Jump to content

නොබැඳි ජාතීන්ගේ සංවිධානය

විකිපීඩියා වෙතින්
නොබැඳි ජාතීන්ගේ සංවිධානය
Non-Aligned Movement
Map of the world indicating members and observers of the Non-Aligned Movement
  සාමාජික රටවල්
  නිරික්ෂණ රටවල්
මූලස්ථානයජකර්තා, ඉන්දුනීසියාව
සාමාජිකත්වය[1]
  • සාමාජිකයින් 120
  • නිරික්ෂකයින් 17
නායකයෝ
• මූලික තීරණයන්ට-
එළැඹීමේ අවස්ථාව
නොබැඳි රටවල රාජ්‍ය ප්‍රධානී සමුළුවලදී[2]
පිහිටුවීම1961 වසරේ පැවැති බෙල්ග්‍රේඩ් සමුළුවේදී
වෙබ් අඩවිය
csstc.org

නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) යනු ලොව බල කඳවුරු සමග රූපාත්මකව තදින් බැඳීම හෝ එරෙහි වීම හෝ නොවීම හා තම රටේ සුබ සිද්ධියට අදාලව නිදහස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වෙනුවෙන් පිහිටුවා ගත්, ස්වාධීන රාජ්‍යයන් සමූහයක එකමුතුවකි. 2012 වසර වන විට සංවිධානය සතුව සාමාජික රාජ්‍යයන් 120 දෙනෙකු සහ නිරික්ෂක රාජ්‍යයන් 17 ක් විය.[1]

නොබැඳි ජාතීන්ගේ සංවිධානය 1961 වසරේ බෙල්ග්‍රේඩ් හීදී නිල වශයෙන් පිහිටුවා ගන්නා ලදී. සංවිධානය පිහිටුවීම සඳහා ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය, ජවහර්ලාල් නේරු; ඉන්දුනීසියාවේ ප්‍රථම ජනපති, සුකර්ණෝ; ඊජිප්තුවේ දෙවන ජනපති, Gamal Abdel Nasser; ඝානාවේ ප්‍රථම ජනපති ක්වාමේ න්කෘමාහ්; සහ යුගෝස්ලෝවියාවේ ජනපති, Josip Broz Tito යන නායකයින් මගපෙන්වූ බව සඳහන් වෙයි. දෙවන ලෝක යුද්ධය අවසන්ව සීතල යුද්ධය ඇරඹීමත් සමග සෝවියට් දේශය සහ ඇමරිකාව ලෝකයේ බල කඳවුරු දෙකක් වශයෙන් නැගී සිටීමත්, ඔවුන් විසින් ලොව අනෙකුත් නව නිදහස් ජාතීන් සිය කඳවුරු වෙත හරවා ගැනීමට උත්සාහ දැරීම නිසාත්, ඉන් එකදු බල කඳවුරකටවත් ගැති නොවී තම රටේ සුබ සිද්ධියට අදාලව ස්වාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තුන්වන ලෝකයේ ජාතීන්ට උවමනා වූ අතර, ඒ වෙනුවෙන් සකසා ගත් ස්වාධීන ප්‍රතිපත්ති අනුගමනය කිරීම, නොබැඳි පිළිවෙත නම් වේ.

වර්ථමානයේ ලෝකයේ රාජ්‍යයන් 120 ක් සාමාජිකත්වය හිමිකරගෙන ඇති නොබැඳි ජාතීන්ගේ සංවිධානයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයන්ගෙන් තුනෙන් දෙකක් අයත්වන අතර, එය ලෝක ජනගහණයෙන් 55% ක් පමණ නියෝජනය කරයි. සංවිධානයේ සාමාජිකත්වය ලබාදීමේදී අදාල රාජ්‍යය සංවර්ධනය වෙමින් පවතින හෝ තුන්වන ලෝකයට අයත් කොටසක්ද යන්න මූලික වශයෙන් සලකා බලනු ලැබේ.[3]

පංච ප්‍රතිපත්තිය

[සංස්කරණය]

1954 දී ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විසින් චීන-ඉන්දු සබඳතාවන් පවත්වා ගැනීමේදී අනුගමනය කල යුතු ප්‍රතිපත්ති 5ක් පිළිබඳව සිය කථාවකදී විස්තර කල අතර එය පංචශීලය (Panchsheel) ලෙස හැඳින්විණි. මෙම ප්‍රතිපත්තීන් පසුව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේද මූලික හරයන් ලෙස පිළිගැණිනි. එම පංචශීලයන් වන්නේ:

  • එකිනෙකාගේ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීභාවයට ගරුකිරීම.
  • අන්‍යෝන්‍ය ආක්‍රමණයන්ගෙන් වැළකීම.
  • අන්‍යෝන්‍ය අභ්‍යන්තරික කරුණු වලට අත නොගැසීම.
  • සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය සුභසිද්ධිය පවත්වා ගැනීම.
  • සාමකාමී සහජීවනය පවත්වා ගැනීම.

සාමාජිකත්වය

[සංස්කරණය]

නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය සඳහා වන අවශ්‍යතාවයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික අවශ්‍යතාවයන් සමග බොහෝ දුරට සමාන වෙයි. වර්ථමාන සාමාජිකත්වය බලාපොරොත්තු වන රාජ්‍යයන්, 1955 සිට පිළිගැනෙන බැංඩුං මූලධර්ම ("Bandung principles") දහයට අනුකූල ප්‍රතිපත්තියක් පවත්වාගෙන පැවතිය යුතුය:[4]

දස ප්‍රතිපත්තිය

[සංස්කරණය]
  • එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයෙහි සඳහන් මානව හිමිකම් සම්බන්ධ මූලික අරමුණු සහ ප්‍රතිපත්ති වලට ගරුකිරීම.
  • සියළුම ජාතීන්ගේ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීභාවයට ගරුකිරීම.
  • ජාතික ස්වාධීනත්වය වෙනුවෙන් වූ ව්‍යාපාරයන්ට පිළිගැනීම ලබා දීම.
  • ලොකු කුඩා සියළු ජාතීන් හා පුද්ගලයන් අතර සමානාත්මතාවය පිළිගැනීම.
  • වෙනත් රාජ්‍යයක අභ්‍යන්තර කරුණු කෙරෙහි ඇඟිලි ගැසීමෙන් හෝ මැදිහත්වීමෙන් හෝ වැළකීම.
  • එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයට අනුකූලව, තනිවම හෝ සාමූහිකව යම් රාජ්‍යයකට තම ජාතිය රැකගැනීමේ ඇති අයිතියට ගරුකිරීම.
  • ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලනික ස්වාධීනත්වයට එරෙහිව, අනිසි බලය භාවිතය/ ආක්‍රමණයන් සිදුකිරීම හෝ එවැනි තර්ජන එල්ල කිරීමෙන් වැළකීම.
  • එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයට අනුකූලව, ජාත්‍යන්තර වශයෙන් ඇතිවන මතභේද හා ගැටීම් සාමාකාමී ලෙස නිරාකරණය කිරීම.
  • අන්‍යෝන්‍ය අභිරුචියන් සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම.
  • සාධාරණත්වය සහ ජාත්‍යන්තර වගකීම්වලට ගරු කිරීම.

නොබැඳි ජාතීන්ගේ සමුළුවාරයන්

[සංස්කරණය]

සාමාජික රටවල් වල රාජ්‍ය ප්‍රධානීන් සහභාගීවන නොබැඳි ජාතීන්ගේ සමුළුව, මෙම සංවිධානයේ ප්‍රධානතම හමුව වන අතර එය සෑම වර්ෂ කිහිපයකට වරක් සංවිධානයේ සාමාජික රටක් තුලදී පවත්වයි:[5]

දිනයසත්කාරක රාජ්‍යයසත්කාරක නගරය
11961 සැප්තැම්බර් 1–6 යුගෝස්ලාවියාවබෙල්ග්‍රේඩ්
21964 ඔක්තෝම්බර් 5–10 එක්සත් අරාබි ජනරජය කයිරෝ
31970 සැප්තැම්බර් 8–10 සැමිබියාවලුසාකා
41973 සැප්තැම්බර් 5–9 ඇල්ජීරියාවAlgiers
51976 අගෝස්තු 16–19 ශ්‍රී ලංකාවකොළඹ
61979 සැප්තැම්බර් 3–9 කියුබාවහවානා
71983 මාර්තු 7–12 ඉන්දියාවනව දිල්ලිය
81986 සැප්තැම්බර් 1–6 සිම්බාබ්වේහරාරේ
91989 සැප්තැම්බර් 4–7 යුගෝස්ලාවියාවබෙල්ග්‍රේඩ්
101992 සැප්තැම්බර් 1–6 ඉන්දුනීසියාවජකර්තා
111995 ඔක්තෝම්බර් 18–20 කොලොම්බියාවCartagena de Indias
121998 සැප්තැම්බර් 2–3 දකුණු අප්‍රිකාවඩර්බන්
132003 පෙබරවාරි 20–25 මලයාසියාවක්වාලාලම්පූර්
142006 සැප්තැම්බර් 15–16 කියුබාවහවානා
152009 ජුලි 11–16 ඊජිප්තුවSharm El Sheikh
162012 අගෝස්තු 26–31 ඉරානයටෙහෙරාන්
172015 වෙනිසියුලාවකැරකස්

නොබැඳි ජාතීන්ගේ සංවිධානයට 50 වසරක් සම්පූර්ණ වීමේ සංවත්සරය, 2011 සැප්තැම්බර් 5-6 කාලය තුල බෙල්ග්‍රේඩ්හීදී සමරනු ලැබිණි.[6][7]

සභාපතිවරුන්

[සංස්කරණය]
නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සභාපතිවරුන්
නම රාජ්‍යය පක්ෂය සිට දක්වා
Josip Broz Tito  යුගෝස්ලාවියාව යුගෝස්ලාවියා කොමියුනිස්ට් ලීගය 1961 1964
Gamal Abdel Nasser  එක්සත් අරාබි ජනරජය අරාබි සමාජවාදී සංගමය 1964 1970
Kenneth Kaunda  සැමිබියාව එක්සත් ජාතික නිදහස් පක්ෂය 1970 1973
Houari Boumediène  ඇල්ජීරියාව විප්ලවවාදී කවුන්සිලය 1973 1976
විලියම් ගොපල්ලව  ශ්‍රී ලංකාව ස්වාධීන 1976 1978
ජේ. ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය 1978 1979
ෆිදෙල් කැස්ත්‍රො  කියුබාව කියුබා කමියුනිස්ට් පක්ෂය 1979 1983
Neelam Sanjiva Reddy  ඉන්දියාව ජනතා පක්ෂය 1983
Zail Singh ඉන්දියානු ජාතික කොංග්‍රසය 1983 1986
රොබට් මුගාබේ  සිම්බාබ්වේ සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමය 1986 1989
Janez Drnovšek  යුගෝස්ලාවියාව යුගෝස්ලාවියා කොමියුනිස්ට් ලීගය 1989 1990
Borisav Jović සර්බියානු සමාජවාදී පක්ෂය 1990 1991
Stjepan Mesić ක්‍රෝඒෂියානු ප්‍රජාතන්ත්‍රවාදී සංගමය 1991
Branko Kostić මොන්ටිනීග්‍රෝ සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික පක්ෂය 1991 1992
Dobrica Ćosić  යුගෝස්ලාවියාව ස්වාධීන 1992
Suharto  ඉන්දුනීසියාව Partai Golongan Karya 1992 1995
Ernesto Samper  කොලොම්බියාව කොලොම්බියානු ලිබරල් පක්ෂය 1995 1998
Andrés Pastrana Arango කොලොම්බියානු කන්සර්වේටිව් පක්ෂය 1998
නෙල්සන් මැන්ඩෙලා  දකුණු අප්‍රිකාව අප්‍රිකානු ජාතික කොංග්‍රසය 1998 1999
Thabo Mbeki 1999 2003
Mahathir Mohamad  මලයාසියාව එක්සත් මැලේ ජාතික සංවිධානය 2003
Abdullah Ahmad Badawi 2003 2006
ෆිදෙල් කැස්ත්‍රෝ[8]  කියුබාව කියුබා කමියුනිස්ට් පක්ෂය 2006 2008
Raúl Castro 2008 2009
හොස්නි මුබාරක්  ඊජිප්තුව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2009 2011
Mohamed Hussein Tantawi ස්වාධීන 2011 2012
මොහමඩ් මොර්සි නිදහස් සහ සාධාරණ පක්ෂය 2012
මහමුද් අහමදිනෙජාද්  ඉරානය Alliance of Builders of Islamic Iran 2012 2013
Hassan Rouhani Moderation and Development Party 2013 2015

සාමාජික සහ නිරික්ෂණ රාජ්‍යයන්

[සංස්කරණය]

වත්මන් සාමාජික රාජ්‍යයන්

[සංස්කරණය]

පහත දක්වා තිබෙන්නේ මහද්වීප අනූව බෙදන ලද, නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටවල් වේ:[1][9]

අමෙරිකාව

[සංස්කරණය]
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
 ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා2006 බහාමාස්1983 බාබඩෝස්1983 බෙලීස්1976
 බොලිවියාව1979 චිලි1973 කොලොම්බියාව1983 කියුබාව1961
 ඩොමිනිකා2006 ඩොමිනිකන් ජනරජය2000 ඉක්වදෝරය1983 ග්‍රෙනේඩා1979
 ගෞතමාලාව1993 ගයනා1970 හයිටි2006 හොන්ඩියුරාස්1995
 ජැමෙයිකාව1970 නිකරගුවා1979 පැනමාව1976 පෙරූ1973
 ශාන්ත කිට්ස් සහ නේවිස්2006 ශාන්ත ලුසියා1983 ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්2003 සුරිනාමය1983
 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ1970 වෙනිසියුලාව1989

ආසියාව

[සංස්කරණය]
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
 ඇෆ්ගනිස්තානය1961 බහරේන්1973 බංග්ලාදේශය1973 භූතානය1973
 බෲනයි1993 කාම්බෝජය1961 ඉන්දියාව1961 ඉන්දුනීසියාව1961
 ඉරානය1979 ඉරාකය1961 ජෝර්දානය1964 කුවේටය1964
 ලාඕසය1964 ලෙබනනය1961 මලයාසියාව1970මාල දිවයින් මාල දිවයින1976
 මොන්ගෝලියාව1993 බුරුමය1961 නේපාලය1961 කොරියාව, උතුරු1976
 ඕමානය1973 පාකිස්ථානය1979 පලස්තීන අධිකාරිය1976 පිලිපීනය1993
 කාටාර්1973 සවුදි අරාබියාව1961 සිංගප්පූරුව1970 ශ්‍රී ලංකාව1961
 සිරියාව1964 තායිලන්තය1993 නැගෙනහිර ටිමෝරය2003 ටර්ක්මෙනිස්තානය1995
එක්සත් අරාබි එමීර් එක්සත් අරාබි එමීර් රාජ්‍යය1970 උස්බෙකිස්තානය1993 වියට්නාමය1976 යේමනය1961[11]

යුරෝපය

[සංස්කරණය]
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
 අසර්බයිජාන්2011 බෙලාරූස්1998

ඕෂනියාව

[සංස්කරණය]
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
 ෆිජී2011 පපුවා නව ගිනිය1993 වනුටු1983

පැරණි සාමාජික රාජ්‍යයන්

[සංස්කරණය]
රාජ්‍යය සම්බන්ධව
සිටි කාලය
රාජ්‍යය සම්බන්ධව
සිටි කාලය
රාජ්‍යය සම්බන්ධව
සිටි කාලය
රාජ්‍යය සම්බන්ධව
සිටි කාලය
 ආර්ජන්ටිනාව1973-1991[12] සයිප්‍රස්1961-2004[13][14] මෝල්ටාව1973-2004[14] යුගෝස්ලාවියාව1961-1992[15][16][17]

නිරික්ෂකයින්

[සංස්කරණය]

පහතින් දක්වා තිබෙන රාජ්‍යයන් සහ සංවිධාන තවමත් නිරික්ෂණ මට්ටමේ පවතී:[1]

රාජ්‍යයන්

[සංස්කරණය]
නිරික්ෂණ රාජ්‍යය නිරික්ෂණ රාජ්‍යය නිරික්ෂණ රාජ්‍යය නිරික්ෂණ රාජ්‍යය
1 ආර්ජන්ටිනාව2 ආර්මේනියාව3 බොස්නියා සහ හර්සෙගොවිනා4 බ්‍රසීලය
5 චීන මහජන සමූහාණ්ඩුව6 කොස්ටා රිකා7 ක්‍රොඒෂියා8 එල් සැල්වදෝරය
9 කසකස්තානය10 කියර්ගිස්තානය11 මෙක්සිකෝව12 මොන්ගෝලියාව
13 පැරගුවේ14 සර්බියාව15 ටජිකිස්තානය16 යුක්රේනය
17 උරුගුවේ

සංවිධාන

[සංස්කරණය]

මේවාද බලන්න

[සංස්කරණය]

වැඩිදුර කියැවීම්

[සංස්කරණය]
  • Hans Köchler (ed.), The Principles of Non-Alignment. The Non-aligned Countries in the Eighties—Results and Perspectives. London: Third World Centre, 1982. ISBN 0-86199-015-3 (Google Print)
  1. 1 2 3 4 "NAM Members & Observers" සංරක්ෂණය කළ පිටපත 2014-02-08 at the Wayback Machine. 16th Summit of the Non-Aligned Movement, Tehran, 26–31 August 2012. Retrieved 24 August 2012.
  2. ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "organizational" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ↑ Grant, Cedric. "Equity in Third World Relations: a third world perspective". International Affairs 71, 3 (1995), 567–587.
  4. ↑ "Meeting of the Ministerial Committee on Methodology of the Movement of the Non-Aligned Countries, Caratagena de Indias, May 14–16, 1996". Head of State and Government of the Non-Aligned Countries. Government of Zaire. 14–16 May 1996. සම්ප්‍රවේශය 24 April 2011.
  5. ↑ XV Summit of the Non-Aligned Movement, Sharm El Sheikh, 11–16 July 2009: Previous Summits සංරක්ෂණය කළ පිටපත 2011-10-08 at the Wayback Machine
  6. ↑ Non-aligned again in Belgrade
  7. ↑ Secretary-General's Message to Additional Commemorative Meeting of the Non-Aligned Movement
  8. ↑ Fidel Castro, having recently undergone gastric surgery, was unable to attend the conference and was represented by his younger brother, Cuba's acting president Raúl Castro. See "Castro elected President of Non-Aligned Movement Nations". People's Daily. 16 September 2006.
  9. ↑ Cahoon, Ben. "Non-Aligned Movement (NAM)". World Statesmen.org. සම්ප්‍රවේශය 4 September 2012.
  10. ↑ In a joint letter to the UN Secretary-General sent just prior to unification, the Ministers of Foreign affairs of North and South Yemen stated that "All treaties and agreements concluded between either the Yemen Arab Republic or the People's Democratic Republic of Yemen and other States and international organizations in accordance with international law which are in force on 22 May 1990 will remain in effect, and international relations existing on 22 May 1990 between the People's Democratic Republic of Yemen and the Yemen Arab Republic and other States will continue."Bühler, Konrad (2001). State Succession and Membership in International Organizations. Martinus Nijhoff Publisher.
  11. ↑ Yemen Arab Republic is one of the founders in 1961. People's Democratic Republic of Yemen joined in 1970. In 1990 both were unified into the present day Republic of Yemen, that accepted responsibility for all treaties of its predecessors.[10]
  12. ↑ Serrat, Oscar J. (20 September 1991). "Argentina Withdraws from Non-Aligned Movement". Associated Press. සම්ප්‍රවේශය 23 March 2014.
  13. ↑ "Cyprus and the Non – Aligned Movement". Ministry of Foreign Affairs, Republic of Cyprus. සම්ප්‍රවේශය 23 March 2014.
  14. 1 2 "XIV Ministerial Conference of the Non-Aligned Movement". South Africa Ministry for Foreign Affairs. සම්ප්‍රවේශය 23 March 2014.
  15. ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "suspended" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  16. ↑ Final Document of the 7th Summit of the Non-Aligned Movement -(New Delhi Declaration), http://www.namegypt.org/Relevant%20Documents/07th%20Summit%20of%20the%20Non-Aligned%20Movement%20-%20Final%20Document%20(Ne.pdf, ප්‍රතිෂ්ඨාපනය 2014-04-19
  17. ↑ Kin, Lai Kwok (2 September 1992). "Yugoslavia Casts Shadow over Non-Aligned Summit". Reuters (via The Independent. Retrieved 24 August 2012.