කොස්ටා රිකා
කොස්ටා රිකා ජනරජය රිපුබ්ලිකා ඩි කොස්ටා රිකා
| |
---|---|
ජාතික ගීය: [නෝබ්ලේ පාට්‍රියා, ටු හෙර්මෝසා බන්ඩෙරා] Error: {{Lang}}: text has italic markup (help) (ස්පාඤ්ඤ) උත්තම ජන්මභූමිය, ඔබගේ ලස්සන ධජය | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | සන් හොසේ |
නිල භාෂා(ව) | ස්පාඤ්ඤ |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් | මෙකාටෙල්යු, බ්‍රිබ්‍රී |
ජනවාර්ගික කණ්ඩායම් (2011) | සුදු සහ කස්ටීසෝ (65.8%), මෙස්ටීසෝ (13.65%), මුලාටෝ (6.72%), ඇමරින්ඩියන් (2.4%), කළු (1.03%), සංක්‍රමණිකයෝ (9.03%), ආසියානු (0.21%), වෙනත් (0.88%) (සෙන්සෝ නැෂියොනල් 2011)[1] |
ජාති නාම(ය) | කොස්ටා රිකානු; ටීකො |
රජය | ඒකීය ජනාධිපති ව්‍යවස්ථාමය ජනරජය |
• ජනාධිපති | ලවුරා චිංචියා |
අල්ෆියෝ පිවා | |
ලුයිස් ලිබර්මාන් | |
ව්‍යවස්ථාදායකය | ව්‍යවස්ථාදායක සභාව |
නිදහස ප්‍රකාශයට පත් කෙරුණේ | |
• ස්පාඤ්ඤය වෙතින් | සැප්තැම්බර් 15, 1821 |
• මෙක්සිකෝව වෙතින් ( පළමු මෙක්සිකානු අධිරාජ්‍යය) | ජූලි 1, 1823 |
• මධ්‍යම ඇමරිකාවේ එක්සත් ප්රාන්තයන් වෙතින් | මාර්තු 21, 1847 |
• ස්පාඤ්ඤය විසින් පිලිගන්නා ලදි | මැයි 10, 1850 |
• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව | නොවැම්බර් 7, 1949[2] |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 51,100 km2 (19,700 sq mi) (128වන) |
• ජලය (%) | 0.7 |
ජනගහණය | |
• 2011 ජන සංගණනය | 4,301,712[3] |
• ඝණත්වය | 84[3]/km2 (217.6/sq mi) (107වන) |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $55.021 බිලියන[4] |
• ඒක පුද්ගල | $11,927[4] |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $40.947 බිලියන[4] |
• ඒක පුද්ගල | $8,876[4] |
ගිනි (2009) | 50[5] දෝෂය: අනීතික Gini අගය |
මාසද (2011) | 0.744[6] දෝෂය: අනීතික HDI අගය · 69වන |
ව්‍යවහාර මුදල | කොසටා රිකානු කොලොන් (CRC) |
වේලා කලාපය | UTC−6 (CST) |
රිය ධාවන මං තීරුව | දකුණ |
ඇමතුම් කේතය | +506 |
අන්තර්ජාල TLD | .cr |


කොස්ටා රිකා (i/ˌkoʊstə ˈriːkə/, ස්පාඤ්ඤ භාෂාවෙන් "සරු වෙරළ" යන අර්ථයැති), නිල වශයෙන් කොස්ටා රිකා ජනරජය (ස්පාඤ්ඤ: කොස්ටා රීකා හෝ රිපුබ්ලිකා ඩි කොස්ටා රීකා, උච්චාරණය [reˈpuβlika ðe ˈkosta ˈrika]), යනු, උතුරින් නිකරගුවා වෙතින්ද, ගිණිකොන දෙසින් පැනමාව වෙතින්ද, බටහිරින් ශාන්තිකර සාගරයෙන්ද සහ නැගෙනහිරින් කැරිබියානු මුහුද වෙතින්ද මායිම්වූ මධ්‍යම ඇමරිකානු රටකි. 1949 දී ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටියක් ඔස්සේ කොස්ටා රිකා යුද්ධ හමුදාව ස්ථිර ලෙසින් විසුරුවා හැරුණි. [7] [8] [9]ලෝකයේ පැරණි ප්‍රජාතන්ත්‍රයන් 22 ලැයිස්තුව වෙත ඇතුලත්ව ඇති එකම ලතින් ඇමරිකානු රට වෙයි. [10] මානව සංවර්ධන දර්ශකය (HDI), අනුව ලතින් ඇමරිකානු රටවල් අතුරින් ඉහළ ස්ථානයක නිත්‍ය වශයෙන් වැජඹීමට කොස්ටා රිකා සමත්ව ඇති අතර 2011 දී ලෝකයේ 69වන ලෙසින් අනුස්ථිතිය ලබා ඇත.[6]
එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (යූඑන්ඩීපී) විසින් 2010 දී පෙන්වා දුන්නේ, සම ආදායම් මට්ටමේ පවතින වෙනත් රටවල් වලට වඩා බොහෝ ඉහළ මානව සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට සමත්ව ඇති රටවල් අතුරින් කොස්ටා රිකා එක් රටක් බව වන අතර,[11] 2011 දී යූඑන්ඩීපී විසින් ඉස්මතු කරමින් පෙන්වා දුන්නේ පාරිසරික ධරණීයතාවය පිළිබඳ හොඳ අභිවාහකයෙක් වීමට මෙන්ම ඔවුන්ගේ කලාපයේ මානව සංවර්ධනය සහ අසමානතාවය පිළිබඳ මධ්‍යනයට වඩා හොඳ මට්ටමක් පවත්වාගෙන යෑමට මෙම රටට හැකිව ඇති බවයි. පාරිසරික ධරණීයතාවය මැනීම සඳහා ස්ථාපිත උපමානයන් පහ සමස්ත වශයෙන් මුළු දීමට හැකිවු එකම රටද එය වෙයි. [6] 2012 පාරිසරික ධරණීයතා දර්ශකය අනුව ලොව පස්වැනියා ලෙසින්ද ඇමරිකාවන්හී පළමුවැන්නා ලෙසින්ද අනුස්ථිතිය ලැබුමට මෙම රට සමත්ව ඇත. [12]
2021 වන විට පළමු කාබන්-උදාසීන රට බවට පත්වීමේ අභිලාෂය, කොස්ටා රිකානු රජය විසින් 2007 දී ප්‍රකාශයට පත් කෙරිණි. [13] [14] [15] නිව් එකනොමික්ස් ෆවුන්ඩේෂන් (NEF) විසින් එහි 2009 හැපි ප්ලැනට් දර්ශකයෙහි, කොස්ටා රිකා පළමුවන ස්ථානයට අනුස්ථිති කල අතර නැවතත් 2012 දී එසේ කලේය. [16] [17] NEF විසින් 2009 දී ලෝකයේ "ඉතාමත් හරිතමය" රට ලෙසින්ද කොස්ටා රිකා පෙළට තැබීය. [18] රටේ ව්‍යවස්ථාදායකය විසින් අති මහත් බහුතරයකින් මෙම ජනප්‍රිය වැඩ පිළිවෙල සම්ම්ත කිරීමෙන් පසුව, 2012 දී ඇමරිකානු මහාද්වීපය තුල විනෝදාස්වාදය සඳහා දඩයම තහනම් කල පළමු රට වීමට කොස්ටා රිටා සමත් විය. [19] [20]
ඉතිහාසය[සංස්කරණය]
ප්‍රාග්-කොලොම්බියානු යුගය[සංස්කරණය]
මධ්‍යඇමරිකානු සහ ඇන්ඩියානු දේශීය සංස්කෘතින්හී පර්යන්තයන් සමපාත වන, අතරමැදි ප්‍රදේශයකට, කොස්ටා රිකාවේ ස්වදේශීය ජනයා අයත් බව ඉතිහාසඥයෝ වර්ගීකරණය කර ඇත. වඩාත් මෑතකදී, ප්‍රාග්-කොලොම්බියානු කොස්ටා රිකාව දේශ සන්ධි-කොලොම්බියානු ප්‍රදේශයේ කොටසක් බවටද විස්තර කර ඇත. 16වන සියවසෙහිදී ස්පාඤ්ඤ ආක්‍රමණිකයෝ පැමිණෙන විටදී, දැනට රටෙහි වයඹ දිග සරිය වන නිකෝය අර්ධද්වීපය, නවුවට්ල් සංස්කෘතියෙහි දක්ෂිණතම පැතිරුම විය.[උපහරණ ඇවැසිය] චිබ්චර් කතාකරන ස්වදේශීය කණ්ඩායම් වෙතින් රටෙහි අනෙකුත් සරිය බලපෑමට ලක් විය.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ [www.inec.go.cr/Web/Home/pagPrincipal.aspx සෙන්සෝ නැෂියොනල් 2011],
- ↑ මධ්‍යම රහස් තොරතුරු කාර්යාංශය (2011). "කොස්ටා රිකා". ද වර්ල්ඩ් ෆැක්ට් බුක්. ලැංලි, වර්ජීනියා: මධ්‍යම රහස් තොරතුරු කාර්යාංශය. සම්ප්‍රවේශය 2011-10-04.
- ↑ 3.0 3.1 ඉන්ස්ටිටූටෝ නැසියොනල් ඩි එස්ටඩීස්ටිකස් ඉ සෙන්සොස් (INEC) (2011-12-20). "කොස්ටා රිකා ටියේනෙ 4 301 712 අබිටන්ටෙස්" (ස්පඤේඤ බසින්). INEC, කොස්ටා රිකා. සම්ප්‍රවේශය 2011-12-20.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ↑ 4.0 4.1 4.2 4.3 "කොස්ටා රිකා". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 2012-04-18.
- ↑ "ගිනි දර්ශකය". ලෝක බැංකුව. සම්ප්‍රවේශය 2011-03-02.
- ↑ 6.0 6.1 6.2 එජාසංවැ මානය සංවර්ධන වාර්තාව 2011. "ටේබ්ල් 1: හියුමන් ඩිවලප්මන්ට් ඉන්ඩෙක්ස් ඇන්ඩ් ඉට්ස් කොම්පෝනන්ට්ස්" (PDF). එජාසංවැ. සම්ප්‍රවේශය 2011-11-03. පිටු. 4, 42 (වගුව 2.4 සහ කොටුව 2.10 බලන්න) සහ 128
- ↑ එල් ඉස්පිරිටු ඩෙල් 48. "ඇබොලොසියොන් ඩෙල් එහෙර්දිතෝ" (ස්පාඤ්ඤ බසින්). සම්ප්‍රවේශය 2008-03-09.
- ↑ "කොස්ටා රිකා". වර්ල්ඩ් ඩෙස්ක් රෙෆරන්ස්. සම්ප්‍රවේශය 2009-06-09.
- ↑ "කොස්ටා රිකා". උප්සෝලා විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 2009-06-09.
- ↑ "කොස්ටා රිකාස් නිව් ප්‍රසිඩන්ට්: ත්‍රිලර් ෆො චිංචීයා". දි ඉකොනමිස්ට්. 2010-02-11. http://www.economist.com/world/americas/displaystory.cfm?story_id=15501885&fsrc=rss. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-02-16.
- ↑ යූඑන්ඩීපී මානව සංවර්ධන වාර්තාව 2010 (PDF). ටේබ්ල් 1: හියුමන් ඩිවලප්මන්ට් ඉන්ඩෙක්ස් 2010 ඇන්ඩ් ඉට්ස් කොම්පෝනන්ට්ස්. පිටු. 5, 49, 144. http://web.archive.org/web/20101108160356/http://hdr.undp.org/en/media/HDR_2010_EN_Complete.pdf. Retrieved 2010-11-06.
- ↑ පාරිසරික නීතිය සහ ප්‍රතිපත්තිය සඳහා යේල් මධ්‍යස්ථානය / කොලොම්බියා විශ්වවිද්‍යාලයෙහි ජාත්‍යන්තර පෘථිවි විද්‍යා තොරතුරු ජාලය සඳහා මධ්‍යස්ථානය. "2010 ඊපීඅයි රෑන්කින්ස්". සම්ප්‍රවේශය 2012-01-25.
- ↑ ජෝන් බර්නට් (2008-02-18). "කොස්ටා රිකා ඒම්ස් ටු බී අ කාබන්-නියුට්‍රල් නේෂන්". නැෂනල් පබ්ලික් රේඩියෝ (NPR.org). http://www.npr.org/templates/story/story.php?storyId=19141333. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-04-27.
- ↑ ඇලනා හෙරෝ (2007-03-12). "කොස්ටා රිකා ඒම්ස් ටු බිකම් ෆර්ස්ට් "කාබන් නියුට්‍රල්" කන්ට්‍රි". වර්ල්ඩ්වොච් ආයතනය. http://www.worldwatch.org/node/4958. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-04-27.
- ↑ ඇලෙහන්ඩ්‍රො වාර්ගස් (2007-02-21). "පයිස් කියරේ සර් ප්‍රිමෙරා නැසියොන් කොන් බලන්ස නියුට්‍රො ඩි කාර්බෝනො" (ස්පාඤ්ඤ බසින්). ලා නසියොං. http://web.archive.org/web/20090216202509/http://nacion.com/ln_ee/2007/febrero/21/aldea1002694.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-04-27.
- ↑ ඉරෙනේ රොඩ්‍රීගස් (2012-06-14). "කොස්ටා රිකා එස් නොඉවමෙන්ටේ එල් පයීස් මාස් ෆෙලීස් ඩෙල් මුන්ඩෝ, සෙගූන් ඉන්ඩිසේ 'හැපි ප්ලැනට්' [හැපි ප්ලැනට් දර්ශකය අනුව, කොස්ටා රිකා නැවතත් ලෝකයේ ප්‍රීතිමත්ම ජාතිය]" (ස්පාඤ්ඤ බසින්). ලා නසියොං. http://www.nacion.com/2012-06-14/AldeaGlobal/Costa-Rica-es-nuevamente-el-pais-mas-feliz-del-mundo--segun-indice--Happy-Planet-.aspx. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-06-14.
- ↑ ෆියෝනා හාවි (2012-06-14). "යූකේ සිටිසන්ස් බෙටර් ඕෆ් දෑන් ඊයූ කවුන්ටපාට්ස්, සේස් හැපිනස් ඉන්ඩෙක්ස්". ද ගාඩියන්. http://www.guardian.co.uk/environment/2012/jun/14/uk-happy-index-developed-world. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-06-14.
- ↑ ඈෂ්ලි සීගර් (2008-07-04). "කොස්ටා රිකා ඊස් ද වර්ල්ඩ්ස් හැපියස්ට් ඇන්ඩ් ග්‍රීනස්ට් කන්ට්‍රි ඉන් ද වර්ල්ඩ්". ලන්ඩනය: ද ගාඩියන්. http://www.guardian.co.uk/environment/2009/jul/04/costa-rica-happy-planet-index. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-07-04.
- ↑ http://www.rawstory.com/rs/2012/10/03/costa-rica-set-to-ban-hunting-a-first-in-the-americas/[permanent dead link]
- ↑ http://elpais.cr/frontend/noticia_detalle/1/73259