ෆාහියන් හිමි

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ෆාහියන්
Fa Hien at the ruins of Ashoka palace.jpg
Faxian at the ruins of Ashoka's palace
ආගමබුද්ධාගම
Monastic name
පාහියන්
පෞද්ගලික තොරතුරු
උපත337
Pingyang Wuyang (平陽武陽), in modern Linfeng City, Shanxi
මරණයca. 422
ආගමික වෘත්තිය
කෘතිFoguoji (A Record of Buddhistic Kingdoms)
ෆාහියන් හිමි
චීන නාමය
සම්ප්‍රදායික චීන 法顯
සරල චීන අක්ෂර 法显
ජපන් නාමය
කන්ජි 法顕
Kana ほっけん

නිවැරදි නාමය Faxian (337 – c. 422) වන අතර Fa-hien ,Fa-hsien යන නාමයෙන්ද හදුන්වනු ලබන චීන ජාතික බෞද්ධ දේශාටක භික්ෂුවකි. කුං යනු ඔහුගේ ගිහි නාමයයි.පැවිදි වූ පසු ෆාහියන් නම වූ අතර ධර්මයේ බැබලීම යන්න එහි අරුතයි. උපසම්පදාවෙන් පසු විනය පිටකය සොයා වර්ෂ 15 තිස්සේ මධ්‍යම ආසියාවේ තුල රාජධානි 35 ක පමණ සංචාරය කල අතර ඉන්දියාවේදී සහ ලංකාවේදී සුත්‍ර සහ විනය පිටකයට අයත් ග්‍රන්ථ පිටපත් කරගෙන නැවතත් මුහුදු මාර්ග ඔස්සේ චීනයට ගියහ. එතුමන්ගේ චාරිකා සටහන් වාර්තා මගින් එවකට පැවතී මානව වංශ ක්‍රියාකාරකම්, භූගෝලීය සහ ඓතිහාසික ක්‍රියාකාරකම් ගෙනහැර පායි.

  (337 – c. 422) was a Chinese Buddhist monk who travelled by foot from China to India, visiting many sacred Buddhist sites in what are now Xinjiang, Pakistan, India, Nepal, Bangladesh and Sri Lanka between 399-412 to acquire Buddhist texts. His journey is described in his important travelogue, A Record of Buddhist Kingdoms, Being an Account by the Chinese Monk Fa-Xian of his Travels in India and Ceylon in Search of the Buddhist Books of Discipline. Antiquated transliterations of his name include Fa-Hien and Fa-hsien.

ජීවන චරිතය[සංස්කරණය]

පස්වන සියවසේ මුල් භාගයේදී ෆාහියන් ඉන්දියාවේ සංචාරය කළේය. ඔහු චීනයේ සිට අයිස් සහිත කාන්තාරය සහ රළු කඳුකරය හරහා ගමන් කළ බව කියනු ලැබේ. ඔහු වයඹ දෙසින් ඉන්දියාවට ඇතුළු වී පටලිපුත්‍රයට ළඟා විය. ඔහු බුද්ධාගමට පරිශුද්ධ වූ බෞද්ධ ග්‍රන්ථ සහ රූප නැවත රැගෙන ගියේය.

ෆාහියන් ඉන්දියානු සංචාරය සිදු වූයේ දෙවන චන්ද්‍රගුප්ත පාලන සමයේදී ය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ (නූතන නේපාලයේ) උපන් ස්ථානය වන ලුම්බිණි වන්දනා චාරිකාව සඳහා ද ඔහු ප්‍රසිද්ධය. ෆැක්සියන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුල් වැසියන් යක්ෂයන් සහ මකරුන් බවයි.

ෆාහියන් චීනයට ආපසු යන විට, වසර දෙකක ලංකාවේ නැවතී සිටීමෙන් පසු, දරුණු කුණාටුවක් ඔහුගේ නැව දිවයිනකට, (බොහෝ විට ජාවා දූපත විය යුතුය) වෙත ගෙන ගියේය.

එහි මාස පහකට පසු ෆැක්සියන් දකුණු චීනය සඳහා තවත් නැවක් රැගෙන ගියේය. එහෙත්, නැවතත්, එය කුණාටුවකට හසුවී ගසාගෙන ගිය අතර ලාඕ කන්ද අසල තොටුපොලකට ගොඩ බැස්සේය. මෙය උතුරු චීනයේ නූතන ෂැන්ඩොන්ග් පලාතේ කිංඩාඕ නගරයට කිලෝමීටර් 30 ක් (සැතපුම් 19) නැගෙනහිරින් වූ ප්‍රදේශයක් බව සැලකිය හැකිය. ඔහු තම ජීවිතයේ ඉතිරි කාලය ගත කළේ තමා එකතු කරගත් ශුද්ධ ලියවිලි පද පරිවර්තනය කිරීම හා සංස්කරණය කිරීමෙනි.

ෆැක්සියන් සිය සංචාරයන් පිළිබඳ පොතක් ලියා ඇති අතර, එය මුල් බුදු දහම පිළිබඳ විස්තරයන්ගෙන් ද, සේද මාවත්වල රටවල් ගණනාවක භූගෝල විද්‍යාව හා ඉතිහාසය ද ක්‍රි.ව. 5 වන සියවස ආරම්භයේදී පැවති ආකාරය විස්තර කර ඇත.

ෆා හිඑන් හිමිගේ ගේ ලංකා චාරිකා විස්තරය[සංස්කරණය]

පාහියන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි බවට අනුමාන කල හැකි ගමන් මාර්ගය නූතන බටහිර බෙංගාලයේ කල්කටා නුවර අසලින් ගලාබසින හූග්ලි නදිය මුහුදට වැටෙන තැන පිහිටි විශාල වරායක් සහිත වෙළඳ නගරයක සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමළයේ පිහිටි ගෝකණ්න වරායට විය යුතුය. ඓතිහාසික වාර්තා අනුව ඉන්දියාවත්, ලංකාවත් අතර වෙළඳ සබඳතාවල කේන්ද්‍රස්ථානයක් බවට මෙම වරාය පත්ව තිබුණි.

බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් ලෙග් විසින් පරිවර්තනය කරන ලද "A RECORD OF BUDDHISTIC KINGDOMS" පොතෙහි ලංකාව පිලිබඳව විස්තර අඩංගු පරිච්ඡේද 37, පරිච්ඡේද 38 හා පරිච්ඡේද 39 පරිවර්තනයක් පහතින් ඇල අකුරුවලින් සටහන් කොට ඇති අතර උපුටා ගත් පරිවර්තන මූලාශ්‍රය දක්වා ඇත. [1] [2] [3]

37වැනි පරිච්ඡේදය[සංස්කරණය]

CHAPTER XXXVII

TO CHAMPA AND TAMALIPTI. STAY AND LABOURS THERE FOR THREE YEARS. TAKES SHIP TO SINGHALA, OR CEYLON

චම්පා රාජධානියේ (නූතන චම්පානගර් විය යුතුය)බෞද්ධ සිද්ධස්ථානවල චාරිකා කල මා ඉන් පසු විශාල වරායක් සහිත තමලිප්ටි නගරයට ලඟාවුනේය. මෙහි විශාල ආරණ්‍ය සේනාසන 22ක් ඇති අතර විශාල භික්ෂු පිරිසක් ඒවායේ මහණදම් පුරයි. මෙහි වසර 3ක් නැවතී, ඉන්දියානු සංචාරයේදී ලබාගත් පුස්ථක චීනබසට හැරවීමේ කාර්යයේ නිරතවුනේය.

(තමලිප්ටි නගරය යනු නූතන බටහිර බෙංගාලයේ කල්කටා නුවර අසලින් ගලාබසින හූග්ලි නදිය මුහුදට වැටෙන තැන පිහිටි විශාල වරායක් සහිත වෙළඳ නගරයක් විය යුතුය. ඓතිහාසික වාර්තා අනුව ඉන්දියාවත්, ලංකාවත් අතර වෙළඳ සබඳතාවල කේන්ද්‍රස්ථානයක් බවට මෙම වරාය පත්ව තිබුණි)

වසර තුනක් තමලිප්ටි නගරයේ ගතකල ෆා සි යෙන් ශීත සෘතුව ආරම්භයේ විශාල වෙළඳ නෞකාවක නැගී සිංහල දේශය බලා යාත්‍රා කලේය. තමලිප්ටියේ සිට යොදුන් 700ක් ඈතින් පිහිටි සිංහල දේශයට ලඟාවීමට දින 14ක් ගතවිය. විශාල දූපතක් වූ මෙය නැගෙනහිර සිට බටහිරට යොදුන් පනහකුත්, උතුරේ සිට දකුණට යොදුන් තිහකුත් විශාලත්වයෙන් යුතුය.

මෙම දිවයින වටා කුඩා දූපත් ගණනාවක් ඇති අතර අනර්ඝ මුතු මේවායින් ලැබේ. රටෙහි රජු මේ මුතු ගොඩගැනීම රාජ පාලනයට යටත්කරගෙන ඇති අතර ලැබෙන මුතුකැට දහයකින් තුනක් බදු ලෙස රජුට ගෙවිය යුතුය.

(යොදුනක් යනු කිලෝමීටර් 14ක දුරක් බව විකිපීඩියාවේ දැක්වේ. ඒ අනුව ෆා සී යෙන්ගේ යාත්‍රාව ගමන්කොට ඇති දුර කිලෝමීටර් 8000ක් පමණ වේ. එහෙත් බටහිර බෙංගාලයේ හුග්ලි නදියේ මෝයකටෙහි සිට ත්‍රිකුණාමල වරායට ඇති දුර කිලෝමීටර් 1800 ගණකි - සිතියම බලන්න. ඒ අනුව එක්කෝ ෆා සී යෙන් ගේ භාවිතයට අනුව Yu-Yen යන්න යොදුන ලෙස ගැනීම පරිවර්තන දෝශයකි.

මෙහි ෆා සී යෙන් සිය විස්තරයේ "රජු" ලෙස හඳුන්වන්නේ ක්‍රි.ව 410-432 අතර අනුරාධපුරයේ රජකල මහානාම රජු විය යුතුය. ඔහුගේ පාලන කාලය ඉතා සාමකාමි, සමෘධිමත් කාලයක් විය. නැතහොත් ෆා සී යෙන්ට ලැබුණු තොරතුරු වැරදි විය යුතුය. එසේම ෆා සී යෙන් ලංකාවේ දිග පලලද පටලවා සටහන් කොට ඇතිවා පමණක් නොව එයද සැබෑවට වඩා විශාල ලෙස සටහන් කොට තිබේ. කෙසේ වෙතත් මේ සටහන් තබන විට ෆා සී යෙන් භික්ෂුව වයස 75ත් ඉක්මවා සිටි අතර මෙය ලියන ලද්දේ මීට වසර 1600කට පමණ පෙර බවද අප අවබෝධකරගත යුතුය.

තමන්ට වෙළඳුන්ගෙන් අසන්නට ලැබූ විස්තර ඔහු සටහන් කරන්නට ඇති අතර ඒවායේ නිරවද්‍යභාවය ගැන එතරම් උනන්දු නොවන්නට ඇත්තේ ඔහුගේ ගමනේ අරමුණ බුද්ධ ධර්මය අඩංගු ග්‍රන්ථ චීනයට ගෙන යාම මිස දේශගවේෂණය නොවූ නිසා වන්නට ඇත.)

38වැනි පරිච්ඡේදය[සංස්කරණය]

CHAPTER XXXVIII

AT CEYLON. RISE OF THE KINGDOM. FEATS OF BUDDHA. TOPES AND MONASTERIES. STATUE OF BUDDHA IN JADE. BO TREE. FESTIVAL OF BUDDHA'S TOOTH.

ඈත අතීතයේදී මෙම දිවයිනේ මිනිසුන් නොසිටි අතර නාගයින් හා භූතාත්ම පමණක් වාසය කොට ඇත. මොවුන් සමග වෙළඳුන් වෙළඳාම් කල අතර මෙම වෙළඳාම් සිදුවුනේ නාගයින් හෝ භූතාත්ම වෙළඳුන් හා හමුවීමෙන් නොවේ. නාගයින් හා භූතාත්ම තමන්ට විකිණීමට ඇති දෑ හා ඒවායේ මිළගණන්ද දක්වා සැඟව සිටින අතර එම මිළ තබා වෙළඳුන් බඩු රැගෙන ගියහ. කෙසේ වෙතත් කලක් යන විට මේ රටෙහි ඉතා හිතකර දේශගුණය හා සෞම්‍ය පරිසරය නිසා බොහෝ වෙළඳුන් මෙහි පැමිණ පැළපදියම් වූහ.

මෙලෙස අතිවිශාල වෙළඳ ප්‍රජාවක් පදිංචිවූ මේ දූපත සෞභාග්‍යමත් රාජ්‍යයක් බවට පත්වී ඇත. දේශගුණය ඉතා හිතකර අතර ශීත හා ග්‍රීෂ්ම සෘතු අතර වැඩි වෙනසක් නැත. වසරේ සෑම කාළයකම ඉතා හොඳින් ගහකොල වැඩේ. එනිසාම නිශ්චිත වගා කාලයක් නැති අතර රටවැසියන් කැමති කැමති කාලයට ගොවිතැන් කරති.

නාගයින් දමනය කිරීම සඳහා ගෞතම බුදුන් මෙරටට පැමිණ ඇති අතර, උන් වහන්සේ නාගයින්ට තම බළපරාක්‍රමය පෙන්වීම සඳහා එක් පයක් නාගයින්ගේ අගනගරයේද අනෙක් පය සමනොල කන්ද මුදුනේද තබා පෙලහරක් පෑහ. ඉන් නාගයින් බුදුන්ගේ අසමසම බලය අවබෝධකර ගත්හ. නාගයින්ගේ නගරයේ බුදු පාසටහන පිහිටි තැන රියන් 400ක් උස ස්ථූපයක් ගොඩ නගන ලදී (HERBEET A. GILES සිදුකල පරිවර්තනයේ මේ ස්ථූපය අඩි 400ක් උස බව දක්වා ඇත).

මෙම ස්ථූපය "Wu wei shan - no fear hill  - බිය නොමැති කන්ද" ලෙස ෆා සී යෙන් හඳුන්වයි. මෙම සුවිසල් ස්ථූපය අභයගිරි චෛත්‍යය විය යුත්තේ එම ස්ථූපය අසල අභයගිරි නම් සුවිසල් ආරණ්‍යයක් ඇති බවද ඔහු සඳහන් කොට ඇති නිසා මෙන්ම බිය නොමැති කන්ද, යනු අභයගිරි (මරණ බිය නොමැති කන්ද) ලෙස පහසුවෙන් අර්ථදක්වා ගත හැකි නිසාය.

අභයගිරි ආරණ්‍යයේ භික්ෂුන්වහන්සේ 5000ක් වැඩ විසූ බව ෆා සී යෙන් ලියා තබා ඇත. අභයගිරි විහාරයේ පිලිම ගෙය තුල කොළපැහැ පළිඟුවලින් (සර්පන්ටයින් නම් තද කොළපැහැ පාෂාණය)  නිමැවූ විශාල බුදුපිලිමයක් විය. අඩි විස්සක් පමණ උසවූ මෙම පිළිමයේ සුරත මත මිළකළ නොහැකි තරම් වටිනා විශාල මුතුකැටයක් තබා ඇත.

මෙම පිලිමගෙය තුලදී වරක් සේද වටාපතක් පළිඟු බුදුපිලිමයට පිලිගන්නවන චීන ජාතික වෙළෙන්දෙක් ෆා සී යෙන්ට හමුවිය. තම රට වැසියෙකු මෙම දුරු රටෙහි දැකීමෙන් තම සිත තුල දැඩි ප්‍රීතියක් ඇතිවූ බව ෆා සී යෙන් සටහන් කොට ඇතත් චීන වෙළෙන්දා පිලිබඳව විස්තරයක් නොමැත.

(කෙසේ වෙතත් ෆා සී යෙන් චීන වෙළෙන්දෙකු හමුවූ බවට පැවසීම සත්‍යයක් බව, අනුරාධපුරයෙන් චීන කාසි හමුවීමෙන් තහවුරු වේ., චීන වෙළඳුන් එකල ලංකාව වෙත විශාල ලෙස වෙලඳාම සඳහා පැමිණි බව මෙම චීන කාසි තහවුරු කරයි.)

ලංකාවේ රජු මධ්‍යම ඉන්දියාවෙන් ගෙන්වන ලද පූජනීය බෝ පැළයක් නගර මධ්‍යයේ සිටුවා ඇති අතර එය දැන් ඉතා විශාල ලෙස වැඩී ඇත. මෙම බෝ ගසේ සෙවන යට විහාර මන්දිරයක්ද ඇති අතර එය තුල ගෞතම බුදුන්ගේ හිඳි පිලිමයක් ඇත. බෞද්ධ භික්ෂූන් හා සාමාන්‍ය ජනතාව වැළ නොකැඩී මෙම බෝධි වෘක්ෂය වැඳපුදා ගැනීමට පැමිණෙති.

එමෙන්ම නගරයේ බුදුන්ගේ දන්ත ධාතුව තැම්පත් කල විහාරයක්ද ඇත. රජු සිල්වත් ජීවිතයක් ගත කරන අතර රටවාසීන්ද ඉතා භක්තිමත් පිරිසකි. මෙම රාජ්‍යය පිහිටවූ දා සිටම කිසිදු අහේනියක්, දුර්භික්ෂයක් හෝ කැරළි කෝළාහාලයක් හටගෙන නොමැති අතර රටවැසියන් සුඛිත-මුදිත ජීවිත ගත කරති.

නගරයේ වෙහෙර විහාරවල භාණ්ඩාගාරවල පරිත්‍යාග ලෙස ලැබුණු රන් රිදී මුතු මැණික් වලින් පිරී ඇති බව පැවසේ.

එක් රජෙකු (රජු කවුදැයි සඳහන් කොට නොමැත ) දිනක් මෙවැනි සඟ-සතු භාණ්ඩාගාරයකට ඇතුලුවූ අතර එහි හාත්පස දිස්වූ මහානර්ඝ වස්තුව දැක දැඩිලෙස ලෝභ සිත් ඔහුට පහලවූ බව පැවසේ. කෙසේ හෝ මෙම වස්තුව තමන් සතුකරගත යුතු බවට රජුට සිතුන මුත්, දින තුනකට පසු තමන් කරගන්නට හැදූ අකුසලය පිලිබඳව බලවත් ලෙස කම්පාවී තමන්ගේ අකුසල සිතුවිල්ල පිලිබඳව භික්ෂූන් වහන්සේට පවසා උන්වහන්සේලාගේ දෙපා මත හිස තබා සමාව ගත් බව පැවසෙනවා.

සංඝ භාණ්ඩාගාරවල ඇති මහානර්ඝ වස්තූන් දැකීමෙන් ඕනෑම අයෙකුට දැඩි ලෝභ සිතුවිලි පහලවන බව අවබෝධ කරගත් රජු, භික්ෂූන් වහන්සේ හමුවී සංඝාඥාවක් පමුණුව වන ලෙස ඉල්ලා සිටියා. එම සංඝාඥාව අනුව කිසිදු රජෙකුට සඟසතු භාණ්ඩාගාර වලට ඇතුලුවීම තහනම් කලයුතු අතර භික්ෂුවක් වුවද උපසම්පදාවෙන් සතලිස් වසරක් යනතුරු සංඝ භාණ්ඩාගාරවලට ඇතුලුවීම තහනම් කලයුතු වනවා.

ඉහල නිළතල දරන්නන්, ධනවත් වෙළෙන්දන් මෙන්ම අරාබි/පර්සියානු සම්භවයක් ඇති ධනවත් වෙළෙන්දන්ද නගරයේ වාසය කරති. ඔවුන්ගේ නිවාස ඉතා අලංකාරය. නගරයේ ප්‍රධාන වීථි හා අතුරු මාර්ග ඉතා හොඳින් සකසා නඩත්තු කොට තිබේ.

නගරයේ ප්‍රධාන වීථි සතරෙහිම ධර්මශාලා පිහිටුවා ඇති අතර සෑම මසකම 8වැනි, 14වැනි හා 15වැනි දිනවල මෙම ධර්මශාලාවල ධර්මාසන පිහිටුවා දහම් දෙසන අතර එම දහම් ඇසීම සඳහා ගිහිපැවැදි විශාල පිරිස් පැමිණේ.

සිංහල රාජ්‍යය පුරාම 60,000ක පමණ භික්ෂු පිරිසක් වාසය කරන බව පැවසෙනවා. මෙම භික්ෂූන් සඳහා රාජ්‍ය භාණ්ඩාගාරවලින් දන් භාණ්ඩ පිරිනැමෙන අතර රජු විසින් නගරයේ තැන් තැන් වල තවත් භික්ෂූන් 5000කට දිනපතා දන් පිලියෙල කරන දානශාලා ඇතිකොට තිබෙනවා.

සෑම වසරකම තුන්වැනි මාසයේ දන්ත ධාතුව ප්‍රදර්ශණය කරන අතර ඊට දින දහයකට පෙර අලංකාර ඇතෙකු පිට නැගි අණබෙරකරුවෙකු බෝධිසත්වයානන් වහන්සේ බුදුවීම සඳහා සිදුකරන ලද ඇස් ඉස් මස් දන්දීම පිලිබඳව අණබෙර ගසමින් නගරවාසීන්ට ඇසෙන්නට කියවනු ලැබේ. ඉන් පසු බුද්ධ දේශනාව හා බුද්ධ පරිනිර්වාණය පිලිබඳවද විස්තරයක් කියවනු ලබන අතර දින 10කින් බුදුන්ගේ පූජනීයවූ දන්තධාතුව අභයගිරියේදී ප්‍රදර්ශණය කරනබවත්, පින් කැමති අය මේ සඳහා වීථි මංමාවත් පිරිසිදුකොට අලංකාර සැරසිලි වලින් සරසා දළදා වඳින්නට යන පිරිස් සඳහා මල් හා සුවඳ කුඩු සැපැයීමට ස්ථාන සකස් කරන ලෙස නගරවාසීන්ට දැනුම් දෙනු ලැබේ.

මෙසේ දින 10ක් නගරය පුරා ඇතුපිට අණබෙර යැවීමෙන් පසුව රජු විසින් දළදා මාලිගාවේ (අනුරාධපුර රාජධානියේ දළදා මාළිගාව ) සිට අභයගිරියට යන මාර්ගය දෙපස බුදුන්වහන්සේ පෙරුම් පිරූ කාලයේ ඉපදුනු විවිධ ආත්මභවයන් පිලිඹිඹු කෙරෙන අලංකාර පිලිරූ 500ක් කරවා ප්‍රදර්ශණය කරන අතර මෙම පිලිරූ අතරින් දළදාව අභයගියට රැගෙන යයි.

දින 19ක් පුරාවටම දිවා රාත්‍රී නොකඩවා ගිහි පැවිදි දෙපිරිසම මල්, පහන් සුවඳදුම් පූජා කරමින් දළදා වඳින අතර  දින දහනවයකට පසු නැවතත් දළදාව, දළදා මාළිගාවට වඩම්මනු ලැබේ.

අභයගිරි විහාරයට නැගෙනහිරින් කඳුගැටයක් ඇති අතර මෙහි චෛත්‍යයක් ඇත. භික්ෂූන් වහන්සේ 2000ක් පමණ මෙම භූමියේ වාසය කරන බව පැවසෙනවා. මෙම ආරණයේ ධර්මගුප්ත නම් සුප්‍රකට තෙරනමක් සතලිස් වසරක් පුරා භාවනායෝගීව වාසය කරනවා. ධර්මධර සිල්වත් උතුමෙකුවූ ධර්මගුප්ත රටවැසියන් දැඩි භක්තියක් දක්වනවා. (ෆා සී යෙන් සඳහන් කරන චෛත්‍යය ඇති කඳුගැටය මිහින්තලාව බව බොහෝ විද්වතුන් පිලිගන්නවා)

39වැනි පරිච්ඡේදය[සංස්කරණය]

CHAPTER XXXIX

CREMATION OF AN ARHAT. SERMON OF A DEVOTEE.

නගරයේ දකුණට වන්නට මො-හො-පි-හො-ලෝ නම් විශාල විහාරයක් ඇත. (අනුරාධපුර මහා විහාරය). මෙහි භික්ෂූන් 3000ක් පමණ වැඩ වාසය කලහ. මින් එක් භික්ෂූන් වහන්සේනමක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව, සියලුම විනයකර්ම අකුරට පිලිපදිමින් ඉමහත් පූජනීය පැවිදි දිවියක් ගතකලේය. එම තෙරණුවන්ගේ පූජනීය ගතිපැවතුම් නිසාම ඔහු රහතන්වහන්සේ නමක් බව නගරවාසීන් මෙන්ම රටවැසියන්ද විශ්වාස කලේය.

මෙම තෙරණුවන් වයෝවෘද්ධව මරණාසන්නව සිටින මොහොතේ උන්වහන්සේගේ අවසාන කටයුතු සැළසුම් කිරීම සඳහා රජු භික්ෂුන්වහන්සේලා හමුවට ගියේය. මෙහිදී රජු මේ තෙරණම රහතන්වහන්සේ නමක්දැයි භික්ෂූන්ගෙන් විචාල අතර එසේයයි පිලිතුරු ලැබුණි. ඒ අනුව රහතන්වහන්සේ නමකගේ පිරිණිවන් චාරිත්‍ර සිදුකලයුතු ආකාරය මහාවිහාර භික්ෂූන්වහන්සේගෙන් විචාල රජු නියමාකාරයෙන් අවසන් කටයුතු සංවිධානය කලේය.

මහාවිහාර භූමියේ තෝරාගත් ස්ථානයක සඳුන් ආදී සුවඳ දරයෙදූ දරසෑයක් පිලියෙලවූ අතර රහතන්වහන්සේගේ දේහය සුදෝසුදු රෙදිවලින් හොඳින් ඔතන ලදී. ඉන්පසු එය දෝලාවක තැන්පත්කොට චිතකය වෙත ගෙනියන ලදී. ආදාහන පූජෝත්සවය සඳහා රජු හා සියලු කුළවල රටවැසිය එක්වූ අතර මල් හා සුවඳ දුම් පුදමින් සිදුකරන ලද පූජාවලින් අනතුරුව සුවඳ තෙල් වත්කොට ගිණිදල්වන ලදී. චිතකය දැල්වෙද්දී බොහෝ ශ්‍රද්ධාවත් ජනය සිය උඩුකය වස්ත්‍රය ගලවා චිතකය වෙත චාරීත්‍රානුකූලව විසිකරන ලදී. අවසානයේ නොපිලිසුනු අස්ථි කොටස් එකතුකොට දාගැබක් තනවා නිධන්කරන ලදී.

(ෆා සී යෙන් සඳහන් කරන ආකාරයට ඔහු අනුරාධපුරයට ලඟාවන විට මෙම රහතන් වහන්සේ පිරිනිවන් පා තිබූ අතර එම උතුමාගේ අවසන් කටයුතුවලට සහභාගී  වන්නට හැකිවිය )

ධර්මානුකූලව දිවිගෙවූ රජු (මහානාම ) බොහෝ වෙහෙරවිහාර කරවූ අතර විහාරකර්මාණ්තයක් කරන්නට පලමු මහා සංඝයා රැස්කරවා දන් පිලිගන්වා ඉන් අණතුරුව රනින් සරසන ලද ගවයින් දෙදෙනෙකු ඇදි රන් නගුලක් මගින් භූමියේ සළකුණු ඇඳ විහාරකර්මාණ්තයේ සීමා සළකුණු කරන ලදී. මේ කටයුත්ත රජු විසින්ම සිදුකරන ලද අතර ඉන්පසු විහාරයේ පැවැත්ම හඳහා බදු හා රාජකාරි සඳහා ගම්වර ප්‍රකාශයට පත්කොට ඒ ගම්වර ප්‍රධානය පිලිබඳ රාජකීය විධානය ලෝහ පත් ඉරිවල ලියවා පරම්පරාවෙන් පරම්පරාවට මෙම බදු හා රාජකාරි සිදුවන ආකාරයට රාජ අණක් ලෙස ප්‍රකාශයට පත් කරනවා.

පරිශීලනය කල මූලාශ්‍ර[සංස්කරණය]

  1. ෆා හිඑන් හිමිගේ ගේ ලංකා චාරිකා විස්තරය|Fa Hsien's travel notes of Sri Lanka, (ජේම්ස් ලෙග් ඉංග්‍රීසි පරිවර්තනයේ සිංහල පරිවර්තනය) විද්‍යා ගවේෂණ, ටෙරන්ස් කහපොල ආරච්චි [1]
  2. Being an Account by the Chinese Monk Fa-Hsien  of his Travels in India and Ceylon (A.D. 399-414) in Search of the Buddhist Books of Discipline Translated and annotated with a Corean recension of the Chinese text BY JAMES LEGGE
  3. Record of the Buddhistic kingdoms: tr. from the Chinese by Faxian, ca. 337-ca. 422 Translated by Herbert A Guiles

ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ෆාහියන්_හිමි&oldid=457531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි