Jump to content

එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකාව

විකිපීඩියා වෙතින්
(එක්සත් ජාතික පෙරමුණ (ශ්‍රී ලංකාව) වෙතින් යළි-යොමු කරන ලදි)
යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ

United National Front for Good Governance
நல்லாட்சிக்கான ஐக்கிய தேசிய முன்னணி
නායකයාරනිල් වික්‍රමසිංහ
ලේකම්අකිල විරාජ් කාරියවසම්
ආරම්භයඔක්තෝබර් 2001 (2001-10) (එක්සත් ජාතික පෙරමුණ ලෙස)
5 ජූලි 2015 (2015-07-05) (යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ)
විසුරුවාහැරුම2020
පූර්වප්‍රාප්තියඑක්සත් ජාතික පෙරමුණ
පසුප්‍රාප්තියසමගි ජන බලවේගය (සජිත් පාර්ශ්වය)
මූලස්ථානය120A, Stafford Road, Colombo 06, කොළඹ
මතවාදයගතානුගතිකත්වය,
ලිබරල්වාදය;
ශ්‍රී ලාංකික දෙමළ ජාතිකවාදය (සුළුතර කොටස්)
දේශපාලන ආකල්පයමධ්‍ය දක්ෂිණාංශික

එක්සත් ජාතික පෙරමුණ (ඉංග්‍රීසි: United National Front) යනු එක්සත් ජාතික පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ බස්නාහිර ජනතා පෙරමුණ විසින් එකතුව පිහිටුවාගත් ශ්‍රී ලංකාවේ මැතිවරණ සන්ධානයකි. කෙසේවෙතත්, ලංකකො පක්ෂය 2006දී පෙරමුණ අතහැර පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක් විය. 2010 අප්‍රේල් 20 දිනදී අවසන් වරට පැවැත්වුණු ව්‍යවස්ථාදායක මැතිවරණයෙහිදී, පෙරමුණු විසින් මහජන ඡන්ද 29.34% දිනාගෙන ආසන 225 අතුරින් 60 ක් දිනාගත්තේය. මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එජාපෙ අතහැර රජයට එක් විය.