හිරණ්‍යක

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

විශ්ණු පුරාණයේ මෙම රජු පිළිබදව දැක්වේ. විෂ්ණුගේ දස අවතාරයන්ගෙන් එකක්වන නරසිංහ නම් අවතාරය විසින් මෙතුමාව මරා දමන්නේ යැයි එහි දැක්වේ. හිංදු සාහිත්‍යයේ හෙතෙම දක්වා ඇත්තේ විෂ්ණු ඇතුළු දේව විරෝධියෙකු ලෙසය.

කෙසේනමුත් රයිගම් කොරළයේ ප්‍රචලිත ජනප්‍රවාදයන්ට අනුව හිරාණ්, හිරණ් යක්, හිරණ්‍යක නමින් හැදින්වෙන්නේ යක්ෂ ගෝත්‍රික බලවත් හෙළ රජෙකි. හිරණ්‍යමලය ඔහුගේ නිජ බිම ලෙස සැලකේ. හිරණ්‍යමලය නොහොත් හිරඤ්ඤමළය වත්මන් හොරණ ප්‍රෙද්ශයේ ඇල්ල කන්ද යැයි මතයක් පවතී. පියා රක්ෂස හෙළ ගෝත්‍රෙය් වික්‍රමාදිත්‍ය කස්සප වූ අතර මව හෙළ යක්ෂ ගොත්‍රෙය් දිතී නම් විය. ඔහුගේ නාමය හිරණ් විය. යක්ෂ ගෝත්‍රෙය් නිසා වංශ චිංහය අනුව හිරණ්යක් විය. ඔහුගේ පියා වික්‍රමාදිත්‍ය කස්සප වූ නිසා හෙතෙම හිරණ්‍යකස්ස නම්වූ බව කියවේ. විෂ්ණු පුරාණයේ හා භාග්‍යවත පුරාණයේ විෂ්ණු අවතාර විසින් මරා දමන හිරණ්‍යක්ෂ හා හිරණ්‍ය කස්සප නමින් දෙදෙනෙක් දක්වා ඇත. ඔවුන් දෙදෙනා දෙසොයුරන් වී යැයි මත පවතී.

කෙසේනමුත් ඉන් ජේෂ්ඨයා වඩාත් උත්සාහවන්ත දක්ෂයකි. ජනප්‍රවාද අනුව හෙළ දීපයට පමනක් නොව වින්ධ්‍යා කදුවැටිය දක්වා වන අධිරාජ්‍යක් ඔහු විසින් දඩුමොණර යානා භාවිතා කරමින් ගොඩ නන්වා ඇත. ගුවන් සංචාරයන්ට මහත් ඇල්මක් දැක්වූ හෙතෙම රුමේනියාව හා තදාසන්න රටවල විසූ මිනිස් දිවියට තර්ජනයක් වූ මකරුන් මැරූ බව කියවේ. ඔහුගේ සෙනවියෙකු වන දානි යක්ෂ නොහොත් දානියක් විසින් උතුරේ හිම දියකර දානියක් නදිය නිර්මානය කළ ජනප්‍රවාදයක්ද ඇත.

මෙතුමා දේව මැවුම්වාදයට විරුද්ධ, දේව වන්දනය මිනිසා දෙවියන් ඉදිරියේ වැද වැටෙන යදින්නන් පිරිසක් බවට පත් කරන්නේ යැයි පවසා හිංදු දේව වංදනයට විරුද්ධවිය. මැවුම්වාදය මෙන්ම කුළ වාදයටද දැඩිව විරුද්ධ විය.

මොහුට මානස, හෝලිකා, චුල්‍ය හිරණ්‍යකස්සප, ආදිත්‍ය නමින් සහෝදර සහෝදරියෝ විය. හෝළිකා ඉංදු හෙළයේ පාලිකාව වූඅතර, මානස ටිබෙටයේ රජු විය. දානි සෙනවි දානියක් නමින් යුරෝපයේ රජ විය. මොවුන්ට දඩුමොණර යානා පහසුකම් පැවති නිසා පාලන කටයුතු පහසුවී ඇත. හෝලිකා ඉංදු හෙළයේ හෙළ බලය ඇති ප්‍රෙද්ශවල කුළබේදය හා දේව ඇදහිලි තහනම් කල ඇය අඩු කුළයේ මිනිසුන් අදිනා සුදු ඇදුම් පමනක් ඇදීමට සියල්ලන්ටම නියෝග කර තමන්ද සුදු වස්ත්‍ර පමනක් අගලෑවේය.

මානස විසින් පසුව විලක්වූ ඓතිහාසික මානස වැව තැනීය. එමෙන්ම සිය සොයුරු හිරණයකගේ සහය ඇතිව ටිබෙට හිමාලයේ අඳුරු කදු අතර සමකාලීන විද්වත් එක්රැස්කර ෂම්හාලා නම් අභිරහස් නුවරක් කරවීය. මෙහි අමරණීයව වෙසෙන විද්වතුන් අත තවමත් අතිත හෙළ විද්‍යාවන් සුරැකිව ඇතැයි කියවේ.

නාරද නම් බමුණාගේ කුමණ්ත්‍රණයකට අනුව හිරණ්‍යකගේ දෙටු පුත් ප්‍රර්හාලාද නොහොත් පණ්ඩු නම් කුමරාව යොදාගනී. කලින් කළ සැලසුමකට අනුව දෙවියන් පෙන්වීමට මාළිගාවේ කුළුනක් තුළ සිටින සාහසිකයෙක් විසින් ඝාතනය කරනු ලැබේ.

අනතුරුව දැඩි දේව භක්තික ප්‍රර්හලාද රජවන අතර ඉංදු හෙළයේ ආර්ය ප්‍රෙද්ශ ආක්‍රමනය නොකරන ලෙස දැනුම් දෙයි. එනතුරුව ඇගේ සේනා ශක්තිය ආපසු හෙළදිවට කැදවා අඩු කරයි. යුද්ධයකින් පැරදුණු හෝළිකාව ආර්ය විසින් බමුණන්ගේ උපදෙස් පිට පනපිටින් ගිනිතබා මරා දැමූ ඉව කියවේ. ඇගේ මරණය සැමරීමට හෝලි උත්සවය පවත්වයි.

හිරණ්‍යක රජුට ගරු කිරිමක් ලෙස කාශ්‍යප නමින් මුහුදක්ද (කැස්පියන් මුහුද), කස්සප මිහිර නොහොත් කාශ්මීරය නම්කළ බව කියවේ.

හිරණ්‍යකගෙන් පසුව ප්‍රර්හලාද රජවූ බව කියවේ. නමුත් මොහුගේ බමුණ ගැති පාලනය නොරිස්සූ හෙළයින් කතිකාකර ඔහුව බලයෙන් පහකර හිරණ්‍ය කස්සපයන්ගේ තවත් පුතෙකු වූ අනුරාධ රජකරවයි.

මූලාස්‍රය- හිරණ්‍යක -ජානක තරංග අරියරත්න

හිරණ්‍ යක්ෂ කියනුයේ උපුල්වන් යක්ෂයාටද?

වර්ගපූර්නිකාවේ උප්පලවන්නා දේශය නමින් හදුන්වන්නේ මායා රටය. මේ නිසාවෙන් මේ අතර අන්තර සම්බන්ධයක් පවතින්නේදැයි  සාධරණ සැකයයක් ඇත.

නරසිංහ(නෘසිංහ) අවතාරය[සංස්කරණය]

කාෂ්‍යප නැමැත්තාට අදිති ගෙන් උපන් හිරණ්‍ය කාෂ්‍යප නම් බලවත් අසුර රජෙකු වූ අතර ඔහු උග්‍ර තපසක් රැක, දෙවියන්, මිනිසුන් තිරිසනුන්ට හෝ රෑ,දවල් හෝ ගෙදරදී පිටතදී හෝ අවියකින් හෝ විෂකින් හෝ තමාව නැසිය නොහැකි ලෙසට මහා බ්‍රහ්මයාගෙන් වරයක් ලබාගත්තේය. ඔහුගෙන් ගැලවීමක් ලබා දෙන ලෙස සියලු දේවතාවෝ විෂ්ණු දෙවිඳුන් හමුවට ගොස් ඉල්ලූහ. විෂ්ණු නරසිංහ අවතාරයක් ඔහු නැසූ බව සදහන්ය.

හිරණ්‍යක මන්ත්‍ර

හෙක්සටර් පද්මසිරි මහතා විසින් යාමල ග්‍රන්ථවල පහත මංත්‍රය පවතින බව සදහන් කරයි. හිරණ්‍යකශිප්‍ර නරේන්ද්‍රශ්‍ය.විෂ්ණුනාදේශිතා පුරා.චක්‍රං ගුප්තමිදංවක්ෂ්‍යෙ.යදුක්තං සප්ත යාමලෙ.

"https://si.wikipedia.org/w/index.php?title=හිරණ්‍යක&oldid=419023" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි