හොස්නි මුබාරක්

විකිපීඩියා වෙතින්
මොහොමඩ් හොස්නි සයිඩ් මුබාරක්

මොහොමඩ් හොස්නි සයිඩ් මුබාරක් (Muhammad Hosni Said Mubarak) (උපත​ 1928 ) ඊජිප්තු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. 1981 සිට 2011 දක්වා ඊජිප්තුවේ ජනාධිපති ධුරය දැරීය​. මුබාරක් 1975 දී ඊජිප්තු උප ජනාධිපතිවරයා ලෙස පත් කරන ලද අතර , 1981 ඔක්තෝබර් මස 14 වන දින එවකට ඊජිප්තු ජනාධිපති ව සිටි අන්වර් සදාත් ඝාතනයට ලක් වීමෙන් පසු ඔහු ජනාධිපති වශයෙන් පත් විය​. මුස්ලිම් අන්තවාදීනට එරෙහි දැඩි පිළිවෙත​, ඊශ්‍රායලය සමඟ සාමයෙන් කටයුතු කිරීම වැනි සදාත් විසින් අනුගමනය කරන ලද, අභ්‍යන්තර හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රතිපත්ති එලෙස ම ඉදිරියට පවත්වා ගෙන ගියේ ය​.

දේශපාලනයට පිවිසීමට පෙර ඔහු ඊජිප්තු ගුවන් හමුදාවේ නිලධාරියකු වූ අතර 1972 සිට 1975 දක්වා ඊජිප්තු ගුවන් හමුදාවේ අණ දෙන නිලධාරියා විය.

2011 ජනවාරි මස ඇරබුනු විරෝධතා නිසා ඔහු ඊජිප්තු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් විය.

"https://si.wikipedia.org/w/index.php?title=හොස්නි_මුබාරක්&oldid=328158" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි