Jump to content

රයිගම

විකිපීඩියා වෙතින්

ඉතිහාසය[සංස්කරණය]

රෛයිගම හෙවත් රවිගම යන්න පරිනාමය වී රයිගම නිර්මානය වී ඇතැයි මතයක් ඇත. රාජග්‍රම, රදළග්‍රාම නමින් හදුන්වන්නේද මෙම නුවරය. රයිගම් කෝරළයට පත්තු හයක් අයත්ය. උඩුගහ පත්තුව, කුඹුක පත්තුව, අධිකාරී පත්තුව, තල්පිටි බද්ද පත්තුව, මුංවත්තේ බාගේ පත්තුව හා පානදුර තොටමුණ පත්තුව ලෙසින්ය- මූලාශ්‍රය අසිරිමත් රයිගම - ජානක තරංග ආරියරත්න

රයිගම රාජධානිය රාජධනියක් ලෙසින් ඉස්මතුවන්නේ පළමු පරාක්‍රමබාහු රජ සමයේ ගිරි වංශාභජාත අලකේෂ්වර නම් නිලධාරියෙකු රයිගමට පත්කිරීමත් සමගය. හෙතෙම එවකට පැවති හිරඤ්ඤ මණ්ඩලය හා පානභුන්න දනව්වේ කොටසක් එක්කර රයිගම් කෝරළයද, පසුව රයිගම කේන්ද්‍රකරගත් බල ප්‍රෙද්ශයක්ද ගොඩනන්වයි.

රයිගම රාජධානියේ සීමා කළුතර, ගල්ල, මාතර යන වත්මන් දිස්ත්‍රික්ක දල වශයෙන් අයත් විය.

කෝට්ටේ රාජධානිය සමයේ රයිගම[සංස්කරණය]

රයිගම පාලකයින්[සංස්කරණය]

දසවන අලකේෂ්වර - කැළණි විහාරයේ අනුග්‍රාහකයාය. ඉබංබතුතා මේ සමයේදී පැමිනේ

එකොලොස්වන අලකේෂ්වර- පියාගේ ඇස් අන්ධ කර රජවේ

දොලොස්වන අලකේෂ්වර - ප්‍රභූරාජ මහා අලකේෂ්වර මයුර සංදේශයේ ක්‍රි.ව 1344 දී කෝට්ටේ බලකොටුව සෑදීම පිළිබද වර්ණනාවට ලක්වේ.

දහතුන්වන අලකේෂ්වර- කුමාර අලකේෂ්වර ක්‍රි.ව 1386-1387 ප්‍රභූ රාජ මහා අලකේෂ්වරයන්ගේ පුතුය. වීර අලකේෂ්වර හා යුද්ධයකින් පසුව රෙමුණ පර්වතයෙන් පැන සියදිවි නසාගනී

දාහතරවන අලකේෂ්වර(වීර අලකේෂ්වර) පළමුවර ක්‍රි.ව 1387- 1390- සොළී රා විහාරය ගොඩ නන්වයි. ගම්පල පස්වන භවනකබාහු රජුගේ ආධාර ඇතිව පැමිනෙන වීරබාහුට පැරදී භාරතයට පලා යයි.

පහලොස්වන අලකේෂ්වර (දෙවන වීරබාහු) -ක්‍රි.ව 1390-1392 ගම්පල අගරජුවූ පස්වන බුවනකබාහුගේ මරණය නිසා ගම්පල රජකම භාර ගැනීමට යයි.

දහසයවන අලකේෂවර හා දාහත්වන අලකේෂ්වර( විජය ඈපා සහ තුන්යස)- ක්‍රි.ව 1392-1399 වීරබාහුගේ පුතුන්ය. රයිගම ඔහු වෙනුවෙන් ආණ්ඩු කරයි. මේ සමයේ ඉංදියාවට පලාගිය වීර අලකේෂවර නැවත පැමින තුන්යස මරා නැවත රයිගම රජවේ.

දාහතරවන අලකේෂ්වර (වීර අලකේෂ්වර) දෙවනිවර ක්‍රිව 1399 -1411 හෙතෙම ක්‍රි.ව 1406 දී ගම්පල ජයගෙන දෙවන වීර බාහු හා විජය ඈපා මරාදමා අගනුවර රයිගමට රැගෙන ඒයි. මේ සමයේදී චිංහෝ නම් චීන සෙන්පතියාගේ ආක්‍රමණයක් හේතුකොට සිරකරුවෙක් ලෙස චීනයට රැගෙන යයි.

හයවන පරාක්‍රමබාහු -1411- 1414 වීදාගම මහා මෛත්‍රීය හිමියන්ගේ සහයෙන් බලයට පත්වේ. වසර තුනක් රජකම් කර ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නගරයට අගනුවර මාරුකරයි.

තින්තාඩු මුඩිත්ත පෙරුමාල්- හයවන පරාක්‍රමබාහු රජුගේ ඇමතියෙක් රයිගම රාජධනිය රජු වෙනුවෙන් පාලනය කළේය.(තුඩුගල තෙන්නකෝන් පරපුර)

සිංහල සංගේ- රයිගමින් ඇරඹ සිංහල ජාතිකත්වය ආරක්ෂාකරගනු වස් පැන නැගි අරගලයකි.

පංචායුධ විජයබාහු- නවවන පරාක්‍රමබාහු රජ වෙනුවෙන් රයිගම පෙදෙස් පාලනය කළේය. පසුව හත්වන විජයබාහු නමින් කෝට්ටේ රජ විය.

රයිගම් බණ්ඩාර (පර රාජසිංහ)- 1521-1539 විජයබාහු රජුගේ පුතුන් තිදෙනා කැරලි ගසා පියරජු මරවා රාජ්‍ය කොටස් තුනකට බෙදා පාලනය කළේය. ඉන් රයිගම රාජධානිය හිමිවූයේ රයිගම් බණ්ඩාරයන්ටය.

මායාදුන්නේ හා පළමු රාජසිංහ - රයිගම් බණ්ඩායින්ගෙන් පසු රයිගම සිතාවක රාජධානියේ කොටසක් විය.සීතාවක රාජධානියේ බිදවැටීමෙන් පසු පරංගි රයිගම නිර්දය ලෙස කොල්ලකා විනාස කළේය.

මූලාශ්‍රය අසිරිමත් රයිගම - ජානක තරංග ආරියරත්න

රයිගම් කෝරළයේ පත්තු පහ සහ ඒවායේ පාලනය[සංස්කරණය]

රයිගම යකුන්දූවේ නින්දගම[සංස්කරණය]

රයිගම මහ බණ්ඩාර රජුගේත් ආලවතී පෙරුමාල් බිසෝ බණ්ඩාර දේවීන්ගේත් වැඩුමල් පුතු කුඩා රයිගම් බණ්ඩාර නම් විය. කුඩා කලදීම මාදම්පේ තම්මිට බණ්ඩාර කුමරුගේ දියණියක වූ තම්මිට බිසෝ බණ්ඩාර කුමරිය(ළමා බණ්ඩාර)විවාහ පත් කරගෙන සිටි අතර සීතාවක රජයට යටත් වූ පසුව සීතාවක රාජසිංහ රජුගේ පුත්(රිසිමන් අමරසිංහ මහාචාර්ය තුමාගේ වාර්ථා) ධර්මසූරිය කුමරු විසින් තම්මිට දේවිය පැහැරගෙන ගොස් තම බිසෝ තනතුරේ තබා ගෙන ඇත.සීතාවක පාලනයෙන් අල්ලා ගත් රයිගම පාලනයට රාජසිංහ රජු විසින් ධර්ම බණ්ඩාර කුමරුට ලබා දුන් අතර ධර්ම බණ්ඩාර කුමරුටත් තම්මිට බණ්ඩාර කුමරියටත් රයිගම වාසය කළ හැකි වටවටපිටාවක් නොවීය.එබැවින් කුමරු රයිගම අතහැර ගොහොරු දූපතක ආරක්ශිත බලකොටුවක් තැනූ බව කියැවේ. එය ජනප්‍රවාදයේ සඳහන් වන්නේ යකුන්දූව නමින. යකුන්දූවේ සිටි සමයේ නැවත වරක් උඩරට කැරැල්ලක් සඳහා පිටත් වූ ධර්ම කුමරු පිටත් වූ අතර ඒවනවිට ගැබ්බරව සිටි තම්මිට කුමරිය ආරක්ශාව පතා රැඳී සිටියේ කොත්මලේ ප්‍රදේශයේ යි(තම්මිට ළමා බණ්ඩාර/ළමා බණ්ඩාර/බඩ බණ්ඩාර/ගැබ්ඹර බණ්ඩාර දේව පුරාණය -බෙරමාන කොත්මලේ).කැරැල්ලට සහබාගී වූ ධර්ම කුමරු වීරසුන්දර බණ්ඩාර අතින් පරාජයව ජීවිතක්ෂයට පත්විය. කොත්මලේ අතහැර නැවත රයිගම යකුන්දූවට පැමිණි තම්මිට කුමරිය එහිදී ධර්ම කුමරුගේ පුත් ධර්මසේන කුමරුට උපත දුන් බව කියැවේ.ධර්මසේන කුමරු සත්වස් එළබෙන තෙක් යකුන්දූවේ විසූ ධර්මසේන කුමරු කළුතර කපිතාන් දොන් දොමින්ගූ යටතේ බෞතීස්ම වූ අතර තම්මිට කුමරිය පරංගි යටතේ වස්කඩුව නින්දගම් ලද්දේය.ධර්මසේන කුමරු කුමණ්ත්‍රණ නිසාවේන් තරුණ වියෙහිදී මියපරළව ගිය බව වස්කඩුවේ ධම්මජෝති හිමියන් රචිත මාදම්පා ටිප්පණියේ සඳහන් වේ . ධර්මසේන කුමරු ගේ පුත්‍රයෙකු බව පවසාගත් පරපුරක් ක්‍රි.ව.1650දී පමණ යකුන්දූවේන් නැවත ඉස්මතු වූ අතර ධර්මසේන කුමරු ගේ පුතු හිටිරාළ වූ බවත් හිටිරාළගේ පුතු යකුන්දූවේ හිටිරාළලාගේ දොන් ජොවාන් පෙරේරා නමින් වස්කඩුවේ නැවත පදිංචි වූ බව වර්ශකණ්ඩරාෂ්ට්‍රය කෘතියේ සඳහන් වේ. වස්කඩුවේ විදානේ තනතුරු දැරූ තුඩුගල තෙන්නකෝන් පරපුරට අයත් වූ කාන්තාවක් විවාහ කරගත් දොන් ජොවාන් ගේ පුතු යකුන්දූවේ හිටිරාළලාගේ දොන් ගිමාර පෙරේරා ධර්මසේන නමින් වස්කඩුව පලාතේ මහවිදානේ ලෙසින් පත් විය. එම පරපුර තවමත් පැවතෙන බව කියැවේ.(තුඩුගල බණ්ඩාරවලිය)

තුඩුගල විසිදාගම රජ පෙළපත් සහ රයිගම පාලනය[සංස්කරණය]

කොතලාවල ප්‍රභල පරපුරු[සංස්කරණය]

රයිගම කෝරළයේ වැදගත් නගර(ඌර්)[සංස්කරණය]

රයිගම

බණ්ඩාරගම

කොතලාවල

හිරණ

පානදුරේ

ගොරකාන

නල්ලූරුව

වස්කඩුව

පොතුපිටිය

පනාපිටිය

කලපුගම

කෙසෙල්හේනාව

යකුන්දූව

මොල්ලිගොඩ

වරකාගොඩ

හොරණ

පොකුණුවිට

ගල්වැටිමෝදර

වලල්ලාවිට

පැළෑද

බුලත්සිංහල

කටුකුරුන්ද

කලමුල්ල

බේරුවල

කුල සමාජය[සංස්කරණය]

වත්මන් රයිගම[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රයිගම&oldid=538709" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි