන් දේශපාලනයට පිවිසීම වැළැක්වීමට බවත් ප්‍රකාශ කළහ. කෙසේ වෙතත් උඩුවේ ධම්මාලෝක සහ අනෙක් හිමිවරු මන්ත්‍රීධූරවලින් ඉවත් වන්නේද නැතහොත් භික්ෂූන් දේශපාලනය තහනම් වන නීති සකසන්නේද යන්න අපහැදිලය. 2005 ජනාධිපතිවරණයේ දී ජා.හෙ.උ. මහින්ද රාජපක්ෂට සහය දැක්වීය. 2007 දී පක්ෂය නිලවශයෙන් රාජපක්ෂ ආණ්ඩුවට එක් වූ අතර ගිහි සාමාජික චම්පික රණවක පරිසර අමාත්‍යධූරයට පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ජාතික_හෙළ_උරුමය&oldid=491187" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි